IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


‘‘මෛත්‍රීට ඡන්ද ඉල්ලන්න ආවොත් ගස් බැඳ ගසනු‘‘

විපක්ෂ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් ඡන්දය ඉල්ලා එන අයට ගස් බැඳ ගහන්නැයි කර්මාන්ත නියෝජ්‍ය ඇමති ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා නාවුලදී පැවැසීය.

ඔහු එසේ කීවේ නාඋල නගරයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මැතිවරණ කාර්යාලය විවෘත කිරිමේ උත්සවයට එක් වෙමිනි.

තමන් ඝාතනය කිරිම සඳහාද මේ වනවිට කොන්ත්‍රාතුවක් ලබාදි ඇතැයි ද පෙරේරා මහතා කිවේය.

‘‘ කිරිවානා සල්ලිය කන්ද ආසන්නයේදි මා ඝාතනය කරන්න සැලසුමි කර තියෙනවා කියලා මට තොරතුරු ලැබි තියෙනවා.මම කියනවා අපි වෙඩි උණ්ඩයට බය නෑ. කව්රුන් හරි ඝාතනය කළොත් දාස් ගණනක් මිනිස්සු ඉන්නවා වෙඩි තියපු එවුන් ඝාතනය කරන්න.

‘මතක තියා ගන්න ගම්වලට කට්ටිය එයි ‘මම ආණ්ඩුවේ හිටියට අනික් පැත්තට යනවා මෛත්‍රිට ඡන්දය දෙන්න කියලා, මම තමුන්නාන්සෙලාට කියනවා ඒ එන එවුන්ට ගස් බැඳලා පහර දෙන්න කියලා.

ජනාධිපතිවරයා මෛත්‍රි අගමැති කර තිබුනා නම් මතක තියා ගන්න මේ ජනාධිපති සටනට එන්නේ අගමැති වරයෙක්.

අපි ලග්ගල ආසනේ සුදානම් කරලා ඉවරයි. නන්දිකඩාල් කලපුවේදි එල්. ටී.ටී.ඊ එක ඝාතනය කරන්න සැලසුම් කළාට වඩා මේ මැතිවරණය සැලැසුම් සහගතව ජයග්‍රහණය කරනවා කියලා මම තමුන්නාන්සේලාට කියනවා‘‘

 

IMG_3548 IMG_3555 IMG_3557

  



අදහස් (0)

‘‘මෛත්‍රීට ඡන්ද ඉල්ලන්න ආවොත් ගස් බැඳ ගසනු‘‘

ධම්ම Tuesday, 25 November 2014 09:38 AM

මේ ගස්බඳින මානසිකත්වය ඇති අය තමයි ජනාධිපතිතුමාව පහලට අදින්නේ. (දී)

:       0       0

හේමාල් Tuesday, 25 November 2014 09:39 AM

ඒ කියන්නේ චන්දෙ ඉල්ලන්න මිනිස්සුන්ට තියෙන අයිතිය බොරුවක් (දී)

:       0       0

මහි Tuesday, 25 November 2014 09:39 AM

ඔන්න ප්‍රජතන්ත්‍රවාදය චන්දෙ ඉල්ලන අයට ගස්බැද පහරදීම. (දී)

:       0       0

හේමන්ත Tuesday, 25 November 2014 09:39 AM

ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මොකක්ද කියල කවුරුහරි කියන්නකෝ. (ර)

:       0       0

චන්දිම Tuesday, 25 November 2014 09:41 AM

වැඩිය දඟලන්න එපා... තීරණය තියෙන්නේ ජනතාව අතේ... (ස)

:       0       0

මෙවන් Tuesday, 25 November 2014 10:54 PM

දැන් ඡන්දෙ දිනන්න යන්නේ මේ වගේ බෙලෙක් කටවල් ඉස්සරහට දාලාද ? (නදී)

:       0       0

විජයබාහු Tuesday, 25 November 2014 09:40 AM

ඉඳල ඉඳල බත් ටිකකුත් කෑවොත් හොඳයි නේද? තණකොළ විතරක් මදි. (ස)

:       0       0

උපුල් Tuesday, 25 November 2014 01:00 PM

තමුනුත් එනවකෝ ඉල්ලන්න. දෙන්නම් හොඳට (නදී)

:       0       0

දෙමින්ද Tuesday, 25 November 2014 09:42 AM

මේ දේශපාලනය අවසන් කරන්න කලේ ඇවිත්, මේ වගේ අයට මෛත්‍රී කරන්න ඕනේ , පක්ෂයක් වැඩක් නෑ යහපත් රටක් අපට ඕනේ ,මේ වගේ අය ගෙදර යවන්නම ඕනේ. (ස)

:       0       0

සුමනේ Thursday, 27 November 2014 05:03 AM

ගස් බලා ගහන කාලේ වැඩි ඈතක නෑ (අ)

:       0       0

සුහද Tuesday, 25 November 2014 11:25 PM

ගහන්න ඕනෑ මේ වගේ අයට ඡන්දය දුන් ජනතාවටයි (නි)

:       0       0

තුසිත Tuesday, 25 November 2014 01:07 PM

මොන ගැම්මක්ද බන්දුල ? ගැම්ම නෙවෙයි මට පේන්නේ ඇම්මක් වගේ. රටක මහජන නියෝජිතයන් කතා කරන හැටිද මේ ? (ස)

:       0       0

දිනුෂ් Tuesday, 25 November 2014 09:45 AM

මම මේ ඇමතිතුමාව දැක්කෙත් අදයි. පාර්ලිමේන්තුවේ ඉන්න කෙනෙක්ද? (ර)

:       0       0

මල්කා Tuesday, 25 November 2014 01:12 PM

ෆයිල් එක සවුත්තු ඇති. එ්ක බේරා ගන්න ලකුණු දාගන්නවා (නදී)

:       0       0

විල්සන් Tuesday, 25 November 2014 09:46 AM

මේකද ශ්‍රී ලාංකීය ප්‍රජාතන්ත්‍රවාදය? (නි)

:       0       0

ප්‍රනාන්දු Tuesday, 25 November 2014 09:47 AM

ඒ කියන්නේ වෙන කාටවත් ඡන්දෙ ඉල්ලන්න බැරිද? (නි)

:       0       0

විරරත්න Tuesday, 25 November 2014 09:46 AM

කවුරු කවුරු ගැනත් අපි දන්නවා (නි)

:       0       0

මාලක Tuesday, 25 November 2014 01:17 PM

ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා ට මෙච්චර හොද බුද්ධියක් තියන බව මීට පෙර දැන් නැහැනේ.(හේ)

:       0       0

නලින් Wednesday, 26 November 2014 12:22 AM

මෙහෙමත් බ්රේක් නැති කටවල් ටිකක් නිදහසින් පසු අපේ රටේ මේ ඇහුණාමයි. ඇත්තට වගකිවයුත්තන්ට මේ දේවල් ඇහෙන්නේ නැද්ද. එහෙම නැත්නම් ඇහිලාත් නෑහුනා වගේ ඉන්නවද? (නි)

:       0       0

නුවන් Tuesday, 25 November 2014 09:47 AM

මේ පාර ගස් බැඳලා ගහන්නද සූදානම? (නි)

:       0       0

මාලක Tuesday, 25 November 2014 01:18 PM

මේ වගේ කතා කියන අයම තමයි ගස් බැඳලා ගහන්න ඕනේ.(හේ)

