IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


මෛත්‍රී කසය අතට ගනී

(සන්ඩේ ටයිම්ස් දේශපාලන විශ්ලේෂක විසිනි)

(පරිවර්තනය කෝවිද ගුණසේකර)

පසුගිය බදාදා, නිකිණි පොහෝ දින ආගමික වතාවත් නිමවීමෙන් පසුව ජනපති මෛත්‍රීපාල සිරිසේනට එදින පුවත්පත් කියැවීමට මද ඉස්පාසුවක් ලැබිණ.

ඔහුගේ දෙනෙත වහාම යොමුවූයේ අතුරුදන්වූවන් සඳහා වෙනම කාර්යාලයක් පිහිටුවීම අරබයා ඒකාබද්ධ විපක්ෂය පවත්වා තිබූ මාධ්‍ය හමුවක් ගැන සඳහන් වූ පුවතකටය. රජය ඔවුන්ගේ සංශෝධනයන් නොසළකා හැර ඉක්මනින් පණත සම්මත කරගෙන ඇති බව ඒකාබද්ධ විපක්ෂයේ චෝදනාව වී තිබිණ. වහාම දුරකතනය අතට ගත් ජනපතිවරයා එම මාධ්‍ය හමුවට සහභාගීව සිටියේයැයි සඳහන්ව තිබූ කෙහෙළිය රඹුක්වැල්ල මහතා පෞද්ගලිකවම ඇමතුවේය. හිටපු රාජපක්ෂ රජයේ මාධ්‍ය ඇමැතිවරයා වූ කෙහෙළිය අද මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රබල ආධාරකරුවෙකි.

‘ අතුරුදන්වූවන්ගේ කාර්යාලය පිහිටැවුවහොත් අත්වෙන්න පුලූවන් ප්‍රතිවිපාක සම්බන්ධයෙන් මම එදා මාධ්‍ය හමුවේදී අදහස් දැක්වුවා.ව්‍යවස්ථාවට පටහැනිව පණත සම්මත කරගෙන ඇති බව මම අවධාරණය කළා.පසුවදා ජනපතිවරයා මට දුරකතනයෙන් ඇමතුවා.පණත සම්බන්ධයෙන් ස්වාධීන මතයක් අවශ්‍ය බව ඔහු මට කිව්වා.අපේ අනෙක් සාමාජිකයින් සමග සාකච්ඡා කර අපේ මතය ඉදිරිපත් කරන්න බව මම ඔහුට පැවසුවා.මේ සාකච්ඡා වලට අනෙක් පාර්ශවත් සම්බන්ධ කරගන්නා ලෙසට ජනපතිවරයා මට උපදෙස් දුන්නා.’

 රඹුක්වැල්ල සන්ඩේ ටයිම්ස් හා අදහස් දක්වමින් පැවසුවේය.හෙට (සඳුදා) දිනය වන විට මේ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ මතය ජනපතිවරයාට ඉදිරිපත් කිරීමට හැකිවනු ඇතැයිද ඔහු කීවේය.

රාජපක්ෂ හිතවාදීන් වැඩට බසී

ජනපති සිරිසේන සමග මෙසේ අදහස් හුවමාරු කරගත්තද ඒ වන විටත් රඹුක්වැල්ලට දඩුවමක් ලැබී තිබිණ. හදිසියේ ධූර අහෝසි කෙරුණු ශී්‍ර ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකින් 16 දෙනා අතර ඔහුද විය.මෙයත් සමග ශී්‍ර ලංකා නිදහස් පක්ෂයේ මහින්ද රාජපක්ෂ හිතවාදී කණ්ඩායම අතිශයින් කෝපයට පත්විය.අතුරුදන්වූවන්ගේ කාර්යාලය ඇතිකිරීම සම්බන්ධයෙන් කණ්ඩායමක් ලෙස තම මතය ඉදිරිපත් කිරීමේ වුවමනාවක් තවදුරටත් ඔවුනට නොතිබිණ.පාර්ලිමෙන්තුවේ සම්මත වූ මෙම පණත දැන් තිඛෙන්නේ කනානායක කරූ ජයසූරිය මහතාගේ අනුමැතිය ලබාගැනීමට යොමුකරය.එයට අනුමැතිය ලබා නොදෙන ලෙස ඉදිරිපත් වූ ඉල්ලීම් එකහෙළා බැහැර කිරීමටද ජයසූරිය කටයුතු කර ඇතැයි දැනගන්නට ඇත.ආසන සංවිධායයින් ඉවත් කිරීම හමුවේ පණත ගැන වද වීමට කාලය මිඩංගු කිරීමේ හැකියාවක් රාජපක්ෂ හිතවාදීන්ට නොතිබිණ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඛෙදීම ප්‍රබලව සංකේතවත් කළ එක් අත්සනකින්, පක්ෂ මහ ලේකම් මෙන්ම දේශපාලනයට තවමත් ආධුනිකයකු වන දුමින්ද දිසානායක මහතා මෙම 16 දෙනා ආසන සංවිධායක ධූර වලින් නෙරපා හැරියේය.ඊට ප්‍රථමයෙන් මේ සම්බන්ධව පක්ෂ නායක ජනපති සිරිසේන ඇතුළු ප්‍රබලයින් හමුව සාකච්ඡා කර එකගතාවයකට පැමිණීමටද ඔහු කටයුතු කර තිබිණ.ඉවත් කෙරුණු ආසන සංවිධායකයින් අතර ගාමිණී ලොකුගේ (කොළඹ), රෝහිත අබේගුණවර්ධන (කලූතර), සී.බී.රත්නායක (නුවර එළිය), මහින්ද යාපා අබේවර්ධන (මාතර) සහ පවිත්‍රා වන්නිආරච්චි (රත්නපුර) වැන්නෝ වූහ.කෙසේවුවත් මේ සියල්ලෝ තවමත්  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයෝය.

