IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


මිතුරු තුමෝ ව්‍යාපාර සම්මාන උළෙලේදී හමුවෙති

ශ්‍රී ලංකාවේ හොඳම ව්‍යාපාරික කාර්යසාධකයින් ඇගයීමේ ‘බිස්නස් ටුඩේ ටොප් 30‘ සම්මාන උළෙලේදී අගමැති රනිල් වික්‍රමසිංහ හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහත්වරු එකිනෙකා මුණගැසී සතුටු සාමීචියේ යෙදී සිටියහ..

කොළඹ හිල්ටන් හෝටලයේ පැවැති එම උත්සවයට ගංගාරාමාධිපති ගලබොඩ ඥානිස්සර හිමියෝ ද විශේෂ ආරාධිතයකු ලෙස එක්ව සිටියහ.

උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස අගමැතිවරයා එක්ව සිටි අතර අගමැති බිරිය මෛත්‍රී වික්‍රමසිංහ ඇතුළු පිරිසක් ද ඊට එක්ව සිටියහ.

පෞද්ගලික අංශයේ හොඳම ව්‍යාපාර සමාගම ලෙස මෙවර ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමාගම පළමු ස්ථානය දිනා ගත්තේය. දෙවැනි ස්ථානය කොමර්ෂල් බැංකුවටත් තෙවැනි ස්ථානය හැටන් නැෂනල් බැංකුවත් සමත්විය.

GLA_7579 GLA_7579aaGLA_7381 GLA_7391 GLA_7442 GLA_7490 GLA_7518 GLA_7604



අදහස් (0)

මිතුරු තුමෝ ව්‍යාපාර සම්මාන උළෙලේදී හමුවෙති

සොපි Friday, 18 November 2016 03:04 AM

අයියා මල්ලි වාගේ...... අයියා මල්ලි... (නි)

:       0       0

සංජීව Thursday, 17 November 2016 09:33 AM

ඉතින් තවත් මොකටද අමතර සාක්කි? (නි)

:       0       0

එරංග Thursday, 17 November 2016 09:38 AM

ඔය ඉන්නේ බිතු සිතුවම් රූ මෙන්... (නි)

:       0       0

බෙන්තර මහේෂ් Thursday, 17 November 2016 05:03 AM

මේකේ මහින්දගේ පැත්ත අරන් රනිල්ටත්, රනිල්ගේ පැත්ත අරන් මහින්දටත් කඩේ යන සුවච කීකරු ගෝලයෝ මොනවද කියන්නේ බලමු. රැවටෙන්න එපා අසරණ මිනිසුනේ. ඔවුන් එක පන්තියක්, ඔබ බෙදිලා මරාගන්නේ මේ මායාවට. කල්පනා කරලා බලන්න (බ)

:       0       0

රජින්ද Thursday, 17 November 2016 05:07 AM

මෛත්‍රී නෝනගේ හිනාව දැක්කම හිතෙන්නේ නම්, රනිල්, මෛත්‍රී නෝනත් එක්ක මහින්ද ගැන කියන දේවල් දන්නා නිසා මේ වෙලාවේ කියන දේ කොච්චරනම් අදාලද කියල වෙන්න ඇති. (බ)

:       0       0

ජගත් ලියනගේ Thursday, 17 November 2016 05:18 AM

තේරෙනවනේ. එ්ගොල්ලෝ හරිම යාළුවෝ. අපි තමා ඕවට අහුවෙලා ඇණකොටාගෙන තරහවෙලා ඉන්නේ, දේශපාලනය කතා කරන්න ගිහිල්ලා (නි)

:       0       0

කුමාර Thursday, 17 November 2016 05:27 AM

මේ ඡායාරූප ටික පළකළාට ලංකාදීපයට පින්! (නි)

:       0       0

සුපුන් Thursday, 17 November 2016 05:38 AM

බලනකොට මහජනතාව හැමදාම රැවටිලා (නි)

:       0       0

බමුණු Thursday, 17 November 2016 05:46 AM

හැබයි ඉතින් උඩින් මිතුරු යටින් කතුරු නැතිනම් හතුරු. මොනතරම් කුහක ජීවිතද මේවා. මම ඊයේ පෙරේද බලපු ඉංග්‍රීසි චිත්‍රපටයක කියනවා දේශපාලන දියුණුවේ පාර අතුරලා තිබෙන්නේ කුහකකමින්මලු. (බ)