:       0       0

කීර්ති Tuesday, 25 November 2014 09:48 AM

මේකද ප්‍රජාතන්ත්‍රවාදය? (නි)

:       0       0

තනෝජ් Tuesday, 25 November 2014 09:48 AM

එහෙම ගහන්න කොහේ තියෙන අයිතියක්ද? (නි)

:       0       0

තරිදු Wednesday, 26 November 2014 12:50 AM

මෙන්න නියම යුග පුරුෂයෙක්. ජයවේවා! (නි)

:       0       0

සිරිසෝම Tuesday, 25 November 2014 09:55 AM

ඡන්ද ප්‍රතිඵලය දැනටමත් තීරණය කර හමාරබව තමයි පෙනෙන්න තියෙන්නේ. (නි)

:       0       0

ජනක Tuesday, 25 November 2014 01:32 PM

ඡන්දෙ දීපු අයව තමයි ගස් බඳින්න ඕනා. (නදී)

:       0       0

ගයන්ත Tuesday, 25 November 2014 09:55 AM

මිනිස්සුන්ට ගහන්න කියලා ප්‍රසිද්දියේ කියනවද මහත්තයෝ (දී)

:       0       0

පද්මිණී Tuesday, 25 November 2014 01:32 PM

එතකොට අනිත් පැත්තෙන් ඡන්දෙ ඉල්ලගෙන එන අයට? ගහල ඉවරවෙලා ගස් බදින්ටද? (නදී)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 26 November 2014 01:06 AM

අන්තිමට හැමදේටම වැරදි ආණ්ඩුව. (නි)

:       0       0

ගිහාන් Tuesday, 25 November 2014 01:34 PM

මේ රට මෙයාගේ පවුලේ බුදලයක්ද ? (නදී)

:       0       0

මේනක Tuesday, 25 November 2014 01:35 PM

මෙන්න අන්තිමේ වටේට ඉතිරි වෙන කට්ටිය. (නදී)

:       0       0

බුද්ධි Tuesday, 25 November 2014 01:36 PM

මේ වගේ අයට ඡන්දෙ දෙන අයට ගහන්න ඕනේ (නදී)

:       0       0

සුනිමල් Wednesday, 26 November 2014 01:09 AM

මොකද්ද දැන් මේ රටට වෙලා තියෙන්නේ? මෛත්‍රීය ,නීතිය රටෙන් තුරන්වෙලාද? (නි)

:       0       0

කනිෂ්ක Tuesday, 25 November 2014 01:39 PM

මෙයා ගේ අඩවියද මේක , ? ගෙදර කතා කරන භාෂාව හිතා ගන්න පුළුවන්. (නදී)

:       0       0

සමන් Tuesday, 25 November 2014 09:58 AM

ඔබතුමා එහෙම කියන එක වැරදියි (දී)

:       0       0

යශෝධා Wednesday, 26 November 2014 01:18 AM

එහෙම මිනිසුන්ට ගහන්න පුළුවන්ද? (නි)

:       0       0

රුවන් Tuesday, 25 November 2014 01:43 PM

ඒ කනෙන් අහලා මේ කනෙන් පිට කරන්න කියල බන්දුල හිතන්නේ අපිට කන් 1000ක් විතර තියනව කියලද මේගොල්ල තුට්ටු දෙකේ කතා කියන කියන වෙලාවට. (නදී)

:       0       0

දසුනි Tuesday, 25 November 2014 09:59 AM

තමන්ට එන චන්ද අඩු කර ගන්න වෙන මහන්සියක්.මෝඩකම තමා වෙන මොනවද?. (දී)

:       0       0

දිලාන් Tuesday, 25 November 2014 01:44 PM

මෙහෙම මැරයෝද දැන් දෑත් ශක්තිමත් කරන්න ඉතිරි වෙලා ඉන්නේ. (නදී)

:       0       0

ජිලාන් Wednesday, 26 November 2014 01:22 AM

දැන් එතකොට මෙයාට තනතුරු දුන්නේ කවුද බන්දුල? (නි)

:       0       0

මෙල්වින් Wednesday, 26 November 2014 01:24 AM

දැන් එතකොට ආණ්ඩුවේ සමහර උප ඇමතිවරුන්ගේ ප්‍රසිද්ධ ප්‍රකාශ ගැන වගකීම තියෙන්නේ කාටද බන්දුල? (නි)

:       0       0

නිරන්ජන් Tuesday, 25 November 2014 01:45 PM

නියම එඩිතර මන්ත්‍රී කෙනෙක්. මෙතුමාගේ කතා අහන ඉන්නත් ලස්සනයි. කරුණාකර ජනාධිපති තුමාව රැකෙන විදිහට අදහස් දාන්න, මෝඩ අදහස් දාන්න එපා.(ස)

:       0       0

අත්තනායක Wednesday, 26 November 2014 01:25 AM

මෙහෙම අයද ජනතා නිය‍ෝජිතයින් වෙන්නේ? (නි)

:       0       0

ඉසුරන්දි දෝහා Tuesday, 25 November 2014 10:01 AM

ඇයි ජනතාව මේ විදිහට ප්‍රකෝප කරන්නේ වගකිවයුතු අය. ඉතින් කොහොමද සාමකාමී මැතිවරණයක් බලාපොරොත්තු වෙන්නේ මේ විදිහට පටු අදහස් දරනවානම්. (ර)

:       0       0

පණ්ඩුක Wednesday, 26 November 2014 01:26 AM

කවදාහරි මේ කට හොඳ නැති ගෝලයෝ ටික වැටෙන්න තියෙන හොඳම අමාරුවේ වැටෙන බව ස්ථිරයි. (නි)

:       0       0

ජෙනී Tuesday, 25 November 2014 01:48 PM

මෙහෙම උප ඇමතිලා ඉන්න එක ආණ්ඩුවට හරි ආඩම්බරයක් වෙන්න ඇති. (ස)

:       0       0

බිමල් Tuesday, 25 November 2014 01:53 PM

මෙතෙක් බිහි වූ කිසිම ආණ්ඩුවක මේ වගේ කට හොඳ නැති ඇමතියෝ උප ඇමතියෝ සෙට් එකක් ඉඳලා නැහැ. (ස)

:       0       0

දුල්මි Wednesday, 26 November 2014 01:35 AM

මේ කට්ටියව එන මැතිවරණයට කලින් "ෆිනිෂින් ස්කුල් " එකටවත් යවල තනතුරට හරි යන විදියට සිරිත් විරිත් උගන්නල හදා ගන්න . (නදී)

:       0       0

දමිං පෙරේරා Tuesday, 25 November 2014 01:55 PM

කව්ද මේ පඹය බන් - කන රත්වෙන්න දෙන්න ඕනේ (ස)

:       0       0

බමුණු ආරච්චි Wednesday, 26 November 2014 01:46 AM

මේ හින්දා තමයි අපිට මේක වෙනස් කරගන්න අවශ්‍ය (නි)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 25 November 2014 10:10 AM