‘මේ අය පක්ෂයෙනුත් ඉවත් කරනවාද නැද්ද කියන එක තීරණය වෙන්නේ විනය කමිටුවේ නිර්දේශය මත.මේ අය ඉවත් කෙරුණේ ඔවුන් පක්ෂය විවේචනය කළ නිසා සහ ඔවුනට පැවරුණු වගකීම් හරි විදිහට ඉෂ්ට කළේ නැති නිසා.දැන් අලූත් අයට වගකීම් පවරලා තියෙනවා.’ දිසානායක සන්ඩේ ටයිම්ස් හා පැවසුවේය.

රාජපක්ෂගේ ප්‍රබල ආධාරකරුවන් වන හිටපු ඇමැතිවරුන් කිහිපදෙනෙකුට එරෙහිව විනය ක්‍රිමාර්ග ගෙන නොතිබීමෙන් ඔවුන්, ක්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන පාර්ශවය සමග සබදතා පවත්වාගනිමින් සිටින්නේයැයි මතයක් පලවිය.නමුත් එක් දිස්ත්‍රික්කයකින් එක බැගින් ආසන සංවිධායකවරයකු ඉවත් කර තිබීම, එම දිස්ත්‍රික් වල සිටින අනෙක් ආසන සංවිධායකයින්ට එල්ල කළ අනතුරු ඇගවීමක් ලෙස සැළකීමට වැඩි හැකියාවක් ඇත.

වැඩේ තවම පටන් ගත්තා විතරයි. මෛත්‍රීපාල පාක්ෂිකයෙක් කීවේය.

ආසන සංවිධායකයින් ඉවත් කිරීම අරබයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහින්ද රාජපක්ෂ පාර්ශවය දැනටමත් වැඩ පටන්ගෙන අවසන්ය.බදාදා රැයේ රාජපක්ෂ හිතවාදීන් කණ්ඩායමක් බත්තරමුල්ල නෙළුම් පොකුණ මාවතේ පිහිටි ඔවුන්ගේ කාර්යාලයේදී හමුවූහ.සාකච්ඡාවේ මුලසුන හෙබවූයේ බැසිල් රාජපක්ෂ මහතාය.පසුදා, බ්‍රහස්පතින්දා දින මිරිහානේ පිහිටි මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේදී තවත් හමුවක් පැවැත්විණ.පැමිණ සිිටියවුන් අමතමින් අදහස් දැක්වූ හිටපු ජනපතිවරයා, ආසන සංවිධායකධූර වලින් ඉවත් කළා සේම, පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට තීරණයක් ගෙන තිබේදැයි සොයා බලා වහාම තමාට දැනුම්දෙන ලෙස උපදෙස් දුන්නේය.මේ සදහා විශේෂ කමිටුවක්ද පත් කැරුණු අතර බැසිල් රාජපක්ෂ, ඩලස් අලහප්පෙරුම, පවිත්‍රා වන්නිආරච්චි, රෝහිත අබේගුණවර්ධන සහ ජී.ඇල්.පීරිස් එහි සාමාජිකයෝ වූහ.

කමිටුවේ වාර්තාව එදිනම රාජපක්ෂට ලැබිණ.ජී.ඇල් ඇතුළු කමිටු සාමාජිකයින් සියලූදෙනාගේම අදහස වූයේ නව දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ඉතාම සුදුසු අවස්ථාව වන්නේ මෙය බවය.මෙය නව දේශපාලන පක්ෂයක් ඇතිකිරීමක් ලෙස වරදවා වටහාගත යුතු නැතැයි කී ඔවුන් ඒ සදහා දැනට විශාල අවශ්‍යතාවක් නැති බව කීවේය.ජනපති සිරිසේනගේද අවධානය මේ සම්බන්ධයෙන් යොමුව තිඛෙන බව පැහැදිලි වූයේ ඔහු රජයේ පළමු වසර සංවත්සරය වෙනුවෙන් මාතරදී සංවිධානය කර තිබූ ජන රැලියක් අමතමින් දැක්වූ අදහස් වලිනි.රාජපක්ෂ හිතවාදී කණ්ඩායම නව දේශපාලන පක්ෂයක් තනා ගතහොත් ඔවුන්ගේ තිඛෙන තව තවත් රහස් තමන් එළිකරන බව ජනපති සිරිසේන පැවසුවේය.ජනපති ලේකම්කාර්යාලය නිකුත් කර තිඛෙන නිවේදනයක දැක්වෙන පරිදි වංචනිකයින්ට හා දුූෂිතයින්ට නැවත රට භාරගැනීමට ඉඩ නොතබන බවද ජනපතිවරයා අවධාරණය කර තිබේ.මේ අනුව පැහැදිලි වන්නේ නව දේශපාලන පක්ෂයක ආගමනය සම්බන්ධයෙන් ජනපතිවරයාද ඉතාම සැළකිලිමත් බවය.එවැන්නක් සිදුවුවහොත් නිසැක වශයෙන්ම ශී්‍ර ලංකා නිදහස් පක්ෂය දෙකඩ වනු ඇත.ඔහු මෙසේ තර්ජනය දැනවූයේ රාජපක්ෂ හිතවාදී කණ්ඩායම එවැනි පියවරකට අවතීර්ණ වීමෙන් වළකිවාගැනීමට බව සිතිය හැකිය.

ඉදිරි වසරේ දේශපාලන ගැටලූ

ඉදිරි වසර ආරම්භයේ පැවැත්වීමට නියමිත ප්‍රාදේශීය සභා මැතිවරණයත්, අනතුරුව පැවැත්වෙනු ඇති පළාත් පාලන මැතිවරණයත් සැළකිල්ලට ගෙන නව දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කිරීමට මෙය ඉතාම සුදුසු කාලය බවට අවසානයේ රාජපක්ෂ හිතවාදීහු තීරණය කළෝය.වෙනම දේශපාලන ව්‍යාපාරයක් තිබුණහොත් ඉදිරියේ එන නව ව්‍යවස්ථාව සකස් කිරීමේ කටයුතු වලදීත්, ජනතාවගේ සහය දිනාගැනීමේ කටයුතු වලදීත්, වඩා වැඩි බලපෑමක් එල්ල කළ හැකිවනු ඇතැයි ඔවුන්ගේ මතය විය.

