IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


‘මෛත්‍රී ගේන බව මෛත්‍රීවත් දන්නෙ නැහැ‘

(දෙවැනි කොටස)

මොකද ඇත්ත වශයෙන්ම මම එතුමාට කියල තිබුණා මහින්ද නම් කරන්න අවුරුදු දෙකකට පෙර මම දේශපාලනයේ ඉන්නේ නැහැ කියල තීන්දු කරලනෙ තිබුණේ. මම හිතන්නේ ලංකා දේශපාලනයේ නායකයෙක් හැටියට අවුරුදු 60 දී ගෙදර ගිය එකම එක්කෙනා මම. මගේ පැහැදිලි තීන්දුවක් මත. මම කරන්නේ ප්‍රතිපත්තිමය දේශපාලනයක්. මම මේකෙන් සත පහක් හොයල නැහැ. තිබුණු ඒවා නැති කරගත්ත මිසක්. අම්මල තාත්තල අපි ඔක්කොම. මට එකම එක සතුටයි තිබුණේ තෘප්තිය අපි මොකක් හරි වැඩක් කරනවා කියල රට වෙනුවෙන් සාර්ථකව. විශාල වැඩකොටසක් කෙරුවා. මහින්දයි එයාගෙ පුත්‍රයයි ගිහිල්ලා කිව්වට චන්ද්‍රිකා කිසි දෙයක් කෙරුවෙ නැහැ කියලා මහින්ද විවෘත කර කර ගියේ අවුරුදු 7 ක් 8 ක් මම කරපු දේවල්. මම ආරම්භ කරල බාගෙට ඉවර කරල ගිය දේවල් තමයි විවෘත කර කර ගියේ. ඔය අධිවේග මාර්ග දෙකම නෙළුම් පොකුණ ඒවා ඔක්කොම. කොහොමහරි ඒ තෘප්තිය මට තිබුණා. හැබැයි දෙවතාවක් කරල ගෙදර ගියාට පස්සේ ආයෙ කරන්ඩ අවශ්‍ය නැහැ කියල මම තීන්දු කරපු නිසා මේ දැන් කවුද මේකට ගන්නේ? ඉතින් බලනකොට මම මෛත්‍රීට කියල තිබුණා ගෙදර යන බව මම ස්ථිරව දන්නවා 2003/04 වෙනකොට කරුණාකරල හැදෙන්න. ඒ කියන්නේ නායකත්වයට සූදානම් වෙන්න කියල. මොකද එතුමා සාමාන්‍යයෙන් ලැජ්ජයි. තල්ලුකරගෙන නායකත්වයට එරෙහිව යන කෙනෙක් නෙමෙයි. පක්ෂෙට හරි ආදරෙයි. මම එතුමා තීන්දු කෙරුවේ ඇයි මම දන්නවා එතුමා හොරෙක් නෙමෙයි කියලා. මගේ කැබිනට් එකේ ඉඳගෙන හොරකම් නොකරපු ස්වල්ප දෙනාගෙන් එක්කෙනෙක්. මම හොරකම් කරන්න දුන්නේ නැහැ. හැබැයි හුඟක් අය උත්සාහ කළා. මිනීමරුවෙක් නෙමෙයි. හොඳ ප්‍රජාතන්ත්‍රවාදියෙක්. ප්‍රගතිශීලියි. ජනතාවගේ පැත්තේ ඉන්න කෙනෙක්. අනික් එක මට ඕන කරල තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු කියන පංච මහා බලවේගය තුළින් මගේ තාත්තා හදපු පොදු ජනතාවගේ පක්ෂය උච්ඡතම ස්ථානයට ගේන්න ජනතා පුත්‍රයෙක් ජනාධිපති කරලා. ඉතින් එතුමාට මම කිව්වා ඔයා තමයි මේ වැඩේට හොඳම, දැන් බිල්ඩ්අප් වෙන්න. හැබැයි එතුමා කිව්වා අනේ නෑ මැඩම් තව වාරයක් ඉන්න ඕන කියල ඔය වාගෙ කථාවල් කිව්වා. ඉතින් කොහොමහරි කවුරුත් හිතපු නැති තමයි මහින්ද රාජපක්ෂ හැදෙයි කියල හිතාගෙන දුන්නේ. ඒක වෙන කතන්දරයක්. ඉතින් එහෙම වුණා. ඊළඟට දැන් ආපහු හිතනකොට ආයෙ මගේ ඔළුව ආපහු කැරකිලා ආවා එතුමා ගැන. ඊට පස්සේ අවුරුදු තුන හතරක ඉඳන්ම එතුමා කරපු ප්‍රකාශ බැලුවා. දැන් මේ කාටවත්ම මට කථා කරන්නවත් දෙන්නෙ නැහැනේ. මම ඈත ඉඳගෙන මම ටෙලිවිෂන් එකත බලන එක නවත්තලා තිබුණේ. ඉඳලා හිටලා සිරස බලනවා, එම්ටීවී එක බලනවා. මං බීබීසී, සීඑන්එන් බලන්නේ මොකද හැමදාම බොරුනෙ අහගෙන ඉන්න ඕන. හැබැයි මං පුවත්පත් කියවනවා. මම කීප වතාවක්ම දැක්කා ලංකාදීපෙ එතුමාගෙ කථාවල් වාර්තා කරල තිබුණා. එතුමා හොරකතමට එරෙහිව, ඥාති සංග්‍රහයට එරෙහිව කථා කරල තිබුණා පැහැදිලිව. මගේ කිසිම නෑදෑ කෙනෙක්ට මං තැනක් දීල නැහැ, මං හොරකම් කරල නැහැ මට අයිති නැති දෙයක් සහ ජනවර්ග ප්‍රශ්නය ගැනත් එතුමා මම විශ්වාස කරනදේත් ඒ ස්ථාවරේ තමයි එතුමා හිටියේ. ඒ ස්ථාවරය නැවත ප්‍රකාශ කරල තිබුණා. පස්සේ මම හිතුවා මේ මනුස්සය තවම වෙනස් වෙලා නෑනේ. හොඳ ස්ථාවරයක ඉන්නවනේ මේ ප්‍රධාන ප්‍රශ්න ගැන. එහෙමනම් ආපහු දැන් මෙයා ගැන බලන්න ඕන කියල තමයි මම ඊට පස්සේ මම පණිවිඩ ඇරිය එතුමට. එතුමා කවදාවත් මට පණිවිඩ එව්වෙත් නැහැ. පක්ෂයේ ප්‍රධාන ලේකම් හැටියට එයාට පණිවිඩ එවන්න බැහැනේ එයාගේ සභාපතිවරයා පරද්දන්න එන්න කියලා. එතුමා ඒ අංශයෙන් බොහොම හොඳ විනයක් ඇති කෙනෙක්. මම පණිවිඩ අරින්න පටන්ගත්තා.

ප්‍ර.

හොඳයි මැතිනියනි මා කැමතියි තවත් ප්‍රශ්න කිහිපයක් මේ රටේ ජනතාව වෙනුවෙන් අහන්න. මාදුළුවාවේ සෝභිත ස්වාමින්වහන්සේ දැන් පාඨලී චම්පික රණවක, අතුරලියේ රතන ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ ජාතික හෙළ උරුමයේ කණ්ඩායම් ඇතුළු මේ රටේ ස්වාධීන ස්වේච්ඡා බලපෑම් කණ්ඩායම් පොදු එකඟතාවයකට ආවා මේ පාලන තන්ත්‍රය පෙරළා දමා නැවත යහපාලනය සමාජගත කරන්න අවශ්‍යයි කියලා.

පි.

ඇයි ටීඑන්ඒ එක? රවුෆ් හකීම්ලා?

ප්‍ර.

ඔව් හැබැයි මැතිනියනි මම තරමක මේ හිතුවක්කාර ප්‍රශ්නයක්ද දන්නේ නැහැ අහන්නේ? දැන් ඔබතුමිය විජය කුමාරතුංග මහත්මයා විවාහ කරගත්තායින් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එළියට එනවා. හැබැයි මහින්ද රාජපක්ෂ මහත්මයා කළා කියන මේ පක්ෂ කැඩීම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඔබතුමිය කවදාවත් හානි කළේ නැද්ද?

පි.

