IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


මුතියංගන විහාරයේ ‘මධූ‘ හස්තියා වළකට වැටී මරුට

(ගයාන් සූරිය ආරච්චි සහ ප්‍රසාද් රුක්මල්)

මහියංගණ රාජමහා විහාරයේ ඇසළ පෙරහර මංගල්‍යයට රැගෙනවිත් සිටි බදුලු මුතියංගණ රාජමහා විහාරයට අයත් 'මධූ' නමැති  හස්තියා ඊයේ (12) පස්වරුවේ හසලක සෙවෙල බෝක්කුව ප්‍රදේශයේදී පැරැණි වැසිකිළි වළකට වැටී එහි සිරවී ජීවිතක්ෂයට පත්ව ඇතැයි හසලක පොලීසිය පවසයි.

ඇසළ පෙරහර මංගල්‍යයට පැමිණ සිටි අලි ඇතුන්ට ආහාර පිණිස ලබාදීම සඳහා කිතුල් කොට තොගයක් ඇතින්න ලොරියකට පටවන අතරතුර මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය පවසයි.

වයස අවුරුදු පහක් පමණ වන විට එම ඇතින්න බදුලු මුතියංගණ රාජමහා විහාරයට ලැබී ඇති අතර මිය යන විට අවුරුදු තිහක් පමණ වයසෙහි පසු වූ බව පොලිසිය කියයි.

වැසිකිළි වළකට ඇදවැටුණු 'මධූ' ඇතින්න ගොඩට ගැනීමට ප්‍රදේශවාසීන්, පොලිසිය, වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු පිරිසක් බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් මහත් ප්‍රයත්නයක් දැරූ අතර රාත්‍රී හතට පමණ ඇතින්න මියගිය බව පොලිසිය පවසයි.

වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතව ඇත.

හසලක පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිසානායක මහතාගේ උපදෙස් මත විමර්ශන සිදුකෙරේ.

 



අදහස් (16)

මුතියංගන විහාරයේ ‘මධූ‘ හස්තියා වළකට වැටී මරුට

Lalla Friday, 13 September 2024 07:43 AM

ඇත්ගොව්වා බීමත්ව සිටියේ නැතිද?

:       50       18

ලුම්බිණි Friday, 13 September 2024 08:24 AM

අසරණ සතෙක්. කවුරුත් නැහැ දැන් සාදු සාදු කියන්න. ඇයි මෙහෙම කරන්නේ?

:       23       45

Lakmal-Katunayaka Friday, 13 September 2024 08:52 AM

මේ මෝඩ යක්කු ඉන්න ලෝකයේ අහිංසක සත්තුන්ට ජීවිතයක් නැහැ.. නිවන් සුව ලැබේවා...!

:       20       43

සුමුදු Friday, 13 September 2024 09:41 AM

යහපත් මිනිස් ආත්මයක් ලැබේවා...! ස්විට්සර්ලන්තය, ස්වීඩනය, කැනඩාව, නවසීලන්තය, නෝර්වේ, ජපානය වැනි ශිෂ්ඨ සම්පන්න මිනිස්සු බහුතරයක් ඉන්න දියුණු රටක ඉපදේවා...!!!

:       31       35

JayasekaraFriday, 13 September 2024 02:40 PM

ඔව්... අහිංසක සතුන්ට ආදරයෙන් සළකන්න ගොන් පොර සටන් බහුලව තියන රටක?

:       5       78

LalFriday, 13 September 2024 08:59 PM

ඒක නම් සම්පූර්ණ ඇත්ත. අපේ ප්‍රාර්ථනාවත් ඒක තමයි.

:       2       6

පිටිගල මිලානෝ Friday, 13 September 2024 10:44 AM

මෙය සත්ත්ව ඝාතනයකි. කැලේ හිටපු අලියා හොරකම් කරගෙන ඇවිල්ලා එම අලියා වලක වැටී මිය යනකල් අලියාගේ අයිති කාරයා යැයි කියන අලි හොරා බුදියගෙනද හිටියේ…? වහාම මෙම අලි හොරාව අත්අඩංගුවට ගන්න.

:       29       42

රම්බොඩ Friday, 13 September 2024 10:48 AM

⁣අලි ඇතුන් පෙරහැර ට ගෙන යෑම නම් ගැටළු සහගත දෙයක් නෙවෙයි. නමුත් ඔවුන්ගෙන් ඇයි මෙවැනි වැඩ ගන්නෙ ? දැන් බැකෝ යන්ත්‍ර තියෙනවා. සතුන්ට ව්‍යායාම අවශ්‍යයි. ඒකට ඔවුන් ඇවිද්දවිය හැකියි.