එදින ගත් තීරණයට අනුව සිකුරාදා දිනයේ ශී්‍ර ලංකා නිදහස් පක්ෂ ගාල්ල දිස්ති්‍රක් ආසන සංවිධායක ඩලස් අලහප්පෙරුම මහතා තම ආසන සංවිධායක ධූරයෙන් ඉවත් විය.රාජපක්ෂ හිතවාදීන් වන අනෙක් ආසන සංවිධායකයින්ද මේ අයුරින් එක් අයෙකු පසුපස තවත් අයකු බැගින් තම තමන්ගේ ආසන සංවිධායක ධූර වලින් ඉවත් වීමට නියමිතය.ඩලස්ට පසුව ආසන සංවිධායක ධූරයෙන් ඉවත්වේයැයි අපේක්ෂා කෙරෙන්නේ රාජපක්ෂ රජයේ ප්‍රවාහන ඇමැතිධූරය හෙබවූ, කලූතර දිස්ති්‍රක් ආසන සංවිධායක කුමාර වෙල්ගම මහතාය.මෙසේ එකිනෙකා ආසන සංවිධායකධූරයන්ගෙන් ඉවත්වීම හමුවේ ඔවුන්ව පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපා හැරෙනු ඇතැයිද, එය නව දේශපාලන පක්ෂයක් තනා ගැනීම සඳහා යන ගමන තවත් පහසු කරනු ඇතැයිද, රාජපක්ෂ කඳවුරේ විශ්වාසයයි.නමුත් පක්ෂයෙන් ඉවත් කිරීම පමණක් නොව දැනට හොබවන පාර්ලිමෙන්තු මන්තී්‍රධූර වලින්ද නෙරපා හැරෙනු ඇති වීමේ අවදානම මෙම ඉවත් වන පිරිස හමුවේ ඇත.එවැන්නක් සිදුවුවහොත් අධිකරණයේ පිහිට පතන බවත්, අතීතයේ එළෙස අධිකරණයේ පිහිට ලැබ තම පාර්ලිමෙන්තු අසුන් ආරක්ෂා කරගත් දේශපාලඥයින් සිටින බවත් ඔවුහු කියන්නෝය.ශී්‍ර ලංකා නිදහස් පක්ෂයෙන් නෙරපා හරිනු ලැබුවහොත් වර්තමානයේ දෙමළ ජාතික සන්ධානයට හිමිව තිඛෙන විපක්ෂ නායකත්වය, තමන්ට අත් කරගැනීමටද ඔවුන් අපේක්ෂාවෙන් සිටී.මැතිවරණයක් ළග එමින් තිබියදී ජනපති සිරිසේන මෙවන් පියවර අනුගමනය කරමින් සිටින්නේ පක්ෂයෙන් රාජපක්ෂ හිතවාදීන් තුරන් කිරීමට බව ඇතැම්හු පවසන්නෝය.තත්ත්වය එසේ නම් පක්ෂයේ පිරිස් බලය අඩුවී හෝ, මුළු පක්ෂයේම පාලනය තමන් කෙරේ නතු කරගැනීමට ජනපති සිරිසේනට නිසැකවම හැකවිනු ඇත.

‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනපි්‍රය ආසන සංවිධායකයින් ඉවත් කරමින් මේ හදන්නේ එක්සත් ජාතික පක්ෂයට වාසිය හදලා දෙන්න.අලූතින් පත් කරලා ඉන්න ආසන සංවිධායකයින් එතරම් ජනපි්‍රය අය නෙවෙයි.මේ වගේ දේවල් කරලා පක්ෂය තවත් ඛෙදන්නට හදන එකේ වගකීම පක්ෂ නායකයා හැටියට භාර ගන්න වෙන්නේ ජනපතිවරයාටම මිසක් වෙන කාටවත් නෙවෙයි.’ මහින්ද රාජපක්ෂ පැවසුවේය.

ඉවත් කැරුණු මෙන්ම ඉවත් වෙමින් සිටින ආසන සංවිධායකයෝ ලබන මස හතර හා පහ යන දෙදින කුරුණෑගල පැවැත්වීමට නියමිත ශී්‍ර ලංකා නිදහස් පක්ෂ සම්මේලනය වර්ජනය කිරීමට තීරණය කර ඇත.මහින්ද රාජපක්ෂ ඉතාලියේ සංචාරයක නිරතවීමට සැළසුම් කර තිබේ.ඔහු මිීට පෙර තායිලන්තයේ හා දකුණු කොරියාවේ සංචාර වල නිතර විය.

‘බිම් මට්ටම ආවරණය වෙන විදිහට සම්මන්ත්‍රන සහ වැඩසටහන් රාශියක් පවත්වන්නට අපි සැළසුම් කරලා තිඛෙන්නේ.ඒවායේ අරමුණ තමයි මේ ආසන සංවිධායකයින් ඉවත් කිරීම ගැන ජනතාව දැනුම්වත් කරන එක.රජය කලබල වෙලා ඉන්නේ දැන.ඒකයි අපට ඔය තර්ජනය කරන්නේ.’

 සන්ඩේ ටයිම්ස් හා අදහස් දැක්වූ ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේය.