කවදාවත් නැහැ. ඒක ගැන මම වචනයක් කියන්නද? ඕක හැමවෙලාවෙම කියන දෙයක් නිසා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩාගෙන වැටෙන්න ගිය තුන් වතාවකදිම මමයි පක්ෂය බේරාගත්තේ. මම, මම, මම කියල මහින්ද වාගේ කටවුට් අහසට උඩින් දාගෙන කථා කරන කෙනෙක් නෙමෙයි මං. මම කරපු දේවල්වත් කථා කරලා නැහැ. ඒක නිසා තමයි ඒවා එයා කෙරුව කියල එයාගෙ ගාණට ගන්න පුළුවන් වුණේ. පළවැනි වතාව ඔය මං කිව්වේ ඉස්සරවෙලා මෛත්‍රී, මහින්ද කට්ටිය එකතුවෙලා  මැතිනිය පක්ෂෙන් පන්නන්න හදපු වෙලාවෙ අපි පක්ෂය බේරාගත්තා. හැබැයි එතැනින් පක්ෂෙට වෙච්චි හානිය නිසා අවුරුදු 17 ක් අපි පැරදි පැරදි එළියෙ ඉන්න සිදුවුණා. දෙවැනි වතාව අවුරුදු 17 ක් පරාජය වෙමින් හිටපු පක්ෂය ඉල්ලපු හැම ඡන්දයක්ම පරාද වෙමින් හිටපු පක්ෂයට මම නායකත්වය දීලා මගෙ ජීවිතේ පරදුවට තියලා මම දේශපාලනයෙන් ඉවත්වෙලා එන්නෙත් නැහැ කියල හිටපු වෙලාවේ ලන්ඩන්වලට ඇවිල්ලා මාව ඇදගෙන ඇවිල්ලා විජයව මරපු වෙලාවෙ මං දරුවො දෙන්නත් අරගෙන ගියා ඒ වෙලාවේ ජේවීපි එක මාවත් මරන්න හිටියේ. එතැනින් බේරිලා ගිහිල්ලා මං ආයේ එන්නේ නැහැ දේශපාලනයට හිමින් සැරේ රටේ ඇවිල්ලා ජීවත් වෙනවා කියල හිටපු අවස්ථාවේ බලෙන් මාව ඇදගෙන ඇවිල්ලා දැම්මා. ඒ වෙලාවෙත් පක්ෂය බේරාගෙන ඉවරවෙලා පක්ෂය බලයට ගෙනාවේ මම අවුරුදු 17 කට පස්සේ. ඊළඟට දැන් තුන්වැනි වතාව.

ප්‍ර.

හොඳයි. මා තුන්වැනි වතාවට දැන් එන්නම්. ගරු මැතිනියනි දැන් ජයග්‍රහණයට කළායින් පස්සේ මේ දක්වා කාලයට පෙර මා කැමතිය මේ කුමන්ත්‍රණයක් සිදුවුණා ඒ ජයග්‍රහණය ප්‍රකාශයට පත්කරන දවසේ සහ ප්‍රතිඵල බලාපොරොත්තුවෙලා රටේ වෙනසක් සිද්ධ වෙයිද නැද්ද අපි ඉංග්‍රීසි භාෂවෙන් කියනවා මේ ප්ලෑන් බී එකක් යම් කිසි හෙයකින් පරාජයට පත්වුණොත් ඊට පස්සේ මොකක්ද වෙන්නේ. දැන් මැතිවරණය පැවැත්වුණා. මැතිවරණ ප්‍රතිඵල නිකුත් වෙච්චි රාත්‍රියේ සිදුවෙච්චි සිදුවීම් මාධ්‍ය වාර්තා කළා. මං කැමතියි එයත් සැකෙවින් කෙටියෙන් ඔබතුමියගෙන් දැනගන්න?

පි.

මම එතැන හිටියේ නැහැ ඒක නිසා මට සහතික කරල කියන්න බැහැ. හැබැයි සෑහෙන්න සාධක තියෙනවා ඒක ඇත්ත කියලා විශ්වාස කරන්න. ප්‍රථමයෙන්ම මම හිතුවා දේශපාලන විද්‍යාව පිළිබඳ විශේෂඥයෙක් හැටියට මම දිගටම කිව්වේ අපේ අයට හිතන්න නම් එපා රාජපක්ෂලා අතහැරලා යයි කියලා ලේසියෙන්. මොකද ඒගොල්ලෝ මේ රටක් පාලනය කෙරුවේ නැහැ. රටට හොඳක් කෙරුවේ නැහැ. තමා හැදෙන එක විතරනේ කෙරුවේ. ඒගොල්ලන්ගේ දේශපාලන සංස්කෘතිය රටට හෙණ ගැහුවත් කමක් නෑ අපි හැදෙන්න ඕන කියන එකනේ කෙරුවේ. පුළුවන් තරම් රටේ මුදල් හොරකම් කෙරුවා. පුළුවන් තරම් එයාට විරුද්ධ වෙච්චි අය මැරුවා. අඩම්තේට්ටම් කෙරුවා, හානි කෙරුවා. ඒගොල්ලෝ කවදාවත් හිතුවේ නැහැ බලයෙන් යන්න වෙයි කියල. ටෙම්පල් ත්‍රීස් එකටයි ජනාධිපති මන්දිරයටයි ගිහින් බලන්න ඕන හිටපු හැටි. ඒගොල්ලො හිතුවෙ මේක ජනතාව විසින් අපිට දුන්නු එකක් නෙමෙයි. මේ බලය ජනතා බාරයක් නෙමෙයි. මේක අහසින් කඩාගෙන වැටිච්චි අපට හිමිවිය යුතු දේවත්වයෙන් අපට ලැබිච්ච දෙයක් කියලනේ ඒගොල්ලන් කටයුතු කෙරුවේ. රටේ තියෙන හැමදෙයක්ම අපිට අයිතියි. අපිට අයිති කරගන්න පුළුවන් කාටවත් කථා කරන්න බැහැ. ඒක හොරකමක් නෙමෙයි ඒක අපිට අයිතියි. ඒවට විරුද්ධ වුණොත් ඒ හැමකෙනාටම ගහනවා. මාධ්‍ය ඇතුළු හැමකෙනාටම. සමහර විශේෂඥයෝ පොත් ලියල තියෙනවා when King's go mad  කියලා. ඉතින් ඒක තමයි මෙයාට වුණේ. කින්ග් කෙනෙක් කියල එයා හිතුවා. එයා කින්ග් කෙනෙකුත් නෙමෙයි. එයා ජනතාවගේ නියෝජිතයෙක්. ඊට පස්සේ ඔළුවට ගැහුවට පස්සේ බලය කියන එක හරි අමාරුයි. කොහොමහරි මම දැනගත්තා මෙයා බලය දාලා නම් යන්නේ නැහැ කියලා. මම ඒ ස්ථාවරයේ විග්‍රහයේ හිටියා. ඒක නිසා එයාලා ප්ලෑන් බී එකක් හදා ගත්තා පැරදුණොත් ඒගොල්ලො හිතුවෙ නැහැ පැරදෙයි කියලා. හැබැයි අන්තිම දවස් දෙක තුනේ මං හිතන්නේ ඒගොල්ලොන්ට ඉඟියාවල් තිබුණා කියල ඒගොල්ලො වටේ හිටපු අය කියන දේවල්වලින් අපිට දැන් තේරෙනවා. පරාජය වුණොත් දීලා යන්නේ නැතිව හමුදා පාලනයකට යන්න. ඒක නිසා තමයි එයා පොලිස්පතිතුමාටයි හමුදාපතිතුමාටයි එන්න කියලා අග්‍ර විනිශ්චයකාරයත් ළඟ තියාගෙන ඇටර්නි ජනරලුත් ළඟ තියාගෙන කියල තියෙන්නේ අපි හදිසි නීතිය ප්‍රකාශයට පත්කරලා මැතිවරණ කොමසාරිස් ඡන්ද ගණන් කරන එක නවත්වමු කියලා. එතන එතන හිටපු රජයේ නිලධාරි තුන්දෙනාම විරුද්ධ වෙලා තියෙනවා. සීජේ මොනවද කිව්වෙ කියල මං දන්නෙ නැහැ. එයා ඕනැ එකක් කරන්න ලෑස්ති කෙනෙක්නේ. අනික් තුන්දෙනා කියල තියෙනවා අපිට නම් ඒකට එකඟවෙන්න බැහැ කියන එක. ඉතින් ඊට පස්සෙ තමා ඒගොල්ලො අප්සට් ගහලා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ටෙලිෆෝන් කරලා එන්න කිව්වේ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා උදේ පාන්දර 4 ටද 5ටද යනකොට එතැන සීජේ ඉඳල තියෙනවා. ඒක සම්පූර්ණයෙන් වැරදි වැඩක්. සීජේ කෙනකුට ජනාධිපතිවරණයක් වෙලාවේ ජනාධිපති ළඟ ඉන්න බැහැ. සම්පූර්ණයෙන් වැරදියි. ඉතින් කෙහොමහරි කුමන්ත්‍රණයක් තිබුණ කියල ඔය දේවල් නිසා අපට හිතන්න පුළුවන්. තවත් සාධක තියෙනවා හමුදාවේ 2000 ක් කොළඹට ගෙනාවා කිසිම හේතුවක් නැතිව. ඡන්දය වෙලාවේ ආරක්ෂක කටයුතුවලට කියලා. ඊළඟට ප්‍රධාන විපක්ෂයේ අයගේ ගෙවල් ළඟ රයට් ස්කොඩ්ස් (කැරළි මර්දන කණ්ඩායම්) දාලා තිබුණා. මගේ ගෙදරත් මෙතැනින් පොඩ්ඩක් එහා රයට් ස්කොඩ් එකක් තිබුණා. ඔය වාගේ ඒ සියල්ල නිසා අපිට හිතාගන්න පුළුවන් අපිව අත් අඩංගුවට අරගෙන හෝ මොකක් හරි කරලා නිවාස අඩස්සියේ දාලා හෝ අත් අඩංගුවට අරන් හෝ මරා දාලා, මාව නම් පෙති ගහල බැදල කනවා පුළුවන්නම්. ඒ කරලා හමුදා පාලනයකට යන්න උත්සාහ දරපු බවට සාධක තියෙනවා.