:       0       0

බමුණු ආරච්චි Thursday, 17 November 2016 05:52 AM

එක්කෝ ඒගොල්ලෝ එකිනෙකා රවටා ගන්නවා. නැත්නම් දෙගොල්ලොම මහජනයා රවටනවා. (නි)

:       0       0

සෑම් Thursday, 17 November 2016 05:54 AM

දියුණු රටවල නම් පක්ෂ විපක්ෂ දේශපාලකයින් එකට හමු වී කතාබහ කිරීම, විනෝදවීම වැනි දේවල් ප්‍රවෘත්ති නොවේ. මොකද ඔවුන් කරන්නේ ප්‍රතිපත්තිමය දේශපාලනයක් මිස එකිනෙකාට පුද්ගලිකව වෛර කිරීමක් නොවේ (නි)

:       0       0

බමුණුසේන Thursday, 17 November 2016 05:56 AM

අර හිනාවෙන්නේ කියන කතාව ඇහිලා නොවෙයි මගෙ හිතේ. ඔය ෆොටෝ එකට වෙන හිනාවක් වෙන්න ඇති. ඉස්කෝලේ යන කාලේ අපි ඔය හිනාවට කීවේ එස්.ආර්. හිනාව කියලා (නි)

:       0       0

දහම් Thursday, 17 November 2016 06:11 AM

මේ මහින්දගේ හැටි! හැබැයි දේශපාලනේ වෙනයි. එ්ක මිනිස්සු තේරුම්ගත යුතුයි, මෝඩ කතා කියන්නේ නැතුව. (නි)

:       0       0

ආදිත්‍ය Friday, 18 November 2016 05:30 AM

එයාලට ලැජ්ජාවක් නැතිවුණාට අපිට තියෙනවා (නි)

:       0       0

ගයාන් අභයරත්න Thursday, 17 November 2016 06:26 AM

අපේ නිමල් සිරිපාල මැතිතුමා නම් මෙතනත් නිදිද මන්දා. දේශපාලකයෝ යනු අතේ පැලවෙන බොරු කීමෙහි අති දක්ෂයෝය. (නි)

:       0       0

අර්ජුන Thursday, 17 November 2016 06:33 AM

අපි සියල්ලෝම ශ්‍රී ලාංකිකයෝ වෙමු. ප්‍රතිපත්තිමය දේශපාලනය තුළ අපි එකිනෙකාට වෛර නොකරමු. අද දේශපාලනයට පැමිණි සිටින දේශපාලන පක්ෂ නියෝජිතයෝ බොහොමයක් සාරධර්ම, මනුෂත්වය තුරන්කර දේශපාලනය කරන අය නිසා අප රට අගාධයකට ගොස් ඇත. මෙහෙම ඉඳගෙනවත් මේ දෙන්නා කතාකරන එක කොයිතරම් අගනේද (නි)

:       0       0

තිළිණ Thursday, 17 November 2016 06:36 AM

අපි දැක තිබෙන මහින්දත්, රනිලුත් මෙහෙම තමයි. ඔවුන්ගේ දේශපාලනය වෙනත් දෙයක්. මේකේ අදහස් දාන අය හිතා ඉන්නේ දේශපාලනය කරනවා නම් එකිනෙකාගේ මුහුණ බලන්නත් බැහැ, කතා කරන්නත් බැහැ, ඔරෝගෙනම ඉන්න ඕනෑ කියලා. (නි)

:       0       0

ජස්ටින් Thursday, 17 November 2016 06:38 AM

යහපාලනයට ජයවේවා! (නි)

:       0       0

චන්දන Thursday, 17 November 2016 06:42 AM

රටේ ආර්ථිකය 7.5% ඉහළ නැංවූ සහ රටේ ආර්ථිකය 2.6% පහළ බැස්සූ නායකන් දෙදෙනෙකුගේ සුන්දර හමුවක් (නි)

:       0       0

සුමිත් Thursday, 17 November 2016 06:50 AM

අනේ ඉතින් කවර කතාද? අපි තමයි රැවටුනේ. (නි)

:       0       0

ඉන්දික Thursday, 17 November 2016 06:51 AM

තවමත් නක්ෂත්‍ර වැඩ මහින්ද මහත්තයා කරනවා වගේ. අතේ දමාගෙන ඉන්න වළල්ලෙන් එ්ක හොඳට පේනවා (නි)

:       0       0

චින්තක Thursday, 17 November 2016 06:51 AM

මහින්ද ජනාධිපතිතුමනි, පරෙස්සමෙන්! (නි)