අතීත අර්බුදයක්

ශී්‍ර ලංකා නිදහස් පක්ෂය වර්තමානයේ මුහුණදී සිටින අර්බුදය හා සමාන තත්ත්වයක් සිරිමාවෝ බණ්ඩාරනායක සමයේදී ද ඇතිවිය.1980 ඔක්තෝබර් මස ඇයගේ සිවිල් අයිතිවාසිකම් තහනම් කැරුණු අතර ඒ හමුවේ පක්ෂයේ දෙවැනියා වූ මෛත්‍රීපාල සේනානායක ප්‍රමුඛ කණ්ඩායමක් පක්ෂ නායකත්වයෙන් ඉවත් වන ලෙසය ඇයට බල කළහ.එය ප්‍රතික්ෂේප කළ සිිරිමාවෝ දඩුවමක් ලෙස මෛත්‍රීපාල සේනානායක ප්‍රමුඛ සාමාජිකයින් 13 දෙනෙකුගෙන් යුතුවූ කණ්ඩායම පක්ෂයෙන් නෙරපා හැරියාය.අනුර බණ්ඩාරනායක, පී.බී.ජී.කලූගල්ල, ස්ටැන්ලි තිලකරත්න ආදීහුද මෙම කණ්ඩායමට අයත් විය.ඔවුහු මැදිහත්ව පක්ෂ මධ්‍යම කාරක සභා හමුවක් පැවැත්වූ අතර එය ටකරන් මඩුවක පැවැත්වුනු නිසාවෙන් ‘ටකරන් කමිටුව’ යැයි මෙම කණ්ඩායම හැදින්වින.ඩාර්ලි පාරේ පිහිටි ශී්‍ර ලංකා නිදහස් පක්ෂ කාර්යාලය ක්‍රමයෙන් නිරන්තර ගැටුම් ඇවිලෙන ස්ථානයක් බවට පත්විය.අනුර බණ්ඩාරනායක අධිකරණ සහය පැතුවේය.සේනානායක බණ්ඩාරනායක කණ්ඩායමට එදවස පාලනය හිමිව තිබූ ජේ.ආර්.ජයවර්ධන ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයේ සහයද නොමදව ලැබිණ.ශී්‍ර ලංකා නිදහස් පක්ෂයේ ඇතිව තිබූ මෙම ඛෙදීම හමුවේ 1982 ජනපතිවරණයෙන් පහසු ජයක් අත්කරගැනීමට ජයවර්ධන සමත්විය.කෙසේවුවත් 1983 දී ශී්‍ර ලංකා නිදහස් පක්ෂයේ බිදී ගිය පාර්ශවයෝ නැවත එක්සත් වූහ.නමුත් ඒ හමුවේ සිරිමාවෝ බණ්ඩාරනායක හිතවාදී සාමාජික පිරිසක් පක්ෂයෙන් ඉවත්ව ගියෝය.ශී්‍ර ලංකා මහජන පක්ෂය පිහිටුවාගත්තේ ඔවුන්ය.

1991 දී සිරිමාවෝ බණ්ඩාරනායක පක්ෂයේ මධ්‍යම කාරකසභාවේ වෙනසක් සිදුකළාය.මෙම වෙනස සිදුකිරීමේ අරමුණ වූයේ පක්ෂයේ වැඩි බලයක් තමන් කෙරේ නතු කරගැනීමය.ඒ අනුව එස්.බී.දිසානායක, මංගල සමරවීර, නිමල් සිරිපාල ද සිල්වා, අලෙවි මවුලානා සහ විශ්වා වර්ණපාල, නම මධ්‍යම කාරක සභා සාමාජිකයෝ ලෙස පත් කැරිණ.අනතුරුව සිිරිමාවෝ, තම දියණිය වූ චන්ද්‍රිකා ශී්‍ර ලංකා නිදහස් පක්ෂයට ගෙන ආවාය.මෙයට යම් තරමක විරෝධයක් නැගිණ.තිලක් කරුණාරත්න ප්‍රසිද්ධියේම සිරිමාවෝගේ පිළිවෙත විවේචනය කළ අතර ඔහු වහාම පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපා හැරිණ.පුවත්පත් සාකච්ඡාවකදී ඒ පිළිබදව විවේචනාත්මකව අදහස් පළකළ අනුර බණ්ඩාරනායකගේ පක්ෂ සාමාජිකත්වය විධිමත් විමර්ෂණයක් පැවැත්වීමක් හෝ හේතු දැක්වීමක් හෝ නොමැතිව තහනම් කැරිණ.ඔහු 1993 දී එක්සත් ජාතික පක්ෂයට එක්වීමට ප්‍රබල හේතුවක් වූයේ මෙයයි.

පෝය දින දුරකතන සංවාදයෙන් ජනපති සිරිසේනගේ අපෙක්ෂාව ඉෂ්ට වුයේ නැත.නමුත් ඉන් පැහැදිලි වන තවත් දෙයකි.එනම් හදිසියේ සම්මත කරගත් අතුරුදන් වූවන්ගේ කාර්යාලය පිළිබද පණත සම්බන්ධයෙන් අනෙක් පාර්ශවයන්ගේ අදහස්ද විමසීමට ඔහු කටයුතු කරමින් සිටින බවයි.පණත සකස් කිරීමේ හා සම්මත කරගැනීමේ කි්‍රයාවලියේදී අතපසුවූ යමක් ඇතිදැයි විමසා බැලීම ජනපතිවරයාගේ අරමුණ බව සිතිය හැකිය.ඒකාබද්ධ විපක්ෂයේ නොහැකියාවක් තම වාසියට භාවිතා කළ රජය අතුරුදන්වූවන් වූවන්ගේ කාර්යාලය පිළිබද පණත සම්මත කරගත්තේ පසුගිය 11 වැනිදාය.මුලදී ඒකාබද්ධ විපක්ෂ නායක දිනේෂ් ගුණවර්ධන ඉල්ලා සිටියේ පණත සම්මත කරගැනීමට ප්‍රථමයෙන් දින එකහමාරක කාලයක් ඒ පිළිබද විවාදයක් පැවැත්වීමට අවස්ථාව ලබාදෙන ලෙසය.අනතුරුව 12 වැනිදා ඡන්ද විමසීම පැවැත්විය හැකි බව ඔහු පෙන්වා දුන්නේය.

සිකුරාදා රාති්‍රය වනතුරුම විවාදය පැවැත්විය යුතු බව ඒකාබද්ධ විපක්ෂයේ අදහස විය.නමුත් එය කළ නොහැකි බව පැවසූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තමාට ලෝ ඒෂීයා සමුලූවට සහභාගීවීම සදහා දිවයිනෙන් බැහැරව යාමට සිදුව තිඛෙන බව කියා සිටියේය.