ප්‍ර.

මේ මොහොතෙත් අපි කථා කරන මොහොතෙත් ඒ සම්බන්ධ පරීක්ෂණ පැවැත්වෙනවා. අපිට පුළුවන් වේවි මේ පරීක්ෂණ වාර්තාවන් එළියට ආවාම. හැබැයි දේශපාලන වශයෙන් වැදගත්වන කාරණා කිහිපයක් ගරු මැතිනියගෙන් මං විමසන්න කැමතියි. හැබැයි මහින්ද රාජපක්ෂ මහත්මයා රජ ගෙදරින් නික්ම යන්නේ මේ අරලිය ගහ මන්දිරයෙන් නික්ම යනවා සාමාන්‍ය පුරවැසියෙක් විදියට පරාජය බාර ගනිමින් පාන්දර. ඒ නික්ම යාම මෙරට සහ විදේශීය මාධ්‍ය වාර්තා කළාම අතිශය කම්පාවට පත්වනවා ඇතැම් පිරිසක්. මේ අපේ ජනාධිපතිතුමා නික්ම යන ආකාරය කොයි ආකාරයෙන්ද පරාජය බාරගන්නේ කියලා. එතුමා පවා පසුව මැදමුලනෙදි ඒගැන කථා කරලා තිබුණා. මං කැමතියි දැන් ගරු මැතිනියනි ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය කිසිම හොඳ වැඩක් කළේ නැද්ද? දැන් යුද්ධය අවසන් කිරීම හැමෝම ඒ ගෞරවය දෙනවනේ එතුමා ඇතුළු එතුමාගේ කණ්ඩායමට සහ අනෙකුත් ආරක්ෂක අංශවලට. දැන් මේ රටේ පසුගිය කාලය දිහා ආපසු හැරිල බැලුවාම ඒ පිළිබඳ ගරු මැතිනිය තෘප්තිමත් නැද්ද? සතුටුදායක තත්ත්වයක නෙමෙයිද ඉන්නේ? හොරකම රටේ තිබුණා කියන එක දැන් මහජනතාව පිළීගන්න නිසානේ ඡන්දෙ දීලා මෛත්‍රී ජනාධිපතිතුමාව පත් කළේ?

පි.

පළමුවෙන්ම නික්ම ගිය එක ගැන මං වචනයක් කියන්න ඕනේ. මහින්ද රාජපක්ෂ විතරක් නෙමෙයි මේ රටේ හිටපු සියලුම ජනාධිපතිවරු අගමැතිවරු ඒ විදියටනේ නික්ම ගියේ. මොකක්ද එයා කරපු විශේෂය? එයා හොරෙන් බලේ ඩැහැගෙන හමුදා පාලනයක් තියාගෙන ඉන්න හදලා ඊට පස්සේ ඒක හරිගියේ නැතිකොට ගියා. අනික් අය එහෙම මොකක්වත් උත්සාහ දරන්නේ නැතිව බොහොම වැදගත් විදියට නික්ම ගියා. මේ රටේ හිටපු සියලුම අගමැතිවරු සහ ජනාධිපතිවරු. එයා මොකක්ද කරපු විශේෂය. අර මැදමුලනට ගිහිල්ලා ඉවරවෙලා යකඩ කූරු ටිකක් පිටිපස්සේ හිටගෙන හිරේ හිටියා වාගෙ පෙන්නගෙන, ඔබතුමා දන්නවාද මහින්ද රාජපක්ෂ බලයට ආපු ගමන් චන්ද්‍රිකා කුමාරතුංගව පෙන්නන්න එපා එයාගෙ නමවත් කියන්න එපා කියල සියලු මාධ්‍යවලට කිව්වා කියල. ඔයගොල්ලො දන්නවා ඇතිනේ?

පි.

ඔව්. ඔව්

පි.