:       5       65

මංජුල Friday, 13 September 2024 10:57 AM

මෙතරම් දියුනු ලෝකයේ සත්තුන්ගෙන් මෙහෙම වැඩ ගැනීම තහනම් කල යුතුය

:       5       54

නන්දන පනා-මිලානෝ Friday, 13 September 2024 11:24 AM

ලෝකේ පව්කාරම අලි ඉන්නේ ලංකාවේ. පොඩි කාලේම පැටවා අම්මාගෙන් හොරකම් කරනවා. ඊට පස්සේ දම්වැල් දාලා මුලු ජීවිත කාලෙම වැඩ ගන්නවා.

:       35       39

JayasekaraFriday, 13 September 2024 12:54 PM

හක්ක පටස්...!

:       21       7

අලි පිටින්ම නැටි මැරෙන්නෙ Friday, 13 September 2024 01:02 PM

හා... හා.. එහෙම කියන්න එපා. සතාට මොනවා වුණත්, අපේ 2500 වසරක අදීන, අසමසම, ලෝකෙට ණය නැති සංස්කෘතික උරුමය රැකගන්න ඕනෑනේ...!

:       55       48

Bunny Preena Friday, 13 September 2024 02:10 PM

අනාරක්ෂිත ස්ථානයක මෙවැනි දෙයක් කිරීමෙන් අහිංසක සතෙකුගේ ජීවිතය නැතිවීමට හේතු වූ පුද්ගලයින්ට පොලිසියෙන් නඩු පැවරිය යුතුයි. දඬුවම් ලබා දිය යුතුයි.

:       2       35

Nandana Friday, 13 September 2024 07:23 PM

අලියා ඉන්නකන් එයාගැන නිකන්වත් හොයපු නැති ඕපාදූප ගොබ්බ බයියන් දැන් දාන කමෙන්ට්...

:       23       50

නං ගොංදනFriday, 13 September 2024 09:05 PM

අලියා ඉන්නකොට එයා බ්‍රෙක්ෆස්ට්වත් ගත්තාද කියලා බැලුවේ තව කෙනෙක්...!

:       0       5

රසික Saturday, 14 September 2024 08:36 AM

රටේ අනාගතයට බලපාන අසුභ සලකුනක්,

:       17       4

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පාස්කුව විකුණන් කෑම ලැජ්ජයි
2025 අප්‍රේල් මස 21 84 0

පළාත් පාලන මැතිවරණයට පෙර දේශපාලන වාසි තකා පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය විකුණන් කෑම නවත්වන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල


අනතුරින් අඹු සැමි යුවළ මරුට:දරුවා රෝහලට
2025 අප්‍රේල් මස 21 125 0

ගලේවෙල බෙලිගමුව ප්‍රදේශයේදී යතුරුපැදියක් බල්ලකුගේ හැපී කාණුවකට පෙරැළී අද(21) සිදු වූ අනතුරකින්අඹුසැමි යුවළක් මියගොස් වයස අවුරුදු එකහමාරක පුතෙකු තුව


විශ්ව විද්‍යාල කොමිසමටත් ඇමැති බංගලාවක්
2025 අප්‍රේල් මස 21 305 0

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවද සිය කාර්යාලය පවත්වාගෙන යෑමට ඇමැති බංගලාවක් දෙන ලෙස ඉල්ලීමක් කර ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන


කාදිනල්තුමාගෙන් ජනපතිට ඉල්ලීම් ගොන්නක්
2025 අප්‍රේල් මස 21 758 1

‘පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයට වගකිවයුත්තන් නීතිය හමුවට ඉතා ඉක්මණින් ගෙන ඒම සඳහා මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමා ජනාධිපති අනුර කුමාර දිසාන


සිරි දළදා වන්දනාවේ කාලය වෙනස් කරයි
2025 අප්‍රේල් මස 21 879 1

මහනුවර දළදාමාලිගා පරිශ්‍රයේ පැවැත්වෙන ‘සිරි දළදා වන්දනා -2025’ දන්ත ධාතු ප්‍රදර්ශනයේ ප්‍රදර්ශන කාලය පෙරවරු 11.00 සිට පස්වරු 5.30 දක්වා ලෙස වේලාව වෙනස් කළ බව ශ


පුංචි ඡන්දයේ පැමිණිළි 1,874 ක් දක්වා නගී
2025 අප්‍රේල් මස 21 40 0

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාල සිද්ධීන් 1,874 ක් මේ වන විට පැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 427 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 270 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 426 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site