IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


මෛත්‍රී/මහින්ද හිතවත්හු සාකච්ඡා දෙකක

මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට සහයෝගය දක්වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් අද (03) රාත්‍රී බස්නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංගගේ කොළඹ නිවසේ දී විශේෂ සාකච්ඡාවක් පැවැත්වූහ.

දේශපාලන ආරංචි කියනුයේ රාජපක්ෂ මහතාට සන්ධානයෙන් නාමයෝජනා ලබා දීමට එකඟ වීම ගැන මෛත්‍රීපාල සිරිසේන ජනපතිට ස්තුති කිරීමේ යෝජනාවක් එහි දී සම්මත කර ගත් බවයි. එමෙන්ම ඉදිරි මහ මැතිවරණයේ දී සන්ධානය ජයග්‍රහණය කර වීමේ යෝජනාවක් සම්මත කර ගත් බව ද එම ආරංචි සඳහන් කරයි.

මේ අතර මෛත්‍රීපාල සිරිසේන ජනපතිට සහාය දක්වන මන්ත්‍රීවරුන් පිරිසක් ද විශේෂ සාකච්ඡාවක් පවත්වන බව දැනගන්නට තිබේ.

සන්ධාන මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් නිකුත් කළැයි කියන නිවේදනය ගැන ජනපතිගේ ස්ථාවරය විමසීමට ජනපති මාධ්‍ය අංශය සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත් ව්‍යර්ත විය.

 



අදහස් (0)

මෛත්‍රී/මහින්ද හිතවත්හු සාකච්ඡා දෙකක

චරිත Saturday, 04 July 2015 04:01 AM

මහින්දට ඡන්දය දෙන එක හරි. මොකද එතුමා යුද්දය ඉවර කළා. මහින්ද දිනවීමෙන් වටේ ඉන්න හොරු ටික අායෙමත් එන එක නවතන්නේ කොහොමද ? මහින්ද කියන්නේ එක පුද්ගලයෙකු නොව සමාජ ක්‍රමයක් බව අපේ මිනිසුන්ට තේරෙන්නේ නැති එක දුකක් (නදී)

:       0       0

බටන්ගල Saturday, 04 July 2015 04:07 AM

යහපාල මමත් මේ රටේ පය ගහල ජීවත්වෙන ඒ වගේම පිටරට ජීවත් වීමට වෘතීමය සුදුසුකම් තියෙන එ්ත් නොයන කෙනෙක්. එ්ත් මේ දේශපාලකයන්ට එදා මෙදා තුර කඩේ ගිහින් නැහැ. ඒකයි අපි දෙන්නගේ ප්‍රධාන වෙනස. (නදී)

:       0       0

කුමුදුනී Saturday, 04 July 2015 04:11 AM

කව්රු කොහෙන් කොහොම ආවත් උන වරද 17 වෙනිදට නිවැරදි කරගැනීමට නොඉවසිල්ලෙන් බලා සිටිනවා. (නදී)

:       0       0

සිමොන් Saturday, 04 July 2015 04:23 AM

මේ රටේ ගොඩක් උගතුන් ඉන්නවා එනිසා කවදාවත් හොරුන්ට කුඩු කාරයින්ට කැසිනෝ කාරයන්ට එන්න දෙන්නේ නැහැ.(නදී)

:       0       0

නිශා Saturday, 04 July 2015 04:47 AM

ජන 8 වුණේ කබලෙන් ලිපට වැටුන එක නේද ,චෞර රැජින සහ එජාප යෙන් මීට වැඩි දෙයක් බලාපොරොත්තුවිය නොහැක, එම නිසා පුද්ගලයා ගැන නොසිතා රටගැන සිතමු, මහින්ද ගේ අඩුපාඩු තිබ්බත් සාපේක්ෂව මේ ඉන්නා අයට වඩා හොද බව පෙනේ (අ)

:       0       0

ඔලිවර් Saturday, 04 July 2015 01:54 PM

එ.ජා.ප. යේ හරි හමන් නායකත්වයක් තිබුනානම් මේ අවස්ථාව ඔවුන්ට වාසි සහගත ලෙස හරවාගන්න ඉඩ තිබුනා. දැනටත් අවස්ථාව තියෙනවා. කොහොම වුනත් ජේ.වී.පී. එක වර්ධනය වෙනවා (බ)

