IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


මෛත්‍රීට කළුපටියක්

කොළඹදී පැවැති ජාතික ටයිකොන්ඩෝ තරගාවලියේ සමාප්ති උත්සවයේ ප‍්‍රධාන අරාධිතයා වු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ලෝක ටයිකොන්ඩෝ සම්මේලනය විසින් කළුපටි 9 වැනි ශ්‍රේණියේ ගෞරවනීය සහතිකයක් පිරිනමන ලදී.

මෙරට ජනතාවගේ මෙන්ම ක‍්‍රීඩාවේ යහපත් අභිවෘද්ධිය වෙනුවෙන් ජනපති මූලිකත්වයෙන් ක්‍රියාත්මක කළ ‘මතින් තොර රටක් ’යන වැඩසටහනට දකුණු කොරියාවේ ලෝක ටයිකොන්ඩෝ සම්මේලන නිලධාරීන් මෙම තිළිණය ජනාධිපතිවරයාට පිළිගැන්වීය. 

මෙම අවස්ථාවට ක‍්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර සහ ශ‍්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනයේ සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂණ රාජකරුණා යන මහත්වරු ද සහභාගිවුහ.

President20151231-



අදහස් (0)

මෛත්‍රීට කළුපටියක්

මහින්ද සෞදි Thursday, 31 December 2015 05:08 PM

මතට තිත වගේම අළෙවියටත් තිත වලංගු වියයුතුයි (නි)

:       0       0

රතුගම Thursday, 31 December 2015 05:16 PM

බොහොම හොඳයි (නි)

:       0       0

සමන් Friday, 01 January 2016 04:57 AM

නියමයි. සුබ පැතුම්! (නි)

:       0       0

ශාන් Thursday, 31 December 2015 10:47 AM

මේ වගේ අවස්ථාවක් උදා වීමක් ලොකු දෙයක්.(හේ)

:       0       0

ටිරෝන් Thursday, 31 December 2015 10:50 AM

දැන් ඉතින් වැඩ ටිකක් පෙන්වන්න පුළුවන්.(හේ)

:       0       0

ලලිත් Friday, 01 January 2016 05:50 AM

ඔන්න කොල්ලනේ දැන්නම් ඉතින් වැඩි විහිළු තහළු වලට යන්න එපා. (නි)

:       0       0

චේතන Friday, 01 January 2016 05:56 AM

ෂා නියමයිනේ! (නි)

:       0       0

පිටිගල Thursday, 31 December 2015 12:02 PM

ඔය පටිය දෙන්න තිබුනේ අර ඉස්සර හිටපු අචාර්ය ගස් බඳින තුමාට නාස් ලණුවක් විධියට පාවිච්චි කරන්න.(කෞ)

:       0       0

විජිත් Thursday, 31 December 2015 05:39 PM

සසකාවා කියන ජපන් ජාතික කෝටිපතියා ආර්. ප්‍රේමදාස හිටපු ජනාධිපතිතුමාටත් ඔය වගේ ගෞරවනීය කළුපටියක් පැළැන්ඳුවා මට මතකයි. (නි)

:       0       0

ජයන්ත Thursday, 31 December 2015 06:26 PM

ජේ. ආර්. මහත්තයටත් ජපානෙන් ඔහොම එකක් දුන්න වෙලාවේ, එතුමා ඒක බැඳගෙන රොනී ද මෙල් මහත්තයට සයොනාරා කිව්වලු නේද? (නි)

:       0       0

කපිල Thursday, 31 December 2015 06:45 PM

ඔබතුමාට සුබ පැතුම්! (නි)

:       0       0

සම්පත් Thursday, 31 December 2015 06:54 PM

අනේ වාසනාවන්! (නි)

:       0       0

සත්‍යපාල Thursday, 31 December 2015 12:51 PM

අවුරුද්දක් පිරෙන දවසේ කළු කොඩි දාන්න යනවලු. කළු පටියක් තියෙන නිසා දිගට හරහට ගහන්න පුළුවන් දැන් ඉතින්. (බ)

:       0       0

අබය Thursday, 31 December 2015 10:24 PM

ඒක හොඳයි. දැන් ඉතින් සහතිකය තිබෙනවානේ... (නි)

:       0       0

ප්‍රසන්න Thursday, 31 December 2015 10:53 PM

ඔය පටිය ප්‍රවේශම් කරලා තියාගන්න (නි)

:       0       0

බමුණුසේන Thursday, 31 December 2015 11:49 PM

ඕක දැන් පළඳින්නේ කොහොමද? ඉනේ බැඳගන්න එකක්ද? (නි)

:       0       0

ශානක Friday, 01 January 2016 12:38 AM

මෙතුමා තිසරපටිය ගැන කියලා දවස් කීයද ගියේ? දැන් කළුපටියක්... (නි)

:       0       0

ප්‍රියන්ත Friday, 01 January 2016 02:57 AM

ඔබතුමාට සුබ පැතුම්! (නි)

:       0       0

සුමිත්‍රා බස්නායක Thursday, 31 December 2015 03:07 PM

දැන් ඉතින් දිගට හරහට දීලා අතාරින්න පුළුවන්, කලුපටිනේ. (කෞ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
2024 සැප්තැම්බර් මස 24 582 0

මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි


සියලු දේශපාලන පක්ෂ අනුරට සහය දිය යුතුයි
2024 සැප්තැම්බර් මස 24 819 0

ජන වරම ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ අනුර දිසානායක මහතාට සහයෝගය ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේව


උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට
2024 සැප්තැම්බර් මස 24 37 0

උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේ දී බදුල්ල සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ අංක 1596 දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය පිලිපැනීමට ලක


ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය නජිත් ඉන්දික
2024 සැප්තැම්බර් මස 24 1247 0

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වෛද්‍ය නජිත් ඉන්දික මහතා පත් කර තිබේ.


නව ඇමැති මණ්ඩලය
2024 සැප්තැම්බර් මස 24 2470 0

නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය අද(24) පස්වරුවේ දිවුරුම් දුන්නේය.


අමාත්‍යංශ ලේකම්වරු 17ක් පත් කෙරෙති
2024 සැප්තැම්බර් මස 24 3252 0

ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35025 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24039 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 161 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 494 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 219 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site