IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


‘මෛත්‍රී දිනුවේ හාස්කමකින් නොවේ : මහින්දගේ පාලනය දූෂිතවූ නිසයි‘

මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ පොදු විපක්ෂයේ ජයග්‍රහණය කිසිවකුගේ ප්‍රාතිහාර්යකින් සිදු වූ දෙයක් නොවන බව පදනම් ආයතනයේ පැවති දූෂණ විරෝධී ජාතික ව්‍යාපාරයේ සමුළුවකට එක්වෙමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කීවේය.

‘‘අපි දන්නවා අද නොයