IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


මෛත්‍රී දෑත් දිගු කරයි ඒත් මහින්ද දෙගිඩියාවෙන්

මේ දිනවල මුදල් ඇමැති රවී කරුණානායක මහතාට විවේකයක් නැත.ඔහු සහ ඔහුගේ ඇමැති සගයෝද, අමාත්‍යංශ නිලධරයෝද රජයේ ආයතනයන් වෙත යමින් අයවැයෙන් එම ආයතනයන් සදහා වෙන්විය යුතු මුදල් ප‍්‍රමාණ ගැන විමසමින් සිටින්නෝය.එක්සත් රජයේ අයවැය මේ අයුරින් සකස් වෙමින් තිබෙන්නේය.

රජයේ දේශපාලඥයින් කිහිප දෙනෙක් දැක්වූ අදහස් වලට අනුව සංශෝධිත වැට් බද්ද අයවැයට ඉදිරිපත් කිරීමට පෙර සිටම කි‍්‍රයාත්මක කිරීම රජයේ සැළසුමයි.එම අදහස් වලට අනුව සංශෝධිත වැට් බද්ද කි‍්‍රයාත්මක වීමට නියමිතව ඇත්තේ ඔක්තෝබර් මස පළමුවැනිදා සිටය.බොහෝ දෙනෙක් සිතා සිටියේ අයවැයත් සමග වැට් බදු සංශෝධනයද කි‍්‍රයාත්මක වනු ඇති බවය.එය මේ දක්වා ප‍්‍රමාද වීමට හේතුව කි‍්‍රයාපටිපාටිමය කරුණු පිළිබඳව මෙවර වැඩි අවධානයක් යොමු කිරීමට රජය කටයුතු කිරීම මිස අන් කිසිවක් නොවේ.එළැඹෙන අගහරුවාදා කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට ඉදිරිපත් කිරීමෙන් පසුව වැට් බදු සංශෝධනය ගැසට් කැරෙනු ඇත.අනතුරුව එය පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කැරෙනු ඇත.පාර්ලිමෙන්තුවේ සම්මත වන තෙක් වැට් බදු සංශෝධන කි‍්‍රයාත්මක කිරීමට අවසර නැතැයි, ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය ජූලි මස 11 වැනිදා ලබාදුන් තීන්දුව සැළකිල්ලට ගනිමින් මේ කටයුතු සිදුවේ.

ඔක්තෝබර් මස පළමුවැනිදා සිට වැට් බදු සංශෝධන කි‍්‍රයාත්මක කිරීමට රජය සූදානමින් සිටීම හමුවේ තවත් වැදගත් පැනයක් නැගේ. අතීතයට බල පැවැත්වෙන පරිදි වැට් බදු සංශෝධන කි‍්‍රයාත්මක කිරීමට අවසර නැතැයි ශ්‍රේෂ්ඨාධිකරණය දෙවන වර දුන් තීන්දුව රජය පිළිගෙන ඇති බවක් මින් පෙනෙන්නට ඇත.මේ සමග තවත් පැනයක් නැගේ.එය නම් වැට් බදු සංශෝධනය කි‍්‍රයාත්මක කැරුණු පසුගිය සමයේ පාරිභෝගිකයන්ගෙන් අය කරගත් වැඩිපුර මුදල් වලට සිදුවන්නේ කුමක්ද යන්නයි.ඇතැම් අයකරගැනීම් වල සටහන් තැබීමක් සිදුව නොමැති නිසා එම මුදල් නැවත ගෙවීමට හැකියාවක් නොමැති බව සැබෑවකි.සිල්ලර වෙළදසැලකින් මිලදී ගන්නා දුම්වැටි එවැනි අවස්ථාවකට උදාහරණයකි.නමුත් ජනසන්නිවේදන, රෝහල් වැනි ක්ෂේත‍්‍ර ගත්විට ඒවායේ මුදල් අයකරගැනීම් ක‍්‍රමානුකූලව සටහන් තැබේ.දැනට තිබෙන තත්ත්වය හමුවේ වැට් බදු සංශෝධනයේ නාමයෙන් එම ක්ෂේත‍්‍රයන් මුදල් අයකරගෙන තිබෙනුයේ නීති විරෝධීවයැයි කෙනෙකුට ශ්‍රෙෂ්ඨාධිකරණය ඉදිරියට යාමට අවස්ථාව ඇත.

අයවැයට පෙර මුදල් ආධාර ලබා ගැනීමට සහ වියදම් කිරීමට දැනට පනවා ඇති සීමාවන් පුළුල් කිරීම සඳහා වන පණතක් සම්මත කරගැනීමට රජය පසුගිය සතියේ කටයුතු කළේය.දෙසැම්බරයේ අවසාන වන අයවැය විවාදයෙන් පසුව පාර්ලිමෙන්තු සැසි රැසක් පැවැත්වීමට සැළසුම් කර තිබෙන බවද රජය පක්ෂ නායකයින්ට දැනුම්දී තිබේ.මෙම සැසි පැවැත්වෙන්නේ ඉතාම වැදගත් සහ හදිසි පණතක් සම්බන්ධයෙන් බවද, එය අලාභ ලබමින් කි‍්‍රයාත්මක වන රජයේ ආයතනයන් සම්බන්ධයෙන් වන බවද, දැනගන්නට ඇත.

මෙවර වැට් බදු සංශෝධන පණත සකස් කිරීමේ කටයුතු සිදුවූයේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ දැඩි අවධානය යටතේය.නීති කෙටුම්පත්වරයා පණත සකස් කළ පසු එය නීතිපතිවරයා වෙත යොමුකළ ඔහු, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප‍්‍රකාරව පණත සකස් වී තිබේදැයි විමසා සිටියේය.මෙවර සියල්ල නිසි අයුරින් සිදුව තිබෙන බව නීතිපතිවරයා අගමැතිට දැනුම් දුන්නේය.