එය සැළකිල්ලට ගත් කතානායක කරූ ජයසූරිය, දේශනය ආරම්භ කරන ලෙස විදේශ ඇමැති මංගල සමරවීර මහතාට දැනුම් දුන්නේය.ඒ හාම පාර්ලිමෙන්තුව සභාගැබට කඩා වැදුණු ඒකාබද්ධ විපක්ෂයේ මන්තී්‍රවරු පිරිසක් කෑ කෝ ගසමින් කලහකාරී ලෙස හැසිරීමට පටන්ගත්තේය.මේ හමුවේ සමරවීර තම දේශනය කෙටියෙන් අවසන් කළේය.ඔහුට අනතුරුව තවත් පාර්ලිමෙන්තු මන්තී්‍රවරු දෙදෙනෙක් දේශන පැවැත්වූහ.සභාගැබට පැමිණ සිටි විපක්ෂ මන්තී්‍රවරුන්ට නැවත තම අසුන් කරා යන ලෙස කතානායකවරයා දැනුම් දුන්නේය.නමුත් තත්ත්වය සමනය වූයේ නැත.

වහාම තම අසුනට දිවගිය එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමෙන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පණත පළමුවර කියවීම සම්බන්ධයෙන් මනාප සටහන් කරගන්නා ලෙස කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.නමුත් ඔහුගේ හඩ කිසිවෙකුටත් ඇසුණේ නැත.දෙවැනි කියවීමටද අත්වූයේ එම ඉරණමය.පණතෙහි කමිටු අදියරේ සිදුවූ සංශෝධන කිහිපයක් පාර්ලිමෙන්තුවට දැනුම්දීම අනතුරව සිදුවූ අතර එම සංශෝධනයන් සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සහ ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමෙන්තු මන්තී්‍ර බිමල් රත්නායක මහතා සභාගත කළෝය.

‘පණත හරියට සම්මත වුනේ නැහැ කියලයි අපි කියන්නේ.රජය පාර්ශවයෙන් සංශෝධන 17 කුත්, ජනතා විමුක්ති පෙරමුණේ පාර්ශවයෙන් සංශෝධන තුනකුත් සිදුකරලා තිබුණා.නමුත් ඒ සියල්ල පැහැදිලි කෙරුණේ නැහැ.’

 සන්ඩේ ටයිම්ස් හා පසු අවස්ථාවකදී අදහස් දැක්වූ වීරවංශ කීවේය.

අනතුරුව පණත තෙවැනි වරටත් කියවා ඇති බව කියා සිටි කතානායකවරයා, පණත පාර්ලිමෙන්තුවේ සම්මත වූ බව නිවේදනය කළේය.පසුදිනය දක්වා පාර්ලිමෙන්තුව කල් තැබිණ.පැය 13 කට ආසන්න කාලයක් විවාදයට ගැනීමට නියමිතව තිබූ අතුරුදන්වූවනගේ කාර්යාලයක් පිහිටුවීමේ පණත පැයකින් අවසන් වූයේ මේ අයුරින්ය.

 

විදේශ ඇමැතිවරයා සහ ඒකාබද්ධ විපක්ෂය අනතුරුව වෙන් වෙන් වශයෙන් මාධ්‍ය හමු පැවැත්වූහ.ඒකාබද්ධ විපක්ෂය කියා සිටියේ නිසි පටිපාටියක් අනුගමනය කිරීමකින් තොරව පණත සම්මත කැරුණු බවය.නමුත් සමරවීර අදහස් දක්වමින් පැවසූයේ වැඩි ඡන්දයෙන් පණත පාර්ලිමෙන්තුවේ සම්මත වූ බවය.එය ඉක්මනින්ම නීතියක් බවට පත්වනු ඇති බවත් ඔහු කීවේය.මෙම සතියේදී කතානායකවරයා ඒ සදහා තම නිර්දේශය ලබාදීමට නියමිතය.

 

ආදායම් උපයා ගැනීමට යෝජනා

 

සියයට 15 ක් දක්වා ඉහළ දැමුනු වැට් බදු සංශෝධනය ශ්‍රේෂඨාධිකරණ නියමයෙන් අහෝසි කර ඇති නිසා ගෙවුණු සතියේ අගමැති වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පාර්ශවයේ අවධානය යොමුවූයේ ඉහළ දැමූ වැට් බද්ද කි්‍රයාත්මක කිරීමට නොහැකිවීමෙන් රජයට සිදුවන අලාභය පියවාගනු වස් ආදායම උපයා ගත හැකි වෙනත් මාර්ග සම්බන්ධයෙන් සොයා බැලීමටය.රජයේ ශී්‍ර ලංකා නිදහස් පක්ෂ පාර්ශවයද මේ සම්බන්ධයෙන් අධ්‍යනය කරමින් සිටින අතර එහි වගකීම පැවරී තිඛෙන්නේ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාටය.මෙම කටයුතු අවසානයේ දෙපාර්ශවය අතර ඇතිවන එකගතාවයකින් වැට් බදු සංශෝධනය වෙනුවට කි්‍රයාත්මක කළ හැකි වෙනත් යෝජනා තෝරා ගැනෙනු ඇත.අගහරුවාදා අමාත්‍ය මණ්ඩල හමුවේදීද මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා විය.

 

මෙගාපොලිස් හා බස්නාහිර පළාත් සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා මේ අරබයා ඔහුගේම යෝජනා කිහිපයක් කැබිනට් පති්‍රකාවක් ඔස්සේ, අමාත්‍යවැන්ගේ අවධානයට යොමු කළේය.එහි පිටපතක් පරිශීලනය කිරීමට සන්ඩේ ටයිම්ස් වෙතද අවස්ථාව හිමිවිය.