:       0       0

පද්මිණි Saturday, 04 July 2015 05:01 AM

පිවිතුරු, අපි දකින සදාචාර වත් දේශපාලකයින්, සබැ මානව අයිතිවාසිකම් , අපේ ලංකාවටත් හිමිකිරීමට දායක වීම අපේ වගකීම. අසාධාරණයෙන් මිරිකුණු ප්‍රංශ ජනතාව 1789 දී රාජාණ්ඩුව නිම කළා. ලංකාව නැවත ඒ යුගය කරා ගෙනයාමට ඔබලා දරන උත්සාහය ගැන කණගාටුවක් ඇත. (අ)

:       0       0

ශ්‍රීමාලි Saturday, 04 July 2015 05:06 AM

අපි ලංකාවේ නැති එක ගැන සන්තෝසයි. (අ)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 04 July 2015 05:07 AM

මහින්ද පැත්ත මහින්දට යාවි. මයිත්‍රී පැත්ත යු.එන්.පී එකට යාවි. ජේ වී පී එක දෙගොල්ලන්වම පුතුරු ගහවී. දුශිතයෝ නැවතත් රජ වේවි . රටේ ජනතාවගේ බලාපොරොත්තු විනාස වේවි. වෙන මොනවද තවත් වෙන්න තියෙන්නේ. වැඩිම වුණොත් රට බංකොලොත් වේවි. ජනතාව හිඟමනට පත්වේවි. (අ)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 04 July 2015 05:11 AM

අනේ මේ, ඔය මහින්ද පිලට අපේ යහපාල උන්නහෙවත් ගන්නකො. එයා එදා ඉඳන් හිටියේ ලොකු අමාරුවකින්. (අ)

:       0       0

නිලේෂ් Saturday, 04 July 2015 05:48 AM

පිවිතුරු යහපාල කට උඩ අරගෙන බලාගෙන ඉන්නේ ඊළඟ දේශපාලන වරදානය ලැබෙන කම්. පිට රට මිනිස්සුන්ට කළු සුද්දන් කියල බැනලා හරි හිත හදා ගන්නකො. නුගත් දේශපාලන බඩ ගෝස්තර කාරයන්ට ජීවත් වෙන්න සුදුසුම රට ලංකාව තමයි. (අ)

:       0       0

සත්‍යයා Friday, 03 July 2015 05:59 PM

අපි මේ මොහොතේ කිසිවක් නොකියමු. විය යුතුදේ වෙලාවට සිදුවෙයි. තවත් ජනවාරි 8ක් ඉතිහාසයට එකතුවී නළුවෙකු නාට්‍යයෙන් සදහටම සමුගන්නා ආකාරයක් මනසේ මැවී පෙනේ. දැනට කිව හැක්කේ එපමණයි. (ර)

:       0       0

ඇන්ටන් Saturday, 04 July 2015 05:57 AM

ජනවාරි 8 දුන් ජනතා තීන්දුව අගෝස්තු 17 වැනිදාත් දිය යුතුයි (අ)

:       0       0

විජිත Friday, 03 July 2015 06:10 PM

මම නම් එක හිතින්ම මහින්ද මහත්තයට! (නි)

:       0       0

කීරගල Saturday, 04 July 2015 06:17 AM

මාස තුනක් යනකොට කොළඹ කුණු ටිකවත් ඇදගන්න බැරිවුන යහපාලනය. මහින්ද හැර මේ රට ආශ්චර්යයක් කළ හැකි පුද්ගලයා කවුද ? කෝ අරගෙන කරලා පෙන්නුවාද? ලණු කාලා රට වනසන්න එපා. දැන්වත් රට ගැන හිතලා මහින්ද දිනවමු. නැත්නම් අවුරුදු පහක්ම කොත්තමල්ලි බොන්න වෙයි. (නදී)

:       0       0

උදිත් Saturday, 04 July 2015 03:29 PM

මහින්ද ශ්‍රීලනිපයට වටිනවා මිසක් මහින්දට ශ්‍රීලනිපය වටින්නේ නැහැ. (නි)

:       0       0

පද්මිණී Friday, 03 July 2015 06:23 PM

හදවතේ කැකෑරෙන සිතිවිලි සමඟ පොරබදමින් අද නින්දට යන්නෙමි. නමුත් දහදුක් විදින ශ්‍රී ලාංකික පුරවැසියන් ගැන දැනෙන අනුකම්පාව කියා නිම කළ නොහැක. ඉදිරියටත් ප්‍රංශයේම ඉන්නට තීරණය කළෙමි. (නි)

