IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


මෛත්‍රීගේ චෝදනා පත්‍රයට අධිකරණයෙන් වාරණයක්

(මනෝප්‍රිය ගුණසේකර)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය කඩ කළැයි චෝදනා කරමින් එහි මහලේකම් දයාසිරි ජයසේකර මහතාට එරෙහිව  විනය පියවර ගන්නා බව දැනුම් දෙමින් නිකුත් කළ ලිපියට අනුව කටයුතු කිරීමෙන්  පක්‍ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පක්‍ෂයේ වැඩබලන ලේකම්වරයා වළකාලමින් කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා අද (21) වාරණ නියෝගයක් නිකුත් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්ධුරයේ කටයුතු කළ දයාසිරි ජයසේකර මහතා එම ධුරයෙන් ඉවත් කරමින් නිකුත් කළ ලිපියට අත්සන් කළ පක්‍ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතාම හිටපු මහලේකම් දයාසිරි ජයසේකර මහතාගෙන් නිදහසට කරුණු විමසමින් නිකුත් කළ ලිපියටද අත්සන් තබා තිබීම සැළකිල්ලට ගනිමින් දිසා විනිසුරුවරයා අදාළ වාරණ නියෝගයක් නිකුත් කළේය.

ඔක්තෝම්බර් මස 05 වැනිදා දක්වා බලපැවැත්වෙන පරිදි අදාළ වාරණ නියෝගය නිකුත් කළ විනිසුරුවරයා මේ සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් එදින ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පක්‍ෂයේ වැඩබලන ලේකම් සරත් ඒකනායක මහතාට නියම කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය කඩ කළැයි කියමින් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ ලිපිය අභියෝගයට ලක්කරමින් පක්ෂයේ මහලේකම්වරයා වශයෙන් කටයුතු කළ දයාසිරි ජයසේකර මහතා ගොනු කළ පෙත්සම සම්්බන්ධයෙන් ඉදිරිපත් වු කරුණු සළකා බැලු දිසා විනිසුරුවරයා එලෙස නියම කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය කඩ කළ බවට චෝදනාවන්ට දින 14ක් තුළ පිළිතුරු සැපයීමට නියම කරමින් පක්‍ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමන්ට එරෙහිව නිකුත් කොට ඇති ලිපිය බලරහිත කරන්නැයි ඉල්ලමින් පක්ෂයේ මහලේකම්වරයා වශයෙන් කටයුතු කළ දයාසිරි ජයසේකර මහතා මෙම පෙත්සම ගොනු කොට ඇත.

පෙත්සම කැඳවු අවස්ථාවේදී පෙත්සම්කාර දයාසිරි ජයසේකර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ඉක්‍රම් මොහොමඩ් මහතා කරුණු දක්වමින් තම සේවාදායකයා පක්‍ෂයේ විනය කඩකළැයි චෝදනා කරමින් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය 18 වැනිදා ලිපියක් නිකුත් කොට ඇතැයි කීය.

දින 14ක් තුළ පිළිතුරු සපයන ලෙස අදාළ ලිපියෙන් තම සේවාදායකයාට දැනුම් දී ඇතැයි පවසු ජනාධිපති නීතිඥ ඉක්‍රම් මොහොමඩ් මහතා එම ලිපිය නිකුත් කොට ඇති ආකාරය නීතීවීරෝධී වන හෙයින් එම ලිපිය ක්‍රියාත්මක කිරරීම වළකාලමින් වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටියේය.

 



අදහස් (2)

මෛත්‍රීගේ චෝදනා පත්‍රයට අධිකරණයෙන් වාරණයක්

Mohan Mapa Thursday, 21 September 2023 02:50 PM

මොකා ආවත් අපිට වැඩක් නෑ බන්

:       0       3

warnasinghe Thursday, 21 September 2023 04:50 PM

තම පක්ෂය හදාගන්න බැරි මනුස්සයා රට හදයිද

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලොක්කන් 13කගේ රට ගිණුම් අවුස්සයි
2024 ඔක්තෝබර් මස 12 3986 1

විදේශයන්හි බැංකු සහ මූල්‍ය ආයතනවල කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් තැන්පත් කර ඇතැයි තොරතුරු සඳහන්වී ඇති දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරින් 13 දෙනෙකු සම්බන්ධ


චීන්නු 100ක් මහනුවරින් අල්ලයි
2024 ඔක්තෝබර් මස 12 4273 0

මහනුවර කොණ්ඩසාලය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගනිමින් පිරමීඩ මූල්‍ය වංචාවක නිරත වූ බවට සැකකරන චීන ජාතිකයන් සියයකට අධික ප්‍රමාණයක් මහනුවර කොට්ඨාස අපරාධ


ආපදාවලට පත් වූවන්ට හරියට සලකන්න
2024 ඔක්තෝබර් මස 12 767 0

ආපදා සහන සැලසීමේ ක්‍රියාවලිය පිලිබදව ඉදිරියේදී විශේෂ අධීක්ෂණයක් කිරීමට අපේක්ෂිත බැවින් පීඩාවට පත්වන ජනතාව වෙත දිනකට පෝෂ්‍යදායි, පිරිසිදු ආහාර වේල්


ගෙදර ගිය මන්ත්‍රීන් 225 දෙනාගේ වත්කම් සොයයි
2024 ඔක්තෝබර් මස 12 1077 1

වත්කම් බැරකම් ප්‍රකාශ නැවත බාර දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම අල්ලස් හෝ දූෂණ චෝදනා චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී ඇත.


ජනපති අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා බාරදීම හෙටින් අවසන්
2024 ඔක්තෝබර් මස 12 3005 0

ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.


අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 3925 9

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40167 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26003 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 271 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 410 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1329 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site