 

අයවැය යෝජනා වලට නිරන්තරයෙන් සිදුකරන සංශෝධනයන් නිසා රජයේ ආර්ථීක කලමණාකරණ හැකියාව කෙරේ ජනතාවගේ ඇති විශ්වාසය ක්‍රමයෙන් හීනව යමින් තිඛෙන බවත්, ඒ හමුවේ රජයේ ආර්ථීක ස්ථාවරත්වයද අවදානම් සහගත තත්ත්වයක පවතින බවත් රණවක සදහන් කර තිබිණ.තවද පාර්ලිමෙන්තුවේ කි්‍රයාපටිපාටිය ප්‍රකාරව පණතක් සම්මත කරගැනීමට පවා රජයට නොහැක යැයි ජනතාව ක්‍රමයෙන් වටහාගනිමින් සිටින බවත් එම කැබිනට් පති්‍රකාවේ වැඩිදුරටත් සඳහන් විය.

 

වැට් බදු පදනම පුළුල් කිරීමට රජය ගත් තීරණය හමුවේ දීප ව්‍යාප්තර විරෝධතා ඇතිවූ බව පෙන්වා දෙන ඇමැතිවරයා වැට් බදු සංශෝධනය සිදු කරන්නේ පසුගිය රජයේ අයහපත් මූල්‍ය කලමණාකරණය නිසා සිදුවූ අලාභයන් පියවා ගැනීමට වුවත්, එම රජය නියෝජනය කළෝ, අද ජනතාව අතරේ ගැලවුම්කරුවන් ලෙස පෙනී සිටින බව අවධාරණය කර ඇත.පාද යාත්‍රා පවත්වමින් ජනතාව මුලාවේ හෙළන ඔවුන්ගේ වැරදි වලට දඩුවම් දීමට, තවමත් නිසි පියවර ගෙන නැතැයිද පවසා තිබේ.

 

රජයේ බදු ආදායම 2006 හා 2014 වසර සැසදීමේදී ඉතාම සීඝ්‍රයෙන් පහත බැස තිඛෙව බවද රණවක පේන්වා දී ඇත.

 

චම්පිකගේ යෝජනා වල සංක්ෂිප්තයක්

 

ජාතික රජයක් පවතින හෙයින් ඉදිරි වසර හතර එනම් 2017 - 2020 සළකා ආදායම, බදු ප්‍රතිපත්තිය, වියදම් සහ ආයෝජන යන සියලූ ක්ෂෙAත්‍රයන් ආවරණය වන ඒකාබද්ධ ජාතික ප්‍රතිපත්තියක් සකස් විය යුතුය.

 

වසර කිහිපයකට පෙර සකස් කෙරුණු වැට් බදු අයකරගැනීම් සහ වැට් බදු වංචා සම්බන්ධයෙන් වන කි්‍රයාමාර්ග ගැන සදහන් බුද්ධිමය කමිටු වාර්තාව ප්‍රසිද්ධ කළ යුතුය.

 

දළ දේශිීය නිශ්පාදිතයෙන් සියයට පහක ප්‍රතිශයතයක් බදු ලෙස අයකරගැනීමට හැකිවන පරිදි ආදායම් බදු, දේපළ බදු වැනි බදු වර්ග විධිමත්ව සංශෝධනය කළ යුතුය.පෞද්ගලික රෝහල්, පෞද්ගලික අධ්‍යාපන ආයතන, පෞද්ගලික නීති ආධාර සැපයුම් ආයතන වැනි සේවා වල ආර්ථීක කටයුතු විධිමත් කි්‍රයාවලියක් යටතට යටත් කළ යුතුය.

 

සංවර්ධනය විය යුතු ක්ෂේත්‍රයන් හදුනාගනිමින්ද, පසුගාමිී කළ යුතුව තිඛෙන ක්ෂේත්‍රයන් හදුනාගනිමින්ද, එම ක්ෂේත්‍රයන් මත බලපැවැත්වෙන වක්‍ර බදු ප්‍රතිශතයන් සංශෝධනය කළ යුතුය.අය කරගන්නා වක්‍ර බදු ආදායම, දළ දේශීය නිශ්පාදිතයෙන් සියයට 10 ක අගයක් විය යුතුය.

 

මධ්‍යසාර, දුම්වැටි හා ප්‍රවාහන ක්ෂේත්‍රයට යොදා නොගන්නා ඉන්ධන වර්ග මත සුරාබදු ප්‍රතිපත්තියක් කි්‍රයාත්මක කළ යුතුය.

 

ආනයනය බදු සහ රේගු බදු අයකරගැනීමේ ක්‍රමවේදය වඩා විධිමත් විය යුතුය.ගෙවුණු වසර දහයක කාලයේ ආනයනය - අපනයනය බදු වලට සිදුකළ විවිධ සංශෝධනයන් නිසා රටට අහිමිව තිඛෙන බදු ආදායම ඩොලර් ලක්ෂ 17302 ඉක්මවයි.

 

500 කට අධික වන අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා පමණක් සියයට 15 ක වැට් බදු ප්‍රතිශතයේ පවත්වාගත යුතුය.අනෙක් භාණ්ඩ හා සේවා මාර්ගයෙන් රුපියල් ලක්ෂ 10000 ක බදු ආදායමක් ලබාගත හැකි වන සේ (දැනට යෝජිත බදු ආදායම රුපියල් ලක්ෂ 120 කි) ඒවා බදු ජාලයට එක් කරගත යුතුය.

 

නව්‍යකරණයට, හරිත තාක්ෂණයට, සුළු හා මධ්‍ය පරිමාන කර්මාන්තයට තැන හිමි බදු ප්‍රතිපත්තියක් හදුන්වාදිය යුතුය.