:       0       0

ගාමිණී Friday, 03 July 2015 06:22 PM

මම සත්‍යගේ කීමට මුළුමනින්ම එකඟ වෙමි. අධික තණ්හාව නිසාම වැනසෙන දිනය ඉතාම ළඟයි! අගෝස්තු 17 ඉතිහාසගත වන්නේ ජනවාරි 08 ද අභිබවමිනි. එය දෙවියන් දැනටමත් තීරණයකොට හමාරය. (නි)

:       0       0

අජිත් Friday, 03 July 2015 06:24 PM

අපි මොන පැත්තද දැන් ගන්නේ? (නි)

:       0       0

යහපාල Friday, 03 July 2015 06:32 PM

මෛත්‍රී ජනපතිතුමනි, ඔබට මාගේ ස්තුතිය! (නි)

:       0       0

මාදවී Saturday, 04 July 2015 06:37 AM

ඔබ තුමාට ජය නියතයි මහින්ද මැතිතුමනි. අපි සැමදා ඔබ සමගයි. දැන්වත් මේ රටේ මිනිස්සු බොරුවට නොරැවටී ඇත්ත තේරුම් ගනී. ඔබ අපේ ජාතික වීරයෙක්. (නදී)

:       0       0

තිස්ස Friday, 03 July 2015 06:33 PM

අන්තිමේදී පරදින්නේ අපි (නි)

:       0       0

බටංගල Saturday, 04 July 2015 06:41 AM

පිවිතුරු යහපාල නමින් පෙනීසිටින පුද්ගලයා හිතාගෙන ඉන්නේ එයා තමයි එකම දේශ හිතයිශියා කියලා. මෙයාට කියන්න තියෙන්නේ අර ඒකාලේ හිටපු සෙරෙප්පු සුප් කාරයෙක්ටත් වඩා අන්තයට ගිය කෙනෙක් කියායි. ඒක මෙහි මධයස්ථව අදහස් පලකල අයගෙන්ම පේනවා.(නදී)

:       0       0

කැලුම් ෆෙර්ණන්දෝ Saturday, 04 July 2015 06:52 AM

සුසිල් ප්‍රේමජයන්ත කියන්නේ බොරු නේද එහෙනම්? (නදී)

:       0       0

සිංහ Friday, 03 July 2015 06:49 PM

සත්‍යා කියන පුද්ගලයා මනස පිළිබඳ වෛද්‍යවරයෙක් මුණ ගැසෙන්න (නි)

:       0       0

එච්. ජගත්දේව Saturday, 04 July 2015 07:32 AM

'අප්පොච්චි මළා' පක්ෂයේ අයට නව තත්ත්වය පිළිගැනීමට බැරි නම් ඒ අවස්ථාවාදීන් කළ යුත්තේ එජාපයට එකතුවීමයි. රට අස්ථාවර කිරීමට කැස කවන බටහිර හා මෙරට කුමන්ත්‍රණ කරුවනට ආධාර කරන මොවුනට ලබන ඡන්දයේ දී නිසි පිළිතුරු ලැබිය යුතුය. මෙරට සිවිල් සමාජයේ සංයුතිය ද මේ කාලය තුළ අපට තේරුම් ගත හැකි විය. (නදී)

:       0       0

ලක්ෂාන් Friday, 03 July 2015 08:04 PM

1948 පටන් පරාජය වී ඇත්තේ බහුතර දේශපාලකයින් නොව ඡන්දදායකයින්ය (නි)

:       0       0

ද සිල්වා බර්ලින් Friday, 03 July 2015 08:17 PM

මේ අය මොනවා කිවුවත් කළත් ඡන්දදායකයා කරන දේ අගෝස්තු 18 වෙනිදාට බලාගන්න පුළුවන්.දැන් ඉස්සර වගේ නොවේ, පරිගණක තාක්ෂණය භාවිතා කරන තරුණ පරම්පරාවක් බිහිවී තිබෙන්නේ. සමහර වැඩිහිටි අයද පරිගණක හරහා ලෝකය සමඟ සම්බන්ධ වී ඇත. මොවුන් ඡන්දය දෙන්නේ පුද්ගලයා පක්ෂය පාට බලා නොව ප්‍රතිපත්ති සහ අනාගත වැඩපිළිවෙල, අතීතයේ දුන් පොරොන්දු ඉටුකළාද යන සාධක සැළකිල්ලට ගෙනය (නි)

