IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


මෛත්‍රිපාලට අගමැතිකම ඉල්ලයි

ජනාධිපතිවරණයක් පැවැත්වීමට පෙර  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා ලේකම් හා සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා අගමැති ලෙස පත් කරන්නැයි ලෙස පොලොන්නරුව දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන බල මණ්ඩල රැස්වීමේ දී යෝජනාවක් සම්මත විය.

සමස්ත ලංකා ප්‍රාදේශීය සභාපතිවරුන්ගේ සම්මේලනයේ ලේකම් ප්‍රේමසිරි මුණසිංහ මහතා පැවැසූයේ අමාත්‍යවරුන් වන තිස්ස කරල්ලියද්ද, මෛත්‍රීපාල සිරිසේන,  මධ්‍යම පළාත් මහා ඇමැති සරත් ඒකනායක මහත්වරුන්ද එහි සිටි බවයි.

 

 



අදහස් (0)

මෛත්‍රිපාලට අගමැතිකම ඉල්ලයි

වින්සන්ට් Wednesday, 22 October 2014 08:39 PM

අගමැතිකමට මොහු ඉතා සුදුසුය. (නි)

:       0       0

හසිත් Wednesday, 22 October 2014 09:18 PM

ඔබතුමා‍ට පැහැදිලි ඉදිරි ගමනක් තිබෙනවා (නි)

:       0       0

ගයාන් Wednesday, 29 October 2014 08:22 AM

අගමැති විය යුත්තේ මීළඟ ජනාධිපතියි. දී මු දැන් වයසයි. මෛත්‍රිපාල හොඳයි. ඉවසීම තිබේ. රාජ්‍ය තාන්ත්‍රිකභාවය තිබේ. සමබරයි. (ර)

:       0       0

බණ්ඩාර Thursday, 23 October 2014 09:27 AM

කවුරු මොනවා කිව්වත් අගමැති කම මීළගට යන්නේ දකුණට.(හේ)

:       0       0

රකිත Wednesday, 22 October 2014 10:55 PM

මම නම් මේ ආණ්ඩුවට කොහෙත්ම කැමති නැහැ. හැබැයි මෛත්‍රීපාල මහතාට අගමැතිකම, ඊළඟ නිදහස් පක්ෂ නායකත්වය ලැබෙනවා නම් ගොඩක් හොඳයි (නි)

:       0       0

දයාල් Wednesday, 22 October 2014 11:18 PM

මමත් මොහුට බොහෝ ගරුකරනවා (නි)

:       0       0

රෝහණ Thursday, 23 October 2014 10:07 AM

පොළොන්නරුවේ වී සහ සහල් අධිකාරියක් තියෙන්නේ කවුරුත් නොදන්නවා වුනාට එතුමාගේ සහෝදරයා වන ඩඩ්ලි සිරිසේනගේ අරලිය සහල්. එ්ක නිසා තමයි පොළොන්නරුවේ කුඩා වී කර්මාන්ත ශාලා වැහුනේ. ඒවායේ කෑලි ගලවල යකඩ වලට විකුනන්න උනේ. අනිත් පළාත් වල මිනිසුන් නොදන්නවා වුනාට එ්ක තමයි තිත්ත ඇත්ත. (නදී)

:       0       0

ජයනි Wednesday, 22 October 2014 11:30 PM

මගේ පුද්ගලික අදහස නම් දේශපාලකයෙකුට හොඳ පවුල් ජීවිතයක් තිබීම අනිවාර්යයි. මගේ දේශපාලන අදහස් කුමක් වුණත් ඒ අතින් මම මෙතුමාට ගරුකරනවා. තමන්ගේ අතීතය ගැන නිහතමානිවීම සහ තමන්ගේගේ බිරිඳගේ ගුණයහපත්කම් ප්‍රසිද්ධියේ ප්‍රකාශකිරීම හැමෝටම කරන්න බැහැ. (නි)

