IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


මෛත්‍රීට ඡන්දෙ දෙන්නැයි ආනන්දසංගරී කියයි

ඒකාධිපතිවාදය පරාජය කිරීම සඳහා විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට ඡන්දය දෙන්නැයි දෙමළ එක්සත් පෙරමුණේ නායක වී ආනන්දසංගරී මහතා අද(22) යාපනයේ පුවත්පත් සාකච්ඡාවකදී අද (22) ප්‍රකාශ කළේය.

මාධ්‍යවේදීයෙක්  - ඇයි මෛත්‍රීපාලට සහයෝගය දෙන්නැයි කියන්නේ ?

ආනන්දසංගරී     - ‘මෛත්‍රීට සහාය දෙන්නේ ඇයි දැයි අහන්න එපා.මහින්දට ඡන්දය නොදිය යුත්තේ ඇයි දැයි    අහන්න.ඒකාධිපතිවාදය මුලින්ම නැති කළ යුතුයි.එවිටයි අපිට නිදහසේ හුස්ම ගන්න පුළුවන්.මහින්ද තවමත්  කොටි සංවිධානය දඩමීමා කරගෙන ඡන්දය දිනන්න හදනවා. කොටියා අද නැති බව යථාර්තයක් .කොටියාගේ කොන්ද කඩලා.පසුගිය අවුරුදු පහේදී උතුරු නැගෙනහිර වෙඩි හඬ ඇහුණේ නෑ.කොටි සංවිධානයේ මුලුත් ගලවා ඉවරයි.ඒත් මහින්ද කොටියා අල්ලාගෙන සිටිනවා.දෙමළ ජනයාට ඔහු අසාධාරණකම් කරනවා.අද අපිට වෙනසක් ඕනෑ.‘

තමාගේ මෙම ප්‍රකාශ නිසා හෙට සිට තමාට රජයෙන් දී ඇති ආරක්ෂාව ඉවත් කරනු ඇතැයිද සංගරී මහතා කීවේය.

 

 

 

 



අදහස් (0)

මෛත්‍රීට ඡන්දෙ දෙන්නැයි ආනන්දසංගරී කියයි

යශෝධා Monday, 22 December 2014 05:10 PM

සියලු දෙනාටම උවමනා කරලා තියෙන්නේ මහිනදව ඉවත් කර ගන්න. තීරණය කරන්න බුද්ධිමත්ව. හොදින් හෝ නරකින් ඉන්න අපට රටක් තියෙන්න ඕනේ. මෛත්‍රී ආවොත් රට ඉවරයි. හැමෝම මතක තියා ගන්න හොදින්. (නදී)

:       0       0

අශාන් Monday, 22 December 2014 11:59 AM

සේනාදීර, මෙතුමා ඉස්සර ඉදන් කොටින්ට විරුද්දව කතා කල කෙනෙක්. ඒ නිසා මෙතුමා කියන්නේ ඔබ හිතන වෙනස නොවෙයි. (නදී)

:       0       0

සුසන්ත Monday, 22 December 2014 05:59 PM

අන්න බලලා මල්ලෙන් මල්ලෙන් පැන්න (අ)

:       0       0

අජිත් Monday, 22 December 2014 12:33 PM

අශාන්, මේවා තේරුම් ගන්න ඔයා තාම පොඩි වැඩියි. (නදී)

:       0       0

බන්දුල Monday, 22 December 2014 12:53 PM

නොදන්නා අයගේ දැනගැනීම පිණිසයි. මෙතුමා එදත් එල් ටී ටී ඊ සංවිධානයට විරුද්දව කතා කරපු ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක්. (ස)

:       0       0

ප්‍රනාන්දු Monday, 22 December 2014 07:17 PM

බලාගෙන ඉන්නකෝ, ඉදිරියේදී බඩ පිරෙන්න ලැබෙයි (නි)

:       0       0

රන්ජිත් Monday, 22 December 2014 09:37 AM

ජනතා කැමැත්ත 8 වෙනිදා බලා ගනිමු (දී)

:       0       0

අබේ Tuesday, 23 December 2014 01:37 AM

හරි හරි අපි දෙන්නම්. එයා අපේ ජාතික නයකයනේ. අනේ මගේ කට. (නදී)

:       0       0

සුනෙත් Monday, 22 December 2014 09:41 AM

කොටිය සියදිවි නසා ගන්න ඇති නේ..(බ)

:       0       0

සේනාදීර Monday, 22 December 2014 09:43 AM

අපි දන්නවා ඔබතුමාලට ඕන වෙනස කුමක්ද කියලා.(හේ)

:       0       0

නවරත්න Monday, 22 December 2014 10:01 AM

ඇයි මෙහෙම වෙන්නේ (බ)

