IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


මෛත්‍රීට ජය පතා ලන්ඩනයේ පිංකමක්

විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනගේ ජයග්‍රහණය පතා 22  වැනි ඉරු දින උතුරු ලන්ඩනයේදී විශේෂ අධිෂ්ඨාන පූජාවක් පැවැත්විණි.

අද ශ්‍රී  ලංකාවට අවශ්‍ය යහ පාලනය උදාකිරීම සදහා ජන හිතකාමී නායකත්වයක් පත්කිරීමේ වැදගත්කම එකසත් රාජධානියේ වෙසෙන සියලුම ශ්‍රී ලාංකිකයන්ට අවබෝධ කරවීම සඳහා  කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂ එක්සත් රාජධානි ශාඛාවේ සභාපති හර්ෂක කන්නන්ගර පැවැසීය. 

 

10435789_822185861161069_4683528863141688735_n 10625014_822186687827653_4998593387309690951_n 10670057_822187587827563_702953658552127296_n 10885387_822186751160980_7408274842044164906_n



අදහස් (0)

මෛත්‍රීට ජය පතා ලන්ඩනයේ පිංකමක්

මධු Tuesday, 23 December 2014 10:59 AM

කොහේද මේ පන්සල තියෙන්නේ? ලන්ඩන් විල්ස්ඩන් හෝම් බේස් එක ලඟද? (නදී)

:       0       0

සුගුනවති Tuesday, 23 December 2014 11:11 AM

සාදු ! සාදු ! සාදු ! (නදී)

:       0       0

තරිඳු ගනේගොඩ Tuesday, 23 December 2014 11:23 AM

දැන් නම් මෙයාලට බුදුන්ගේ , දෙවියන්ගේ පිහිටක් නෑ වගෙයි (නදී)

:       0       0

පුක්කුස වීරේ ලන්ඩන් Tuesday, 23 December 2014 11:25 AM

දුෂණය, පවුල්වාදය, හොරකම, වංචාව, මර බිය දුරලා නිවහල් ශ්‍රී ලංකාවක් බිහිකිරීමට අපි සියල්ල සැරසෙමු. බීලා රණ්ඩු කරගන්න සහ පාලකයන්ගේ ඥාතීන්ට සහ මිතුරන්ට ළමයි පිටරටවල ඉස්කෝලේ යවන්න පත්වීම් දෙන මේ රටවල විදේශ සේවය පිරිසිදු කරමු. මෛත්‍රියෙන් පිරිණු නිවහල් ධර්මිෂ්ට රටක් බිහි කරමු (නදී)

:       0       0

මාෂි Tuesday, 23 December 2014 11:29 AM

ලංකාවට ගිහින් කට්ටිය එක්ක පොදු අපේක්ෂක තුමා දිනවන්න වැඩකරන්න ඕන වෙලාවෙ මොනවටද ඔය පූජාවල් තියන්නෙ (දිල්)

:       0       0

කොණ්ඩඥ-බර්මින්හැම් Tuesday, 23 December 2014 05:09 PM

ඔව් මෙත්සිරි අයියේ, විශේෂයෙන්ම එංගලන්තයේ මහා කොමසාරිස් කාර්යාලය වැනි තැනක සිටිය යුත්තේ පරිනත විදේශ සේවා නිලධාරීන් මිසක් මුණ හංගාගෙන යන වැඩ බැරි, හුදෙක් ඥාති සම්බන්ධකම් මත ළමයින්ට පිට රටක උගන්වන්න පත් වීම් ගත්ත අය නොවේ. (නදී)

:       0       0

තිලක් ඩුබායි Tuesday, 23 December 2014 05:28 PM

මෛත්‍රියෙන් පිරුණු නිවහල් ධර්මිෂ්ට රටක් බිහිකරමු (නි)

:       0       0

චන්දන Tuesday, 23 December 2014 11:45 AM

ඔව් ලංඩන් වලත් ඉන්නවා ගොඩක් (නදී)

:       0       0

සදුනි Tuesday, 23 December 2014 11:52 PM

අනේ! මේ විකාර නම් දොඩවන්න එපා බන්දුල. (නි)