 

ජනපතිවරයා එක්සත් ජාතීන් හමුවට

 

බදු පිළිබදව වද වෙමින් සිටීමට ජනපති සිරිසේනට ගෙවුණු සතියේ හැකියාවක් නොතිබිණ.එක්සත් ජාතීන්ගේ 71 වන මහ සමුළුවට සහභාගී වීම සදහා නිව්යෝර්ක් නුවර බලා යෑමට ඔහු සූදානම් වෙමින් සිටියේය.ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක හා පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපා, නියෝජ්‍ය ඇමැති අජිත්.පී.පෙරේරා, නාලක කොළොන්නේ සහ විජේපාල හෙට්ටිආරච්චි යන මහත්වරුන් ඔහු සමග මෙම ගමනට එක්වීමට නියමිතය.මුල් සැළසුම වූයේ ජනපති සිරිසේන ප්‍රමුඛ දුූත පිරිසක් වෙනිසියුලාවේ කරකාස් නුවර පැවැත්වෙන, ලොව ප්‍රබල යැයි සම්මත රටවල් සමග නිල වශයෙන් සන්ධාන ගතව නොමැති රටවල් කණ්ඩායමක සමුළුවක් වන, නිර්පාක්ෂික (නොන් අලයිග්න්ඩ්) සමුළුවට සහභාගී වීමට වුවත් අවසන් මොහොතේදී එම තීරණය වෙනස් විය.බොහෝ විට අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ජනපති සිරිසේන වෙනුවට එම සමුළුවට සහභාගී වනු ඇත.අනතුරුව ඔහු ජනපතිවරයා ප්‍රමුඛ කණ්ඩායම හා එක්වීමට නිව්යෝර්ක් නුවර බලා පැමිණීමට නියමිතය.ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි පවා මෙවර නිර්පාක්ෂික සමුළුවට සහභාගී නොවන බව විදේශ කටයුතු අමාත්‍යංශ ආරංචි මාර්ගයක් පැවසුවේය.

 

එක්සත් ජාතීන්ගේ මහ සමුළුව පැවැත්වෙන දෙවැනි දිනයේ ජනපති සිරිසේන විශේෂ දේශනයක් පැවැත්වීමට නියමිතය.නිව්යෝරක් නුවර බලා යෑමට පෙර චීනයේ බීජිං නුවර පැවැත්වීමට සංවිධානය කර තිබූ විශේෂ සමුළුවකට සහභාගීව අනතුරුව නිව්යෝරක් බලා ඒමට ජනපතිවරයා සැළසුම් කර තිබුණත්, එසේ කළහොත් නියමිත පරිදි දේශනය පැවැත්වීමට අවස්ථාව නොලැඛෙන නිසා චීන සංචාරය අවලංගු කිරීමට සිදුව ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශයෙන් දැනගැනීමට හැකිවිය.ජනපතිවරයා දිවයිනෙන් බැහැරව යෑමට නියමිතව ඇත්තේ ලබන මස 19 වැනිදාය.24 වැනිදා ඔහු නැවත දිවයිනට පැමිණෙනු ඇත.

 

මෙවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහ සමළුව සුවිශේෂය.වත්මන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මූන් මහතා සහභාගී වන අවසන් මහ සමුළුව වන්නේ මෙයයි.ඔහු ලබන මස පළමුවැනිදා ශී්‍ර ලංකාවට පැමිණෙනු ඇත.ඉදිරිය වෙනුවෙන් ශී්‍ර ලංකාවට සුභ පැතීමත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සම්මතවී තිඛෙන යුද අපරාධ චෝදනාවන්ට අදාළ කටයුතු සම්බන්ධයෙන් ශී්‍ර ලංකා රජයේ ප්‍රගතිය විමසා බැලීමත් ඔහුගේ සංචාරයේ අරමුණයි.මෙම කටයුතු අවසානයේ ඔහු සැප්තැම්බර් මස තුන්වැනිදා දිවයිනෙන් පිටව යනු ඇත.

 

ඇමරිකා ජනපති බැරක් ඔබාමා සහභාගී වනු ඇති අවසන් එක්සත් ජාතීන්ගේ මහ සමුළුව වනු ඇත්තේද මෙයයි.ඇමරිකාවේ හිටපු ජනපති බිල් ක්ලින්ටන් 13 වැනි වරටත් පවත්වන ‘ක්ලින්ටන් ග්ලෝබල් ඉනිෂියේටිව්’ හි ආරාධිතයකු ලෙස සහභාගීවීම සදහා ජනපති සිරිසේනටද අවස්ථාව හිමිව ඇත.මෙවර ඇමරිකා ජනපතිවරණයට ඉදිරිපත්වන ක්ලින්ටන් බිරිද, හිලරි ක්ලින්ටන්ද මෙම අවස්ථාවට සහභාගී වනු ඇතැයි අපේක්ෂිතය.

 

රජයේ දින දර්ශනයේ වැඩි ඉඩක් මේ දිනවල වෙන්ව ඇත්තේ ආර්ථීකය සම්බන්ධ කටයුතු වලටය.දෙවන අයවැයත් ඉතාම ආසන්නයේ තිඛෙන බැවින්, වහ වහා එම කටයුතු වල නිරත වීමට රජයට සිදුව ඇත.

 

වැට් බදු අහෝසි වීම නිසා රාජපක්ෂ පාර්ශවයෙන් එල්ල වන තර්ජනයටද, ජනතාවගේ විශ්වාසය කඩවීමටද මුහුණ දෙන්නට සිදුව තිඛෙන රජයට ලබන වසරේ යුද අපරාධ චෝදනා වලට අදාළ කටයුතු වල සකී්‍රයව නියැළෙන්නටද සිදුවනු ඇත.මේ සියල්ල දැනටමත් විවිධ පීඩනයන්ට හසුව මිරිකී සිටන රජය මත තවත් බර පටවනු ඇති බව විශේෂයෙන් විස්තර කළ යුතු නැත.



