IMG-LOGO

2025 අප්‍රේල් මස 28 වන සඳුදා


මුතුරාජවෙල සංවේදී කළාපයේ සියලු පෞද්ගලික ඉඩම් රජයට

( තිලකරත්න දිසානායක.)
 
මුතුරාජවෙල  පරිසර සංවේදී කලාපයෙහි දැනට පෞද්ගලික පාර්ශ්වයකට  අයත් බව කියන කොටස රජයට පවරා ගැනීමට සහ එහි කිසිදු පෞද්ගලික ඉදිකිරීමක් සදහා අවසර නොදීමට  අද (27) පැවති ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී තීරණය කෙරිණි. 
 
බස්නාහිර පළාත් ආණ්ඩුකාර එයාර් මාෂල් රොෂාන් ගුණතිලක සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවෙහි සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමේදී මෙම තීරණය ගනු ලැබීය. 
 
මේ සම්බන්ධයෙන්  පාර්ලිමේන්තු මන්ත්‍රී  සහන් ප්‍රදීප් විතාන මහතා අදහස් දක්වමින්, එම කලාපයෙහි පෞද්ගලික කොටස රජයට පවරා ගැනීමට තීරණය කරන බව සදහන් කළ අතර ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක මහතා ප්‍රකාශ කොට සිටියේ ගනු ලැබූ මෙම තීරණය සම්බන්ධයෙන් පොලීසිය ක්‍රියාත්මක විය යුතු බවත් පැමිණිලි අවශ්‍ය නොවන  බවත්ය. 
 
මෙහිදී  මුතුරාජවෙල වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙහි බස්නාහිර කලාප සහකාර අධ්‍යක්ෂ නීතීඥ ලලිත් වික්‍රමආරච්චි මහතා පැහැදිලි කිරීමක් කරනු ලැබීය.  

 මුතුරාජවෙල පරිසර සංවේදී කලාපය තුල වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු ඉඩම් තුල පෞද්ගලික පාර්ශ්ව අයිතිවාසිකම් කියන ඉඩම් ද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරා ගෙන පරිසර සංවේදී කලාපයක් ලෙස ආරක්ෂක කණු යොදා සංරක්ෂණය කිරීමට මෙහිදී තීරණය කෙරිණි

අක්කර 600 කින් සමන්විත මුතුරාජවෙල ප්‍රදේශයෙහි සිදු කෙරෙන පරිසර හානිය සම්බන්ධයෙන් විශාල වශයෙන් ජනතා  විරෝධතාවයක් පළව ඇති බවත් මෙය රතුපස්වල ජල ගැටළුව හා සමාන ප්‍රශ්ණයක් විය හැකි බැවින් මෙම තීරණය ගැනීම සුදුසු බවත් ගම්පහ දිසාපති සුනිල් ජයලත් මහතා ඇතුළු එම ප්‍රදේශය නියෝජනය කරනු ලබන ජනතා නියෝජිතයින් විසින් මෙහිදී  පෙන්වා දෙනු ලැබූහ. 

 



අදහස් (12)

මුතුරාජවෙල සංවේදී කළාපයේ සියලු පෞද්ගලික ඉඩම් රජයට

nanda Wednesday, 27 January 2021 10:59 AM

හොඳ තීරණයක්...!!! 

:       7       52

RuwanWednesday, 27 January 2021 12:51 PM

ඔව් මේක හොඳයි ... රජය වටේ ඉන්න බිස්නස් කාරයින්ට ආයෝජනයට...

