IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


මාතරින් ෆොන්සේකාගේ පක්ෂයට ආසනයක්

මාතර දිස්ත්‍රික්කයේ සමස්ථ ප්‍රතිඵලවලට අනුව සරත් ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය එක් ආසනයක් හිමිකර ගත්තේය. එක්සත් ජනතා සංධානටය ආසන දහයක් ද එක්සත් ජාතික පක්ෂයට ආසන හතරක් ද, ජනතා විමුක්ති පෙරමුණට ආසන දෙකක් ද හිමිවිය.

එක්සත් ජනතා සංධානයට හිමි වූ මුළු ඡන්ද සංඛ්‍යාව 231,102කි. එක්සත් ජාතික පක්ෂයට 96,297ක්ද, ජනතා විමුක්ති පෙරමුණට 39,158 ක් ද, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට 20,501ක් ලැබිණි.

අවසන්වරට පැවැත් වූ පළාත් සභා මැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආසන 12ක් හිමි වූ අතර ඡන්ද 257,110 ලැබිණි. එක්සත් ජාතික පක්ෂයට හිමි වූ ආසන ගණන 5කි ලැබූ ඡන්ද සංඛ්‍යාව 94,614කි. ජනතා විමුක්ති පෙරමුණට ආසනයක් හිමි වූ අතර ලබාගත් ඡන්ද සංඛ්‍යාව 20,687යි.

ඒ අනුව පසුගිය මැතිවරණයට වඩා මෙවර එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආසන දෙකක් ඇහිමි වී ඇති අතර, එක්සත් ජාතික පක්ෂයට ද ආසනයක් අහිමි වී ඇත. ජනතා විමුක්ති පෙරමුණට ආසනයක් වැඩිපුර හිමිකර ගැනීමට හැකිවිය.



අදහස් (0)

මාතරින් ෆොන්සේකාගේ පක්ෂයට ආසනයක්

චන්දංම Sunday, 30 March 2014 09:41 AM

ෆොන්සේකා මහත්තය යන්න හදන දිගු ගමන ගැන ආඩම්බරයි. ඒත් ඒක කොච්චර දිගද කියන එකයි තියෙන ගැටලුව. සමහර විට අවුරුදු 200 ක් 300 වෙන්න පුළුවන්.(නදී)

:       0       0

බන්දුල පෙරේරා Sunday, 30 March 2014 09:52 AM

අනේ මන්ද කට්ටිය කියපු විදියට මම හිතුවේ පළාත් සභාවක බලය අල්ලයි කියලා. මෙහෙම කොහොමද රටේ බලය ගන්නේ. පොන්සේකා මහත්තයාගේ දරුවන්ගේත් දරුවන්ට තමයි මොකක් හරි බලාපොරොත්තුවක් තියා ගන්න වෙන්නේ.(නදී)

:       0       0

සුමුදු Sunday, 30 March 2014 09:56 AM

ඔන්න මම කිව්ව විදිහට රටේ මිනිස්සුන්ට ගැලපෙන නායකයින් ලැබිල තියෙනවා. කාලයකට සැරයක් තමයි ජනතාවට අවස්ථාවක් ලැබෙන්නේ තමන්ගේ මතය නායකයන්ට කියන්න. නායකයන් කරන කියන දේවල් අනුමත කිරීමක් හැටියට තමයි මේක මම දකින්නේ. ඒ නිසා නිකන් බොරුවට පාරවල්වල පෙළපාලි යාම, වර්ජනය කිරීම, නිදහස් අද්‍යාපනය බොරුවට කෑ ගැසීම වැඩක් නැත. රටේ මහා ජනතාව ආණ්ඩුව කරන දේවලට කැමතියි.(නදී)

:       0       0

ලහිරු Sunday, 30 March 2014 10:02 AM

ෆොන්සේකා කියන්නේ අපේ ගමේ කෙනෙක්. ඒ උනාට අවංකව එයා දේශපාලනයට සුදුසු නැහැ. දැන් මෙතන කට්ටිය කියන විදියට එයා කපටි නැහැ. එහෙම කෙනෙක්ට දේශපාලන බලය ලබුනොතේ එයාට වෙන්නේ අනිත් අයගේ රූකඩයක් වෙන්න. කපටි නැති කමම ඇති දේශපාලනයට නුසුදුසු වෙන්න. මෙයාගේ තව ගොඩක් නුසුදුසු කම් තියෙනවා. මොලේ තියෙන අයට ඒවා තේරෙන්න ඕන. දැනට ලංකාවට සුදුසුසුම නායකයා තමයි මහින්ද රාජපක්ෂ කියන්නේ. (නදී)

:       0       0

රාවන් Sunday, 30 March 2014 10:06 AM

බන්දුල පෙරේරා මහත්තයෝ, ෆොන්සේකා මහත්තයා රටේ බලය ගන්න තරම් සුදුසුසුකම් නැහැ කියන්නේ ඇයි?  එතනෝල් කන්ටේනර්, හෙරොයින් එහෙම නැති නිසාද? (නදී)

:       0       0

සමන්ත Sunday, 30 March 2014 10:23 AM

අපට සාමය උදාකරදුන් අපේම රණවිරුවාට මහජනයාගේ සැලකීම මදිද මන්දා.(නදී)

