IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


මෛත්‍රීට ලන්ඩනයේත් නිදහස් පක්ෂ ශාඛාවක්

ලන්ඩන් නුවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරීහු පසුගියදා නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය දැක්වීමේ ශාඛාවක් පිහිටුවා ගත්හ.

ලන්ඩන් නුවර පිහිටි සුප්‍රකට ලිහිණියා අවන් හලේදී මෙම නව ශාඛාවේ ආරම්භක රැස්වීම පැවැත්විණි.

ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ නව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වූ බොහෝ පිරිසක්  ඊට සහභාගීවූ බව නව ශාඛාවේ සභාපති ලසන්ත පෙරේරා  කියයි.

අභිනවයෙන් පත්වූ ජනාධිපතිගේ  දින 100 යේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට හැකිවේ යැයිද ශ්‍රී ලංකාවේ නැවත වතාවක් දුෂණයෙන් සහ භීෂණයෙන් තොර පොදු ජනයාට හිතවාදී යහ පාලනයක් ස්ථාපිත කිරීම සඳහා නව රජයට හැකිවේවායි සුභ පතන බවද ඔහු පවසයි.

m1 m5 m7

 

 



අදහස් (0)

මෛත්‍රීට ලන්ඩනයේත් නිදහස් පක්ෂ ශාඛාවක්

ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Monday, 12 January 2015 11:36 AM

කවදත් කොතනත් මතුවන සමහරුන්ගේ ඊර්ෂ්‍යාව කුඩුකේඩුකම මෙතනත් මතුවෙලා. ලසන්ත පෙරේරා පෙර පැවති දුර්දාන්ත පාලනයට විරුද්ධව හඬ නැඟූ එඩිතර තරුණයෙක්. අන්තිම මොහොත වෙනතුරුත් දුර්දාන්ත පාලනයකට කඹුරපු අය පාට වෙනස් කරගෙන මෛත්‍රී හිතවාදීන් වෙන්න කළ උත්සාහය ව්‍යර්ථ වුණේ ලසන්ත සහ අනෙක් එඩිතර ශ්‍රී ලාංකිකයින් ඉදිරිපත් වූ නිසයි. අඳුරට බැන බැන නොසිට එක පහනක් හෝ දල්වන්න! (නි)

:       0       0

උපාලි Monday, 12 January 2015 07:57 AM

ලංඩනයේ වෙසෙන 'අපේ කොල්ලෙක්' මේ තනතුරට පත් වීම ගැන ආඩම්බරයි. ලසන්ත පෙරේරා මහාතාට සහ සියලුම දෙනාට යහ පාලනයක් සදහා සුභ පැතුම්. නව රජය දුන් පොරොන්දු ඉටුකරාවියැයි අප විශ්වාස කරනවා. (ස)

:       0       0

අමිතා Monday, 12 January 2015 08:06 AM

ශ්‍රී ලනිපයේ ඡන්ද නැති අය, එහි අයිතිවාසිකම් කීම කුමණ ආකාරයෙ පාලනයක්දැයි නොතෙරේ. (අ)

:       0       0

තුසිත Monday, 12 January 2015 11:59 AM

දිනන පැත්තට ඔක්කොම ජයවේවා කියලා එකතුවෙනවා (නි)

:       0       0

කෝසල Monday, 12 January 2015 08:20 AM

ජයවේවා.! (ර)

:       0       0

ලලීන්ද්‍ර Monday, 12 January 2015 12:22 PM

එදා මෙදාතුර හැමදාකමත් ලන්ඩනයේ ලිහිණියා අවන්හල එකසේ නොවෙනස්ව සිටිම ගැන සතුටුවෙනවා. මා එදින එහි සිටි කෙනෙක් හැටියට ඉදිරියට විශ්වාසයක් තියාගන්න පුළුවන් කියා හිතෙනවා. (නි)