අපි එහෙම කෙරුවේ නැහැනේ. අපි ඒ තරම් වැදගත් විදයට දේශපාලනය කරන අය නිසා අපේ ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා මම අපි මාධ්‍යයට කිව්වේ නැහැ කොහෙත්ම මෙයාව දාන්න එපා කියලා. තාමත් මාධ්‍යයේ පෙනි පෙනී ඉන්නවා. ඉතින් ඒක නිසා එයාට මාධ්‍ය පාවිච්චි කර කර අනුකම්පාවක් ගොඩනගා ගන්න පුළුවන් වුණා. මෝඩ මිනිස්සු ඒව විශ්වාස කළා. මොකක්ද එයා කරපු විශේෂය? අපි ඔක්කොමලා ගෙදර ගියේ එහෙමනේ. හොරකම් කරලත් නෙමෙයි ගෙදර ගියේ අපි ගෙදර තියෙන ඉඩම් විකුණ විකුණ මං ජීවත්වෙන්නෙ දැනුත්. එහෙනම් අපිට ඊට වැඩිය අනුකම්පාව එන්න ඕන. හැබැයි අපි ඒව කිය කිය කැත විදියට අනුකම්පාව ගන්න බලන්නෙ නැහැ. එක. දෙක ඔබතුමාගෙ ප්‍රශ්නෙ ඉතුරු කෑල්ල. ඒගොල්ලො මුකුත් කෙරුවෙ නැද්ද? යුද්දෙ දිනුව ඒක ඉතාමත් ප්‍රශංසනීයයි. හැබැයි ඒකත් එයා තනියම දිනුව කියල පෙන්නන එකට මං විරුද්ධයි. මම මේක හුඟක් මැතිවරණය වෙලාවෙත් ප්‍රකාශ කෙරුව. යාපනය දිනුවේ කවුද? මහින්ද රාජපක්ෂද? මගේ ආණ්ඩුවෙන්නේ. මම කියන්නේ නැහැ මම කියල. එයා වගේ මම, මම කියන ලෙඩේ මට නැහැ. මගේ ආණ්ඩුවෙන් යාපනේ දිනුවේ. යාපනේ දිනල ඉවරවෙලා අපි බලයට එනකොට 94 උතුරුකරයෙන් මුළු උතුරෙම දිස්ත්‍රික්ක 5 ක් තියෙනවා. උතුරුකරයෙන් 75% ක්  80% ක් විතර එල්ටීටීඊ අණසක යටතේ තිබුණේ. හමුදා කඳවුරු තිබුණා 6 ක් විතර තිබුණා වටේට මුහුද අද්දර. වව්නියාවේ මැද තිබුණා එච්චරයි. තනිකර යාපනේ හිටපු හමුදාවට ළිඳෙන් වතුර ගන්නත් ප්‍රභාකරන්ගේ අවසර අරගෙන එළියට ආවේ කෑම්ප් එකෙන්. කේකේ සහ පේදුරුතුඩුවේ කෑම්ප් එකෙන්. එතැනින් අපි සම්පූර්ණයෙන්ම යාපනය අර්ධද්වීපයම මුදවාගෙන ඊට පස්සේ පල්ලෙහාට ඇවිල්ලා ප්‍රභාකරන් අල්ලාගෙන හිටපු භූමි ප්‍රමාණයෙන් 80%න් 75% ක් විතර අපි ගත්තා. ඊට පස්සේ ඒගොල්ලොන්ව අපි සීමා කරල පැන්නුවා මුලතිව් කිලිනොච්චි පුදුකුඩිඉරුප්පු ඒ හරියට. එතැන හිරවෙලා හිටියේ ඒ ටික අපිට ගන්න බැරි වුණේ. අපි තවමත් සටන් කරමින් හිටියේ. ඒක මහින්ද මුදවාගත්තා. බොහොම හොඳයි. ඊළඟට රටේ සංවර්ධනය ගැන ඒ වුණත් එල්ටීටීඊ එක සම්පූර්ණයෙන්ම චුත කරලා අපේ භූමියෙන් ඒක කරපු එක ඉතාමත් ප්‍රශංසනීයයි. මම එයාට ලියුමකුත් ලීවා එයාට ප්‍රශංසා කරලා. ඒකටවත් මට ස්තූති කළේ නැහැ. සංවර්ධනය ගැන. ඔය සංවර්ධනය ගැනනේ ගොඩාක් කථා කරන්නේ ඒගොල්ලෝ. පාරවල් හැදුවා හැම පාරකින්ම අයවිය යුතු ගාන වාගේ 4 ගුණයක් කොමිස් ගහගත්තා. ඒවා සඳහා විදේශයෙන් විශාල වශයෙන් ණය ගත්තා. අපේ බැංකුවලින් අදින්න පුළුවන් තරම් ඇදලා විදේශයෙන් ගත්තා. සාමාන්‍යයෙන් රටක් 1/2% යි 1% ට වැඩිය ණය ගන්නේ නැහැ. මගේ ආණ්ඩුවෙන් මම 1% ට වැඩිය කවදාවත් ගන්න දුන්නේ නැහැ ණය ගන්න කොට. 9% ට ගත්තේ. චීනෙනුයි අනිත් රටවල්වලිනුයි. ඒවැනුත් කොමිස් ගහගත්තා ගන්න ණය වලිනුත්. එතකොට එහෙම හදන පාරවල්වලින් මොකක්ද තියෙන වාසිය රටට. එක. අනෙක් සංවර්ධන කටයුතු පාරවල් විතරක් නෙමෙයිනේ සංවර්ධන කටයුතු කියන්නේ. අධ්‍යාපනය රටකට අත්‍යාවශය දෙයක්. අධ්‍යාපනය විනාශ කෙරුවා. මම බලයට එනකොට අපේ රටේ ඉතාමත් හොඳ ලෝක ප්‍රසිද්ධ අධ්‍යාපන ක්‍රමයක් තිබුණා සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර ප්‍රතිසංස්කරණවල ඉඳන් එහාට. හැම ආණ්ඩුවෙන්ම අධ්‍යාපනය දියුණු කළා. හැබැයි අපි බලයට එනකොට 1994 දී අධ්‍යාපනය ටිකක් වැටිල තිබුණේ. විවිධ හේතුවලට ආණ්ඩු යුද්ධය නිසා අනෙක් දේවල්වලට ප්‍රමුඛත්වය දෙන්න ඇති. කොහොමහරි මම විශේෂ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් කරල විශේෂ ගුණාත්මක වර්ධනයක් කෙරුවා අධ්‍යාපනයේ. ඒවා සම්පූර්ණයෙන් ඉවරයි අද. සෞඛ්‍ය, සෞඛ්‍ය ක්‍රමය විනාශ වෙමින් පවතිනවා. අධ්‍යාපනය තරම් විනාශ කරල නැහැ. ඒවා ගැන කිසිම පැකිළීමක් තිබුණේ නැහැ ආණ්ඩුවේ ලොක්කන්ගේ. එතකොට සාමාන්‍ය ජනතාවගේ පැත්තෙන් කියන්නේ මම හැමදාම කිව්වේ විවෘත ආර්ථිකය අපට වෙනස් කරන්න බැහැ. විවෘත ආර්ථිකය දැන් මුළු ලෝකෙම පිළි අරන් තියෙන්නේ. අපට වෙනස් කරන්න බැහැ. රුසියාව පවා සමාජවාදයේ උල්පත රුසියාව පවා පිළිගත්තා. ඒකියන්නේ විවෘත ආර්ථිකේ ලොකු ලොක්කන්ගේ කිට්ටු අතලොස්සකට පමණක් වාසි දෙන්නේ නැතිව මුළු මහත් ජනතාවට ප්‍රතිලාබ ගලා යන විදියට ක්‍රමයක් හදන්න ඕන. ඒක කෙරුවා සෑහෙන දුරට. උදාහරණයක් වශයෙන් මම හැම එකම කියන්නේ නැහැ. රැකියාවල් නැති ව්‍යාපාරවල් කරන්න කැමති විශේෂයෙන්ම තරුණ පරපුරට බැංකුවලින් බිස්නස්වලට 25%ට බැංකු පොළියට ණය මුදල් දෙන වෙලාවේ මම නියෝග කෙරුවා මුදල් ඇමැති සහ ජනාධිපති විදියට රජයේ බැංකුවලට ලංකා බැංකුවටත් මහජන බැංකුවටත් 5% ට දෙන්න කියලා. 5% පොළියට අපි මුදල් දීලා හරියට ලක්ෂ 5ක් සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර ආරම්භ වුණා. අද ඒවත් කඩාගෙන වැටිලා. ඒවටත් වාසි නෑ. එතකොට සමෘද්ධි. මම ආරම්භ කරපු ව්‍යාපාරයක්. මම අතින් ලියල පේපර් එකක් ගෙනාපු දෙයක්. සමෘද්ධි ව්‍යාපාරය අද සම්පූර්ණයෙන් කඩාගෙන වැටිලා. මම ඒ ගැන විස්තර කරන්නේ නැහැ. ඒක ඉතාමත් වැදගත් ගමේ ග්‍රාමීය මට්ටමේ සංවර්ධන කටයුතුවලට ග්‍රාමීය තරුණ තරුණියන් නායකත්වය දෙන වැඩපිළිවෙළක්. නායකත්වය දීල ඒගොල්ලෝ ඇදල ගන්න. එතකොට කෙරුවේ මොනවද? ලොකු ව්‍යාපෘති වැඩි හරියක් මගේ ආණ්ඩුවෙන් ආරම්භ කරල භාගයක් විතර ඉවර කරපු ඒවා ඒගොල්ලෝ ඉවර කරල මම අත්සන් කරපු කොන්ත්‍රාත් කැන්සල් කරල මම අත්සන් කරපු ගාණ වාගේ දෙගුණයකට තුන් ගුණයකට වැඩියෙන් අත්සන් කරල ඒවා හැදුවා.

ප්‍ර.

ගරු මැතිනියනි මේ ජයග්‍රහණයේ ප්‍රබල කොටස්කරුවන් එක්සත් ජාතික පක්ෂය බව එක්සත් ජාතික පක්ෂයට හිතවත් උදවිය කියනවා. ගම් මට්ටමින් බිම් මට්ටමන් දුවල ඇවිදල මහන්සිවෙලා ප්‍රබල බැට කෑවේ ඔවුන් කියලා. තවත් පිරිසක් ඉන්නවා ඔවුන් පීඩනය හෝ අභියෝගය ගත්තේ නැහැ. මෛත්‍රිපාල සිරිසේන නව ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් මේ ආපු කණ්ඩායමට එකතු වුණේ ජාතික හෙළ උරුමය, ස්වාමින්වහන්සේලා, මාදුළුවාවේ සෝභිත ස්වාමින්වහන්සේ ඇතුළු කණ්ඩායම් කියල. ඔබතුමිය කොහොමද මේ කාරණාව විග්‍රහ කරන්නේ. විශේෂයෙන්ම මේ ජයග්‍රහණයට පියවරු බොහොයි. පරාජය නම් අවජාතක දරුවෙක්. හැබැයි දැන් අපි හැමෝම එකතු වුණා කියනවා. කොහොමද එක්සත් ජාතික පක්ෂයේ භූමිකාව ඉතාම වැදගත් මේ රටට?

පි.

ඔව් ප්‍රශ්නෙ අහපු එක හොඳයි. මමත් දකිනවා මාධ්‍යවල එක එක මාදිලියේ කට්ටිය මම තමයි මේක ඔක්කොම කෙරුවේ කියල කියනවා. මම දන්නවා කවුද කෙරුවේ කියලා. මුලින්ම පටන් ගත්තේ මම. අර මම කිව්ව හේතුවට. මොකද මට එන්න කියනකොට එන්න කියනකොට බැහැ කියල ඉන්න බැරි තත්ත්වයක් ආවා. ඒ නිසා අන්තිමට මොකක් හරි කරන්න ඕන කියල මම වැඩේට අත ගැහුවා. ඒ අතරතුරේ එක්සත් ජාතික පක්ෂයත් මම රනිල් වික්‍රමසිංහ මැතිතුමා එක්ක හොඳ සම්බන්ධයක් තියෙනවා. අපි යාළුවෝ අපි මේක මොකක් හරි වෙනසක් ඇති කරන්න ඕන කියලා පොදුවේ අපි කථා කරමින් හිටියා. අවුරුදු ගාණක්. ඊට පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ සෑහෙන ප්‍රමාණයක් බොහොම කලකිරීමෙන් ඉන්න බව අපි සියලු දෙනාම දන්නවා.