:       0       0

රූපසිංහ Friday, 03 July 2015 08:47 PM

අනේ සත්‍යයා, සත්‍යය ඇස්පනාපිට පෙනි පෙනී මොකද ඔයා අසත්‍යය ප්‍රකාශ කරන්නේ. (නි)

:       0       0

නිමල් හෙට්ටිආරච්චි - ලන්ඩන් Saturday, 04 July 2015 08:22 AM

අවසාන විග්‍රහයේදී ජනතාවට සැබෑ වෙනසක් දැනිය යුතුයි . 67 වසරක පාලන ඉතිහාසයට නැවත ඉඩ නොදිය යුතුයි...රාජපක්ෂ ඇතුළු පසුගිය පාලක කල්ලියේ අභිප්‍රායන් හා දුෂ්ඨ වැඩ පිළිවෙලට නැවත ඉඩ නොදිය යුතුයි..පරාජය කළ යුතුමයි...(නදී)

:       0       0

නුවන්සර Saturday, 04 July 2015 08:21 AM

අලුතින් ඇතිවූ වෙනස,ජනමතයට හැඩ ගැසීමක් කියලයි මට හිතෙන්නේ. එය කෘතිමව වෙනස් කල නොහැකි දෙයක් නිසා, අවසානයේ සිදු විය යුතු දෙය සිදු උනා. (නදී)

:       0       0

සේනක Friday, 03 July 2015 09:06 PM

අපේ රටට ඕනෑ පක්ෂය දිනවන නායකයෙක් නොව රට දිනවන නායකයෙක්.එංගලන්තයේ ඉන්න අපිට මේ දුක වැඩියෙන් දැනෙනවා කියලයි සිතෙන්නේ. අපේ ජනතාව බුද්ධිමත් වුණොත් හොඳයි (නි)

:       0       0

අශාන් Friday, 03 July 2015 09:09 PM

බල තණ්හාව නිසා රටත් ජනතාවත් අනාථ කරන්න නම් එපා (නි)

:       0       0

අතූර්යා Friday, 03 July 2015 09:14 PM

ජාතියට එරෙහි කුමන්ත්‍රණ වලට මුහුණදීමට හැකි එකම නායකයා මහින්ද බව ජනතාව තේරුම්ගෙන ඇත (නි)

:       0       0

නිලූ Friday, 03 July 2015 09:26 PM

මේ පටළැවිල්ල ගැන, ලේ කෝප කරනොගෙන ඉවසීමෙන් බලාගෙන හිඳිමු. (නි)

:       0       0

සරත් Saturday, 04 July 2015 09:02 AM

සුසිල් කාලෙකට පෙර හොඳ දේශපාලන දැක්මක් සහිතව ඉඳලා ඒ වෙනුවෙන් ජනතා ප්‍රතිචාරයට පත්වුණා. එ්ත් මේපාර කොළඹින් පත්වෙයිද කියලත් සැකයි. ඒ තරමටම ජුගුප්සාජනක තත්වයට පත්වෙලා.(නදී)

:       0       0

කුමාරි Friday, 03 July 2015 09:37 PM

ලංකාවේ වගේ දේශපාලනයක් තවත් කිසිම රටක නැතුව ඇති (නි)

:       0       0

බණ්ඩා Saturday, 04 July 2015 09:29 AM

සුසිල් ප්‍රේමජයන්තගේ යටිකුට්ටු වැඩක් මේක (නදී)

:       0       0

කමල් Saturday, 04 July 2015 09:43 AM

රට සුද්දෝ ඒ රටවල් වලම සුද්දන්ගේ සපත්තු ලෙව කකා ඉන්න. අපිත් රට රටවල් වල ගිහින් තියෙන නිසා ඇත්තටම ඒ රටවල් වල අපේ අය ජීවත් වෙන්නේ කොහොමද කියල දන්නවා. මෙහෙ වීරයෝ උනාට ඒ රටවල්වල ඉන්න ඕනේ දෙවෙනි පෙළක් විදියට. අපිට ඕනේ අපේ රට ගැන හිතන,කොන්ද පන තියෙන එඩිතර නායකයෙක් (නදී)