කාවද අනේ මෙතුවක් චන්දෙ ඉල්ලන්න ආවට ගස් බැදලා ගැහුවේ..මේවා දේශපාලනයේදී අර නිකන් ගැම්මට කියන කතානෙ..ඕව මේ කනෙන් අහල අනෙක් කනෙන් පිට කරනවා මිසක් කවුරුත් මිනිස්සුන්ට ගහන්න යන්නේ නැහැ ඕව අහල.එච්චර නුගත් මෝඩයෝ දැන් රටේ නැහැ...(දී)

:       0       0

ඩීන් Tuesday, 25 November 2014 10:10 AM

ලක්ෂ්මන් වසන්ත පෙරේරාගෙ මානසිකත්වය ? මැතිවරණය සැලැසුම් සහගතව ජයග්‍රහණය කරනවා කියන්නේ ? (දී)

:       0       0

ධනුක Tuesday, 25 November 2014 01:57 PM

මේ වගේ උදවිය තනතුරු දීල වටේට තියාගන්න හිතුනේ ඇයි කියල මට නම් තේරෙන්නේ නැහැ. ලජ්ජා නැතිව මේ මගේ උප ඇමති කියල පිටරටක වත් වැදගතෙකුට අඳුන්නල දෙන්න පුලුවන්ද ? (ස)

:       0       0

චතුරංග Wednesday, 26 November 2014 09:56 AM

සැලසුම් සහගතව ඡන්දෙ දිනනවා කියන්නේ චන්ද හොරෙන් දාල එහෙම නෙමේ නේද .............ඔබතුමා කව්ද කියල අපි දන්නේ නෑ....එත් මෙහෙම දේවල් කිව්වම කියන අයගේ මොළ වල තරම අනිත් අයටත් තේරනව.ඊට පස්සේ කියයි ඒ අයම ගහේ බැදගත්ත කියල .....කව්රු ආවත් සාධාරණ ඡන්දයක් තියන්න ඕනි...නිතිය කාගෙවත් අතේ තියෙන්න බෑ.එක නිසා ජනතාව තීරණය කරන්න ඕනි කාටද චන්දය දෙන්න ඕනි කියල. ජනපති තුමනි මෙවන් අය පක්ෂයේ ඉන්නකල් ඔබ තුමාට බුදු සරණයි..... (ස)

:       0       0

ජානක Tuesday, 25 November 2014 10:11 AM

මේ කියපු කතාවටනම් මම එකඟ නැහැ මොකද මිනිහෙක්ගේ මුලික අයිතිය නැති කරන්න කාටවත් බැහැ (දී)

:       0       0

ජෙහාන් Tuesday, 25 November 2014 02:00 PM

දැන් මෙයාගේ ෆයිල් එක නැද්ද අවධානයට යොමු වෙලා. ? ගියපු අයගේ ෆයිල් විතරද මතු වෙලා තියෙන්නේ ? (හේ)

:       0       0

මංජු Wednesday, 26 November 2014 01:57 AM

දැන් මේ කාලයේ ගස් ගැන කතාකරන මන්ත්‍රීලා වැඩියි. පක්ෂ ලාංඡනය ගසක් ලෙස පෙන්නුම් කළා නම් ඉවරයි. (නි)

:       0       0

දියපොත Wednesday, 26 November 2014 02:03 AM

බන්දුලලා වගේ අය මේ වගේ අයට කතිර ගහලා මේ රට මැරයන්ට ආශ්චර්යවත් රටක් කරවනවා. සුබ අනාගතයක්! (නි)

:       0       0

ඩීන් Tuesday, 25 November 2014 10:13 AM

මොනවද මේ කියන්නේ. (ර)

:       0       0

රුවනි Wednesday, 26 November 2014 02:06 AM

මේ ලියලා තියෙන අදහස් ටික කවුරුහරි වගකිවයුත්තෙකුට පෙන්නුවා නම් කරන්න ඕනෑ දේ තේරේවි (නි)

:       0       0

ජයත් Tuesday, 25 November 2014 10:14 AM

මේ වගේ "දේශපාලඥයන්" එක්ක ද ජනාදිපති තුමා තමන්ගේ ඉදිරි ගමන යන්න හදන්නේ ? (ර)

:       0       0

රොබින් Tuesday, 25 November 2014 10:16 AM

කව්රු කොහොම කලත් දුප්පතුන්ගේ දුක දන්න, අසරණයන්ට පිහිටවෙන, දේව හදවතක් ලොවට වඩිවා.!

:       0       0

එම්නා Tuesday, 25 November 2014 10:18 AM

මේ වගේ අයනේ චන්දෙ ඉල්ලන්නේ? (දී)

:       0       0

සනත් Wednesday, 26 November 2014 02:13 AM

බන්දුල පෙරේරා, කට පොඩ්ඩක් පාලනය කරගත්තොත් හොඳයි (නි)

:       0       0

රන්ජා Tuesday, 25 November 2014 10:19 AM

ජනාධිපතිතුමාව නැති කරන්නේ මේ වගේ අයයි. ජනාධිපතිතුමාටත් හොඳයි ඉස්සෙල්ලම මේ වගේ අයගේ හැසිරීම ගැන බලල හිටියනම්. මේ අය නිසා තමයි අපේ රට ලෝකය පුරා කතා හදාගන්නේ. මේ ගොල්ලන් ආණ්ඩුවේ ඉඳන් ආණ්ඩුව විනාස කරන අය. (දී)

:       0       0

හිරන්ත ලන්ඩන් Tuesday, 25 November 2014 10:20 AM

මේ තමයි අද පාර්ලිමේන්තුවේ ඉන්නා සමහර ජනතා නියෝජිතයන්ගේ මානසිකත්වය. ඔවුන් හිතන්නේ රට එයාලගේ පුද්ගලික බුදලයක් කියලා. කෙසේද මෙලෙස රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ මානුෂික අයිතීන් තහවුරු වන්නේ. මේ වගේ අය නිසා තමයි අපේ රටට විදේශ බලපෑම් ඇතිවන්නේ. (නි)

:       0       0

සුසන්ක Wednesday, 26 November 2014 02:17 AM

ඡන්ද කන්නේ මේ වගේ අය තමයි. මේ ගොල්ලෝ ජනාධිපතිට තියෙන්න ඡන්දත් නැති කරනවා මේ වගේ කථා හින්දා (නදී)

:       0       0

ස්ටැන්ලි Tuesday, 25 November 2014 10:20 AM

කියන කතා වලට තමයි ගස් බැඳලා ගහන්න ඕනේ. ඔබ තුමා කැමතිද ඔබතුමාට මිනිස්සු ගස් බැඳලා ගහනවට (නදී)

:       0       0

අජිත් කරුණාරත්න Tuesday, 25 November 2014 02:13 PM

මහත්තයෝ, මේ වගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී කතා කියන්නේ ඇයි.? (ර)

:       0       0

මහිම Wednesday, 26 November 2014 02:21 AM

මෙන්න මෙයාව ඊළඟ ගස් භාර ඇමති තනතුරට පත් කරනවා නම් අපි හරි කැමතියි. (නදී)

:       0       0

ලැම්බට් මනිමෙල්වඩු Tuesday, 25 November 2014 10:25 AM

":අපි ලග්ගල ආසනේ සුදානම් කරලා ඉවරයි. " ඒ කොහොමද? මොකක්ද මේගොල්ලෝ ජන්දේ වෙලාවට කරන්න අර අඳින්නේ. මේ වගේ උදවිය ඉන්නකම් මහින්ද මහත්තයට ලොකු වෙහෙසක් දරන්න වෙනවා දිනන්න. (ර)