ප්‍ර.

 හැබැයි ආවේ නැහැ?

පි.

ආවේ නැහැ. එක්සත් ජාතික පක්ෂයේ නායකවරු දන්නවා. මමත් දන්නවා. අපිට ආරංචි එනවා. ඉතින් ඒ සැරේ රනිල්වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ පක්ෂේ නායකයෝ කිහිපදෙනෙක් මාව දිගින් දිගටම මුණගැසෙමින් මට කිව්වා ඔබතුමියට විතරයි මේ කට්ටිය එළියට ගන්න පුළුවන් ගන්නවනම් මේකට අත ගහන්න බැරිද කියලා. මම ඉස්සෙල්ලා කිව්වා වාගේ මම උත්තරයක් දෙන්නේ නැතිව ඉඳලා ඉඳලා ඒ අයත් මට පණිවිඩ එවනවා යූඇන්පී එකෙනුත් කියනවා. අන්තිමට කොහොම හරි අත ගැහුවා. එතකොට එහෙමයි මේක පටන් ගත්තේ ඔය කියන එක පක්ෂයවත් හිටියේ නැහැ. මේකෙ හිටියේ යූඑන්පී එකේ නායකත්වයයි මමයි මාත් එක්ක වැඩකරපු පුද්ගලයෝ කිහිප දෙනකුයි. යම් යම් වාමාංශික පක්ෂවලට සම්බන්ධ. අපි එහෙම බල බල ඉන්නවා තාම හුඟක් ක්‍රියාකාරී වෙලා නැහැ. දැන් මේ අවුරුදු 3 කට ඉස්සරවෙලා කතන්දරේ මම කියන්නේ. දැන් අවුරුදු 2කට විතර පෙර මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ විවෘතව කථා කෙරුවා පළවැනි වතාවට , උන්වහන්සේ කථා කෙරුවේ මේ අනික් අය කියන ඒවා බොරු, හරියට පත්තර බැලුවොත් ස්ටඩි එකක් කෙරුවොත් පේනවා. මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ ඇත්ත වශයෙන්ම ඉතාමත් වැදගත් මේ රටේ බුද්ධිමතුන් වෘත්තිකවේදීන් ප්‍රමාණයක් වට කරගෙන එකතු කරගෙන උන්වහන්සේ එළියට බැහැලා කථා කෙරුවා. හුඟ දෙනෙක් බයෙන් කථා කරන්න බයෙන් තමාගේ හිත්වල හදවත්වල හංගගෙන තිබුණ දේ උන්වහන්සේ ප්‍රකාශත් කෙරුවා. එතැනින් අර බයෙන් මිරිකි මිරිකි හිටපු සමහරු එළියට ආවා. සමහරු. එතැනින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙත් මට හොරෙන් හොරෙන් හිමින් සැරේ පණිවිඩ එවපු අය ඊට වැඩිය ටිකක් ප්‍රබල ලෙස පණිවිඩ එවන්න පටන් ගත්තා. එක්සත් ජාතික පක්ෂයත් පටන් ගත්තා මැඩම් ඉක්මන් කරමු මේක පරක්කු වැඩියි. අපි කථා කර කර ඉන්නවා. ඒගොල්ලොත් ක්‍රියාශීලි වුණා. එක්සත් ජාතික පක්ෂයේ කිහිප දෙනෙක්. රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වයෙන්. එතකොට එහෙම තමයි මේක සිද්ධවුණේ. වෙන කවුරුත් මේකෙ හිටියේ නැහැ. ඊළඟට ඇත්ත වශයෙන්ම මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා රයිට් මම එළියට එන්නම් කියලා කිව්වේ එළියට එන්න සුමාන තුනකට ඉස්සරවෙලා. එතුමා මම කියනකොට මුලදි බැහැ කිව්වා. මං කොහොමද එහෙම කරන්නේ මං පක්ෂෙ ප්‍රධාන ලේකම් අරක මේක. ඊට පස්සේ මම විතරක් නෙමෙයි එතුමා වටේ හිටපු හුඟ දෙනෙක් පක්ෂේ ඇතුළේ මං කිව්වේ මැති ඇමැතිවරු මන්ත්‍රීවරු ඒ අය වටේ ඉන්න පාක්ෂිකයෝ , ප්‍රබල පාක්ෂිකයෝ කියන්න පටන් ගත්තා හැමෝටම. ඉතින් එතුමාටත් එළියට එන්න කිව්වා මිසක් එතුමාට නායකත්වය දෙයි කියල කවුරුත් දන්නේ නැහැ. මං විතරයි ඒක දන්නෙ. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ නම මං කිව්වේ නොවැම්බර්  6 වැනිදා. තනියම මං මේ වැඩේ කෙරුවේ. මහින්ද රාජපක්ෂට මේක ලොකූ ප්‍රෙහ්ලිකාවක් කොහොමද මේක මෙච්චර රහසක් වුණේ කොහොමද මේක කෙරුවේ අරකයි මේකයි කියලා. කෙරුවේ තනිකර මම රහසක් හැටියට තියාගෙන හිටපු නිසා. වෙන කාටවත් කීවේ නැහැ. මම පණිවිඩ අරිනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන්ට කීප දෙනෙක් මං පාවිච්චි කළා x ට යවන පණිවිඩකාරයා කවුද කියලා y ට යවන පණිවිඩකාරයා දන්නේ නැහැ. එකිනෙකා දන්නේ නැහැ. ඒ විදියටයි මම පණිවිඩ ඇරියේ.

ප්‍ර.

ඔබතුමිය මහ මොළකරු?

පි.

පොඩ්ඩක් මොළේ ඇති...ඉතින් එහෙම කරලා මේක බොහොම රහසක් හැටියට තියාගෙන ඉඳලා මාස තුන හතරකට ඉස්සරවෙලා මෛත්‍රිපාල මැතිතුමාගෙන් මම ඇහුවා ඔබතුමා මේකෙ නායකත්වය ගන්නවද? මම විශ්වාස කරන්න නායකත්වය මට එපා. මම ඔබතුමා එළියට ඇදල අරගෙන මම ඕනෙ කියන එහෙම කැත වැඩක් නම් මම කරන් නැහැ. එතකොට කිව්වා මට යූඇන්පී එකෙන් දෙයිද? එතුමා ඒත් බැහැ කිය කිය හිටියේ. ඊට පස්සේ මං කිව්වා මට කියල තියෙනවා මාව විශ්වාස කරන්න මට ඒ තත්ත්වයට ගේන්න පුළුවන්. එහෙම ඔහොම ඔහොම කථා කරල අන්තිමට සති තුනකට ඉස්සරවෙලා එතුමා කිව්වා රයිට් හා කියලා. ඊට පස්සෙ තමයි අපි දෙන්නා මුහුණට මුහුණ මුණ ගැහුණේ. දෙවතාවයි මුණ ගැහුණේ එතුමා එළියට බහින්න ඉස්සරවෙලා.

ප්‍ර.

ඒ සිංගප්පූරුවෙදිද මුණ ගැහුණේ?

පි.

නෑ, කොළඹදි. ඒකත් බොහොම රහසිගතව.

ප්‍ර.

ඒ කාලෙ බොහෝ දෙනා කථා කළා සිංගප්පූරුව ගැන?

 

පි.