:       0       0

ෂෙරිෆ් Friday, 24 October 2014 11:08 AM

හොඳ අදහස දැන්ම පත්කරන්න. එතකොට එතුමාට ටික කලක් හරි අගමැති වෙලා ඉන්න පුළුවන්. කවුද දන්නේ ජනපතිවරණය කොහෙන් කෙලවර වෙයිද කියලා. (නදී)

:       0       0

ලසිත් Wednesday, 22 October 2014 11:33 PM

දේශපාලන ඉහඳ පණුවන්, මැර අන්තේවාසිකයන් , අඥාන උපදේශකයන් කිට්ටු කර නොගතහොත්, මෙතුමාට යහපත්, රටට වැඩදායක දිගු ගමනක් යා හැකියි. (නි)

:       0       0

කාන්ති Thursday, 23 October 2014 10:10 AM

එතකොට නිමල් සිරිපාල ඇමති තුමාට මොකක්ද දෙන්නේ? (නදී)

:       0       0

නෙළුම් Wednesday, 22 October 2014 11:38 PM

දේශපාලකයෙකු ලෙස නොව මම මනුස්සයෙකු වශයෙන් මෙතුමා දකිනවා නම් ඉතා ගරුකටයුතු චරිතයක් බව සඳහන් කිරීමට කැමතියි. විශේෂයෙන් තමන්ගේ මුල මතක,තමන්ට නැති බොරු වංශක්කාරකම් මවා නොපාන, පොළවේ පයගසා ජීවත්වෙන කෙනෙකු බව පේනවා. (නි)

:       0       0

රුවන් තුෂාර පතිරණ Wednesday, 29 October 2014 11:02 PM

අගමැති කමට සුදුසු හිත හොද මනුස්සයෙක්. බල තණ්හාව නිසා මෙවැනි මනුස්සයන්ට අවස්තාවක් ලැබෙන්නේ නැහැ. (නදී)

:       0       0

රවීන්ද්‍ර Thursday, 23 October 2014 12:20 AM

මගේ දේශපාන අදහස වෙනයි. නමුත් මේ වගේ තනතුරකට සුදුසු මෙතුමායි. ඥාති සංග්‍රහ වලින් තොරව රටට අවංකව සාධාරණව දේශපාලනය කරනවා නම් මිනිස්සු පක්ෂ භේදයක් නැතුව ඔබ ඉහළට ඔසවා තබාවි. (නි)

:       0       0

ජයන්ත ඕස්ට්‍රේලියාව Thursday, 23 October 2014 10:27 AM

සුදුසු කෙනා බැසිල් රාජපක්ෂ (නදී)

:       0       0

දිලිනි Thursday, 23 October 2014 01:01 AM

සමහර දේශපාලකයින් අමාරුවේ වැටෙන්නේ ඥාතීන් නිසා. දේශපාලකයාගේ බලය තමන්ගේ කරගෙන හැසිරෙනවා. (නි)

:       0       0

සත්‍යයා Thursday, 23 October 2014 01:06 AM

මෛත්‍රීපාල සිරිසේන මහත්මයා මෙම තනතුරට සුදුසුයි. (නි)

:       0       0

මලික් Thursday, 23 October 2014 01:16 AM

තනතුරකට තමන්ගේ සුදුසුකම සදාකාලික නැහැ. අදාළ කාලයේදී නම්බු පිටින් නික්ම ගියොත් ජනතාවගේ හිතේ සදාරැ‍ඳේවි. අගමැති තනතුර සම්බන්ධවද මගේ අදහස එකයි. මේ ඇමතිතුමා සාපේක්ෂව අගමැති තනතුරට සුදුසුයි. (නි)

:       0       0

බිහාර Thursday, 23 October 2014 01:27 AM

බොහොම හොඳයි (නි)

:       0       0

රොබින් Thursday, 23 October 2014 01:33 AM

පිරිසිදු දේශපාලනයේ සංකේතයක් මෙන්ම මනුස්සකම අගයන පුද්ගලයෙක්. සුබ අනාගතයක්. (නි)