:       29       19

BamunuarachchiThursday, 28 January 2021 10:00 AM

ඇයි යහපාලකයන් රටේ ලෝකේ හැමතැනම බිස්නස්කාර ආයෝජකයන් සෙව්වා නේද? දැන් මොකක්ද ප්‍රශ්නය? මුතුරාජවෙල සංවේදී කලාපයේ සියලු පෞද්ගලික ඉඩම් රජයට ගන්නවා කියන එකනේ.. කියන්න ඔතනට කොහොමද රජය වටේ ඉන්න බිස්නස්කාරයින්ට ආයෝජනය එන්නේ..? අනික මොන රජයෙන් ආවත් රජය වටේ ඉන්න බිස්නස් කාරයින් තමයි ආයෝජනය කරන්නේ.. නැතුව ඔහේ මොකක් යෝජනා කරන්නද?

:       4       0

NMThursday, 28 January 2021 12:33 AM

මුතුරාජවෙල පමණක් නොව මුලුරටම මේ වනවිට තිබෙනුයේ අවදානම් සහ අසීරු මාවතක වේ. කිසියම් වූ හිරිකිතයකින් හෝ ලැජ්ජාවකින් තොරව එක පවුලක සහෝදර කණඩායමක් සහ ඔවුන්ගේ දෙවන පෙළ දූපුතුන් විසින් රටේ ප්‍රධාන ආයතන පාලනයට නතු කරගෙන ඇත. මෙයට වගකිව යුතුවන්නේ රටේ ජනතාව ජනප්‍රිය රැල්ලට හසුවී ජනතාව විසින්ම එක පවුලක් මූලික කොට බලය ලබාදීමේ දීමේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් වෙමින් තිබේ. මේ වනවිට ප්‍රතිඵල දේශීය වශයෙන් නිකුත් වුවද ඉදිරියේදී ජාත්‍යන්තර වශයෙන් පවා ප්‍රතිඵල නිකුත්වීමට නියමිතව ඇත. ලංකාව චීනය සමග පවත්වන්නාවූ සමීප සබඳතාවය මෙයට මූලික හේතුව වේ. චීනයට රාජපක්ෂලා විසින් ගාලුමුවදොර අසල ඉඩම් ප්‍රමාණයක් විකුණා දැමීය. මේ වනවිට ඉන්දියාව සහ ඇමෙරිකාව නොකියා කියා සිටිනුයේ ඔවුන්ටත් සැලකිය යුතු අවස්ථාවන් ලංකාවෙන් ලබාදිය යුතු බවකි. මේ වනවිට ඇමෙරිකාව සහ ඉන්දියාව රටක් වශයෙන් ලංකාවට නොව රට පාලනය කරන්නා වූ ප්‍රධාන කණඩායමට ප්‍රබල පීඩනයක් එල්ල කරමින් තිබෙන බව කිවයුතුම වේ.

:       4       5

පණ්ඩිතයා Wednesday, 27 January 2021 11:40 AM

පොහොට්ටුවන්ට මම ඡන්දෙදී වියදම් කරපු සල්ලිවලට හරියන්න මට දෙනවයි කියපු අක්කර 200ටත් වැඩේ දෙන්නද යන්නේ..?

:       49       31

විපරමා Wednesday, 27 January 2021 02:24 PM

කවුද දන්නේ දේශපාලකයන්ගේ පවුලේ අයට, හිතවතුන්ට වාසියක් වෙනවද කියලා... දේශපාලකයෝ කියන කතා විශ්වාස කරනවා බොරු...

:       6       32

Ruhunu Wednesday, 27 January 2021 03:05 PM

ඒකත් කොහේට හරි බදු දේවිද දන්නේ නැහැ...

:       0       1

AshokThursday, 28 January 2021 06:01 PM

නෑ... නෑ... කා සමග හෝ ආයෝජනයක් කරයිද දන්නේ නැ.

:       0       1

අණබෙරකරැ Wednesday, 27 January 2021 03:22 PM

අසව්, අසව් හැමදාමත් ඉඩම් දුටුවිට, සංවේදී වන අප්පච්චිලා සහ පුතාලා මුතුරාජවෙලටත් සංවේදී වන බවයි. රාජ උදහසට ලක්නොවී කටවහ ගනිල්ලා...