:       0       0

මෙත්සිරි විජේරත්න ලන්ඩන් Tuesday, 23 December 2014 01:28 PM

අනේ ඇත්ත පුක්කුස, ඉස්සර මහා කොමසාරිස් කාර්යාලයේ ඉඳලා ලංකාවට ගිය කෙනෙක් කීවේ මම ලංකාවේ ලොක්කගේ ඔෆිස් එකේ ඉඳලා මෙතෙන්ට ආවේ මගේ 'මාස්ටර්ස්' එක කර ගන්න කියලා. එ්ක ඉවර නිසා මම අාපහු යනවා මට මෙහෙට වඩා එහෙ හොඳයි කියලා. තවත් කෙනෙක් කීවේ මගේ මෙඩිකල් වැඩ ටික කරගන්න තමයි මෙහාට පත්වීම හදා ගත්තේ කියලා. දැන් ඉන්න කෙනෙක් කියන්නේ මේක මගේ වෘත්තිය නොවුනත් ළමයි ටිකට උගන්න ගන්න ඕන නිසා තමයි අාවේ අනේ කියලා. මේ ඔක්කොම ලාංකිකයාගේ මහජන මුදල් බව අප හිතේ තබා ගත යුතුයි. (නදී)

:       0       0

බුද්ධික Tuesday, 23 December 2014 01:54 PM

අැයි මේවා හොරෙන් කරන්නේ ,අපිත් ඉන්නේ ලන්ඩන් මේක කිව්වනම් සෙනග එනවනේ. ඔයා කට්ටිය එනවට බයද ? (ස)

:       0       0

ලන්ඩන් තරුණ කැල Tuesday, 23 December 2014 01:58 PM

ස්තුතියි මෙත්සිරි, අපේ ලන්ඩනයේ මහා කොමසාරිස් කාර්යාලයේ මෑතකදී විදේශ සේවක වෘතිකයෙක්ට කියල හිටියේ එකම කෙනයි. ඔහුට නිල නිවාස දෙන්න හිතා මතා ප්‍රමාද කළා. එවිට ඔහු නිදා ගත්තේ ඔහුගේ නිල රථයේ රියදුරුගේ මහා කොමසාරිස් ගොඩනැගිල්ලේ නිල කාමරයේ රියදුරත් සමග. ඔහු එය සැලකුවේ මහත් අභිමානයක් ලෙසයි. ඔහු කලක් මෙහි ශ්‍රී ලාංකිකයින්ට සේවය කරමින් ප්‍රජාවේ මහත් ගෞරවයට පාත්‍රවුනා. නමුත් හිටි හැටියේ එතුමාව මෙහෙන් නෙරපා දැමුවා. ලන්ඩන් ලාංකික ප්‍රජාවට 'ගල් ලෙනක්' වූ එතුමාව අප හද බැතියෙන් සිහිපත් කරනවා. මෛත්‍රියෙන් රට නහවමු! (ස)

:       0       0

සඳරුවන් ලන්ඩන් Tuesday, 23 December 2014 02:58 PM

එජාප ලන්ඩන් ශාඛා මෙහෙමවත් දෙයක් කළාට ආණ්ඩු පක්ෂ කණ්ඩායමට මොකුත් කරගන්න බැහැ. (නි)

:       0       0

ශිරන්ති Tuesday, 23 December 2014 10:48 AM

ඔය ඇත්තටම රට ගැන හිතලා කරපු දෙයක්ද ?(හේ)

:       0       0

තිලක් Tuesday, 23 December 2014 03:06 PM

අනේ අපි නම් ඕවාට නැහැ.අපිට අපේ මහින්ද ඉන්නවා. (නි)

:       0       0

රණසිංහගේ පැරිස් Tuesday, 23 December 2014 10:57 AM

මෛත්‍රී පාලනයක් ඇති වේවා..ජයෙන් ජයම වේවා. (නදී)

:       0       0

සේන Tuesday, 23 December 2014 03:35 PM

ජයවේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 795 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 458 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 341 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 604 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 399 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 1100 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38668 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 954 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site