:       0       0

දොන් Friday, 03 July 2015 11:15 PM

සත්‍යා, "දවල් හීන " දකිනවද? (නි)

:       0       0

රනුක Friday, 03 July 2015 11:34 PM

මහින්ද මැතිතුමනි,ජය නියතයි! (නි)

:       0       0

නිවන්තක Friday, 03 July 2015 11:36 PM

ඇත්ත. අපි කලබල වෙන්න නරකයි (නි)

:       0       0

සිරි විකුම් Saturday, 04 July 2015 10:56 AM

කම්බ හොරුන්ට සාපේක්ෂව ආර්. ප්‍රේමදාස - මහින්ද දෙන්න රටට, පොදු ජනයාට හොඳයි. (නදී)

:       0       0

කරුණාරත්න Saturday, 04 July 2015 12:17 AM

දැන් මිනිසුන් බොහෝ බුද්ධිමත් බව සිතේ තබාගෙන කවුරුත් වැඩකළොත් හොඳයි (නි)

:       0       0

කමල් Saturday, 04 July 2015 12:30 AM

සත්‍යා කියනදේට මමත් එකඟයි (නි)

:       0       0

විජිත Saturday, 04 July 2015 12:30 AM

ජනපතිතුමනි,අපේ විශ්වාසය ඔබයි. (නි)

:       0       0

එඩි Saturday, 04 July 2015 11:18 AM

ජනවාරි 8 දා දක්වා අසු පිට නැග සිටි අය 9 වනදා බලාපොරොත්තු සුන්ව බැස ගියා සේ අගෝස්තු 18 වනදාටත් එසේම සිදුවේවි. (නදී)

:       0       0

නිහාල් Saturday, 04 July 2015 12:51 AM

අනේ මන්දා! මොන පැත්ත ගන්නද කියලා මට නම් හිතාගන්න බැහැ (නි)

:       0       0

දම්මික Saturday, 04 July 2015 12:51 AM

සත්‍යා කියපුදේම තමයි මටත් හිතුනේ. (නි)

:       0       0

ටානියා Saturday, 04 July 2015 01:05 AM

නම සත්‍යා වුණත් කියන්නේ බොරුනේ! (නි)

:       0       0

සිරි විකුම් Saturday, 04 July 2015 11:33 AM

90න් පසු දේශපාලන වෙනස්කම් සිදුවුනේ රටේ යහපතට. මෙදාත් එහෙම තමයි. (නදී)

:       0       0

සමන්ත Sunday, 05 July 2015 01:28 AM

සිරි විකුම් සිතන හැටියට මැදමුලනට හෝයියා කියපු නැති කට්ටිය කොටි. මැදමුලනට දර පැලීම රෙදි සේදීම වලන් සේදීම කල උදවිය උපාසක අප්පුලා ! . (නදී)

:       0       0

දහම් Saturday, 04 July 2015 01:28 AM

සත්‍යා, සත්‍යය පිළිගන්න අකමැතියි වගේ. (නි)

:       0       0

වීරසූරිය Saturday, 04 July 2015 01:35 AM

මහින්ද සන්ධානයෙන් එන එක හොඳයි. හැබැයි පහුගිය ආණ්ඩුවේ ප්‍රසිද්ධ හොරුන්,කුඩු බිස්නස්, එතනෝල්කාරයන්ට නාමයෝජනා දුන්නොත් අපි ඡන්දෙ දෙන්නේ කාටද? ලිස්ට් එක එනතුරු බලාගෙන ඉඳිමු (නි)

:       0       0

ලාල් Saturday, 04 July 2015 01:38 AM

සත්‍යයාගේ සත්‍ය ප්‍රකාශයට එකඟයි. (නි)

:       0       0

රුවන් Saturday, 04 July 2015 11:45 AM

පිවිතුරු යහපාල කියන්නේ දේශපාලකයන්ට කඹුරා එයම බඩ ගොස්තරය කරගත් ලෝකයේ සෑම රටකින්ම විසා ප්‍රතික්ෂේප වුනේ යයි අනුමාන කල හැකි පුද්ගලයකි. එම නිසා ඔහු උගත්කම රටට බරක් නොකර පිටරට ගොස් හෝ යමක් උපයා ගන්නා ලාංකිකයාට ගරහයි. මේ පුද්ගලයාගේ දේශපාලන ඇම්මට බෙහෙත් නැත. (නදී)