:       0       0

කාන්ති Thursday, 23 October 2014 01:34 AM

අදාළ තනතුර ලැබෙන්න මෙතුමා සුදුසුයි. ඒ නිසා ඒ බව, පත්කිරීමට බලය තිබෙන අයට වැටහුනොත් ඒක රටට යහපතක්. අපිට පොළවේ පයගහපු සාමාන්‍ය කෙනෙක් ඇති. (නි)

:       0       0

ජිලාන් Thursday, 23 October 2014 01:41 AM

අඩුගානේ මෙතුමා මහජනයා ඉදිරියේ වැදගත් විදියට කතා කරනවා. පොළවේ පය ගසා ජීවත්වෙනවා. (නි)

:       0       0

විජේදාස Thursday, 23 October 2014 01:59 AM

සුබ පැතුම්! (නි)

:       0       0

පෙරේරා Thursday, 23 October 2014 02:03 AM

මෙතුමාට අගමැතිකම දීලා බලමු එහෙනම්. නේද? (නි)

:       0       0

ලුම්බිණි Thursday, 23 October 2014 02:35 AM

අපට ඇත්තටම අගමැති කෙනෙක් ඕනද කියන එක තමයි මගේ ප්‍රශ්නය. (අ)

:       0       0

අනුරශාන්ත Thursday, 23 October 2014 02:42 AM

ඔය තනතුරු කවුරු ගත්තත් සාමාන්‍ය මිනිසුන්වන අපට ඇති සෙතක් තියේවිද? (අ)

:       0       0

සෙනරත් Thursday, 23 October 2014 03:02 AM

මෙම අවස්ථාවේ අලුත් අගමැති කෙනෙක් පත්කරනවා කියන්නේ පක්ෂය ඇතුලේ පිල් බෙදීමකට හේතු වෙනවා. (හේ)

:       0       0

අමල් Thursday, 23 October 2014 03:15 AM

පත් වුනත් මෙතුමාට වැඩක් කරන්න ඉඩ දේවිද ?(අ)

:       0       0

විකුම් රාජපක්ෂ Friday, 24 October 2014 04:52 AM

මව් බිමට කරන යහපත නම් තමන්ට පුරුදු විරුදු රස්සාව කරගෙන ඉන්න එක (නදී)

:       0       0

පියවතී Wednesday, 22 October 2014 01:20 PM

ඇයි දැන් ඉන්න අගමැතිතුමාට මොකක් වෙලාද.....? ඔය හොදට ඉන්නේ. (නදී)

:       0       0

මාතුපාල Thursday, 23 October 2014 01:23 PM

ඔබ තුමාගේ වකු ගඩු දෙකෙන් එකක් අසරණ වකුගඩු රෝගී ඡන්ද දායකයෙකුට පරිත්‍යාග කරන්න. පරිත්‍යාග නොකලොත් මෙහාට ආවාම බලෙන් ගලවා ගන්නවා. (නදී)

:       0       0

ලාල් Wednesday, 22 October 2014 01:26 PM

හොදයි, හැබැයි කුඩු ගෙන්වන්න එපා හොදේ. (නදී)

:       0       0

අසංක Thursday, 23 October 2014 03:49 AM

සහල් කිලෝව රුපියල් දහසටවත් ගන්න පුළුවන් වේවිද එතකොට ? දැනටමත් මෙයාගේ නෑදෑයෝ නිසා අනිත් සහල් මෝල් වැහිලා කියල බොරුවක් නොවන රාවයක් තියෙනවනේ ? මෙයාව අගමැති කරලා අපි පාන් කමු මොකද කියන්නේ කට්ටිය රෙඩිද ? (නදී)

:       0       0

කර්තිනි Thursday, 23 October 2014 03:50 AM

අගමැති විය යුත්තේ රටට දැනෙන වැඩක් කල හැකි පුද්ගලයකු නේද? මම හිතන්නේ සුදුස්සා බැසිල් රාජපක්ෂ මහතා. අගමැති දුරය වසර 6 කට එක අයකුට පමණක් සීමා කලහොත් හොඳ නේද ? (නදී)