එළැඹෙන අඟගහරුවාදා පැවැත්වෙන කැබිනට් මණ්ඩල හමුවේදී අගමැති වික‍්‍රමසිංහ කැබිනට් පති‍්‍රකාවක් සහ, ඒ සමගම අගෝස්තු මස 29 වැනිදා මුදල් ඇමැති කරුණානායක ඉදිරිපත් කළ කැබිනට් පති‍්‍රකාව සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ඉදිරිපත් කිරීමට නියමිතය.මෙම පැහැදිලි කිරීම සිදු කෙරෙන්නේ අගෝස්තු මස 29 වැනිදා මුදල් ඇමැතිවරයා ඉදිරිපත් කළ පිටු හතරකින් යුතු වූ කැබිනට් පති‍්‍රකාවේ කරුණු සම්බන්ධයෙන් විමසා සිටි ඇමැතිවරුන් වෙනුවෙන්ය.ඉහළ පෙලේ රජයේ ආරංචි මාර්ග වලට අනුව අවසන් මොහොතේ සිදුකළ වෙනස්කම් වැට් බදු සංශෝධනය පණතට එක් කර නැත.නමුත් එහි අන්තර්ගතය සම්බන්ධයෙන් රජයේ ප‍්‍රධාන පාර්ශවයන් දෙක වන එක්සත් ජාතික පක්ෂය සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය අතර එකඟතාවක් ඇතිව ඇත.මේ හමුවේ පණතට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාගැනීමේ ගැටලූවක් නොමැති බව එම ආරංචි මාර්ග අනාවරණය කළේය.

වැට් බද්ද සියයට 11 සිට 15 ක් දක්වා ඉහළ දැමිමට කැබිනට් මණ්ඩලය පළමු වතාවට තීරණය කළ පසුගිය මාර්තු මස හතරවැනිදා එකඟතාවය පළවූ මූල්‍ය ඉලක්කයන් සපුරාගනු වස් මෙවර වැට් බදු සංශෝධණයට සිදුකර ඇති වෙනස්කම් පහත දැක්වේ.

බදු අයකරගැනීමේ සීමාව කාර්තුවකට රුපියල් ලක්ෂ 37.5 නැතහොත් වසරකට රුපියල් ලක්ෂ 150 සීමාවේ සිට, කාර්තුවකට රුපියල් ලක්ෂ 30 නැතහොත් වසරකට රුපියල් ලක්ෂ 120 සීමාව දක්වා පහත දැමිම.

නිවාස ව්‍යාපෘති හැර වෙනත් ව්‍යාපෘති සඳහා ලබාදී ඇති බදු සහන ඉවත් කිරීම.

තොග හා සිල්ලර වෙළදාම් ක්ෂේත‍්‍රය මත වැට් බදු පැනවීම.

තොග හා සිල්ලර වෙළදාම් ක්ෂේත‍්‍රයෙන් අයවිය යුතු බදු ආදායම වසරකට රුපියල් ලක්ෂ 500 ක් ලෙස සංශෝධනය විය යුතුය.

වැට් බදු පැනවිය යුත්තේ එම බදු පැනවීමට හැකියාව තිබෙන භාණ්ඩ මතය.

වැට් බදු ගෙවීම සදහා ලියාපදිංචිව නොමැති පුද්ගලයින්ගෙන් සිදුකරන මිලයට ගැනීම් වගවීමක් ඇතිව සටහන් කැරෙන පද්දතියක් ස්ථාපනය කළ යුතුය.

රෝග නීර්ණ සේවා, බාහිර රෝගි අංශ සේවා හැර සැපයෙන වෙනත් පෞද්ගලික වෛද්‍ය සේවා, ජනසන්නිවේදන සේවා, සීනි සහ වෙනත් පැණිරස කාරක එක්කළ කිරිපිටි වර්ග, වැට් බද්දෙන් නිදහස්ය.

වැට් බද්දට පහත දැක්වෙන ක්ෂේත‍්‍රයන්ද ඇතුළත් කරගැනීම මුදල් අමාත්‍යංශයේ අපේක්ෂාවයි.

ශී‍්‍ර ලංකාවේ ගුවන්තොටුපලක සිට ශී‍්‍ර ලංකාවෙන් පිට ගුවන්තොටුපලකට යන ගුවන් මගීන් ලබාගන්නා ගුවන්ටිකට් පත් මත සියයට 15 ක වැට් බදු පැනවීම.

ඩොලර් ලක්ෂ 5 ක ආයෝජන පිරිවැයක් නොඉක්මවන ව්‍යාපෘති සදහා කෙරෙන සැපයුම්, බද්දට දීම් සහ කුලියට දීම් වෙනුවෙන් ලබාදී තිබූ බදු සහන සීමා කිරීම.කෙසේවුවත් 2015 නොවැම්බර් මස පළමුවැනිදාට පෙර අනුමැතිය ලබාගත් ව්‍යාපෘති මත සහ 2016 ඔක්තෝබර් මස පළමුවැනිදාට පෙර වෙළඳ ගිවිසුම් ඇතිකරගන්නා ව්‍යාපෘති මත මෙම තීරණය කි‍්‍රයාත්මක නොවේ.

ආයෝජන ප‍්‍රවර්ධන මණ්ඩලයේ ඇගලූම් සමාගම් වෙළදපලට නිකුත් කරන නිශ්පාදන වල ඒකක මිල රුපියල් 75 දක්වා ඉහළ දැමිම.

කල්බදු ලබාදීමේ පහසුකම්ද වැට් බද්ද යටතට ගැනීම.

වැට් බද්ද කි‍්‍රයාත්මක වන්නේ 2002 දී සම්මත කර ගැණුනු අංක 14 වැනි වැට් පණත යටතේය.ආනයනය සහ නිශ්පාදන ක්ෂේත‍්‍රයන් මත බලපැවැත්වුනු වැට් බද්ද සියයට 11 ක සිට සියයට අටක් දක්වාද, සේවා සැපයීම් සදහා නියමව තිබූ වැට් බද්ද සියයට 11 ක සිට 12.5 ක් දක්වාද, ඉහළ දැමෙන සේ 2016 අයවැයෙන් මෙම පණත සංශෝධනය කැරිණ.සේවා සැපයීම් සඳහා වන වැට් බදු සංශෝධනය සිදුකෙරුණේ ජාතිය ගොඩනැගීමේ බද්ද සියයට දෙකක සිට හතරක් දක්වා ඉහළ දැමිමට යෝජනාවක් ඉදිරිපත්ව තිබීම හමුවේය.නමුත් මාර්තු මස හතරවැනිදා පැවැත්වුනු කැබිනට් මණ්ඩල හමුවේදී ජාතිය ගොඩනැගීමේ බද්ද එළෙසම තිබියදී වැට් බද්ද පමණක් ඉහළ දැමිමට තීරණය විය.වැට් බදු ගෙවීම සදහා සුදුස්සෙකු වීමට පණතෙන් පනවා තිබූ මසකට රුපියල් ලක්ෂ 37.5 ක, නැතහොත් වසරකට රුපියල් ලක්ෂ 150 ක ආදායම් සීමාව, මකකට රුපියල් ලක්ෂ 30 නැතහොත් වසරකට රුපියල් ලක්ෂ 120 දක්වා පහත දැමිණ.නිවාස යෝජනා හැර වෙනත් ව්‍යාපෘති සදහා ලබාදී තිබූ බදු සහන ඉවත් කැරිණ.ජනසන්නිවේදන උපකරණ සහ යන්ත‍්‍ර සදහා ලබාදී තිබූ බදු සහනද අහෝසි කැරිණ.මෙම කරුණු සම්බන්ධයෙන් නිල දැනුම්වත් කිරීමක් අගහරුවාදා කැබිනට් මණ්ඩල හමුවෙන් පසු සිදුවනු ඇත.