:       0       0

වසන්ති Saturday, 04 July 2015 02:15 AM

අපිට නම් මේ දේවල් හොඳට තේරෙනවා (නි)

:       0       0

සුනිල් Saturday, 04 July 2015 02:18 AM

අපේ මහරජානෝ නැවත එනවා.. (නි)

:       0       0

සමන් Saturday, 04 July 2015 12:01 PM

එඩීගේ කතාව හරියට හරි (නදී)

:       0       0

ජයලත් Saturday, 04 July 2015 02:19 AM

ඡන්දයෙන් පැරදුන මහින්ද, නැවත ඉල්ලන්නේ නම් එහි ආදර්ශය කුමක්ද? සත්‍ය ඔබ නිවැරදි, "සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ " (නි)

:       0       0

දයාවතී Saturday, 04 July 2015 12:05 PM

මට නම් තේරෙන්නේ නැහැ මොකද්ද මේ මැසිවිලි නගන එකේ තේරුම කියලා. පක්ෂයක් ඡන්දෙට යා යුත්තේ තමන්ගේ ස්ව ශක්තියෙන් සහ විශ්වාසයෙන් මිස විරුද්දවාදියාට නාම යෝජනා ලැබීම නොලැබීම මත නොවෙයි. ලැබුණු 62 ලක්ෂය ගැන විශ්වාස නම් මොකට හඬා වැලපෙනවද මන්දා. (නදී)

:       0       0

ගිහාන් Saturday, 04 July 2015 12:09 PM

ඔව් කමල් දේශපාලක හොරකමේ යෙදෙන්න නම් ඉතින් පිටරට ගිහින් බැහැනේ . ඒකට ලංකාවේම ස්ථානගත වෙන්න ඕන. (නදී)

:       0       0

පිවිතුරු යහපාල Saturday, 04 July 2015 02:31 AM

සත්‍ය මහත්තයෝ,ලක්ෂ 58 ක ජනමතයේ නියම හිමිකරු මහින්ද මහත්මයා මිසක වෙන කෙනෙක් නෙමෙයි.ඉතින් එතුමාට නොලැබෙන නාම යෝජනා සන්ධානයේ කොහෙද තියෙන්නේ (නි)

:       0       0

සුදත් Saturday, 04 July 2015 02:54 AM

මහින්ද අන්ධ භක්තියයන් නිසා රට අනතුරේ.රට අවශ්‍ය සැබෑ නායකයෙක් මිස කටවුට් නායකයෝ නොවෙයි (නි)

:       0       0

පිවිතුරු යහපාල Saturday, 04 July 2015 02:55 AM

සත්‍ය මහත්තයෝ,අටලෝ දහම කැරකෙනවා.අද එක තැනක.හෙට තවත් තැනක.කම්පාවෙලා වැඩක් නැහැ. (නි)

:       0       0

ටියුඩර් Saturday, 04 July 2015 02:59 AM

මහින්ද ඇයි නැවත එන්නේ? (නි)

:       0       0

බටගල Saturday, 04 July 2015 03:02 AM

පද්මිණි,මටත් ඇත්තටම දැනුනේ ලංකාව ගැනත් ලංකාවාසී සාමාන්‍ය ජනතාව ගැනත් අපමණ දුකක්. දේශපාලකයෝ මෙතරම් කුහකවෙන රටක අපිට ජීවත්වෙන්න වෙලා තියෙන්නේ. මීළඟ පරම්පරාවවත් මේ ජරා දේශපාලනයට තිත තියලා උගත් තරුණ නායකත්ත්වයක් කරා ගොනුවේවා! (නි)

:       0       0

පෙරේරා Saturday, 04 July 2015 12:26 PM

මහින්ද මහත්තයව දිනෙව්වේ නැත්නම් අපි ගහපු ගැහිලි අහුවෙලා අපි සේරම ඉවරයි (නදී)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 05 July 2015 04:56 AM

මහින්දව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වටිනවා නම් නාම යෝජනා දෙන්න තිබුනේ සන්ධානයෙන් නොවෙයි, ඩාලි පාරේ තිබෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නේද? එ්ක අත්සන් කරන්න උවමනා අනුර ප්‍රිය දර්ශන මහත්මයයි. මේක අත්සන් කළේ සන්ධානේ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහත්තය නේද? (බ)

