IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


‘‘මිත්‍ය විශ්වාස නිසා ජිවිත නැතිකර ගන්න එපා‘‘

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

වශී ගුරුකම් කරලා කෙනෙක්ව තවත් කෙනෙකුට බන්ධනය කරලා තියාගන්න හැකියාවක් කොහෙත්ම ඇත්තේ නැහැ. කිසියම් විසක් ශරීරගත වෙලා තිබුණා නම් එම විස ට අදාළ රෝග ලක්ෂණ පහල වීම අනිවාර්යයෙන්ම සිදු වෙන දෙයක්. තැඹිලි ගෙඩිවලට මතුරා ඒවා පානය කරන්න දීලාලෙඩ රෝග සුව කිරීමට හැකියාවක් ද ඇත්තේම නැහැ යැයි   පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය ජනක ජයසූරිය මහතා ලංකාදීපයට පැවැසීය.

මෙවැනි මිත්‍යා විස්වාස පිළිබඳව වසර ගණනාවක සිට පර්යේෂන හා ගවේෂණ සිදු කරන බව ද වෛද්‍ය ජනක මහතා කියයි.

කට්ටඩියන් පානය කිරීමට දෙන සමහර දියර වර්ග නිසා අසාත්මික තත්වයන් ඇතිවී කෙනකු මරණයට පත්වෙන්න පත් වෙන්න පුළුවනි. ඒ වගේම බලහත්කාරයෙන් කට්ටඩියන් කපුවන් යම් යම් දියර වර්ග ඔවුන්ගෙන් ප්‍රතිකාර ගැනීමට එන අයට බලහත්කාරයෙන් පෙවීමට සලස්වන අවස්ථා තිබෙනවා. බලහත්කාරයෙන් මේවා පෙවීමට ගොස් ඒවා පිට උගුරේ හෝ පෙනහළුවලට ගොස් මිය යෑමට තිබෙන ඉඩ ප්‍රස්ථාව ද ඉතාම වැඩියි.

තැබිලි ගෙඩිවලට හෝ කහ වතුරට හෝ මන්ත්‍ර ජප කළා යැයි කියා ලෙඩ රෝග සුව කිරීමට අමුතු බලයක් ලැබෙන්නේ නැති බව අවධාරණය කළ යුතුයි.

ලෙඩ රෝග වැළඳුනහම ඒවා හඳුනා ගැනීමට ඉහළ ඉහල තාක්ෂණයක් බටහිර වෛද්‍ය විද්‍යාව සතු ව තිබෙනවා. කිසියම් රෝගී තත්ත්වයක් තත්වයක් ඇති වුණාම විශේෂඥ වෛද්‍යවරයකුට, වෛද්‍යවරියට හෝ පළපුරුදු වෛද්‍යවරයකුට පෙන්වීම තමා වඩාත් සුදුසු වන්නේ. අසාමාන්‍ය චර්යා රටා පෙන්නුම් කරන අයට විශේෂඥ මනෝ වෛද්‍යවරයකු හෝ මනෝ වෛද්‍යවරියක හමුවීම අතිශයින්ම වැදගත් වෙනවා යැයි ජ්‍යෙෂඨ වෛද්‍ය ජනක ජයසූරිය මහතා පෙන්වා දුන්නේය.

මතුරන ලදැයි කියන තැඹිලි වතුර පානය කිරීමට කට්ටඩියක් විසින් පැවැසීම සැලැස්වීම නිසා සිදුවූ බණ්ඩාරවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 60 හැවිරිදි ලයනල් ප්‍රනාන්දු මහතා සහ ඔහුගේ දියණියක වන පුතා තුෂාරි නැමැති විසිපස් හැවිරිදි තරුණිය රෝගාතුර වී මිය ගොස් තිබුණේ 2015 වසරේ අප්‍රේල් මාසයේදීය.

අනුරාධපුර නෙල්ලිකුලම ඇලයාපත්තුව ප්‍රදේශයේ පදිංචිව සිටි ධනුෂිකා කුමාරි නැමැති 36 හැවිරිදි කාන්තාවක් 2016 වසරේ මාර්තු මාසයේ මිය ගොස් තිබුණේ ද කපුවෙක් බව කියන පුද්ගලයකුගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට ගොස්ය.

ගල්නෑව ප්‍රදේශයේ පදිංචිව සිටි ප්‍රියන්ති කුමාරි නැමැති කාන්තාවක් 2015 වසරේ ජුලි මාසයේදී මියගොස් තිබුණේ කපුවෙක් කියයි කියන පුද්ගලයකු වෙන් පුද්ගලයකුගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට දේවාලයකට යාම නිසාය.