:       0       0

ස්ටැන්ලි Monday, 12 January 2015 09:07 AM

මේගොල්ලෝ ඡන්දෙ දවස්වල නිදියගෙනද දන්නේ නැහැ හිටියේ. දින්නම උදව් කරන්න කාටත් පුළුවන්. හරිනම් ඒ දවස්වලනේ එකතු වෙන්න තිබුනේ (නදී)

:       0       0

කුමාරි Monday, 12 January 2015 09:29 AM

කට්ටියක් පාට පක්ෂ අමතක කරල ඡන්දෙ දවස්වල වැඩ කරනකොට මේ ගොල්ලෝ කොහෙද හිට්යේ අපි දැක්කේ නැහැනේ? (බ)

:       0       0

ලාල් Monday, 12 January 2015 09:39 AM

පහුගිය මාස 2ක් තිස්සේ පැවති රජයට එරෙහිව විශාල වැඩපිළිවෙලක් එංගලන්තයේ වෙසෙන ප්‍රගතිශීලී ලාංකිකයන් ගෙනගියා. ඒ කිසිම දෙයකට සහාය නොදී හැංගිලා ඉදලා දැන් මේ හොරෙන් හොරෙන් සංවිධාන හදන අවස්ථාවාදී කුහක බඩගෝස්තරවාදීන් ගැන ඇසීමත් අප්‍රසන්නයි. (බ)

:       0       0

චතුර Monday, 12 January 2015 10:07 AM

පහුගිය මාසයක කාලය තුළදී අපි දැක්කා මහින්ද රාජපක්ෂට විරුද්ධව ලන්ඩන් වල සංවිධානය කර තිබූ උද්ඝෝෂණ වල ඡායාරූප. ඒ එකකවත් ඔයාලගේ මුහුණු අපි දැක්කේ නැහැනේ. මං මේ නිකමට අහන්නේ (නි)

:       0       0

පුක්කුස වීරේ ලන්ඩන් Monday, 12 January 2015 10:09 AM

මෛත්‍රී ජනාධිපතිතුමාට සහයෝගය දක්වන කිසිම තැනක මේ කිසිම කෙනෙක් මට නම් දක්නට ලැබුනේ නැහැ. (නි)

:       0       0

පූර්ණ විමුක්ති - ලන්ඩන් Monday, 12 January 2015 10:25 AM

මේ පිරිසත් හරියටම දැන් ලංකාවේ වෙනවා වගේම ජයග්‍රහණයෙන් පස්සේ කිර්බත් කන්න ආපු අය වගේමයි.අපි අභියෝග කරනවා 8 වෙනිදට ඉස්සර මහින්ද පරදන්න කළ එක දෙයක් පෙන්නන්න කියලා.(අ)

:       0       0

උමා පීරිස් Monday, 12 January 2015 02:58 PM

අවනීතිය - යුක්ති ධර්මයෙන්ද, අශීලචාර බව - ආචාරශිලත්වයෙන්ද, මුග්ධ පවුල්කාමය - උතුම් ප්‍රඥාවෙන්ද, වෛරය - මෛත්‍රියෙන්ද ජය ගැනීම උදෙසා පක්ෂ බේදයෙන්, ජාති බේදයෙන්, පන්ති -ආගම් කුල බේදයෙන් තොරව.... මෛත්‍රී පාලනයක් උදෙසා සහය දිමට දූරදර්ශීව ඔබත්, ඔබගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ (ලංඩන්) ශාකාවත් ගත් තීරනය අගේ කරමි. (නදී)

:       0       0

ජානක Monday, 12 January 2015 02:59 PM

ලලින්ද්‍ර මේ නිකමට වගේ අහන්නේ ලිහිණියා අවන්හල ඔයාගේද නැත්නම් එදා ඔයාට පිනට පයින්ට් එකක් හරි ෂොට් එකක් හරි හම්බවුනාද, මේ ජරමර අස්සේ වෙලද දැන්වීම් දාන්නේ. (නදී)

:       0       0

අබේරත්න Monday, 12 January 2015 03:23 PM

වාසි පැත්තට පනින එකේ වරදකුත් නැහැනේ! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 801 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 460 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 342 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 605 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 399 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 1101 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38668 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 954 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site