විපක්ෂ දේශපාලන පක්ෂ විශ්වාසයෙන් සිටින්නේ සංශෝධිත වැට් බද්ද, නොවැම්බර් 10 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිත අයවැයෙන් පසුව කි‍්‍රයාත්මක වනු ඇති බවටය.ඇතැම් රජයේ නිලධරයින් දක්වා තිබෙන අදහස්ද ඔවුන් අතර මෙවැනි මතයක් ඇතිවීමට ප‍්‍රධාන හේතුවයි.එනිසා ගතවූ සතියේ විපක්ෂයේ වැඩි අවධානයක් යොමුව තිබුණේ දේශපාලන කටයුතු වලටය.ඒ අතරින්ද පසුගිය හතරවැනිදා පැවැති ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ සමුළුවේදී පක්ෂ නායක ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා දැක්වූ අදහස් සම්බන්ධයෙන්ය.

කුරුණෑගල ජනහමුව, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ රජයක් තැනෙන කි‍්‍රයාවලියේ එක් ප‍්‍රධාන අවස්ථාවක් බව ජනපති සිරිසේන කියා සිටියේය.සියලූ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන්ගේ සහය ඊට අවැසි බව ඔහු අවධාරණය කළේය.

“ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට නව ශක්තියකින්, නව ගමනක් යන්නට, නව මූලෝපායක් යටතේ, නව මෙහෙයුමය යෙදෙන්නට අවශ්‍යයි.අද මෙතැනට රැස්වෙලා ඉන්න ආදරණීය දෙමව්පියන්ටත්, දරුවන්ටත්, මේ 65 වැනි සංවත්සර උත්සව අවස්ථාව මම යොදාගන්නවා දෙයක් කියන්න.රටේ සියලූම දේශපාලන පක්ෂ නායකයින්ද මෙයට සවන්දිය යුතුයි.අද අපි පවත්වන මේ සමුළුව තමයි අනාගතයේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ රජයක් තැනීමේ මුල් පියවර.“

“ලබන වසරේ පළමු මාස හය ඇතුළත පළාත් පාලන ආයතන මැතිවරණය පැවැත්වෙනවා.අපි එයට අත ලකුණ යටතේ ඉදිරිපත් වනවා.මැතිවරණයට අපත් සමග අත්වැල් බැදගන්නා ලෙස දැනටමත් සිටින සහ, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සමග මේ ගමන යෑමට කැමැත්තෙන් සිටින අපගේ වාමාංෂික හා ප‍්‍රගතිශීලී පක්ෂ සහෝදරියන්ගෙන් ඉල්ලා සිටීමට මම කැමතියි.එක්වන්න ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ ධජය යට.ජයගනිමු මැතිවරණය.“

“ඒ වගේම මම කරුණාවෙන් සහ ගෞරවයෙන් ආරාධනා කිරීමට කැමතියි ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය යටතේ තරග වැදිලා, ඔවුන්ගේ අයිතීන් වලට මා ගරු කරන නිසාම, අද විපක්ෂයේ අසුන් ගෙන සිටින පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරුන්ට.ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරන්නත්, අනාගතයේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ රජයක් තනන පෙරමං සකස් කරන්නත් අපත් සමග එක්වන ලෙසට.පක්ෂයේ බෙදීම් ඇතිවන ප‍්‍රකාශ හෝ වෙනත් දේශපාලන පක්ෂයක් සාදා ගැනීම් සිදුනොකරන ලෙසත් මා ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා.“

“ පක්ෂය පිරිසිදු විය යුතුයි.පිවිතුරු විය යුතුයි.වැඩ කරන අය ඔවුන්ගේ හෘද සාක්කියට අනුව කටයුතු කරන අය විය යුතුයි.දුබලයාගේ දුක හඳුනාගැනීමට ඔවුන්ට හැකිවිය යුතුයි.ඔවුන් පොළවේ පයගසා ජීවත් වන පුද්ගලයින් විය යුතුයි.මේ පක්ෂය නියෝජනය කරන්නේ සාමාන්‍ය ජනතාව බව අපි සෑම අවස්ථාවකම සිහියේ තබාගත යුතුයි. “

“අපි කී සැරයක් නම් පරාද වුනාද? 1960 මාර්තු මාසයේදී අපි පරාද වුනා.1965 දී මහ මැතිවරණය අපට නැති වුනා.1977 දී ආයෙත් පරාද වුනා.1982 දී පවත්වපු ජනපතිවරණයත් එහෙමමයි.1989 ත් පරාදයි.2001 දී නැවත වරක් පාර්ලිමෙන්තු මැතිවරණයෙන් පරාජය වුනා.“

“ජයග‍්‍රහණය කළ අවස්ථා මෙන්ම පරාජය වූ අවස්ථා ගැනත් අපි කතා කළ යුතුයි.ඒ වගේම පක්ෂයක් ලෙස කළ යුතු සහ නුයුතු දේවල් තිබෙන බව සියලූම දෙනා පැහැදිලිව වටහාගත යුතුයි.මේක පක්ෂ නායකයින්ටත් අදාළයි.“

ජනපති සිරිසේන කුරුණෑගලදී දැක්වූ අදහස් සහ එක්සත් රජයේ පළමු වසර සංවත්සරය සමරනු වස් විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා මාතරදී සංවිධානය කර තිබූ හමුවක් අමතමින් දැක්වූ අදහස් අතර පරස්පර විරෝධීතාවක් හඳුනාගත හැකිය.අගමැති රනිල් වික‍්‍රමසිංහද මෙම හමුවට සහභාගීව සිටියේය.

