(අංජුල මහික වීරරත්න)
මොරගහකන්ද ජලාශයෙන් පිටවන ජලය අපතේ නොයවා අනුරාධපුරයට හා වයඹට ගෙන යන ඇලමාර්ග කඩිනමින් ඉදිකරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාලන සිරිසේන මහතා නිවේදනයක් නිකුත් කරමින් රජයෙන් ඉල්ලා සිටී.
එමගින් වයඹ සහ අනුරාධපුර කෘෂිකර්මාන්තය දියුණු කිරීමට හැකියාව ලැබෙන බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කරයි.
මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිවේදනයේ මෙසේද සඳහන් වේ.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවිතැන් හා දේපල විනාශ වන ආකාරයට අධික වර්ෂාව නිසා පොදු මහජනතාවට විශාල පීඩාවක් සහ අලාභ හානි සිදුවී ඇත. මෙයට ප්‍රධාන හේතුව වී තිබෙන්නේ මොරගහකන්ද සහ කළුගඟ ජලාශ වලින් එකතු වන ජලය පොළොන්නරු දිස්ත්‍රික්කයේ සහ මිනිපේ ජලාශයට පමණක් ගලායන බැවිනි.
2019 වර්ෂය වන විට මා විසින් අනුරාධපුරයට සහ වයඹට මොරගහකන්දෙන් යන ජලයට කි.මී. 15 ක් 20 ක් පමණ ඇලමාර්ග ඉදිවෙමින් පැවැතුනි. එහෙත් 2019 වර්ෂයේ සිට 2024 වර්ෂය දක්වා වයඹ සහ අනුරාධපුරයට යන ඇලමාර්ග ඉදිකිරිම් එවකට පැවැති ආණ්ඩුවලින් ක්‍රියාත්මක වුයේ නැත. එම කටයුතු සම්පුර්ණයෙන්ම ඇනහිට තිබුණි. 2019 වර්ෂයේ සිට 2024 වර්ෂය වනවිට වයඹට සහ අනුරාධපුරයට යන විශාල ඇල මාර්ග කපා තිබුනේනම් පොළොන්නරුවට මෙවැනි විනාශයක් වන්නේ නැත.
මේ පිළිබඳව වර්තමාන රජයේ අවධානය යොමු කර අනුරාධපුරයට සහ වයඹ පලාතට ජලය ගෙනයන ඇලමාර්ග ඉදිකිරීම් ආරම්භ කළහොත් පොළොන්නරුවට මෙවැනි විනාශයක් වන්නේ නැත. දැනට පොළොන්නරුවට යන මොරගහකන්ද හා කළුගඟේ ජලය මහවැලි ගංඟාවට වැටී මහමුහුදට විශාල ජලප්‍රමාණයක් ගලාබසියි. වයඹ පලාතට සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෘෂිකර්මාන්තයෙන් දියුණු කිරීමට ඇති ජලය මොරගහකන්දෙන් අපතේ නොගොස් කඩිනමින් අනුරාධපුරයට හා වයඹට යන ඇලමාර්ග ඉදිකිරීමට කටයුතු කරන ලෙසට වර්තමාන රජයෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
කටුගස්තොට මහ පාලමෙන් මහවැලි ගඟට පැන්න 21 හැවිරිදි තරුණියක බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු කටයුතු කර තිබේ.
මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.
ශ්රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත්, මාලිමා කිමිදුම් සමාජය සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව, ප්‍රථම වරට සංවිධානය කළ දිය යට සිංහල හා දම
කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහණූ විශේෂඥ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින හිටපු යුද හමුදා සෙබළා ඞී. එන්. ඒ. පරික්ෂ
භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මෛත්‍රීගෙන් ආණ්ඩුවට ලියුමක්
පොඩිඑකා Tuesday, 28 January 2025 12:29 PM
හිටපු උන්දැල මහ ඇණයක් වෙලානෙ දැං..!
Nandasena Tuesday, 28 January 2025 03:44 PM
පොඩිඑකෝ උඹ තවමත් මොන්ටිසෝරියට ගියේ නැද්ද බං දැන් 2025 වර්ෂයට මොන්ටිසෝරි ආරම්භ කරල ටික දිනක් වෙනවා ඉක්මණින්ම පලයං මම එහෙම කිව්වෙ 1948 නිදහස ලැබුනාට පස්සෙ ආණ්ඩු මාරුවුනු හැම වෙලාවෙම කලේ රටට කොතරම් ප්‍රයෝජනවත් ව්‍යාපෘතියක් වුන ඊළගට පත්වෙන ආණ්ඩුවේ එවුන් ඒවා නොසලකා හැරීම තමයි
පොඩිඑකාTuesday, 28 January 2025 04:32 PM
අනේ නන්දේ අයියා, මම මොන්ටිසෝරියක් හොයාගෙන යන්නං, ඔයා කියන්නකෝ මේ උන්දෑ ඉන්දැද්දී කරපු දේවල්, මහ බැංකුව කැඩීමට අමතරව…!