:       0       0

සම්පත් Wednesday, 22 October 2014 01:34 PM

මේතුමා හොඳ නිලධාරියෙක් (නදී)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 23 October 2014 03:59 AM

මේ මාස 3-4 කට මොන අගමැති කමද? (නදී)

:       0       0

සංජය Thursday, 23 October 2014 04:01 AM

හොද යෝජනාවක්, අපි හැමෝම එකග වෙමු. මහත්මයෙකුට සැබෑ ගොවි පුතෙකුට මේ අවස්ථාව දෙමු. (නදී)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Wednesday, 22 October 2014 01:39 PM

මා දන්නා තරමින් වත්මන් රජයේ සිටින නිහතමානී ඇමතිවරයෙක්. මම ඉතාමත් කැමති දේශපාලකයෙක්. එතුමාට අගමැතිකම ලැබෙනවා නම් ඉතාමත් සතුටුයි. රටට යහපතක් වෙන්න යහපත් උගත් හා බුද්ධිමත් නායකයින් අවශ්‍යයි (නදී)

:       0       0

සමන්ති Wednesday, 22 October 2014 01:50 PM

මෛත්‍රීපාල මහත්මයෝ දේශපාලකයෙක් බෑනා කරගන්න එපා. පාලනය කරගත හැකි හොඳ කෙනෙක් හොයාගන්න . එය ඔබටත් ඔබගේ දේශපාලනයටත් හොඳයි. (නදී)

:       0       0

චන්දන Wednesday, 22 October 2014 01:56 PM

තව මාස හතර පහකට අගමැති කම මොකටද?(හේ)

:       0       0

මාටින් Thursday, 23 October 2014 04:21 AM

මේ දවස්වල විධායක ජනාධිපති කම ඉවත් කරන්න සාකච්ඡාවක් යන නිසා, අර ඩී. බි. විජේතුංග මහත්තයට වගේ බෝනස් එකක් ලැබෙයි කියලත් හිතනවා ඇති.(අ)

:       0       0

රෝහන Wednesday, 22 October 2014 02:02 PM

චන්දන හරියටම හරි. (අ)

:       0       0

ගයාන් Friday, 24 October 2014 06:14 AM

ගෝඨාභය මහත්තයාත් දේශපාලනයට එනවා නම් මම ඉතාම කැමතියි (නි)

:       0       0

මහේෂ්‍ Sunday, 26 October 2014 06:21 PM

ලබන ජනවාරිය වෙනතුරු පොඩ්ඩක් ඉන්නකෝ! (නි)

:       0       0

ලියොන් ගුණවර්ධන Sunday, 26 October 2014 06:21 PM

ටිකක් ඉවසන්නකෝ... (නි)

:       0       0

ධම්ම Thursday, 23 October 2014 04:27 AM

කම්කරු ප්‍රඥප්තිය ඉදිරිපත්කල අය අගමැති වුණා ප්‍රඥප්තිය යට ගියා. ඖෂධ ප්‍රඥප්තිය ඉදිරිපත්කල අයත් අගමැති වෙයි ප්‍රඥප්තිය යටයයි. ජනතාව එතැනමයි. (අ)

:       0       0

ඩොනල්ඩ් Wednesday, 22 October 2014 02:16 PM

දෙවෙනි නායකත්වය සඳහා සුදුස්සෙකු පත්කර ගැනීම හොඳයි.(හේ)

:       0       0

විමල් Wednesday, 22 October 2014 02:18 PM

මෛත්‍රිපාලට නිලය දුන්නොත් ජනාධිපතිවරණයේදී පොඩි වාසියක් තියෙනවා. ඔහු පොල්න්නරුව දිනවනවා ඒකාන්තයි. (හේ)

:       0       0

රත්නායක Wednesday, 22 October 2014 02:33 PM

මෙතුමා තමයි දැනට ඉන්න සුදුස්සා.(හේ)