“ඉදිරි වසර පහක කාලයේ රටේ අභිවෘද්ධිය වෙනුවෙන් රජයේ අපි එකතුවෙලා වැඩ කරන්නට යන බව පැහැදිලියි.2020 න් පස්සේ වුනත් රටේ කටයුතු සිදුවිය යුතු ආකාරය ගැන අපි තීරණ ගන්නේ එකට.“

“සුදු වෑන් සංස්කෘතියක් ඇතිකරපු, ජනතාව භීතියට පත්කරපු, රුපියල් කෝටි ගණන් සල්ලි ගසා කාපු පුද්ගලයින්ට නැවත කවදාවත් රජයක් පිහිටුවන්න බැරි බව මම විශේෂයෙන් සඳහන් කරන්න කැමතියි.“

 

“අපිව වට්ටන්න ඔන්න ඒ අය අලූත් පක්ෂයක් හදාගන්න යනවා.අපි ඉදලා බලමු.ජනවාරි අට වැනිදා ජනපතිවරණයේදී අපි ඒ අයගේ රහස් හෙළි කළා වගේ, අලූත් පක්ෂයක් තනාගන්න ඒ අය කටයුතු කළොත් ඒ අයගේ සියලූම රහස් අපි එළි කරනවා.අලූත් රජයක් තනා ගැනීමේ හැකියාවක් ඔවුන්ට ලැබෙන්නේ නැහැ.“

සති දෙකක කාලයක් ඇතුළත පක්ෂයේ සිටින විරුද්ධ මතධාරීන් අරබයා ජනපති සිරිසේනගේ පිළිවෙත වෙනස් වී ඇති බව පැහැදිලිය.පළමුව ඔහු රහස් හෙළි කරන බවට තර්ජනය කළේය.නමුත් හෙළිකැරුණු රහසක් නැත.අනතුරුව ඔහු සාමයේ අත ඔවුන් වෙත දිගු කළේය.පළාත් පාලන මැතිවරණයට පක්ෂය අත ලකුණින් තරග කරන බවත්, අනාගතයේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ රජයක් පිහිටුවන බවත් ඔහු කීවේය.මේ අතරම පක්ෂයේ මෛතී‍්‍ර හිතවාදී පාර්ශවය නියෝජනය කළෝය. කුරුණෑගල පක්ෂ සමුළුවට සහභාගී නොවූ පක්ෂ සාමාජිකයින්ට එරෙහිව විනය කි‍්‍රයාමාර්ග නොගන්නා බව කීවෝය.පසුගිය මැයි දිනයේදීත් සිදුවූයේ මෙයමය.පක්ෂයේ මැයි රැළියට සහභාගී නොවන පක්ෂ සාමාජිකයින්ට එරෙහිව විනය කි‍්‍රයාමාර්ග ගන්නා බවට තර්ජනය කෙරුණද, සහභාගී නොවූ කිසිවෙකුට එරෙහිව කිසිදු විනය කි‍්‍රයාමාර්ගයක් නොගැනිණ.පක්ෂයේ විරුද්ධ මතධාරී පිරිස තර්ජනයෙන් යටත් කරගත නොහැකි බවක් පෙනෙන්නට ඇත.

අත ලකුණ යටතේ තරග කිරීමට ගත් තීරණය දෙලොවක අතරමන්ව සිටින පළාත් පාලන ආයතනයන් නියෝජනය කළ පක්ෂ සාමාජිකයන් නැවත පක්ෂය කෙරේ නම්මා ගැනීමට ගත් උත්සාහයක් ලෙස සැළකිය හැකිය.ධූර කාල නිමාවී පළාත් පාලන ආයතන විසිරුවා හැරීම නිසා ඔවුනට තම තමන්ගේ තනතුරු අහිමිවිය.සේවා දිගුවක් හමුවූයේ සුළු පිරිසකටය.මේ තත්ත්වය හමුවේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ විරුද්ධ මතධාරී කණ්ඩායම ජනපති සිරිසේනගේ සාම වෑයම පිළිගනීවිද? අත ලකුණ යටතේ තරග කිරීමට ඔවුන් එකඟවේවිද?

පිළිතුර ලැබුණේ සන්ඬේ ටයිම්ස් හා විශේෂ අදහස් දැක්වීමක නිතර වූ ඔවුන්ගේ නායක හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගෙන්ය.

“පළාත් පාලන ආයතන වල හිටපු සාමාජිකයෝ තම තමන්ම ගැලවීම හොයාගෙන යාවි.මොකද ඔවුන්ව නොසළකා හැරලයි තිබුණේ.නව පක්ෂයක් යටතේ තරග වදිනවා හැරෙන්නට ඔවුන්ට වෙන විකල්පයක් නැහැ.“

නව පක්ෂයක් තැනීම, හිටපු ජනපතිවරයා ස්ථීර කළ පළමු අවස්ථාව මෙයයි.වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු නව, එමෙන්ම දේශපාලනයේ අත්දැකීම් නොමැති, අදක්ෂ පුද්ගලයින් මැතිවරණයට ඉදිරිපත් කිරීමට වත්මන් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ නායකත්වය කටයුතු කරමින් සිටින බවටද චෝදනා කළේය.

“පක්ෂය වෙනුවෙන් දරදිය ඇදපු අයට මොකද කරන්න කියන්නේ ? .මේ අලූත් අයගේ නොහැකියාව තේරුම් ගන්න වැඩි කාලයක් යන එකක් නැහැ.ජනතාව ඔවුන්ව ප‍්‍රතික්ෂේප කරාවි.“

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ රජයක් තැනීම වෙනුවෙන් එක්සත් වන ලෙස ජනපති සිරිසේන කර තිබෙන ඉල්ලීම ගැන ඔබගේ අදහස් මොනවාද? මම විමසුවෙමි.