:       0       0

ප්‍රභාත් Tuesday, 23 December 2014 02:14 AM

සංගරී, අපි හිතුවෙ ඔබතුමා දූරදර්ශීව හැම කෝණයකින්ම ප්‍රශ්නයක් දිහා බලන්න පුලුවන් කෙනෙක් කියා. ඒත් අද ඔබතුමා ඉතා බොළඳ බස් දොඩනවා. ඔබතුමා දන්නැද්ද අවස්ථාවක් ලැබුනොත් සංවිධානය වෙන්න හැකි කල්ලි උතුරේ තවමත් හොල්මන් කරන බව? ඔබතුමා අහල නැද්ද කොටින්ට පණ දෙන්න දිවි උනත් දෙන ඩයසිපෝරාවක් මුලු ලෝකය පුරා ඉන්න බව? විශේෂයෙන් ඒංගලන්තය, කැනඩාව, ඔස්ට්‍රේලියාව, ඇමෙරිකාව වගෙ රටවල්? ඔබතුමා මේව නොදන්නව වෙන්න බෑ!! එහෙනම් නොදන්නව වගෙ කතා කරන්න ඔබතුමා කාගේ හරි හොඳ කුණු ගොඩක් ගිලල තියනවා. (නදී)

:       0       0

සිරි පැරිස් Monday, 22 December 2014 10:23 AM

බළලා මල්ලෙන් එලියට පනී (බ)

:       0       0

එඩ්රියන් ද මේල් Monday, 22 December 2014 10:37 AM

පුංචි අපට දැන් තේරෙයි .(හේ)

:       0       0

උද්දික Tuesday, 23 December 2014 02:42 AM

මෙන්න බළලා මල්ලෙන් පැන්නෝ. චන්ද්‍රිකා රනිල් කියන්නේ ෆෙඩරල් එක බදාගෙන ජීවත් වෙච්ච කට්ටිය. ඔහොම යන් ඔහොම යන් . ඇතිවෙන්න යන වෙනස ඉල්ලන් කෑමක් තමා (නදී)

:       0       0

ලසන්ත Monday, 22 December 2014 10:40 AM

බළල්ලු විතරක් නෙවෙයි හෙට අනිද්දා වෙන කොට ඔය ආණ්ඩුව නමැති මල්ලේ ඉන්න ගොඩක් අය එළියට පනිනවා. තාම පනින්න හිතුව විතරයි කට්ටිය! (බ)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 23 December 2014 03:05 AM

කාගේ කාගේත් මුලික පරමාර්ථය මහින්දව ඉවත් කර ගැනීම. ඒ ඉවත් කිරීමත් සමග බිහිවෙන රජයන්ගේ අස්තාවරතාව මොවුන් සියල්ලන්ටම වැදගත්. මහින්ද සිටින තුරා මේ රටේ බිහිවෙන්නේ ස්ථාවර රජයක් කියල ඔවුන් දන්නවා. (නදී)

:       0       0

දීපාල් Monday, 22 December 2014 11:03 AM

උතුමාණන්ට සහයෝගය දෙන හැමෝම දේශප්‍රේමීන් එරෙහි වන අය දේශද්‍රෝහීන් (බ)

:       0       0

ඉන්දික Monday, 22 December 2014 04:01 PM

මහින්දගේ සිංහල ඡන්ද ප්‍රමාණය තවත් තර උනා (නදී)

:       0       0

අරවින්ද Monday, 22 December 2014 11:05 AM

සේනාධීර හරි. මේ "වෙනස" ඇති කර ගන්න තමයි අද ඔය ආපු අයගේ ඉලක්කය. අට වෙනිදාට පිළිතුරු දෙමු. (බ)

:       0       0

ලාල් Monday, 22 December 2014 04:03 PM

කොටි සංවිධානයේ මුලුත් ගලවා ඉවරයි. ඒත් තවමත් කොටි හුරතල් වෙනවා. ඕක තමයි ඇත්ත. මන්තරේ වගේ උදේ දවල් රෑ මතුරන්නේ. ආනන්ද සංගරී මහාතාට ජයවේවා! (නදී)

:       0       0

සනවන්නි Monday, 22 December 2014 04:06 PM

බළලා මල්ලෙන් එලියට. (නදී)

:       0       0

රජීව Monday, 22 December 2014 04:09 PM

එල්.ටී.ටී.ඊ කාලේ නොතිබුණු දැන් තිබෙන අසාධාරනකම් මොනවද දන්නේ නෑ. (නදී)

:       0       0

සන්වන්නි Monday, 22 December 2014 04:10 PM

සුළුජාතික පක්ෂවලට අවශ්‍ය තමන්ගේ අවශ්‍යතාවයන්ට අනුව නැටවිය හැකි දුර්වල නායකත්වයක්. ඒ සඳහා ඔවුන් කටයුතු කරාවි. මහ ජාතිය බෙදී ගහගන්නා විට වාසිය ඔවුන්ටයි. අපේ ගොඩ පුංචි වෙනවා. ඔවුන් තම ජාතිකත්වයට වැඩි පංගුවක් කේවල් කර ගන්නවා. අද වෙන්නෙත් ඒක. ජනතාවනි බුද්ධිමත් වන්න. (නදී)

:       0       0

රජීව Monday, 22 December 2014 04:21 PM

එල් ටී ටී ඊ කාලේ නොතිබුන දැන් තිබෙන අසාධාරණේ මොකක්ද කියන්න නම් අපි දන්නේ නෑ (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 277 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 225 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 500 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 339 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 920 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


ත්‍රිරෝද රිය හෙලකට පෙරැලී දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 02 363 0

සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38667 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 952 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 332 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site