අදහස් (0)

මෛත්‍රී කසය අතට ගනී

රුචී Monday, 22 August 2016 05:54 AM

මෙතුමලා දන්නේ පනත් සම්මත කරන්න විතරයි. මේ ආණ්ඩුවට ඡන්දය දුන් අයට තමයි කසයෙන් තලන්න ඕනෑ. (නි)

:       0       0

තෙන්නකෝන් Monday, 22 August 2016 06:35 AM

හැමදාම හැම දේශපාලකයෙක්ම තමන්ගේ ගොඩ පුරවගන්න නොයෙක් මුසාවාද කියමින් අපිව රවටා ඡන්දය ගන්නවා. ඔය හොරු සහ හොරුන්ගේ තොරතුරු හංගාගෙන සිටීම නීතියෙන් වරදක් නේද? (නි)

:       0       0

රොකී Sunday, 21 August 2016 02:51 PM

අතට ගත්තා කීවාට මදි උතුමාණෙනි. තලන්නත් ඕන. තැලීය යුතු කීප දෙනෙක්ම ආණ්ඩුවේ ඉන්න බවයි අපට නම් පෙනෙන්නේ! (රේ)

:       0       0

මනෝජ් Sunday, 21 August 2016 03:27 PM

අලුත් පක්ෂයෙන් කෙරෙන්නේ නැවත රට යුද්දයකට තල්ලුවීමයි. ඊ ලඟට වෙන්නේ සුළු ජාතීන් බලය අතට ගැනීමයි. බලන්න 2023 වෙන්නේ මොකද කියල. හැම පැත්තටම රාජපක්සල ඉතිහාසගතවෙයි. (රේ)

:       0       0

සිංහ Monday, 22 August 2016 06:55 AM

රොකී, වරදක් කිරීමත් එයට අනුබලදීමත් දෙකම දඬුවම් කළයුතු වරදක්

:       0       0

කොස්තා Sunday, 21 August 2016 10:14 PM

මහින්දට සමහරු හොඳටම බැන්නා හැම උත්සවයකටම යනවා පම්පෝරියට කියලා. දැන් එයාලට දවසට උත්සව තුන හතරක්වත් ඕනෑ. ඉතින් කොහෙද වෙන වැඩකට වෙලාවක්? (නි)

:       0       0

සිරි Sunday, 21 August 2016 08:11 AM

ඔය ෆයිල් එළියට දානවා කියන එකෙන්ම පැහැදිලියිනෙ වටේ ඉන්නේ කොහොම අයද කියලා. අනික හොර ෆයිල් ළඟ තබාගැනීමත් වරදක්නේ. (නි)

:       0       0

දසුන් Sunday, 21 August 2016 09:08 AM

ඔය කසය අතට ගත්තාට වැඩක් තියෙනවද කියලයි අපි මේ බලාගෙන ඉන්නේ (නි)

:       0       0

රුපා Monday, 22 August 2016 01:32 AM

කසයකුත් තියනවද. මම හිතාගෙන හිටියේ ගහන්නේ මඩු වලිගෙන් කියල. (රේ)

:       0       0

මුණසිංහ Monday, 22 August 2016 02:21 AM

ඕකෙන් තමන්ටම තලාගන්න මහජනතාව නම් දැනටමත් සූදානම්. (නි)

:       0       0

ඇන්තනි Sunday, 21 August 2016 10:57 AM

ජනපති මෛත්‍රීපාල සිරිසේනට එදින පුවත්පත් කියැවීමට මද ඉස්පාසුවක් ලැබිණ.ඔහුගේ දෙනෙත වහාම යොමුවූයේ ඒකාබද්ධ විපක්ෂය පවත්වා තිබූ මාධ්‍ය හමුවක් ගැන සඳහන් වූ පුවතකටය. හා හා හා හා ..(රේ)

:       0       0

ධම්ම Sunday, 21 August 2016 11:25 AM

කසය අතට ගත්තාට ගහන්න දැනගන්නත් ඕන. කෙවිටෙන් ගහන විදියට කසෙන් ගහන්න බැහැ.(රේ)

:       0       0

සුරංග තිලින Sunday, 21 August 2016 12:30 PM

ජනප්‍රිය සංවිධායකයෝ ජනප්‍රිය වෙලා තියෙන්නේ රටට වැඩක් කරලද, හොරකන් කරලා සල්ලි හම්බ කරලද කියන එක ලංකාවේ මිනිස්සුන්ට තේරුම් ගන්න බැරි වෙන තාක් ලංකාවට ගොඩ ඒමක් නැ.(රේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්ගේ පක්ෂය තනිව මහ මැතිවරණයට
2024 ඔක්තෝබර් මස 07 1 0

ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වූ හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙහි චන්ද්‍රකාන්තන් මහතාගේ නායකත්වයෙන් යුතු දෙමළ ම


ඇල්පිටිය ප්‍ර.ස. මැතිවරණයේ තැපැල් ජන්ද පත්‍රිකා අද තැපෑලට
2024 ඔක්තෝබර් මස 07 75 0

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීමට අදාල තැපැල් ජන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට්ටු අද (7) තැපැල් දෙපාර්තමේන්තුවට බාර දෙන බව මැ


කෝටියක් වංචා කළ ජපන් භාෂා ගුරුවරයා අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 07 267 0

ජපන් රටේ උසස් අධ්‍යාපනය සහ රැකියා ලබා දෙන බව පවසා රුපියල් කෝටියකට ආසන්න මුදලක් වංචා කර සැඟව සිටි ජපන් භාෂා ගුරුවරයෙකු අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන


කෙසෙල්වත්තේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 07 560 0

කොළඹ කෙසෙල්වත්ත ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී නාඳුනන කාන්තාවක් අද (7) අලුයම් කාලයේ දී තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්ව මිය ගොස් ඇතැයි කෙසෙල්වත්ත පොලිසිය කි


සුළඟෙන් කාලගුණයට බලපෑම්
2024 ඔක්තෝබර් මස 07 422 0

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී.


ඉකුත් රජය කාලයේ අධිවේගයත් අවභාවිත කරලා
2024 ඔක්තෝබර් මස 07 3605 0

’’එස් පාස් ’’ විශේෂ අවසර පත්‍රය සහ ඉහළ පෙලේ දුරකථන ඇමතුම් මගින් ඉකුත් රජයන් සමයේ අධිවේගී මාර්ගය භාවිතා කරමින් සිදුවූ අභාවිතාවය නව ජනපති බලයට පත්වීමත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39243 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25618 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1102 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 385 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site