:       0       0

සමන්ති Tuesday, 25 November 2014 02:15 PM

අර ගමේ කට්ටිය මොකද කියන්නේ. (ර)

:       0       0

ජනක Tuesday, 25 November 2014 02:17 PM

ජනාධිපතිගේ නියම අඩි පාරේ යන අය. (අ)

:       0       0

පෙරේරා Wednesday, 26 November 2014 02:30 AM

ජනපති තුමනි, ඉහතින් දැක්වෙන ජන මතයන් අනුව ඔබතුමාටම වටහා ගන්ට පුළුවන් වේවි ඔබතුමා වටේ ඉන්න සමහර අයම ඔබට අභාග්‍යය ගෙන දෙන හැටි. 'විධායක බලතල' යොදවා හරි ඔය වගේ අයව මට්ටු නොකලොත් නම් ඔබ තුමාගේ අනාගත පැතුම් ගැන අවිනිශ්චිත බවක් අපිට හැඟෙනවා. (නදී)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 25 November 2014 10:30 AM

මෙයාල ලෑස්ති වෙන්නේ මේ පාර ඡන්ද මංකොල්ලයක් කරන්න වගෙයි මේ කතාවෙන් කියවෙන්නේ ? එ් විතරක් නෙවෙයි , මේක යුද්දයක් වෙයි ? (නදී)

:       0       0

සිරිසේන Wednesday, 26 November 2014 02:40 AM

පිස්සුද අනේ, ඔයාලාට විහිළුවක් වත් තේරෙන්නේ නැතිද? (නදී)

:       0       0

සුජිත් Tuesday, 25 November 2014 10:32 AM

වැරදි පණිවිඩයක්. (නදී)

:       0       0

ප්‍රේමසිරි විජේසිංහ Tuesday, 25 November 2014 02:26 PM

ගස් ගෙම්බෝ මෙහෙම කියනවා. (ස)

:       0       0

චාන්දනී Tuesday, 25 November 2014 10:32 AM

ඒ කියන්නේ මෙයාගේ සහයත් එම්.එස්.ට. (නදී)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Tuesday, 25 November 2014 10:34 AM

කාගේදෝ හොඳ සුවච කීකරු ගෝලයෙක් වගෙයි. (නදී)

:       0       0

සෑම් Tuesday, 25 November 2014 10:35 AM

මේ වගේ අයට ඡන්දෙ දීපු අයට ගස් බැඳලා ගහලා දිමි ගොටුවකුත් කඩලා ඇඟට දාන්න ඕනෑ. (නදී)

:       0       0

කිරින්ද Wednesday, 26 November 2014 02:57 AM

ඔය කියපු කෙනා නීතිඥයෙක්. ගස් බැඳලා ගහන එක නීතියට පටහැනි නැති බව දැන් දැන් ඔප්පු වෙනවා (නදී)

:       0       0

රවිඳු Tuesday, 25 November 2014 10:35 AM

පක්ෂ, පාට බේදයකින් තොරව පුවතට අදාළ ඉතාම බුද්ධිමත් පාඨක ප්‍රතිචාර ලැබී තිබෙන ලිපියක්. මෙවැනි මත ප්‍රකාශ කරන දේශපාලකයින් සිටින තුරු පක්ෂයකටවත්, පක්ෂ නායකයෙකුට හෝ රටේ ජනතාවට වත්, අගතියක් මිස සුගතියක් නම් නැත. (නධී)

:       0       0

ලාල් Tuesday, 25 November 2014 02:27 PM

මේවගේ මන්දබුද්ධිකයෝ හිතාගෙන ඉන්නේ ශ්‍රී ලංකාව වෙනම ග්‍රහාලෝකයක් කියලද?මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ජයග්‍රහානය ස්ථිරයි(අ).

:       0       0

ලක්ෂාන් හේවගේ Tuesday, 25 November 2014 10:36 AM

ඔබ අපිට මොනදේ කලත් අපි ඔබට මෛත්‍රී කරමු. (නදී)

:       0       0

උයන්ගොඩ Tuesday, 25 November 2014 02:28 PM

මෙන්න නියම දේශපාලන සුදුසුකම තියෙන මිනිහෙක් , විරුද්ද පාක්ෂිකය ඡන්ද ඉල්ලන්න ආවම ගස් බඳින්න , මරන්න , ගහන්න උපදෙස් දීම තමා නුගත් මැර දේශපාලකයන් දෙන අවවාදය (අ)

:       0       0

රනා Tuesday, 25 November 2014 10:37 AM

කව්ද මේ වගේ අයට ඡන්දේ දෙන්නේ ? (නදී)

:       0       0

ඇසිලින්නෝනා Tuesday, 25 November 2014 02:30 PM

ගස් තියෙන ගෙවල් වලට නම් යන්න එපා. ඔන්න කිව්වා. එල්ලුම් ගස් ලංකාවේ නෑ පැටියෝ. බඳින ගසුත් කපලා පැටියෝ.(අ)

:       0       0

ඇසිලින්නෝනා Tuesday, 25 November 2014 02:30 PM

ගස් තියෙන ගෙවල් වලට නම් යන්න එපා. ඔන්න කිව්වා. (ර)

:       0       0

ලසන්ත Wednesday, 26 November 2014 03:09 AM

මෙයා විතරක් නෙවෙයි තව කට හොඳ නැති උදවිය ඉන්නවා. අර සත්තුන්ගේ නම් වලින් මහජනතාව අමතන කෙනා, උපවාස කටයුතු භාර කෙනා ඇතුළු හැමෝටම කටට බ්රේක් දාගන්න කියන්න. බැරි නම් අඩු ගානේ අවස්ථාවේ හැටියටවත් මොලේ ඇතිව හිතලා කට පියාගෙනම ඉන්න කෙනෙක් හරි ඒ තනතුරු වලට පත් කරන්න. (නදී)

:       0       0

අජිත් - ප්‍රංශව Tuesday, 25 November 2014 10:37 AM

මේ වගේ කයිවාරු ගහපු අය, එ් වගේම ගස් බැදල ගහපු අයට අද මොකද වෙලා තියෙන්නේ. හෙට අනිද්දා වෙනකොට ඔය ඇමති පට්ටම් දාල යනකොට ඔය කයිවාරු නැතිවෙයි. අද රටේ නීතිය බල්ලට ගිහිල්ලා. හරි නීතියක් තියෙනවා නම් ඔය වගේ මෝඩ කතා කියයිද ? (නදී)

:       0       0

බණ්ඩා Tuesday, 25 November 2014 10:41 AM

ජනාධිපතිවරණයත් තියෙන නිසානේ විරුද්ධ පක්ෂෙන් ඡන්දෙ ඉල්ලන්න එන්නේ. කතරගම දේවාලේ බස්නායක නිලමේ තෝරන ඡන්දෙ නැති කළා වගේ මේකත් නැතිකරලා මැරෙනකම් ජනාධිපති කියල පාර්ලිමේන්තුවේ 2/3 පනතක් සම්මත කරගත්තා නම් කවුරුවත් ගස් බදින්න ඕනේ නෑ. (නදී)

:       0       0

ගුණසේකර Tuesday, 25 November 2014 02:36 PM

ඔයාලටම ගිය රටනේ .ගස් බදින්න ,මරන්න ,අතුරුදහන් කරන්න ,ඔයාලට ජයම වේවා .(අ)