:       0       0

රොහාන් Saturday, 04 July 2015 03:17 AM

ලංකාවේ දේශපාලනයෙන් අවසානයේ හැමදාම වෙන්නේ මහජනයා අතරමං වෙන එක (නි)

:       0       0

චමින්ද Saturday, 04 July 2015 03:20 AM

සත්‍යයාගේ සත්‍ය ප්‍රකාශය මේ අදහස් දක්වා ඇත්තේ අර්ථය මතුපිටින් අරගෙනය. සත්‍යා කියනදේට මමත් එකඟයි.මහින්ද මැතිතුමනි,ජය නියතයි! (නි)

:       0       0

චාමර Saturday, 04 July 2015 03:27 AM

අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

ජූඩ් Saturday, 04 July 2015 03:31 AM

සාකච්ඡාවේ ප්‍රතිඵල මාධ්‍යයට දෙයිද? (නි)

:       0       0

වීනස් Saturday, 04 July 2015 12:46 PM

තමාට ඉහලට යන්න දීපු ඉනිමගට(ජනතාවට) පයින් ගහපු අයට එහි විපාක දෙවියන්ගෙන් ලැබෙයි. ලැජ්ජයි,ලැජ්ජයි. (නදී)

:       0       0

පිවිතුරු යහපාල Saturday, 04 July 2015 03:37 AM

මේ තීරුවේ වැඩියෙන්ම ලතවෙන්නේ, හඬා වැටෙන්නේ පද්මිණීලා බටගලලා වගේ කළු සුද්දොනේ.ඔයාලා අපිට පව් නොදී ඉන්න රටක වෙලා ඉන්නකෝ. මේ රටේ දේශපාලන වෙනස්කම් අවශ්‍ය වෙන්නේ මේ රටේ මේ පොළොවේ පයගහල ජීවත්වෙන මිනිසුන්ට. (නි)

:       0       0

අමර Saturday, 04 July 2015 03:43 AM

අනේ අපි මොනවා කරන්නද ඉතින්? (නි)

:       0       0

අරුණි Saturday, 04 July 2015 03:44 AM

මගේ රටට දළදා හිමි සරණයි. අපි තැබූ විස්වාසය නොවෙනස්ව පවතීවා.(නදී)

:       0       0

සිරි විකුම් Saturday, 04 July 2015 01:04 PM

ඔය ඉනිමග ඉස්සුවේ කොටි සහ උන්ට කඩේ යන උන්දලා මිස රටේ මහා ජනයා නෙමේ. (නදී)

:       0       0

ජයන්ත Saturday, 04 July 2015 03:48 AM

මේකේ අදහස් දන සමහර අයට ඕනේ එයාල පිටරටක ඉන්න බව කියාපාන්න. බොරු ෂෝ එපා. රටට අදෙරේ අය විතරක් අදහස් දැම්මම ඇති අපිට. (නදී)

:       0       0

විදාන Saturday, 04 July 2015 03:53 AM

අනාගත අගමැති විය යුත්තේ මහින්දද, රනිල්ද ? (නදී)

:       0       0

රෝහණ Saturday, 04 July 2015 03:52 AM

මමත් සත්‍යා සමග එකඟ වෙමි.(නදී)

:       0       0

එච්.එම්.ට බණ්ඩාර Saturday, 04 July 2015 04:00 AM

ජය නියතයි! රට ගලවාගත් සැබෑ විරුවානනි (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපතිට IMF සහය
2024 සැප්තැම්බර් මස 24 205 0

මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ධනාත්මක මාවතක් කර රැගෙන ඒමට උපකාරී වූ දුෂ්කර ජයග්‍රහණ ඉදිරියට ගෙන යාම සඳහා ජනාධි


බිත්තර මිළ පහළට
2024 සැප්තැම්බර් මස 24 2265 2

වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.


උඩරට දුම්රිය ගමනාගමනයට බාධා
2024 සැප්තැම්බර් මස 24 287 0

බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසය


රනිල් නැවත මැතිවරණ වලට එන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 24 2996 5

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.


සජබ ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවයි
2024 සැප්තැම්බර් මස 24 1843 2

ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.


ලංකා සභාවෙන් ජනපතිට සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 24 753 0

ශ්‍රී ලංකාව නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් මෙරට බහුතරයක් අනුර කුමාර දිසානායක මහතා වෙත තැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 33569 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23925 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 145 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 469 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 213 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site