“මොනවාද එයා කරලා තියෙන්නේ? බලය තියෙන්නේ එයාට.ඔය වචන ඇත්තනම් එයයි පළමු පියවර ගන්න  ඕනෑ.අනික කවුද එකතු වෙන්නේ? පටන්ගත් තැන ඉදන්ම වැඩ වැරදියි.ඔවුන් අපව තවත් අසතුටට පත්කරනවා විතරයි.ප‍්‍රකාශ නිකුත් කිරීමෙන් ලැබෙන දෙයක් නැහැ.ඔහු මාතරදී එකක් කියලා කුරුණෑගලදී තව එකක් කියනවා.“

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ඡුන්ද කොට්ඨාශ සංවිධායකවරුන් සහ දිස්ති‍්‍රක් සංවිධායකවරුන් ඉවත් කර ඇති ප‍්‍රදේශ වල ජනහමු පැවැත්වීමේ ව්‍යාපාරයක් රාජපක්ෂ ආරම්භ කර ඇත.එහි පළමු රැස්වීම පසුගිය සෙනසුරාදා (10* හෝමාගමදී පැවැත්වින.

නමුත් ජනපති සිරිසේන කුරුණෑගලදී කළ ප‍්‍රකාශයට උගත් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් වන නීතිඥවරු, වෘත්තිකයන් සහ ආගමික නායකයින්ගේ ප‍්‍රසාදය පළව ඇත.නව රජයක් ගැන කළ සදහනත්, අත ලකුණ යටතේ තරග කිරීමට ගෙන තිබෙන තීරණයත් ඔවුහු ඉහළින් අගයන්නෝය.

“එක්සත් ජාතික පක්ෂය එක්ක ඇතිකරගෙන තියෙන සන්ධානය මේ ආණ්ඩුව අවසන් වන තෙක්ම තිබුණත්, තමන් එක්සත් ජාතික පක්ෂය ඉදිරියේ කොටුවෙලා නැති බව ඔහු පැහැදිලිව ප‍්‍රකාශ කර තිබෙනවා.ඔහු මේ කියන දේවල් අනුවම කටයුතු කරාවිද, නැතිනම් වෙනස් වේවිද කියලයි අපි බලා සිටින්නේ.“ ඔවුන් අතරින් අයෙක් කීවේය.

කුරුණෑගලදී ජනපති සිරිසේන එක්සත් ජාතික පක්ෂයටද ප‍්‍රබල පණිවුඩයක් ලබාදුන්නේය.නමුත් එක්සත් ජාතික පක්ෂයද අනාගතයේ තමන් ශක්තිමත්ව සිටිය යුතු බව වටහාගෙන සිටින්නේය.ඒ සදහා මුල් පියවරක් ලෙස පක්ෂයේ බිම් මට්ටම ශක්තිමත් කිරීමේ වැඩසටහනක් මේ වන විට කි‍්‍රයාත්මකය.සෙනසුරාදා (10) බොරැල්ල කැම්බල් පිටියේදී පැවැත්වුනු එක්සත් ජාතික පක්ෂ 70 වැනි සංවත්සරයේදී නායක රනිල් වික‍්‍රමසිංහ පක්ෂය සවිමත් කිරීම සම්බන්ධව විශේෂයෙන් සඳහන් කළේය.සංවත්සර සැමරුමට සැළකිය යුතු පිරිසක් එක්ව සිටියෝය.

පසුගිය සතියේ දේශපාලන තීරුවේ මිලින්ද මොරගොඩ මහතාගේ මැදිහත්වීම යටතේ ජනපති සිරිසේන හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අතර පැවැති හමුවක් ගැන සඳහන් විය.පුවත්පත ප‍්‍රකාශයට පත්වූ පසු සන්ඬේ ටයිම්ස් ඇමතූ ගෝඨාභය කියා සිටියේ එවැනි හමුවක් පැවැත්වුනේ නැති බවය.මොරගොඩ සම්බන්ධ කරගැනීමට උත්සාහ කළද එය සාර්ථක වූයේ නැත.ඔහු අප හා සම්බන්ධවූයේ නැතත් අනෙක් පුවත්පත්හි සංස්කාරකවරුන් හා අදහස් දක්වමින් එවැනි හමුවකට දායකත්වය ලබානොදුන් බව පවසා ඇතැයි දැනගන්නට හැකිවිය.

ගෝඨාභය හා ජනපති සිරිසේන අරබයා මෙවැනි තත්ත්වයක් නිර්මානය වීමට හේතු වූයේ පසුගිය ජූලි මස 12 වැනිදා ප‍්‍රගති සමාලෝචන කමිටුව පැවැත්වූ රැස්වීමකි.කලින් කලට රැස්වන මෙම කමිටුව හමුවේ වංචා,දුෂණ චෝදනා සහ වෙනත් සිදුවීම් සම්බන්ධයෙන් දැනට විමර්ෂණ කටයුතු සිදුකරන රජයේ ආයතන වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව, විශේෂ විමර්ෂණ ඒකකය සහ මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකය, එම එක් එක් ආයතන යටතේ පැවැත්වෙන විමර්ෂණ වල ප‍්‍රගතිය සම්බන්ධයෙන් කරුණු දක්වන්නෝය.කමිටුවේ සභාපතිවරයා වන්නේ ජනපති සිරිසේනය.අගමැති වික‍්‍රමසිංහ, හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, නීතිය හා සාමය පිළිබද ඇමැති සාගල රත්නායක, කලාපීය සංවර්ධන ඇමැති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා, මෙගාපොලිස් හා බස්නාහිර පළාත් සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා, එහි සාමාජිකයෝය.නීතිපතිවරයා හා ඔහුගේ නිලධරයෝද කමිටු රැස්වීම් වලට සහභාගී වෙති.