:       0       0

ශිරෝමල් Tuesday, 25 November 2014 10:41 AM

මේ වගේ අයව තමයි ගස් බැද ගහන්න ඕනා (නදී)

:       0       0

අතුළ Tuesday, 25 November 2014 10:41 AM

වසන්ත මහත්තයෝ ඔයා දිනුව හැටි මම දන්නවා. මොකද ඔයා ඔච්චර බය වෙලා දගලන්නේ. ඔයාටත් ෆයිල් එකක් තියෙනවා නේද ? (නදී)

:       0       0

නිමල් ලලිතා Tuesday, 25 November 2014 10:42 AM

හරියට නන්දිකඩාල් සටන සැලසූම් කළ කාලේ සටනට සහභාගී උනේ මේ වගේ. මුළු ලග්ගල ආසනේම ඉන්නේ මෙයාගේ අතවැසියන් වෙන්න ඇති. මේ වගේ අය හැම පක්ෂයකම ඉන්නවා. (නදී)

:       0       0

රසික Tuesday, 25 November 2014 10:45 AM

මිනිස්සු ගහලා ගස් බඳින්න ඕනේ මේ වගේ හෙන්චයියෝ තමයි. රටකට ගිය කල. (නදී)

:       0       0

අජන්තා Tuesday, 25 November 2014 03:04 PM

මෝඩ කතා, ගස්බදින්න ඕනේ ඔය කියන පාලකයන්ව...ජරා කතා ..ලස්සන සිංහල භාෂාව මරා දමන නුගත්තු.(අ)

:       0       0

මොහොමඩ් Tuesday, 25 November 2014 10:46 AM

ආදර්ශමත් ඇමැතියෙක්නේ මෙයා. ඔන්න ඕක තමයි තත්වෙ අද අපේ දේශපාලනයන්ගේ. (නදී)

:       0       0

කුමාර Tuesday, 25 November 2014 10:47 AM

ඔන්න මේගොල්ලන්ගේ සංස්කෘතිය, අන්තිමයි. අැයි තමන් කැමති පක්ෂයකට යන්න බැරිද ? මතක තියාගන්න මෛත්‍රී මැතිතුමා දිනනවා. පොදු අපේක්ෂක තුමනි, ජයශ්‍රී , ඔබට ජය වේවා (නදී)

:       0       0

සුසිල් නාඋල Tuesday, 25 November 2014 03:04 PM

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හොද නායකයෙක් රට සංවර්ධනය කරනවා. හැබැයි දිවංගත මොන්ටි ගොපල්ලව මැතිතුමා වැනි නායකයන් නායකත්වය දුන් ලග්ගලට මේ වාගේ එතනොල් කාරයෝ දාලා මොනවද කරන සංවර්ධනය, අරක්කු විකුනලා හොයන සල්ලිවලින් මුලු මාතලේම ඉඩම් අරගෙන කට මැද දොඩවනවා. හැබැයි මේවාට වැඩි ආයුෂ නෑ. දෙවියෝ කියලා කොටසකුත් බලාගෙන ඉන්නවා. ජනතාව දැන්වත් තේරැම් ගත්තොත් හොදයි. නැත්නම් රටට දෙවියන්ගේ පිහිටයි. (අ)

:       0       0

නසීම් Tuesday, 25 November 2014 10:47 AM

මෛත්‍රී අවොත් සමහර දේවල් ගේන්න ලැබෙන්නේ නැහැ. ඒ හින්දයි මෙහෙම කියන්නේ ? (නදී)

:       0       0

ලක්ලී Tuesday, 25 November 2014 10:47 AM

අරවගේ බලේ තමයි පෙන්නන්නේ (නදී)

:       0       0

ඉන්දික ගාලේවත්ත Tuesday, 25 November 2014 03:12 PM

මාතලේ එන්නකෝ ඊළග පාර ඡන්දේ ඉල්ලගෙන. (ර)

:       0       0

දිනේෂ් Tuesday, 25 November 2014 10:49 AM

මෙයා මේ දුටුගැමුණුගේ මල්ලි සද්ධා තිස්ස වෙන්න හදනවද මිනිස්සුන්ව ගස් බඳින්න යන්නේ. ඔය විදිහට නම් දිනන්න හිතන්නේ බටහිර රටවල් අපිට විරුද්ධ වෙන එකට පුදුම වෙන්න බෑ. ඡන්දය කියන්නේ මොකද්ද කියල දැනගන නෙවේ වගේ ඡන්දය ඉල්ලලා තියෙන්නේ. (නදී)

:       0       0

සිල්වා Tuesday, 25 November 2014 10:49 AM

ශ්‍රී ලංකාවේ පවතින නිතිය මේක තමයි. ලංකාව ගමන් කරන්නේ ගල්යුගයට නේද ? ඉවසුවා ඇති හරි තීරණේ ගන්න. (නදී)

:       0       0

බණ්ඩාර Tuesday, 25 November 2014 03:22 PM

ඕන් රටේ හැටි නේද? (අ)

:       0       0

නලින් Tuesday, 25 November 2014 10:49 AM

චාමික කියනවා වගේ ලංකාවේ මානව හිමිකම් තියෙනවද? මෙයා ගැනත් ගොඩක් අය දන්නවා. (නදී)

:       0       0

කෝසල ජේ Tuesday, 25 November 2014 10:49 AM

ඔබ තුමාගේ ගුවන් විදුලියේ සෝදිසිය මම ඉතාමත් ප්‍රිය කරනවා. ඒ තුල කල වැඩසටහන් දෙකකින්ම ප්‍රචන්ඩත්වය පිටු දකින ආකාරය මැනවින් අවබෝධ කොට දුන්නා. නමුත් ඔබ තුමාගේ මෙවන් අදහස් එයට සම්පූර්නයෙන්ම ප්‍රථිවිරුද්ධයි (නදී)

:       0       0

ඉසුරු Tuesday, 25 November 2014 03:26 PM

දැන් මහින්ද මහත්තයට ඉතිරි වෙලා ඉන්නෙ මේ වගේ අය තමා. මම නම් හිතන්නෙ විපක්ෂයෙන් වැඩිපුරම සල්ලි ගෙවන්න ඕන මෙන්න මේ වගේ අයට. මහින්ද ට වැඩියෙන්ම වින කපන්නෙ මෙයාලනෙ. (අ)

:       0       0

බන්දුල Tuesday, 25 November 2014 10:51 AM

බලෙන් ඡන්ද ගන්න හදන්නේ ඒවා කොහොද අපිත් එක්ක.(හේ)

:       0       0

අතුල Tuesday, 25 November 2014 03:30 PM

ඕව අහන එක මොඩයක් මේ රටේ ඉන්නවා ඒ බන්දුල (ස)

:       0       0

චන්දිම Tuesday, 25 November 2014 10:55 AM

බලය නුගත්තු වටා ඒකරාශි වුනාම ලැබෙන ප්‍රතිපල මේවා තමයි බුද්ධිමත් ශ්‍රී ලාංකිකයන්ගේ අවදානය පිණිසයි.(හේ)

:       0       0

රොකී Tuesday, 25 November 2014 03:35 PM

මන්ද බුද්ධිකයෙක්! (අ)