:       0       0

රාවන් Sunday, 30 March 2014 10:23 AM

මේ රටට හෙන ගහලා තියෙන්නේ ඇත්ත දැනාගෙන නොදැක්කා වගේ ඉන්න හින්දා. මේ ඔක්කොටම ඕනේ ඒක නම් මට මොකද? මම මගේ දියුණුවට වැඩක් කරගන්නවා. මේ රටේ විනාසයේ තවත් එක පංගුකරුවෙක් වෙන්න එපා. මිනි වලටත් හෙන ගහනවා තමන් උපන් රට කෙලසන මිනිස්සුන්ට.(නදී)

:       0       0

හේ්රත් Sunday, 30 March 2014 10:27 AM

ලහිරු ඉඳගන්නෙ බලාගෙන, ඔයා වගේ මොලේ තියෙන අය. (නදී)

:       0       0

සමන් Sunday, 30 March 2014 11:19 AM

රාවන්, ඔයාගේ ඔය අන්තවාදී අදහස් ඉවත් කරගෙන දැන්වත් මිනිස්සුන්ගේ අදහස් තේරුම් ගන්න බලන්න. රටේ මිනිස්සු මේ රජයේ ඉන්න සියලු දෙනා කරන සියලු දේ අනුමත නොකළත් මේ අවස්ථාවේ ජනයා වැඩිදෙනා පාලනයේ වෙනසක් බලාපොරොත්තු නොවේ. අනික මෙරටේ ප්‍රධාන් පක්ෂ දෙකට හැර වෙනත් පක්ෂ වලට කළ හැකි දෙයක් නැහැ (නි)

:       0       0

පවන් Sunday, 30 March 2014 11:35 AM

ෆොන්සේකාට ජය වේවා! (නි)

:       0       0

සමන් දන්තනාරායන Sunday, 30 March 2014 01:09 PM

ජය වේවා! ජය වේවා! (නි)

:       0       0

අචිල සදරුවන් Sunday, 30 March 2014 05:49 PM

අපි අලුත් ගමනක් යමු ජය වේවා. (නදී)

:       0       0

රුවන් Sunday, 30 March 2014 02:37 PM

අනේ! අපේ අරයා ගැන මාතර කොල්ලෝ එච්චර හිතලා බලලා නැහැනේ... (නි)

:       0       0

රොෂාන් Sunday, 30 March 2014 03:03 PM

ඔබට සුභ පැතුම් අපෙන්! (නි)

:       0       0

රොහාන් Sunday, 30 March 2014 03:12 PM

ඔහොම යමු. ඉවසීමෙන් වැඩ කරන්න. (නි)

:       0       0

රාවන් Sunday, 30 March 2014 08:08 AM

අනේ වාසනාවන්! එතුමාට අවස්ථාවක් දුන් ජනතාවට සමස්ත රටවාසීන්ගේ උපහාරය! (නි)

:       0       0

කලන Sunday, 30 March 2014 08:20 AM

හතලිස් ලක්ෂයක් ඡන්ද ගත්ත මනුස්සයෙක් වැටුණ තැනක්.(නදී)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 30 March 2014 08:36 AM

යුද්දයක් කරන්න තරම් යුද ශිල්පිය දැනුමක් තිබුනට, දේශපාලනයක් කරන්න තරම් කපටියෙක් නොවන නිසාම අවංක කමේ ප්‍රති මුර්තියක් උන ජෙනරාල් තුමාට මේ ලැබුන එක ආසනය මේ රටේ ඉන්න උගත් , බුද්දිමත් , අවංක , ඡන්දෙ දීල යමක් බලාපොරොතු නොවන රටට අවංකවම ආදරය කරන මිනිසුන්ගෙන් ලැබුන උතුම් තිළිණයක් හැටියටයි මම දකින්නේ. එතුමාට ඡන්දෙ දීපු හැමෝටම මගේ උත්තමාචාරය !(නදී)

:       0       0

සමන් හේවාසූරිය Sunday, 30 March 2014 08:38 AM

හැබැයි කේන්තියෙන් තීරණ අරගෙන නම් දේශපාලනය කරන්න බැහැ. (නි)

:       0       0

නුවන් Sunday, 30 March 2014 08:49 AM

එහෙනම් මාතරටත් වෙනසක් වෙයි වගේ ළඟදීම. (නි)

:       0       0

රාවන් Sunday, 30 March 2014 08:55 AM

සමන් මහත්තයෝ, ඔබතුමා ෆොන්සේකා මහත්තයට දේශපාලනේ කරන හැටි කියලා දෙනවා. මට පුදුම රටේ මෙතරම් අකටයුතුකම් වෙද්දී නොදැක්කා වගේ සිටින අයට ඔබ ඔය වගේ උපදේශ නොදෙන එක ගැනයි. (නි)

:       0       0

රත්නායක Sunday, 30 March 2014 09:07 AM

මම හිතන විදියට බුද්ධිමත්ව හිතූ කටිටියක් තමයි මාතරින් එක් අාසනයක් හිමිකරලා දීලා තියෙන්නේ. අපි නැඟිටිමු මාතරින්. මිනිස්සු තරහ අැති නැගිටිනවට. හිරේට ගියත් අපි බය නැහැ. අපි වමෙන් ගියත් දකුණෙ තමයි. (නි)

:       0       0

ජගත් Sunday, 30 March 2014 09:16 AM

ෆොන්සේකා මැතිදුණි, මේ ඔබගේ දිගු ගමනක ආරම්භයයි. පිරිසිදු දේශපාලනක් සහ වංචාවෙන් තොර ගමනක් යාමට ඔබට වරම් ලැබේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 523 0

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 111 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 896 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1000 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


චන්ද්‍රිකා ජනපතිට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 23 2800 2

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.


සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1757 3

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 25412 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23411 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 389 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site