:       0       0

වසන්ත Wednesday, 22 October 2014 02:38 PM

අපේ අගමැතිතුමා වයසට ගොස් නිසාත් , අසනීප නිසාත් ඊළඟ සුදුස්ස මෛත්‍රීපාල මහතායි. එතුමාට සුබ පතමු.(හේ)

:       0       0

අසංක Wednesday, 22 October 2014 02:53 PM

සුභ පතනවා.සුභ අනාගතයක්.(හේ)

:       0       0

මේනක Thursday, 23 October 2014 04:57 AM

නිහතමානී දේශපාලකයෙකුට බලය ලැබීම ඉතාම හොඳයි (නි)

:       0       0

දයාන් Wednesday, 22 October 2014 03:09 PM

යෝජනාව හරිෙ.(හේ)

:       0       0

නාලක Wednesday, 22 October 2014 03:30 PM

මෙතුමා තමයි දැනට ඉන්න නියම සුදුස්සා.(හේ)

:       0       0

සිතුම් Wednesday, 22 October 2014 03:50 PM

හොඳ අදහසක්.(හේ)

:       0       0

සේකර Wednesday, 22 October 2014 04:18 PM

එතුමාට අගමැතිකම දෙනවා නම් හොඳයි (නි)

:       0       0

දිනුෂ් Thursday, 23 October 2014 05:21 AM

මම එකසත් ජාතික පක්ෂයට සහයෝගය දෙන කෙනෙක්. හැබයි අගමැති තනතුරට මෛත්‍රිපාල පත් වෙන එක හොඳයි කියලා මාත් පිලිගන්නවා.(හේ)

:       0       0

විදුරන්ග Wednesday, 22 October 2014 04:22 PM

ලංකාවේ මෙතෙක් බිහි වූ අගමැතිවරු කොළඹ, ගම්පහ,කුරුණෑගල ,කෑගල්ල, ගාල්ල, මහනුවර, හම්බන්තොට සහ කළුතර යන දිස්ත්‍රික්ක වලින් පමණයි බිහිවෙලා තියෙන්නේ. එහෙම බලනකොට පොළොන්නරුව වැනි දුෂ්කර දිස්ත්‍රික්කයකිනුත් අගමැතිවරයෙක් බිහිවෙන එක එහි වැසියන්ගේ අමන්දානන්දයට හේතුවනවාට සැක නැත. (නි)

:       0       0

සිරිසේන Wednesday, 22 October 2014 04:25 PM

තව ටික දවසයි නේද මහ මැතිවරණයට? (නි)

:       0       0

ටුආන් Wednesday, 22 October 2014 04:27 PM

හොඳ යෝජනාවක් (නි)

:       0       0

සුනෙත් Wednesday, 22 October 2014 04:34 PM

හෙට අනිද්දා වෙනකොට තවත් එහෙන් මෙහෙන් යෝජනා සම්මත වේවි. (නි)

:       0       0

මුතුනායක Thursday, 23 October 2014 05:40 AM

ජනාධිපතිතුමා අගමැතිතුමාව පත් කරගනිවී කළබල වෙන්න එපා.(හේ)

:       0       0

සරත් පිටිගල Thursday, 23 October 2014 05:42 AM

කවුරු පත් වුණත් වැඩක් නෑ.(හේ)

:       0       0

දිසානායක Thursday, 23 October 2014 05:42 AM

ඔබතුමා සහල් ජාවරමත් , වැලි කැපීමටත් විරුද්ධව යමක් කරයි කියා හිතනවා. වකුගඩු හා පිළිකා අවම කිරීමට වැඩ පිළිවෙලක් අගමැති වසයෙන් කරන්න පුළුවන්. සුභ අනාගතයක්.(හේ)

:       0       0

යසපාල Wednesday, 22 October 2014 05:25 PM

මෙතුමා ගැන නම් කියන්න කිසිම වැරැද්දක් නැහැ (නි)

:       0       0

සුමතිපාල Wednesday, 22 October 2014 05:27 PM

මමත් හිතන්නේ අගමැතිකමට සුදුසුම කෙනා අපේ මෛත්‍රිපාල මැතිතුමා කියලයි. (නි)