:       0       1

Demuni Uduwara Wednesday, 27 January 2021 07:03 PM

ගැසට් එක අතට එනකම් අපි ඉඳිමු...

:       1       0

ලුම්බිණි Wednesday, 27 January 2021 11:14 PM

කියන්න නම් පුළුවන්. කරන්නේ කොහොමද බලමු. වරායට කිව්වෙත් දෙන්නේ නැහැ කියලනේ...

:       1       3

sinhalaya Saturday, 30 January 2021 11:16 AM

අපේ සිරි ලංකාවේ ඉන්න සිංහලයන් පක්ෂ දෙකකට බෙදී ඉන්න කල් මේ වාසනාවන්ත රට දියුණුව කියන දේ කිසි දවසක දකින්නේ නැහැ. කෙනෙක් කරන කොට අනිකාට හොඳ නැහැ. කරත් වැරදියි, නොකරත් වැරදියි. හොරා කෑවත් තමුන්ගේ පැත්තේ කෙනෙක් නම් ෆුට් නෝට් ගහලා හරි හොඳයි කියයි. කාලයක් අපේම දේවල් ජනතා සේවකයින් කියන අයම ගිනිතියලා වැනසුවා. ඒ අය තාමත් පාර්ලිමේන්තුවේ... කොළඹ වරාය විකුණන්න යන අය හම්බන්තොට වරාය විකුණපු වෙලාවේ විරුද්ධ වුණා. කොළඹ වරාය දැන් ඒ අය දඟලනවා විකුණන්න.. එතකොට හම්බන්තොට විකුණපු අය විරුද්ධයි. සිංහලයිනි, එකතු වෙයව් එක ජාතියක් වශයන් හිට ගනිව්... කවුරුවත් මේ කපේදී මේ අපේ රට දියුණුවක් කරා ගෙන යන්නේ නැහැ. තියන රජයට පුළුවන් තරම් උදව්කර දියුණු දේශයක් කරා යාමට උත්සාහ කරමු. හරි යන්නේ නැතිනම් ඊලග පාර ඡන්දෙදී දැනට පාර්ලිමේන්තුවේ ඉන්න කිසිම කෙනෙක් නැවත පත් නොකිරීමට වග බලාගමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

යාපනේ නිවුන් සොහොයුරෝ උසස් පෙළින් කප් ගහලා
2025 අප්‍රේල් මස 28 284 0

මෙවර උසස්පෙළ පෙළ විභාගයෙන් ජෙෙව විද්‍යා අංශයෙන් දිවයිනේ තුන්වන සහ පස්වන ස්ථානය හිමිකර ගැනීමට යාපනය හින්දු විද්‍යාලයේ නිවුන් සොහොයුරන් දෙදෙනකු


පළාත් රැසකට මිලි මීටර් 100 ඉක්ම වූ තද වැසි
2025 අප්‍රේල් මස 28 172 0

උතුරු අර්ධ කෝලයේ සහ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං හමුවන කලාපය ලෙස හඳුන්වන අන්තර් නිවර්තන අභිසාරි කලාපය නිසා දිවයිනේ කාලගුණයට දැඩි බලපෑමක් ඇති ක


කිලිනොච්චිය ගංවතුරින් යටවේ
2025 අප්‍රේල් මස 28 275 0

කිලිනොච්චි ප්‍රදේශයට ඊයේ (27) කාලයේ හා රාත්‍රී කාලයේ ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ගංවතුර තත්වයක් පවතින බව දිස


මහනුවර ශුද්ධ කරයි
2025 අප්‍රේල් මස 28 500 0



චන්ද්‍රිකාගෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්
2025 අප්‍රේල් මස 28 403 0

තම නම සහ ඡායාරූපය අනවසරයෙන් භාවිත කරමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු කරන බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මැතිවරණ කොමසාරිස්


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 942 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 418 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 564 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site