:       0       0

කමල් Tuesday, 25 November 2014 03:43 PM

ආ එහෙමද ඇමති තුමා පොඩ්ඩක් ඉන්නකෝ 8 වෙනිදා වෙනකන් අපේ අතින්ම ගහේ බැදලා දෙන්නම්කෝ.(හේ)

:       0       0

වසන්ත Tuesday, 25 November 2014 03:43 PM

ඊලගට එයා එළියේ තමයි.තියෙන ඡන්දත් දැන් නැති වෙයි.(හේ)

:       0       0

හේමන්ත Tuesday, 25 November 2014 10:58 AM

අපිත් පොදු පෙරමුණේ තමයි. මොන නීතිය යටතේද, මොන බලය යටතේද මෙයා මෙහෙම කතා කරන්නේ? අපේ ජනපති මහින්ද රාජපක්ෂ තුමන්ට කරන බරපතලම නිග්‍රහයක් මේක. වහාම ආණ්ඩුවෙන් ඉවත් කල යුතුයි. නැතිනම් ජාතියෙන් සමාව ගත යුතුයි. මෙහෙම ගියොත් අපේ රට නවතින්නේ කොතනින්ද? (දී)

:       0       0

සුමේධ Tuesday, 25 November 2014 03:46 PM

මේ මිනිස්සුන්ව ගස් බදින්න ඕනේ.(හේ)

:       0       0

නදිනි Tuesday, 25 November 2014 11:01 AM

නුගත්කම ද, මෝඩකම ද, දුෂ්ඨකම ද, විලි ලජ්ජා නැතිකම ද, අනේ මන්ද? මේ නම් චන්ඩියෙක් යුද්ධයකට වගේ සැරසෙන්නේ. (දී)

:       0       0

නිමල් Tuesday, 25 November 2014 03:47 PM

අපේ කතිරෙන් ඔතනට ඇවිල්ල අපිව ගස් බදින්න හදන්නේ ඊළගට අපි ගහන කතිරෙන් බෙල්ලේ වැලදාගන්න ගහක අත්තක්වත් නැති වෙයි.(හේ)

:       0       0

මිගාර Tuesday, 25 November 2014 11:00 AM

මෙන්න නියම ප්‍රජාතන්ත්‍රවාදය.!!! (දී)

:       0       0

ලියුම් Tuesday, 25 November 2014 03:50 PM

නීතිඥයෙක් කීවට කතා කරපු නඩුවක්වත් නෑ ලියපු ඔප්පුවක්වත් නෑ. (ස)

:       0       0

සම්පත් Wednesday, 26 November 2014 08:49 PM

මේ වගේ දේවල් කියද්දි ඡන්දය ලැබෙයිද?(හේ)

:       0       0

නාලක Tuesday, 25 November 2014 11:05 AM

පිස්සු චරිතයක්. කතාවෙන්ම තේරෙන්නද්ද මානසිකත්වය .. බොරු ප්‍රචාර ඇරලා අර හොඳ මනුස්සයට කැත නමක් හදන්න දඟලනවා.(අ)

:       0       0

සමිත් Tuesday, 25 November 2014 11:05 AM

මම පක්ෂ භේදයකින් තොරව කතා කරන්නේ, ඔහුගේ සම්පුර්ණ ප්‍රකාශය කියවලා බලන්න්න එහි ඇති බැරෑරුම් අරුත් ? මෙවැනි කථා මහජනය අමතා කිරීම නම් හරිම නින්දිතයි, මෙය මහජනයා නොමග යවා තව තවත් ම්ලේච්චයන්, තක්කඩියන් බිහි කරන පෙර දැක්මක්. මෙවැනි නුගත් අසෝබන පුද්ගලයන්ට අමාත්‍ය දූර දීමේ ප්‍රතිපලය මෙයයි. මැරයන්ගේ පිරුණු අප වැනි රටක මෙවැනි නොමනා මැති ඇමති වරුන් රටකට දෙන ආදර්ශය මෙයද ? (අ)

:       0       0

රවිඳු Tuesday, 25 November 2014 04:08 PM

බලමුකෝ කියන විදියට කරන්න පුළුවන්ද කියලා.(හේ)

:       0       0

සත්‍යපාල Tuesday, 25 November 2014 11:05 AM

පෙනෙනවානේ මේ අයගේ ප්‍රජාතන්ත්‍රවාදය,මෙවැනි අය පාර්ලිමේන්තුවට යැවූ පුද්ගලයන් පිලිබදව අපි කනගාටු වෙන අතර බොරු වීරකම් පෙන්වන්න තමයි ඔය ඝාතන කතා කියානේ කවුද මේ වගේ හිස් මිනිසුන්ව ඝාතනය කරන්න හදන මෝඩයෝ මේ අයව ඝාතන කළා කියලා මොනවද ලැබෙන්නේ මේ අය සන්ධානය තුල ඉන්නකම් ආයේ වෙන මොනවත් කරන්න ඕන නැහැ සන්ධානය පරද්දන්න නියෝජ්‍ය ඇමතිකමෙන් ඇමතිකමක් ලබාගන්න තමයි මේ නන්දෙඩවිලි . (අ)

:       0       0

රෝසා Tuesday, 25 November 2014 11:07 AM

මේක කියන කෙනාව තමා ගස් බැඳලා ගහන්න ඕනේ (අ)

:       0       0

පියල් Tuesday, 25 November 2014 11:11 AM

මෙයාට ඡන්දෙ දුන්නේ කව්ද ? (ස)

:       0       0

ශිරෝමි Wednesday, 26 November 2014 04:40 AM

මේ වගේ අය ආයෙත් ඇමතිවරු කරන්න අපිනම් අපේ ඡන්දෙ පාවිච්චි කරන්නේ නෑ. අපේ ඡන්දය හැකර කටවල් වලට නෙමේ පරිනත ඔලු වලටයි. මෙයාට ගස් බැදලා ගහමුද? (නදී)

:       0       0

උදය Tuesday, 25 November 2014 11:13 AM

මෙයා ගැන තමා ජනක බණ්ඩාර ඇමතිතුමා පාර්ලිමෙන්ට් එකේ කිව්වේ (ස)

:       0       0

දේවින්ද Tuesday, 25 November 2014 11:15 AM

මේක ජනතා අයිතියයි.ඡන්දය ලබා දීම ජනතාව සතුයි.(හේ)

:       0       0

චමිලා Tuesday, 25 November 2014 11:17 AM

ජනාදිපති තුමනි , මෙයාලට කියන්න කට පරිස්සම් කරගන්න කියලා . ඔහේ දොඩවන්නේ නැතුව.(හේ)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Tuesday, 25 November 2014 04:33 PM

එතනෝල් වල හයියෙන්ද ගස් බදින්නේ (නදී)

:       0       0

මංගල Tuesday, 25 November 2014 11:17 AM

මේ වගේ අය හින්දා තියෙන ඡන්දත් නැතුව යනවා .(හේ)

:       0       0

රසික Tuesday, 25 November 2014 11:17 AM

ඒක මහජනයාගේ කැමැත්තයි.(හේ)

:       0       0

සමන්ත Tuesday, 25 November 2014 04:38 PM

ආණ්ඩුවේ අයට මොනවා හරි කිව්වොත් බන්දුලට හරිම අමාරුයි. ගස් බැඳලා ගහන්න මිනිස්සු බල්ලෝද?  එන්න බලන්න ගහන හැටි පෙන්නන්න. (නදී)