:       0       0

විමල් Thursday, 23 October 2014 06:13 AM

මෙයා තමයි සුදුසු පුද්ගලයා.(හේ)

:       0       0

දයාරත්න Thursday, 23 October 2014 06:16 AM

හෑමෝම එකයි.කිසි වෙනසක් නෑ.(හේ)

:       0       0

මනෝජ් -සාජා Wednesday, 22 October 2014 05:52 PM

ඇයි මේ අපේ අයට ඉවසන්න බැරි? (නි)

:       0       0

අසංක Wednesday, 22 October 2014 05:57 PM

පොළොන්නරුව සංවර්ධනය කරනවා නම් අපි සතුටුයි. තවම එකතැන පල්වෙන නගරයක්නේ පොළොන්නරුව. දැන්වත් වැඩක් කළොත් පිං ! (නි)

:       0       0

සතිෂ් Wednesday, 22 October 2014 06:07 PM

ජාතික ඖෂධ ප්‍රඥප්තිය ක්‍රියාත්මක කළොත් අපි කැමතියි. (නි)

:       0       0

යටගම Wednesday, 22 October 2014 06:14 PM

බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)

:       0       0

යසපාල Wednesday, 22 October 2014 06:48 PM

හොඳයි. ඉක්මනින් යෝජනාව ක්‍රියාත්මක කරන්න (නි)

:       0       0

අනිල් Wednesday, 22 October 2014 07:00 PM

සහල් මිල ජනාධිපතිවරනයට පෙර රුපියල් 55 කළොත් ඔබට අගමැතිකම අරන් දෙන්න උදවු කරනවා, අපි. (නි)

:       0       0

ගයාන් Friday, 24 October 2014 10:19 AM

දැන් ගෝටාභය මැති තුමා දේශපාලනයට ආ යුතු කාලය යි. ඔහු මී ළඟ රටේ නායකත්වයක් දැරිය යුතු කෙනෙකි. (නදී)

:       0       0

වරුණ Wednesday, 22 October 2014 07:29 PM

අපිත් කැමතියි! (නි)

:       0       0

නදිනි Wednesday, 22 October 2014 07:53 PM

හා හා බලාගෙනයි, කකුලේ කටු ඇනෙයි..... ඕක ගන්නේ නම් බලාගෙන හොඳේ ...... ඔය තනතුරට යටින් විෂකුරු කටු තිබේ...... හා හා බලාගෙනයි...... (නි)

:       0       0

ටෙරාන් Wednesday, 22 October 2014 08:25 PM

මට හිතෙන හැටියට මීට සුදුසුම පුද්ගලයා මෙතුමා තමයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ශ්‍රී ලංකන් විකිණීම ජනපති අණින් නවතියි
2024 සැප්තැම්බර් මස 30 0 0

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප


මන්ත්‍රී වාහන, විශ්‍රාම වැටුප් නතර කිරීම ගැන හොයන්න කමිටුවක්
2024 සැප්තැම්බර් මස 30 197 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක


ඉන්ධන මිල පහළට
2024 සැප්තැම්බර් මස 30 1059 0

ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.


සයිබර් අපරාධකවන් මෙරටට ඒම ජාතික ආර්ථිකයට විශාල බලපෑමක්
2024 සැප්තැම්බර් මස 30 287 0

යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ


ලෙබනන් සහ සිරියා ශ්‍රී ලාංකිකයනට විශේෂ පණිවිඩයක්
2024 සැප්තැම්බර් මස 30 169 0

ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය


“පක්‍ෂය පාවාදුන් අයට නාමයෝජනා දෙන්නේ නෑ“
2024 සැප්තැම්බර් මස 30 372 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාවාදුන් කිසිවකුට නැවත එම පක්ෂයේ ඉහළ නිලතල හෝ නාම යෝජනා නොදෙන බවත් එම පිරිස සම්බන්ධයෙන් පක්‍ෂය ගත් ස්ථාවරයේ අඛණ්ඩව සිටින බවත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38288 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25226 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site