Dudley Sirisena Tuesday, 28 January 2025 12:36 PM
වාරිමාර්ග ප්‍රමාණයද ඇතුළුව විස්තීරණ අරමුණක් ලෙස ව්‍යාපෘතිය නිම කිරීමට ඔහුට කාලානුරූප සැලැස්මක් තිබිය යුතුය!!. ඔහු නැවතත් ජනාධිපති ධූරයට පැමිණීමට බොහෝ බලාපොරොත්තු තබා ගන්නට ඇත!!! අවාසනාව!!!!
Chamila Fernando Tuesday, 28 January 2025 12:42 PM
අගය කළ හැකි දෙයක්. රටක් දියුණු කරන්න නම් කළ යුතුම දෙය මේකයි. කලේ කවුද? කරන්නේ කවුද? කියලා ලකුණු දැමීමට වඩා, රටට සහ ජනතාවට සහනයක්, සේවයක් වෙන දෙකට හැමෝම එක්වෙලා උදව් කරනවා නම්, රට දිනනවා අනිවාර්යෙන්ම.
චතුරි Tuesday, 28 January 2025 09:16 PM
චමිලා ඔයා ඉපදුනේ 2007 වගේ වෙන්න ඇති .මීට කලින් රට කරපු ගොබ්බයෝ කාලේ ඔයා හිටියානම් ඔය ටික ලියලා කර ගන්න තිබුනා .උන් කෙරුවෙ රට බන්කොලොත් කරපු එක . මේ විදියට උන් කරපු හොරකම් පුවත් වලින් දැනුම් දෙනකොට කිසි කෙනෙක් ට උවමනාවක් නැහැ උන් හිතුවට හොරා කෑවා .දැන් ජනාදිපති වයසෙන් බාලයි .නමුත් නාකින් ගෙ මල පෙරේත ජඩ වැඩ මේ තරුන නායකට ගෑවිලාවත් නැහැ. ඒකට අගේ කරන්න මේ කොහෙවත් ඉන්න මිනිමරු පබයා දැන් වේල්ල හදන්න මතක් වෙලා තියෙන්නෙ. ඔවුන්ව සුනාමි ආවා වගෙ ගහ ගෙනම යන්න ඉඩ තියන්න ඕන. මාලීමාවේ ඉන්නෙ රටට ජනතාවට ආදරේ කරන නායකයින් පිරිසක් ඒ අයට වැඩ කියන්න කිසි කෙනෙක් අවශ්‍ය නැහැ තමන්ගෙ වැඩක් බලන් හොරා කාපු ෆයිල් ලැස්ති කරන් ඉන්න කියන්න
යෝගා Tuesday, 28 January 2025 01:30 PM
සමූපකාර ජන්දයෙන් අපිට කෙලවේගෙන යන මේ අස්සේ ඕවා කරන්න අපිට වෙලාවක් නෑ. අපි රාජපක්ෂ දඩයමේ - මීට පචෝරිස්.
රනේ Tuesday, 28 January 2025 02:07 PM
මොරගහල මක්කටෙයි දැං?
පිටිගල මිලානෝ Tuesday, 28 January 2025 02:20 PM
ලොකු ලොකු වැඩ ආණ්ඩුව බලාගනියි…. ඔයාට දැන් තියෙන්නේ දැනට අපේ සල්ලි වලින් නඩත්තු වන පිං ගෙදරින් යන්න….
fairoos Tuesday, 28 January 2025 05:39 PM
සිරස්තල දැකලා මන් හිතුවේ ආණ්ඩුවෙන් දීපු ගෙදරින් යන්න බැහැ කියලා. ලියුමක් ලියාලා කියලා..අනේ හිටන් නිකං විහිලු සපයන් නැතුව ඉන්න.
චතුරි Tuesday, 28 January 2025 06:03 PM
පෙන්දයියා ත් ආපා බලෙන් බලය ගත්තා නේද. ඇයි ඔබට කරන්න බැරිවුනේ .පක්ශෙ රැක ගන්න ආවේ රටට වැඩක් කෙරුවේ නැහැ .මහින්දයට බයේ අගමැති කරන්නත් ගියා. මෝඩම මී හරකෙක්. දැන් එනවා ගුරාට උගන්වන්න. අනුර ජනපති. උබලගෙ වයසින් බාගයක්වත් නැහැ. තරුනයි. නමුත් බලතන්හාව ,මුදලට කිසිම ගිජු කමක් නැහැ තොපි සේරම නාකී පෙන්දෝ .ආවේ හොරාකලා රටේ ජනතාවත් මරලා මුදල් ගන්න. උබලට තිබුනේ ඒ ආසාව. රජයේ නිවස ඒක බාරදීලා මහලු මඩමට යන්න මහින්දත් එක්කන් .අනුරගෙ කකුල් සෝදලා ඒ වතුර බොන්න .උබලා හොරුන්ගෙ සපත්තු ලෙව කෑවේ