:       0       0

ප්‍රදීප් Thursday, 17 November 2016 06:53 AM

මෙය තමා හොඳම අවස්ථාව. ගම්වල මිනිස්සුත් මේ වගේ හැසිරෙන්න පුරුදු වෙන්න. නමුත් සමහර දේශපාලකයන්ට උවමනා තමන් එකට ඉන්න ගමන් ගම්වල මිනිසුන් පක්ෂ වලට බෙදලා ගහගන්න. (නි)

:       0       0

ගුණවර්ධන Thursday, 17 November 2016 06:54 AM

බලන්නකෝ මුහුණේ තියෙන සිරියාව! (නි)

:       0       0

බමුණු Thursday, 17 November 2016 11:12 AM

බලන්නකෝ මුහුණේ තියෙන සිරියාව! (ම)

:       0       0

කවින්ද Thursday, 17 November 2016 06:55 AM

මේ දෙන්නා මොනවා කතාකරනවා ඇද්ද දන්නෙ නැහැ (නි)

:       0       0

හර්ෂ Thursday, 17 November 2016 07:20 AM

ඔවුන් ඔවුනගේ කුලකය තුළ සතුටින් ඉඳි. දෙදෙනාම තනිකර සුද්දවන්තයෝ නොවේ. මිනිස්සු මෙයාලව බලයට ගෙනෙන්න ගහමරා ගනිති (නි)

:       0       0

චමල් Thursday, 17 November 2016 07:26 AM

ආර්ථික වේගය ඉහළ නැග්ගුවේ කොහොමද කියලා දන්නවද. රජය ගත් ණය වෙනත් ආයතන වලට බැරකරලා එම ආයතන රජයේ ණයකරුවන් විදියට පෙන්නලා. (නි)

:       0       0

ද සිල්වා බර්ලින් Friday, 18 November 2016 07:11 AM

පසුගිය ආණ්ඩුවේ සිටි හොරුන්ට දඬුවම් කරන්න ප්‍රමාද මොකද කියලා අහන මිනිසුන්ට පිළිතුර මේ පින්තූරේ තිබෙනවා (නි)

:       0       0

සුසිල් Thursday, 17 November 2016 11:42 PM

අපේ හිමිවරු මොකද ව්‍යාපාර ඇගයීමේ උත්සව වලට ගෙන්වන්නේ? (නි)

:       0       0

මහින්ද Thursday, 17 November 2016 08:18 AM

බමුණු ආරච්චි හරි. දෙගොල්ලොම ජනතාව රවට්ටනවා. හිරේ අරිනවා ඇප දෙනවා. රට යනවා. පොඩි අය හැමදාම හිරේ. ඇපත් නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1310 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


සංවර්ධන වැඩවල වගකීම රාජ්‍ය නිලධාරීනුත් ගත යුතුයි
2024 ඔක්තෝබර් මස 11 113 0

මින් ඉදිරියට රටේ ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන ව්‍යාපෘතිවල යෝග්‍යතාව හා ඉන් ජනතාවට අත්වන ප්‍රතිලාභ සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් වගකිව යුතු බව අග්‍රාමාත්


අපරාධ බුද්ධි විශ්ලේෂණ කොට්ඨාසයට නව අධ්‍යක්ෂවරයෙක්
2024 ඔක්තෝබර් මස 11 797 1

අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ නව අධ්‍යක්ෂවරයා ලෙස විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ම


රජයට කෝටි පහමාරක් අහිමි කල ජීප්රිය රාජසන්තක කරයි
2024 ඔක්තෝබර් මස 11 1118 0

රුපියල් කෝටි පහමාරක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මිට්ෂුබිසි වර්ගයේ සුඛෝපභෝගී මොන්ටේරෝ ජ


රාජ්‍ය සාහිත්‍ය සම්මානය උළෙල තාවකාලිකව අවලංගු කරයි
2024 ඔක්තෝබර් මස 11 311 0

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය සහ රාජ්‍ය ළමා නාට්‍ය උළෙල මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් පරිදි තාවකාලිකව අවලංගු කළ බව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘත


ආසනික් විෂ රට සැමන් හරවා යවයි
2024 ඔක්තෝබර් මස 11 675 1

ඇමෙරිකා ඩොලර් දෙලක්ෂ පහලොස් දහසක පමණ වටිනාකමකින් යුතු ආසනික් විෂ සහිත සැමන් තොගයක් නැවත ප්‍රති අපනයනය කිරීමට කටයුතු කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්ත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39943 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25922 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 207 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 400 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1288 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site