කවුරුත් දන්නේ නැහැ අපි කරපු විදිහ. මගේ හිතවතකුගේ ගෙදර මුණ ගැහුණේ. සිකියුරිටි එකෙනුත් පණිවිඩ ගන්නවා. සිකියුරිටි එකේ සමහරු ඉන්නවා කේළම් කියන අය. සිකියුරිටි එකවත් දන්නෙ නැති විදිහට මම ඒ වැඩේ සෙට් කරලා අපි මුණ ගැහුණා. පොදු විපක්ෂයක් හදන එකත් මගෙ අදහසක්. එක්සත් ජාතික පක්ෂයත් මුලදි කැමති වුණේ නැහැ. ඊට පස්සේ මං කිව්වා එහෙම නැතිව මේක දිනන්න බැහැ. දෙවියන්වහන්සේ ආවත්. ඊළඟට එක්සත් ජාති පක්ෂය හරියට සංවිධානය වෙන්න කිව්වා. මොකද මං දන්නවා මේකෙ ප්‍රධාන කොටස්කරුවෙක් වෙනවා එක්සත් ජාතික පක්ෂය. එතකොට අනෙක් පක්ෂ පොඩි පක්ෂ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එතකොට මං දන්නවා මුලදි අපිට එන්නෙ නැති බව එහෙම පිටින්ම. එකේ සංවිධාන ව්‍යුහය. සංවිධාන ව්‍යුහයක් හැටියට තියෙන්නේ. ඔය දෙක මම පැහැදිලිව හිතලා කියලා ඒගොල්ලොන්ව තල්ලු කළේ. සමහර දේශපාලකයෝ නෙමෙයි සමහර මගේ විශ්‍රාම ගිය නිලධාරීන් කිහිපදෙනෙක් එකතු කරගෙන ටිකක් කෙරුවා. හැබැයි ඔක්කොම මගේ ඔළුවෙන් කළේ. ඔය මම කෙරුව කෙරුව කියන සමහර අද දැන් ඉන්න ඇමැතිවරු එහෙම මේකට සම්බන්ධ වුණේ අන්තිම සුමාන දෙකේ. හැබැයි ඒ අය කලකිරීමෙන් ඉඳල ප්‍රකාශ කරන්න ඇති. විවේචනය කරන්න ඇති. මේ කටයුත්තට කිසිසේත්ම සම්බන්ධ වුණේ නැහැ. ඒක වැඩිය කථා කරල වැඩක් නැහැ. මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා දන්නවා. මම දන්නවා කවුද කෙරුවේ කියල. රනිල් වික්‍රමසිංහ මහත්මයා දන්නවා.

ප්‍ර.

හැබැයි මැතිනියනි අපි හොඳ තැනකට ආවා අපේ සාකච්ඡාවේ. දැන් රටේ මාතෘකාවක් වෙලා තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරපු එවකට මහින්ද රාජපක්ෂ රජයේ ප්‍රමුඛයන් බවට පත්වුණු උදවිය කියනවා මේක අපේ රජයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායිකාව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය නායකත්වය ලබාදුන්න නම් අපේ මහ ලේකම්තුමා නම් දැන් ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රජයක් තියෙන්නේ ඒ නිසා අපට ප්‍රශ්නයක් නැහැ කියලා. ඒවුනාට එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ඔවුන්ට හිතවාදී කණ්ඩායම් සහ ඔවුන්ගේ නායකයින් කියනවා එක්සත් ජාතික පක්ෂය තමයි ගම් මට්ටමින් බිම් මට්ටමින් පක්ෂ සංවිධානය කරලා අවදානම බාර අරන් එළියට බැස්සේ කියලා. දැන් තව තැනකදී කියනවා මේක හවුල් ආණ්ඩුවක් කියලා. අපට කරුණාකරල පැහැදිලි කරල දෙන්න මේක යූඇන්පී ආණ්ඩුවක්ද? මේක එස්එල්එෆ්පී ආණ්ඩුවක්ද? මේක මිශ්‍ර ආණ්ඩුවක්ද?

 

 

පි.

මේක යුඇන්පී ආණ්ඩුවකුත් නෙමෙයි. මේක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවකුත් නෙමෙයි. මේක පොදු ආණ්ඩුවක් අපි හැමෝගෙම ආණ්ඩුවක් අර මං කිව්වා වාගේ මේක ගොඩනගන්න අපි හැමෝම සම්බන්ධ වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ප්‍රමාණයෙන් අඩු ප්‍රමාණයක් සම්බන්ධ වුණා. හැබැයි ගුණාත්මක වශයෙන් මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ, මෛත්‍රී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගුණාත්මක වශයෙන් අපි දෙගොල්ලොම එක හා සමානව සම්බන්ධ වුණා සමහර විට වැඩියෙනුත් වෙන්න පුළුවන්. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගණන් හිලව් ඇතිව මැති ඇමැතිවරු නායකයෝ අඩුවෙන් සම්බන්ධ වුණේ මොකද ඒ ගොල්ලෝ ආණ්ඩුවක හිටපු නිසා. ඒ ගොල්ලො එළියට එන්න බයක් තියෙන්න ඇති නොයෙක් හේතු තියෙන්න ඇති. ඒ නිසා එක්සත් ජාතික පක්ෂය එහෙම පිටින්ම එක්සත් ජාතික පක්ෂයට නැති වෙන්න කිසි දෙයක් තිබුණේ නැහැ. සියලු දේ ඇතිකරගන්න තිබුණේ. ඉතින් මුළු පක්ෂෙම එකාමෙන් බොහොම ශක්තිමත් ලෙස දුර්වල වෙලා තිබුණ පක්ෂෙ ශක්තිමත් කරගෙන මේ මැතිවරණයට ඉදිරිපත් වුණා. හරි. අපි ඒකට බොහොම ප්‍රශංසා කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙ ආණ්ඩුවෙ හිටියෙ ඒගොල්ලො සියල්ල නැති කරගෙන එන්න ලෑස්ති නෑ මේක මොකක්ද වෙන්නෙ කියල දැනගන්නෙ නැතිව අපි විතරයි දන්නෙ මොකක්ද වෙන්නෙ කියලා. අන්තිම මොහොතෙ ඒගොල්ලන්ට තේරුම් කරල කියන්නවත් වෙලා තිබුණෙ නැහැ. අපිට මුළු කැම්පේන් එකටම තිබුණේ හරියාකාරව සති 5යි. එහෙම වුණාට මේකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් විශාල දායකත්වයක් ගෙනාවා. පක්ෂයේ අපි කිහිප දෙනා වෙනුවෙන් ඊළඟට පාක්ෂිකයින් එකතු කරලා පක්ෂයේ ඡන්ද ගන්න මම විශාල වශයෙන් දායක වුණා. මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා රැස්වීම් කර කර හැම ආසනයකටම රැස්වීම් 150 ක් විතර කරන්න වුණා. මම ඒ ස්වල්පයකට විතරයි ගියේ. මම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් එකතු කරලා ඒ අය ගමට දාලා ඔයගොල්ලො ගිහිල්ලා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ට අපේ මේ සටන මොකක්ද මේ සටනේ අදහස මොකක්ද අපේ පක්ෂෙත් බේරගෙන රටත් බේරාගැනීමේ සටනක් මේක කියන පණිවිඩය අපි ඇරියා. ඉතින් ඒක නිසා අපිත් විශාල වශයෙන් දායක වුණා. හුඟක් තැන්වල එක්සත් ජාතික පාක්ෂිකයින් මාත් එක්ක වැඩ කෙරුවේ ඒගොල්ලන්ගේ සංවිධායකයින් දුර්වල වෙච්ච වෙලාවෙ. මේක අපි එක් පක්ෂයක් හැටියට කරපු දෙයක්. ඇත්ත තමයි අපේ හුඟක් පාක්ෂිකයෝ අහනවා දැන් මේක යූඇන්පී ආණ්ඩුවක්ද ශ්‍රී ලංකා ආණ්ඩුවක්ද කියල මොකද වැඩඩි හරියක් ඇමැතිවරු ඉන්නෙ යූඇන්පී එකෙන්. කැබිනට් ඇමැතිවරු අනෙක් ඇමැතිවරු ඔක්කොම. ඒකට හේතුවුණේ එකම එක දෙයයි.  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධානීන් මුල් අවදියේ ආවෙ නැහැ. ඉතින් අපිට කැබිනට් මණ්ඩලය පිහිටවන්න පුළුවන් වුණේ ඉන්න අයගෙන්. අපි ඇත්ත වශයෙන්ම ප්‍රධාන කැබිනට් අමාත්‍යංශ 10 ක් නියෝජ්‍ය අමාත්‍යංශ ඒවට හරියන්න 10කුයි තව රාජ්‍ය අමාත්‍යංශ ගණනාවක් ඉතුරු කරගෙන හිටියා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයො ආවොත් ඒවා ලබාදෙන්න. ඒගොල්ලො ආවා පළවැනි දවස් කිහිපය ඇතුළත ආවා. නමුත් ඒ අයගෙග් අදහසක් තිබුණා අපි ආණ්ඩුවට එකතුවෙලා තනතුරු අරගත්තොත් ඒක කැතයි. අපි ආවෙ මුලදි එන්නෙ නැතුව දැන් එන්නෙ දිනුවට පස්සෙ තනතුරු ගන්න විතරයි කියලා ජනතාව කියයි. අපිත් වෙනම පක්ෂයක් විදියට අපේ අනන්‍යතාවය තියාගෙන ඉන්න ඕන ඒකත් ඇත්ත. ඉතින් ඒ නිසයි ඒගොල්ලො ආවෙ නැත්තෙ. නමුත් අපිට සහයෝගය දෙනවා. මෙතැන මං කියන්න ඕන පක්ෂයක් හැටියට රට විනාශ කෙරුව වගේම රාජපක්ෂල අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙත් විනාශ කෙරුවා. මේක ඉතා උතුම් පක්ෂයක්, ජනතාවගේ පක්ෂයක්. මේ රටේ තියන සියලු පක්ෂ එක්ක බලපුවාම නියම ජනතා පක්ෂයක් විදියට මම සඳහන් කරන්නෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය.  ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරපු පක්ෂයක්. එතකොට අපි මිනී මැරුවෙ නැහැ කවදාවත් බලයෙ ඉන්න වෙලාවක. පහුගිය රජය නම් කරල තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. අනික් ඒවා ගැන මම කියන්නේ. ඉතින් මේ පක්ෂය ඇත්ත වශයෙන්ම උතුම් ප්‍රතිපත්තියක් මත පදනම්වෙලා ඇතිවුණු පක්ෂයක් සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු පදනම මත පැහැදිලි ප්‍රතිපත්තියක් සහ දර්ශනයක් මත ජනතාවගේ පක්ෂයක් හැටියට ඉදිරිපත් වුණේ. මේකෙ හිටපු නායකයෝ තැපැල් පියුම් කෙනෙක්, කවි කොළ විකුණන කෙනෙක් 56 රජ කෙරුවා මගේ පියතුමාගේ ආණ්ඩුවෙන් ඒ වාගේ අයට මේ පක්ෂෙ තැන හම්බුණේ. මෛත්‍රිපාල සිරිසේන අපි රජ කෙරෙව්වා ගොවි පුතෙක්. මේ පක්ෂෙ එවැනි පක්ෂයක්. නමුත් රාජපක්ෂගේ යුගයේ මේ පක්ෂය සම්පූර්ණයෙන්ම වෙනස් කෙරුවා. දර්ශනය විසි කරලා දැම්මා. බණ්ඩාරනායක දර්ශනය කියල ඒකට කියන්නෙ. නම කෙසේ වෙතත් විසි කරලා දැම්මා. බණ්ඩාරනායකල මං විනාශ කරනවා කියන ප්‍රකාශෙ කෙරුවා පක්ෂෙ හැමෝටම කරල විසි කරල දාලා මේක ප්‍රතිපත්තියක් ආණ්ඩුවට දර්ශනයක් තිබුණෙත් නැහැ රාජපක්ෂගෙ රාජපක්ෂ ගෙනිච්ච ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දර්ශනයක් තිබුණෙත් නැහැ. එක දර්ශනයක් තිබුණා රටටත් පක්ෂයටත්, ජනතාවටත් හෙණ ගැහුවත් කමක් නැහැ අපි රටේ පක්ෂෙ තියෙන සියල්ල සූරා කාගෙන මුදල් සහ තනතුරු අපි හැදෙන එක තමයි අපේ ප්‍රතිපත්තිය කියල ඒ ආකාරයටයි කටයුතු කළේ මේ සියල්ල සිදුවුණේ ඒ නිසා. ඉතින් එතකොට මේ පක්ෂයේ අර හිටපු ජනතා පුත්‍රයෝ ශ්‍රේෂ්ඨ නා