ජූලි 12 වැනිදා පැවැත්වුනු රැුස්වීමේදී ඇවන්ගාඞ් මැරිටයිම් සර්විසස් සමාගමට නැගී තිබුණු චෝදනා සම්බන්ධයෙන් සිදුවූ විමර්ෂණයේ ප‍්‍රතිඵල නීතිපතිවරයා කමිටු සාමාජිකයින් හමුවේ අනාවරණය කළේය.මෙම විමර්ෂණය සිදුකර තිබුණේ අල්ලස් හෝ දුෂණ විමර්ෂණ කොමිසමය.ඇවන්ගාඩ් වෙත නැගී තිබෙන වංචා චෝදනා පදනම් කොටගෙන චෝදනා ගොනු කළ යුතුව ඇතැයි තම අදහස් දැක්වීමේ එක් අවස්ථාවකදී නීතිපතිවරයා යෝජනා කළේය.නමුත් රණවක ඇමැතිවරයා අදහස් දක්වමින් ඇවන්ගාඩ් නීතිවිරෝධීව ගිනිඅවි නිකුත් කර ඇති නිසා එය අපරාධයක් ලෙස සළකා දඩුවම් ලබාදීමේ තත්ත්වයක් තිබෙන බව තමන් විශ්වාස කරන්නේ යැයි පැවසුවේය.මෙහිදී නීතිපතිවරයා කිසිවෙකුත් අපෙක්ෂා නොකළ අනාවරණයක් සිදු කළේය.බොහෝ දෙනෙක් නොදන්නා වුවත් ආරක්ෂක අමාත්‍යංශයේ අදටත් සේවය කරන ජ්‍යෙෂ්ඨ නිලධරයකු ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස් සමග ඇතිකරගෙන තිබූ ගිවිසුම අලූත් කිරීමට කටයුතු කර තිබෙන බව ඔහු කීවේය.මෙනිසා මෙහෙයුම් වල යෙදීමට ඇවන්ගාඩ් වෙත නීතියෙන්ද අවසරය හිමි බව නීතිපතිවරයා වැඩිදුරටත් පැවසුවේය.

මේ හමුවේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, නාවික හමුදාවේ හිටපු අද්මිරාල්වරුන් වන සෝමතිලක දිසානායක, ජයනාත් කොළඹගේ, ජයන්ත පෙරේරා, ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති, සුජාතා දමයන්ති, ආරක්ෂක අමාත්‍යංශ අතිරේක ලේකම් පාලිත ප‍්‍රනාන්දු යන අයට එරෙහිව අල්ලස් චෝදනා ගොනු කිරීම තම නිර්දේශය වන බව නීතිපතිවරයා කීවේය.2012 අගෝස්තු හත්වැනිදා සිට 2015 ජනවාරි අටවැනිදා දක්වා ඇවන්ගාඩ් සමාගම යටතේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට මෙම පුද්ගලයින් අවසර ලබාදී තිබෙන බවත්, පිළිගත් නීති උල්ලංඝණය කරමින් සිදුව ඇති මෙම කටයුත්තෙන් රුපියල් බිලියන 11.4 ක නීති විරෝධී ආදායමක්ද ඇවන්ගාඩ් උපයාගෙන තිබෙන බවත්, නීතිපතිවරයා පැවසුවේය.

අපට දැනගන්නට හැකිවූ ආකාරයට ගෝඨාභය රාජපක්ෂ ජනපති සිරිසේන හමුවන්නට ගොස් ඇත්තේ මෙම අනාවරණයත් සමගය.

“ජනපතිවරයාව හමුවෙන්න මට මොරගොඩගේ උදව් වුවමනා නැහැ.ඔහුව මම හොදින් අදුනනවා.එනිසා කාගේවත් උදව් මට වුවමනා නැහැ.ඒ වගේම ජනපතිවරයාට සෘජුවම මා ඇමැතිය හැකියි.වසරක පමණ කාලයක් මා ඔහුව දුටුවේ නැහැ.“ ගෝඨාභය සන්ඬේ ටයිම්ස් හා පැවසුවේය.

බිම් මට්ටමේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයන්, පක්ෂය එහි ප‍්‍රධාන ප‍්‍රතිවාදියා වන එක්සත් ජාතික පක්ෂය සමග අත්වැල් බැදගෙන සිටීම හමුවේ දෙපිල බෙදී සිටින බව පැවසූ ගෝඨාභය තත්ත්වය සමනය කිරීමට පක්ෂයට නැවත වරක් රාජපක්ෂවරුන්ගේ සහය ලබාගැනීමේ වුවමනාවක් ජනපති සිරිසේනට ඇතැයි තමන් විශ්වාස කරන බව කීවේය.නමුත් ගැටලූව වන්නේ සහය ලබාගැනීමට අත දිගු කළ යුත්තේ කුමන රාජපක්ෂවරයාටද යන්නය.මහින්ද රාජපක්ෂ දැනටමත් ජනපති සිරිසේනට ගැටලූවකි.ගෝඨාභය රාජපක්ෂ එක් කර ගැනීමේ ගැටලූවක් නැතත්, ඔහුව සිරිසේන - වික‍්‍රමසිංහ රජයට සහය දක්වන අන්තර්ජාතික ප‍්‍රජාව කෙසේ පිළිගනීදැයි යන්න අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත.වැඩිමහල් රාජපක්ෂ සාමාජිකයා, චමල් රාජපක්ෂ හොද විකල්පයක් වුවත්, ඔහුට ජනපති සිරිසේන හා කොපමණ දුරක් යනු ඇතිදැයි අපැහැදිලිය.ඔහුගේ සහය ලබාගැනීමට නම් මහින්ද රාජපක්ෂගේ සහය දිනාගැනීම අවශ්‍යය විම ඊට හේතුවය.

හඳුන්වාදීමට යන වැට් බදු සංශෝධනය රටේ නොයෙක් පෙරළි ඇතිකරනු ඇති බවට සැකයක් නැත.දැනට නිහඩව සිටින විපක්ෂයද ඉදිරි දින කිහිපයේදී හඩ අවදි කරනු ඇත.නමුත් මෙවර වැට් බදු සංශෝධනය හදුන්වාදීමේ කි‍්‍රයාවලියේ වෙනස වන්නේ ඊට සුළු පරිමාන තොග සහ සිල්ලර වෙළදුන් ආරක්ෂා කිරීමට පෙනී සිටින බව කී නිදහස් පක්ෂයේද සහය ලැබී තිබීමය.අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් අනෙක් ණය වාරිකය ලබාගැනීමට නම් වැට් බදු සංශෝධනය කි‍්‍රයාත්මක කිරීම අනිවාර්යය.කෙසේ බැලූවද, දේශපාලනමය මෙන්ම ආර්ථිකමය අභියෝග වලට වැඩි වැඩියෙන් මුහුණදෙන්නට රජයට සිදුවන බව නම් පැහැදිලිය.