:       0       0

හුසේන් Tuesday, 25 November 2014 04:42 PM

මේ මනුස්සයා දැක්කෙත් අදමයි. මෙයාට කියන්න ඕන බල්ලෝ බිරුවට කඳු පාත් වෙන්නේ නැහැ කියලා (නදී)

:       0       0

කුමාර Tuesday, 25 November 2014 11:20 AM

නමුත් අපි ඉන්න මේ ලංකාවේ තව ගොඩක් දෙනෙක් මේවා අනුමත කරනවා. එක තමයි දුක හිතෙන ඇත්ත.(හේ)

:       0       0

සුමුදු Tuesday, 25 November 2014 11:20 AM

මේක ප්‍රජාතන්ත්‍රවාදය නොවේ.(හේ)

:       0       0

කරීම් Tuesday, 25 November 2014 04:58 PM

අනේ අපට විනය උගන්වන්න එන්න (නදී)

:       0       0

සත්‍යයා Tuesday, 25 November 2014 05:04 PM

රන්ජා! ඔබ කියන විධියට "ජනාධිපතිතුමාව නැති කරන්නේ මේ වගේ අයයි" කියන දේ නොවෙයි සත්‍යය. ඇත්තෙන්ම සිදුවේ තිබෙන්නේ වැපුරූ ඇටවලින් හටගත් වල් පැලෑටි තමයි මේ ගොල්ලෝ. මර්වින් සමෘද්ධි නියාමක ගස් බැඳලා පෙන්නුවෙත් ඒ ආදර්ශයමයි. ඒ වැඩේට මර්වින් ට උසස්වීමකුත් ලැබුනා. (නදී)

:       0       0

කුමාර Wednesday, 26 November 2014 05:09 AM

මේක ප්‍රජාතන්ත්‍රවාවාදී රටක්. මිනිස්සු ඕනි කෙනාට ඡන්දේ දෙයි. වැඩිය දඟලන්න එපා. (ස)

:       0       0

කුමාර Tuesday, 25 November 2014 11:29 AM

නියම ආදර්ශමත් නායකයෝ.මෙහෙම අදර්ශ දුන්නොත් හොදට තියේවි (දිල්)

:       0       0

කැබිතිගොල්ලෑවේ චූටියා Tuesday, 25 November 2014 11:31 AM

ඕකට තමයි කියන්නේ ඇතිදා සීනි නැතිදා ගෝනි කියලා ඔබතුමා ඉන්නකම් සර් සර් කිය කිය පස්සෙන් ගිහින් දැන් කියනව ගහන්නලු කවද හරි ජනතාවටත් ඔහොම තමයි කියන්නේ(දිල්)

:       0       0

සෙනෙවි Tuesday, 25 November 2014 05:19 PM

බන්දුල පෙරේරා නමින් මේ පිටුවට ලියන්නෙ මේයාද ? (නදී)

:       0       0

ධම්මික Tuesday, 25 November 2014 11:31 AM

එතුමා කියන්නේ එතුමාගේ නම විකුණලා ඡන්දෙ ඉල්ලන්න අවොත් ගස් බන්දින්න කියලා(දිල්)

:       0       0

ශ්‍රී Tuesday, 25 November 2014 11:34 AM

ජනාධිපති මාමේ මේ ගොන් රැල කලින් පැන්නුවනම් මෛත්‍රී වගේ කෙනෙක් යන්නේ නෑ . ඔය රැළක් එක්ක ගියොත් අනාගතය ඔබේ (ස)

:       0       0

ප්‍රනාන්දු Tuesday, 25 November 2014 05:22 PM

අතේ පිරිත් නූල් 60ක් විතර බැදගෙන හිටියත්, කියන්නේ ගස් බදින කතා. (නදී)

:       0       0

ගීත් Tuesday, 25 November 2014 11:39 AM

ඡන්දෙත් නැතිවෙන මහා මෝඩ කතාවක් ..ඔහොමකියන්න එපා..(ස)

:       0       0

කසුන් Tuesday, 25 November 2014 11:42 AM

අනේ මෙයාට මේකේ තියෙන කමෙන්ට්ස් දැකලා හෝ වැදගත් විදියට දේශපාලය කරන්න පුලුවන්නම් දැන් ආණ්ඩුවට නොලැබී යන්නා වූ ජන්ද ප්‍රමාණය යම් පමණකින් හෝ වලක්වා ගත හැකි වේවි (නදී)

:       0       0

බටන්ගල Tuesday, 25 November 2014 11:47 AM

ඕකට ඉතින් ලොකුතැන් වලිනුත් කියාවි මේ ප්‍රකාශය වැරදියි කියලා. නැතුව වෙන දඬුවමක් නැහැ. නාවුලට කැලේ නීතිය ගේන නියෝජිතයා මෙයා වෙන්න ඇති. (නදී)

:       0       0

හේමන්ත Tuesday, 25 November 2014 05:53 PM

ලංකාවේ හැටි මෙහෙමද? (නි)

:       0       0

සමන් කුමාර Tuesday, 25 November 2014 11:50 AM

කෙනෙකුට අපරාධ වරදක් කිරීමට උපදෙස් දෙන්න මන්ත්‍රී කෙනෙකුට පුලුවන්ද?මේ වගේ ආවේගශීලී කතා වලින් මිනිස්සු එකිනෙකා කොටවන එක මහා පාපයක්. අන්තිමට තමන්ගේම ගමේ අහල පහල මිනිස්සු මරා ගන්නවා. මේ අවස්ථාවේ කළ යුත්තේ ගිනි ඇවිලීම නොව ගිනි නිවීමයි.(හේ)

:       0       0

අශාන් Tuesday, 25 November 2014 06:02 PM

එයා කවුද කියලා අපි හොඳට දන්නවා (නි)

:       0       0

නලීන් Tuesday, 25 November 2014 06:04 PM

අනේද කියන්නේ !!! (නි)

:       0       0

කුරුප්පු Tuesday, 25 November 2014 06:05 PM

අනේ මෙහෙමත් කතා! (නි)

:       0       0

චාමිකර Tuesday, 25 November 2014 11:55 AM

මේ කතාවෙන් වෙන්නේ ළග ඉන්න පාක්ෂිකයොත් යන එක විතරයි.(හේ)

:       0       0

අරුණ Tuesday, 25 November 2014 06:06 PM

මේ වගේ අයටනේ මිනිස්සු ඡන්දය දෙන්නේ? (නි)

:       0       0

ඉන්ද්‍රානි -වැලිවිට Tuesday, 25 November 2014 11:57 AM

ජනාධිපතිට අන්තිමට ඉතුරුවෙන්නේ මේ වගේ අය ද?(හේ)

:       0       0

ස්ටැන්ලි Tuesday, 25 November 2014 11:57 AM

ඔබතුමා කැමතිද මිනිස්සු ඔය දේ ඔබතුමාට කරනවට ඔබතුමාලා රට හදන්න පාර්ලිමේන්තුවට යන්නේ ඕවා උගන්නද?(හේ)

:       0       0

තිසර Tuesday, 25 November 2014 12:00 PM

මෙයා හිතන් ඇති මෙයා කියන දේවල් කරන්න අපි ගොන්නු කියලා. ඔය කව්රු ගැනත් අපි හොඳට දන්නවා (නදී)