අදහස් (0)

‘මෛත්‍රී ගේන බව මෛත්‍රීවත් දන්නෙ නැහැ‘

පාරමී Friday, 06 February 2015 10:16 AM

මහින්ද රාජපක්ෂ ජනපතිතුමා තමයි කොන්ද කෙලින්තියාගෙන රට කොටියාගෙන් බේරාගත්තේ. ඒවගේ නායකෙයෙක් රටට සම්පතක්. (හේ)

:       0       0

යහපාල Friday, 06 February 2015 10:18 AM

චන්ද්‍රික මැඩම් කියන නිසා මේ සේරම ඇත්ත වෙන්න ඕන..එතුමිය නුතන විහාර මහා දේවි..(හේ)

:       0       0

පූර්ණ Friday, 06 February 2015 03:08 AM

කොහොමද මෙහෙම කතා කරන්නේ? (නි)

:       0       0

අජිත් කරුණාරත්න Friday, 06 February 2015 03:19 AM

මොහමඩ් , මෙවර ජනාධිපතිවරණයේදී ජනතාව පෙළගැහුනේ පාන් ගෙඩිය 5.00 ට කන්න නොවෙයි. පසුගිය රජය සංවර්ධනය මුවාවෙන් කරගෙන ගිය දුෂණය සහ වංචාවටත්, නීතියේ ස්වාධීනත්වයට හානිකර ලෙස බලපෑම් ඇතිවීමටත් විරුද්ධවයි. (නි)

:       0       0

හරින්ද්‍ර Thursday, 05 February 2015 11:42 AM

නියමයි. (ර)

:       0       0

දුමින්ද Thursday, 05 February 2015 12:12 PM

ජාතික සන්හින්දියව වගේ වැදගත් ප්‍රශ්න වලට මතයක් නැද්ද ?(හේ)

:       0       0

ද සිල්වා Friday, 06 February 2015 03:46 AM

අජිත් කරුණාරත්න, ඔබ හරි. දැන් ලංකාවේ ජනතාව පක්ෂ , පාට වලින් ඔබ්බට හිතන්න පුරුදුවෙලා. නියම සංවර්ධනයක් සහ ඔවුන්ගේ ජීවන තත්වය නඟාසිටුවීමට හැක්කේ ජනතා හිතවාදී ව්‍යවස්ථාවකටයි (නි)

:       0       0

අරුණ Thursday, 05 February 2015 12:55 PM

අපි බලමු තව ටික දිනකින් ඕගොල්ලෝ කට්ටිය ගෙදෙර යනකොට මොනවද කියන්නේ කියලා.(හේ)

:       0       0

රමණි Friday, 06 February 2015 04:07 AM

මිනිසුනි, දැන්වත් තේරුම් ගන්න. (නි)

:       0       0

ප්‍රසන්න Friday, 06 February 2015 04:07 AM

අපි තරුණ කාලේ පළමු ඡන්දය දැම්මේ ඔබට 93දී. නමුත් පැවසූ කිසිදෙයක් කළාද?අපි කිසිම දෙයක් නොදන්නා ෆේස්බුක් පරම්පරාවේ අය නෙමෙයි (නි)

:       0       0

දිලිප් Friday, 06 February 2015 04:10 AM

ඉහළ පෙළේ ජනපති ධුර දැරූ අයටත් මෙහෙම සළකළා නම් අපි ගැන කවර කතාද? පැවති රජයේ බොහෝ ආයතන වල පාලනය කොහොමත් ගෙනගියේ කවුරුන් මුල්කරගෙනද කියලා අපි දන්නවා. යහපාලනයක් මිනිස්සු බලාපොරොත්තුවෙන් ඉන්නේ. එහෙත් තාමත් බොහෝ ආයතන වලට පත්කිරීමවත් කර නැහැ.කඩිනමින් පත්කිරීම් කර ආයතන වල අසාධාරණයට ලක් වූ අය‍ට වුණ අසාධාරණයන් ගැන සොයා බැලීමටත් අවශ්‍ය පියවර ගන්න. (නි)

:       0       0

නිශාන් Thursday, 05 February 2015 01:25 PM

ඔබතුමියගේ අවංක භාවයට ඉතාමත් ස්තුතියි .(හේ)

:       0       0

සාලිය Friday, 06 February 2015 04:21 AM

තමුන්ම තමුන්ට දේශපාලන විශේෂඥයෙක් කියල කියාගන්නවා මම ඔය දැක්කමයි (හේ)

:       0       0

නාලනි Thursday, 05 February 2015 02:15 PM

හැමදේම මතකයි අපිට (දිල්)

:       0       0

මොහොමඩ් ඛාන් Friday, 06 February 2015 04:39 AM

මොහොමඩ්, ඔයා ඉන්න රටේ සුද්දෝ කියන කතාව පැහැදිලි කරලා අපටත් කියන්නකෝ බලන්න. (නි)

:       0       0

අබරන් Friday, 06 February 2015 04:40 AM

රටේ පාලනය ගෙනගිය යුතුවන්නේ පක්ෂ භේදයකින් නොව හොඳ මිනිසුන් විසිනුයි. (නි)

:       0       0

පිවිතුරු යහපාල Friday, 06 February 2015 04:40 AM

චන්ද්‍රිකා මැඩම් කියන නිසා මේ සියල්ල ඇත්ත වෙන්න ඕනෑ.එතුමිය නුතන විහාර මහා දේවියක්.මට එතුමියගේ පාලන කාලය මතක් වෙනවා. (නි)