 



අදහස් (0)

මෛත්‍රී දෑත් දිගු කරයි ඒත් මහින්ද දෙගිඩියාවෙන්

වින්සන්ට් Sunday, 11 September 2016 12:26 PM

"කොයි තරම් වැරදි කළත්..." ඒ අයට නැවත ඡන්දය දෙන අපේ අය සිටිනතුරු රටක් දියුණුවේද? (ර)

:       0       0

රත්නායක Sunday, 11 September 2016 02:19 PM

කොයි අයත් වැරදි කරා... කරනවා... ඒ වැරදි තවමත් සිදුවන එක ගොඩක් අයට පේන්නෙ නැති එක තමයි ලොකුම වැරැද්ද. ඒ නිසා එක් පක්ෂයකට, පුද්ගලයෙකුට විතරක් බැන බැන නොසිට නිවැරදි තීරණයක් ගන්න. ඒක තමයි නිවැරදි දේ. (ර)

:       0       0

ශශිකා Sunday, 11 September 2016 04:08 PM

වැරදි කළවුන් බලයට පත්කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නැතුවා මෙන්ම අද බලයේ සිටින්නන් අතීතයේදී කිසිදු වරදක් නොකළ ශුද්ධවන්තයින් නොවන බවත් සිහිතබාගත යුතුය. වැඩිපුර රුධිරය තැවරී ඇත්තේ කාගේ දෑත්වලද යන්නත් අපි දනිමු. (නි)

:       0       0

ජෙහාන් ග්‍රේරු Sunday, 11 September 2016 04:24 PM

මහින්ද රාජපක්ෂ මොන වැරැද්ද කළත් මිනිසුන්ගේ මරණ බය නැතිකළ නිසා ඔහුට එකවරක් සමාව දෙමු. මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ නොහිටින්න අදටත් අපි මරණ භයෙන් නේද? ලාභ ප්‍රයෝජන නොතකා උදවූ කරන මිනිස්සු දුර්ලභයි. උදවුවට ප්‍රතිඋපකාර කරන මිනිස්සු අති දුර්ලභයි. ඒ නිසා ධර්මපාලතුමාටත් රට එපා කරවපු සිංහලයෝ මහින්ද රාජපක්ෂත් ගෝඨාභය රාජපක්ෂත් මිනිසුන්ට ලබාදුන් නිදහසට ප්‍රතිඋපකාර කරයි කියලා හිතන්න අමාරුයි. (නි)

:       0       0

උපාලි Sunday, 11 September 2016 04:46 PM

වැඩ කරනවිට වැරදිද වේ. මහින්දගේ කාලයේ තරම් වේගවත් සංවර්ධනයක් සිදුවූ කලක් තිබුනේද. එහිදී මුල්‍ය සහ කළමනාකරන වැරදිද සිදුවූ බවට චෝදනා ඇත. ඒවාටද පරීක්ෂණ කරගෙන යයි. දැන් සිදුවන්නේ කුමක්ද? වැරදි ගැන චෝදනා ඇත. ඒවාට විභාග නොමැත. ඇති සංවර්ධන වැඩක්ද නොමැත. (නි)

:       0       0

ගෝපි Sunday, 11 September 2016 06:14 PM

වැරදි මොන ආණ්ඩුව යටතේත් සිදුවෙනවා. මහින්ද යටතේ රටට හිතකර ප්‍රධානම කරුණ ඉෂ්ට වුණා. ඒ සමඟ රටේ දියුණුවටත් විශාල වැඩ කොටසක් සිදුවුණා. ඒ සමඟ සංසන්දනය කළොත් 77 සිට තිබු ආණ්ඩුවලින් මහින්දට නිසැකවම ප්‍රථම ස්ථානය ලැබෙනවා. බොරු චෝදනා වලින් මඩ ගැසීම සිංහලයන්ගේ කැත පුරුද්දක් බව ඉතිහාසයෙනුත් ඔප්පුවෙලා තිබෙනවා. අනගාරික ධර්මපාලෙතුමා රට හැරගොස් තමන්ගේ මළ සිරුරවත් ආපසු ලංකාවට නොගෙනන ලෙස ඉල්ලා සිටියේත් ඒ නිසයි. (නි)

:       0       0

ජනහිත Sunday, 11 September 2016 06:27 PM

රටක් දියුණ කරනවා කියන එක ඒතරම් දෙයක් නොවෙයි කාටත් උවමනාව තියනවා නම්. අවංකව වැඩකළොත් රට දියුණුවේවි. හැබැයි දේශපාලනයේදී බුද්ධිමත්ව ක්‍රියාකිරීම ඉතාම වැදගත්. ගැටළු තිබුණත් ඒ පසුපස නොදුවා ටිකක් හෝ පහළට අාවොත් නම් ජයග්‍රහණය ඒකාන්තයි. දැන් හොඳම අවස්ථාව අනවශ්‍ය වාග් සංග්‍රාමයෙන් ඉවත්වන්න. කට පරිස්සම් කරගන්න බැරි පරණ අය පක්ෂය නැති නොකර ටිකකලකට හෝ ඉවත් විය යුතුමයි. නැත්නම ඔක්කොම වතුරේ යාවි. (නි)

:       0       0

නාලක Sunday, 11 September 2016 06:44 PM

උදය, ඔයා කැමති ඇති ලංකාව වියට්නාමයක් වෙනවට. ප්‍රභාත්ටත් ඔය රටටම කතාකරගන්න. ප්‍රභාත්, මිනිස්සු අනුන්ට ණයවෙලා පාටි දානවා, ගෙවල් ගන්නවා, කාර් ගන්නවා. ඒක දියුණුවක්ද? ණය ගෙවන්න බැරිවුණොත් මොකද වෙන්නේ? (නි)

:       0       0

රාජ් Sunday, 11 September 2016 09:58 PM

ශාන්ත, ඒ ටික දෙනාගේ ගොඩට තවත් 12 දෙනෙක් එක් කරගන්න. ඒ මම සහ මගේ සමීපම හිතවතුන්. මහින්දට තිබුන අභියෝග එක්ක ඔහු කළ වැඩ කොටස අපි 12 දෙනෙක් එකතුවෙලා මේ ආණ්ඩුවේ වැඩත් නොවැඩත් එක්ක සංසන්දනය කර දැඩි තක්සේරුවකට ලක්කළා. ප්‍රතිපලය: මහින්ද 95%; මෛත්‍රී රනිල්: 5%. මේක අපි කළේ මලයාසියාවේදී අපේ තානාපතිට ගහන්න කලින්. ඊටපස්සේ කළා නම් ඒ 5%ත් බින්දුවට බහිනවා. (නි)