නිකවැරටිය, රස්නායකපුර පොලිසියෙ රාජකාරි කළ පොලිස් සැරයන් සුනිල් හේරත් මහතා ද 2016 වසරේ සැප්තැම්බර් මාසයේ දී මියගොස් තිබුණේ දේවාලයකින් ප්‍රතිකාර ලබා ගැනීමට යාමේ දී දැඩි ලෙස රෝගාතුර වීමෙන් පසුවය.

දේවාලයේ කපුවා පොලිස් සැරයන් වරයාට පානය කිරීමට ලබා දුන් කිසියම් දියර වර්ගයක් නිසා රෝගාතුරව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් තිබිණි.

 



අදහස් (6)

‘‘මිත්‍ය විශ්වාස නිසා ජිවිත නැතිකර ගන්න එපා‘‘

චතුරි Monday, 19 June 2023 01:19 AM

මේ කොහොම වුණත්..., අපේ අප්පච්චි ඩුප්ලිකෙට් ර්ජ්ජුරුවෝ. මුලු ර්ස්ට හෙල්ලුවනේ. වශී ගුරුකම්වලින්. තැඹිලි වතුර බිව්වේ නැහැ නෑවා මුලු පවුලම. දැන් ඔය යහතින් ඉන්නේ... මිනීඔලු. මිනි අළු. මේවාත් එක්කම තමයි ජීවත් වුණේ... රජකමට ආවේ මන්දයට වරමක් විතරයි නොලැබුණේ... සමහරවිට වරම දෙන්න අහන්න ඇති. ඊට වැඩිය හොඳයි දොළ පිදේනිය දීලා මුලුරටම හොරාකන එක. මයිනාට මේවා ඵලදෙයි මැරුණාට පස්සේ.

:       3       4

Bamunuarachchi Monday, 19 June 2023 01:48 AM

ඒ විතරක් නොවෙයි ලෙඩාට බෙහෙතක් නොදී දෙවියන්ට යාඥා කරන මෝඩයෝත් ඉන්නවා. පාස්කු ප්‍රහාරයෙන් තම බැතිමතුන් බේරගන්න බැරිවුණු දෙවියන්ගෙන් ප්‍රහාරයට ලක්වෙලා අබ්බගාත වූ මිනිස්සුන්ට පිහිට පතන මිනිස්සුත් ඉන්නවා. මොවුන් අමු මැට්ටන් නේද?

:       3       11

fairoosMonday, 19 June 2023 12:34 PM

මෙන්න ආවා අදහස් ලියන්න... ඔබලා වගේ අයට නම් සොබාදහමින් පඩිසන් ලැබෙන දවස වැඩි ඈතක නෑ.

:       2       2

Bamunuarachchi Monday, 19 June 2023 09:02 PM

මේ හිකනලා කොහෙන් පාත් වෙනවාද

:       0       1

Suga Monday, 19 June 2023 09:28 AM

ඔබතුමන්ලාගේ බෙහෙත් කරනකොට මැරිලම නැද්ද?

:       8       6

Mahaachaarya Monday, 19 June 2023 10:11 AM

මෙවැනි මිත්‍යා මත නැති කරන්න බැහැ සමහර පන්සල්වල දේවාල සහ කපු මහත්වරු ඉන්නකම් .මෙවැනි මිත්‍යාවන් නැවත්වීම සඳහා මහා සංඝරත්නය ප්‍රමුක වියත් මණ්ඩල මෙයට වඩා වෙහෙස මහන්සි වී වැඩ කල යුතුයි

:       1       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 261 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 760 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 455 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 2039 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


ආර් එම් වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු 8කට නඩු පවරයි
2024 නොවැම්බර් මස 19 1644 0

රුපියල් කෝටි පන්සීයකට අධික බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ දෙසීයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධත


බදුල්ල-කොළඹ රාත්‍රී තැපැල් දුම්රිය පැය දෙකක් ප්‍රමාදයි
2024 නොවැම්බර් මස 19 116 0

උඩරට දුම්රිය මාර්ගයේ දියතලාව දුම්රිය ස්ථානය අසලදී අද සවස දුම්රියක් පීලි පැනීම හේතුවෙන් අද රාත්‍රී බදුල්ල දුම්රිය ස්ථානයෙන් සවස 6.30 ට පිටත් වීමට නියමිත


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 395 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 660 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1884 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site