:       0       0

ශ්‍රීලාල් Friday, 06 February 2015 05:00 AM

අනේ! එංගලන්තයට වෙලා හිටියා නම් හොඳ නැද්ද? මහින්ද මහතා මොනවා කළත් ලංකාව හැදුවා. ජනපති මහින්දට වැරදුනේ හැමෝම විශ්වාස කළ නිසා. දැන් ඉතින් නිදහසේ බයක් නැතුව හැමෝම කතාකරනවා එතුමාට පින්සිද්ධ වෙන්න. එදා හැමදෙනාම ලංකාව දාලා ගියා. අපි හැමදෙනාම වැරදි කරනවා. නමුත් ඒවා මඩේ දදා සෝදන්නේ නැහැ. (නි)

:       0       0

අසෝක Friday, 06 February 2015 05:13 AM

මෙතුමිය කියන කතාවෙත් ඇත්තක් තියෙනවා (නි)

:       0       0

බණ්ඩා Thursday, 05 February 2015 03:44 PM

දැන් අපිට පඩි හොදයි ,බඩු මිල අඩුයි තවත් වෙන මොනවද ?(හේ)

:       0       0

සමන්ත Thursday, 05 February 2015 03:55 PM

මේ වගේ කතා තව තව දාන්න. හරිම ආසයි කියවන්න (නි)

:       0       0

නවීන් Thursday, 05 February 2015 03:59 PM

ඇත්ත දැනගන්න ලැබුණාට ස්තූතියි! (නි)

:       0       0

ශාන්ත Friday, 06 February 2015 05:48 AM

මේ අය කවදාවත් වැරදි කරලා නැතුව ඇති නේද? අනුන්ට එක ඇඟිල්ලක් දික්කරනකොට තමන්ගේ පැත්තට ඇඟිලි 4 ක් දික්වෙනවා කියන එක මතකතියාගන්න. (නි)

:       0       0

පිවිතුරු යහපාල Thursday, 05 February 2015 04:32 PM

බණ්ඩාට ඔහොම බැලුවට තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

රවීන් Friday, 06 February 2015 06:36 AM

බලන් ගියහම මහින්ද කිසිම දෙයක් කරලා නෑ, මෙරටේ හැමදෙයක්ම කරලා තියෙන්නේ චන්ද්‍රිකා මැතිණිය.(හේ)

:       0       0

කුලසිරි ලියන පටබැඳි Thursday, 05 February 2015 05:23 PM

ඔය කියන්නේ ඇත්තමද ? (නදී)

:       0       0

රෝහිත Friday, 06 February 2015 06:51 AM

මෙතුමිය දැන් මෙහෙ‍ම කිව්වට ඒ කාලේ කරේ මොනවද,අනුන්ගෙ වැරදි දැන් කියවලා එයාගෙ වැරදි වහ ගන්න හදන්නේ.යුද්දේ ඉවර කරන්න තිබ්බා නම් මොනවද කෙරුවේ.(හේ)

:       0       0

රූපා Friday, 06 February 2015 06:58 AM

මෙතුමිය කවදාවත් වැරදි කරලා නැතුව ඇති. රක්ෂණ සංස්ථාව, එයා ලංකා, ෂෙල් ගැස් කොම්පැනියට මොකද උනේ? හැමදේම මතකයි අපිට. දැන් ඉතින් නිදහසේ බයක් නැතුව ඇවිත් මහින්දට බනින්න හරි පුලුවන් නේද ? (නදී)

:       0       0

චන්ද්‍රදාස Friday, 06 February 2015 07:03 AM

කවුරුත් ඉතින් ඔහොම තමයි කියන්නේ (නි)

:       0       0

නන්දලාල් Thursday, 05 February 2015 07:40 PM

හිටපු ජනාධිපතිතුමියගේ මේ හෙළිකිරීම් ආවේ, රට සුවිශේෂ පෙරළියකට පත්වී ඇති මොහොතක වීම බොහොම හොඳයි. හිටපු ජනපති දේවත්වයෙන් සලකපු අයට මේක හොඳ පාඩමක්. අපි නොදන්නා දේවල් හෙලිකිරීම ගැන එතුමියට අපේ ප්‍රණාමය. මේ වගේ තවත් රහස් දේවල් දන්න අය ඕනෑතරම් ඇති මේ රටේ. ඒවත් එලියට දැම්මොත් නරකද?(හේ)

:       0       0

රොෂාන් ධම්මික Friday, 06 February 2015 07:29 AM

ලංකාව එක් සේසත් කළ කියලා හිටපු ජනපති මහින්ද කීවට එයා තනියම කරපු දෙයක් නොවෙන බව මේ සාකච්ඡාව බලන සමහර අයට තේරුම් ගන්න අමාරුයි . මිනිස්සු ජන්දේ දුන්නේ කාගෙවත් අතකොලු වෙන්න නෙවේ .(දිල්)

:       0       0

විජේසුන්දර Thursday, 05 February 2015 08:54 PM

පාරවල් හදපු එකේ වරදක් නැහැ. හැබැයි වියදම වැඩියි කියනවා.කළයුත්තේ අඩු වියදමින් සුදුසු ප්‍රමිතියෙන් ඉතිරි පාරවල් ටික හදන එකයි. නැවැත්වීම නොවේ. පසුගිය රජය මේ වගේ ව්‍යාපෘති පටන් ගන්නකොට ඔය කියන වාර්තා තිබුනා. වගකිවයුතු විපක්ෂයක් හැටියට විමසිල්ලෙන් හිටියා නම් නැවත මුදල් වියදම් කරලා පරීක්ෂා කරලා ආයෝජකයින් දුර්මුඛ කරලා වැඩ කරන්න ඕනෑවෙන්නේ නැහැනේ (නි)

:       0       0

රණසිංහ Thursday, 05 February 2015 09:58 PM

හදවතට එකඟවමද ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය බලයට ගෙනෙනවා කියන්නෙ? (නි)

:       0       0

මොරිස් Thursday, 05 February 2015 10:31 PM

මේක කාගෙවත් තනි වැඩක් නෙමෙයි. කෙනෙක් පස සකස්කළා. තවත් කෙනෙක් බීජ පැල කළා. තවත් අය පොහොර දැම්මා. දැන් අස්වැන්න ලැබිලා තියෙනවා. එය මුළු මහත් ජනතාවම සතුයි. කාටවත් ගොඩ බදාගන්න දෙන්න බැහැ. (නි)

:       0       0

කණිෂ්ක Thursday, 05 February 2015 10:52 PM

අනේ මන්දා! අපි නම් මැරිලා ඉපදුනේ නැහැ (නි)

:       0       0

කිංග්ස්ලි පෙරේරා Saturday, 07 February 2015 10:40 AM

මේ විස්තර අපේ තරුණ පරම්පරාවට බලන්න ඉඩ දෙන්න එපා. ''අතිශයෙන් වැඩිහිටියන්ට පමණයි '' කියල දාන්න. මොකද දන්නේ නැති අය නොමග යනවා මේවා බලලා. (නදී)

:       0       0

ඒඩ්‍රියන් ද මෙල් Friday, 06 February 2015 01:57 AM

අපි මැරිලා ඉපදුනේ නැහැ නෝනා (නි)

:       0       0

සුදත් Friday, 06 February 2015 09:30 AM

මිනිස්සුන්ට මතකයි.....ශ්‍රී ලංකාවට සාමය ගෙනා නායකයා මහින්ද රාජපක්ෂ ජනපති.........මිනිස්සුන්ට තාම මතකයි.(හේ)

:       0       0

මොහමඩ් Friday, 06 February 2015 02:27 AM

අපේ මිනිසුන්ට පාන් ගෙඩිය රු 5.00 ට දෙනවා කිව්වා නම් ඕනෑ කෙනෙකුට කැමතිවෙයි. මම ඉන්නේ පිටරට. ඒක මෙරටේ ඉන්න සුද්දොත් කියන කතාවක්. (නි)

:       0       0

ද සිල්වා බර්ලින් Friday, 06 February 2015 02:41 AM

ඔබතුමිය 94 දී පොරොන්දු වුණ විදිහට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළා නම් මෙච්චර දඟලන්න වෙන්නේ නැහැනේ? කොහොම නමුත් මෛත්‍රී දිනවීමට කටයුතු කිරීම ගැන ස්තුතියි (නි)

:       0       0

සුප්‍රා Friday, 06 February 2015 02:41 AM

ඉතින් තාමත් කියන්නේ මේක කුමන්ත්‍රණයක් නෙමෙයි කියලද? ඔයතරම් රට ගැන කැක්කුමක් තිබුනා නම්, ඒ කාලේ ඒක ඔප්පුකරන්න තිබුණානේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 89 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 129 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 186 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 178 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


සාමාන්‍ය පාස්පෝට් ගැන අධිකරණය දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 198 0

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත


හංවැල්ලේ ඝාතනය කප්පම් සිද්ධියක්
2024 ඔක්තෝබර් මස 01 142 0

හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38510 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25352 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 912 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site