:       0       0

ආනන්ද Sunday, 11 September 2016 10:26 PM

අයවැයෙන් අපේ කටට පස් දාන්න දඟලන දැඟිලිල්ලක්ද දන්නෙ නැහැ. (නි)

:       0       0

සහන් Monday, 12 September 2016 11:32 AM

සෑම් ගේ කතාව හරි (හේ)

:       0       0

බෙනට් Sunday, 11 September 2016 11:06 PM

මහින්ද මහතා එහෙම ආවට ගියාට තීරණ ගන්න කෙනෙක් නෙමෙයි (නි)

:       0       0

බමුණු ආරච්චි Sunday, 11 September 2016 11:01 PM

වින්සන්ට්, අනෙක් හැමෝටම වඩා රට බේරාගත් අය අපිට වටිනවා. (නි)

:       0       0

ජයකොඩි Monday, 12 September 2016 01:01 AM

මේක හරියට හරි. රට හදන්න නම් මුදල් ඕනෑ. කෙළින්ම රටට මුදල් මේ ක්‍රමයට හොයාගන්න පුළුවන්. දියුණු රටවල් කරන්නෙත් මේකමයි. එ්කයි ඒ රටවල් ශක්තිමත්. දේශපාලන කතා වැඩක් වෙන්නේ නැහැ. මේ ක්‍රම අාවොත් රටත් ගොඩ, ජනතාවත් ගොඩ (නි)

:       0       0

නිහාල් Monday, 12 September 2016 02:14 AM

මොනවා කිවුවත් මහින්ද කරපුවා කරන්න පුලුවන්ද (නි)

:       0       0

සිසිල් Monday, 12 September 2016 03:28 AM

මහින්දගෙන් උදවු ඉල්ලා ඔහුවෙත දෑත දිගු කරමින් යුඑන්පියේ 70 වෙනි සංවත්සර රැස්වීමේ මුල් පෙළේ පුටුවක වාඩිවී සිටීම ගැන අප සිතාගත යුත්තේ කුමක්ද? (නි)

:       0       0

සෑම් Sunday, 11 September 2016 09:08 AM

පසු ගිය කාලෙදී ශ්‍රේෂ්ඨාධිකරණය මෙහෙම තීන්දුවක් දුන්නා නම් අග විනිසුරුට ගෙදර යන්න වෙන්නේ (හේ)

:       0       0

ප්‍රභාත් Sunday, 11 September 2016 09:12 AM

කොයි තරම් වැරදි කලත් රට සීග්‍රයෙන් සංවර්ධනය කරන නිසාත් රට ආරක්ෂා කරන නිසාත් මම නම් රාජපක්ෂ මැතිතුමාගේ අලුත් පක්ෂයට ඡන්දේ දෙනවා. (හේ)

:       0       0

බිනර Sunday, 11 September 2016 09:08 AM

මේ මොහොතේ රාජපක්ෂලගේ සහෝයෝගය නැතුව එස් එල් එෆ් පී වලට දිනන්න බැහැ. (හේ)

:       0       0

සෑම් Monday, 12 September 2016 03:54 AM

නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය එකට එකතුවීම කියන්නෙ ශක්තිමත් සිංහල රජයක් හදාගන්න පුළුවන් අවස්ථාවක්. මහින්ද මහත්තයා එ්කට අකැමති අැයි? සුළු පක්ෂ ළඟට ගිහින් කාෙන්දේසි වලට යටවෙලා අාණ්ඩු පිහිටුවනවට වඩා ඒක හාෙඳයි කියලා තමයි මම දකින විදිහ. සිංහල කියන ජාතිය නාෙබෙදී තිබිය යුතුයි. සිංහලේ බෙදීමෙන් සුළු ජාතිකයින්ගේ නැගිටීම වළක්වන්න බැහැ. (නි)

:       0       0

සජිත් Monday, 12 September 2016 04:47 AM

පසුගිය මැතිවරණ දැක්කම පැරදුනේ කාගේ වරදින්ද කියලා හැමෝම දන්නවා.(හේ)

:       0       0

ශාන්ත Sunday, 11 September 2016 09:56 AM

ප්‍රභාත්ගේ අදහස දැක්කම දුකක් දැනුනා. එත් ටික දෙනෙක් එහෙම හිතන බව දන්නවා. කොයි තරම් වැරදි කලත්... (ර)

:       0       0

උදය - වියට්නාම් Sunday, 11 September 2016 10:28 AM

මහින්දගේ රාජ්‍ය පාලනය මේ රටේ තිබුන හොදම පාලනය කිවොත් වරදක් නොමැත. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුංචි සිඟිත්තියක් ඇළට බිලි
2024 ඔක්තෝබර් මස 08 69 0

දංකොටුව පොලිස් වසමට අයත් යෝගියාන වෑකඩ ප්‍රදේශයේ පෙර පාසල් වයසේ පසුවන කුඩා දැරියක් අද (08)වැනි දා දහවල් නිවස පිටුපසින් ගලා බසිනා අනාරක්ෂිත ඇලකට වැටී දියේ


අනුර එක්ක වැඩ කරන්න සූදානම් බව ජෝ බයිඩන් කියයි
2024 ඔක්තෝබර් මස 08 479 0

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත උණුසුම් සුබපැතුම් පළ කර තිබේ.


චීන යුද පුහුණු නැවක් මේ මාසේ ලංකාවට
2024 ඔක්තෝබර් මස 08 454 1

චීන යුද පුහුණු නෞකාවකට මේ මාසයේදී ලංකා මුහුදු සීමාවට පැමිණීමට අවසර දුන් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


ලංකා ආර්ථිකය ගොඩ නගන්න ඇමරිකා සහය
2024 ඔක්තෝබර් මස 08 1326 3

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදීමට ඇමෙරිකා එක්සත් ජනපදය එකඟතාව පළ කර ඇතැයි ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චන


අමරවීර සිටි නිල නිවස සිරිමාවෝ බාලිකාවට
2024 ඔක්තෝබර් මස 08 7161 9

හිටපු කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කොළඹ 7 පැජට් පාරේ පිහිටි නිල නිවසින් අද (8) ඉවත් විය.


බඹරු ඇන 6 ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 08 123 0

තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් පස්දෙනෙකු සහ එක් පිරිමි පුද්ගලයෙකු අද (08) දින මස්කෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39433 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25704 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 347 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1159 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 398 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site