:       0       0

තිලක් ඩුබායි Tuesday, 25 November 2014 06:35 PM

කුඩු රටට ගෙන්වන්නේ සිමෙන්ති කොට්ට ගොඩබානවා වගේ.එහෙත් ගෙනා කෙනෙක් නැහැ.අල්ලා ගන්නවා.එහෙත් අල්ලාගත් ඒවට වෙන දෙයක් නැහැ. (නි)

:       0       0

ටිකිරි බණ්ඩාර Tuesday, 25 November 2014 06:36 PM

නුසුදුස්සන් වටා බලය ඒකරාශි කිරීමේ වරදට සමස්ත ජනතාවම වන්දි ගෙවිය යුතුය. (නි)

:       0       0

මහේන්ද්‍ර Tuesday, 25 November 2014 12:12 PM

දැන් දේශපාලනය ගැන කතා කරලා වැඩක් නෑ.(හේ)

:       0       0

ඩයස් Tuesday, 25 November 2014 12:12 PM

මේ වගේ අය තමා දැන් ඉතුරු වෙලා ඉන්නේ.(හේ)

:       0       0

තිලක් ඩුබායි Tuesday, 25 November 2014 06:36 PM

ඔය මොනවා කිවුවත් අන්තිමට ඉතුරු වෙන්නේ මෙන්න මේ වගේ මිනිස්සු පමණයි. (නි)

:       0       0

මවින්ත Tuesday, 25 November 2014 12:13 PM

මෙහෙම කට්ටිය තමයි දැන් දේශපලනයේ ඉන්නේ. අනේ රටකට ගිය කළ.(හේ)

:       0       0

නිහාල් Tuesday, 25 November 2014 06:37 PM

රට කොහේටද මන්දා යන්නේ? (නි)

:       0       0

වීරසිංහගේ ප්‍රියන්ත වීරසිංහ Tuesday, 25 November 2014 12:21 PM

ඔය කතාකරන්නේ එතනෝල් බලයෙන්ද (නදී)

:       0       0

බන්දුල රත්නායක Tuesday, 25 November 2014 07:06 PM

මෙයාල හිතාගන ඉන්නේ හැමදාම බලයේ ඉන්න පුළුවන් කියලා. බලමුකෝ ජනවාරි 8 වෙනිදායින් පස්සේ මොකද වෙන්නේ කියලා. (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Tuesday, 25 November 2014 07:14 PM

නීති ගරුක රටක නම් මෙයා ඉන්නේ මහගෙදර කම්බි කූරු ගණන් කර කර. කොහෙද අපේ රටේ නීතියක් කියල දෙයක් තියෙන එකක්ද? (නදී)

:       0       0

අසංක Tuesday, 25 November 2014 12:31 PM

ගල් ගහල මරන්න ඕනි (නදී)

:       0       0

අසේල Tuesday, 25 November 2014 08:38 PM

මේ බන්දුල පෙරේරා කියන කෙනාගේ කඩේ යාමේ ඉවරයක් නැහැනේ. මෙන්න මෙයාට ගහන්න කෙනෙක් නැද්ද?? (නි)

:       0       0

චාමික Tuesday, 25 November 2014 09:37 AM

චන්දෙ ඉල්ලන්න එන මිනිස්සුන්ට ගස් බලා ගහන්න කියල මිනිස්සු උසිගනවල, ජාත්‍යන්තර සංවිදාන වලට මැදිහත් වෙන්න පාර හදල දෙන්නේ නුගත් අය තමයි. ඊට පස්සේ කොහෙවත් ඉන්න අයට බනිනවා කුමන්ත්‍රණකාරයෝ කියල. (දී)

:       0       0

විශ්ව Tuesday, 25 November 2014 09:37 AM

රටකට නීතියක් කියලා නැද්ද (දී)

:       0       0

ඕෂධී Tuesday, 25 November 2014 09:37 AM

මිනිස්සු දෙන චන්දෙත් නැති වෙනවා ඔහොම කියුවහම (දී)

:       0       0

මෙත්සිරි-බකමුණ Tuesday, 25 November 2014 12:38 PM

මේ මෝඩ දේශපාලුවන්ට ඡන්දේ දුන්න අයට එහෙම කළාට කමක් නෑ.(හේ)

:       0       0

චවික Tuesday, 25 November 2014 09:37 AM

මොන හයියක් අරන්ද එහෙම කියන්නේ (දී)

:       0       0

කාන්ති Tuesday, 25 November 2014 09:00 PM

අනේ ඇත්තට, ලැජ්ජා නැතුව අර කට්ටිය මෙයාගේ කතාව අහගෙන ඉන්න හැටි. (නි)

:       0       0

කුලසේකර Tuesday, 25 November 2014 09:37 AM

මේවා මිනිස්සු තේරුම් ගන්න ඕනේ (දී)

:       0       0

ලේක්කෝ ගලබඩ Tuesday, 25 November 2014 09:01 PM

කතිරය ගහපු අයට අත කපාගන්න හිතෙනවා ඇති මේවා අහලා. (නි)

:       0       0

මිගාර Tuesday, 25 November 2014 09:37 AM

කවුරු හරි චන්දෙ ඉල්ලුවහම ගස් බඳින ඕනෙද (දී)

:       0       0

සමන්ත Tuesday, 25 November 2014 09:03 PM

අර සාක් සමුළුවට එක්ක යන්න තිබුනේ මෙන්න මේ වගේ උදවිය තමයි කථිකයෝ හැටියට. මෙයා එතැනත් ගිහින් ඉන්දියන් අගමැතිවත් ගස් බඳින්න කිව්වේ නැති නම් මම සභාවේ ඔලුවෙන් හිට ගන්නවා. (නදී)

:       0       0

චවික Tuesday, 25 November 2014 09:37 AM

මිනිස්සුන්ට ගස් බැඳලා ගහන්න මිනිස්සු උසි ගන්නන්නේ මොකද මහත්තයෝ ඕකද ප්‍රජාතන්ත්‍ර වාදය (දී)

:       0       0

නන්දන Tuesday, 25 November 2014 12:43 PM

මේ වගේ මිනිස්සුන්ට ඡන්දේ දුන්නේ මොන වගේ කට්ටියද (නදී)

:       0       0

කුසල් Tuesday, 25 November 2014 09:37 AM

මෙහෙම චන්ද කරන්න පුළුවන්ද (දී)

:       0       0

ඩිලුක්ෂාන් වික්‍රමසිංහ Tuesday, 25 November 2014 09:21 PM

ඕකට තමයි කියන්නේ බුද්දිමත් මිතුරා හොඳයි මෝඩ මිතුරාට වඩා කියලා (නදී)

:       0       0

මාලිංග Tuesday, 25 November 2014 09:38 AM

කුඩු ගෙන්නන එතනෝල් ගෙන්නන අයට ගස් බැඳ ගහන්න හිතෙන්නේ නැද්ද ඔබතුමාට (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 716 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 533 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 763 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 575 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


සාමාන්‍ය පාස්පෝට් ගැන අධිකරණය දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 494 0

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත


හංවැල්ලේ ඝාතනය කප්පම් සිද්ධියක්
2024 ඔක්තෝබර් මස 01 310 0

හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38515 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25356 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 916 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site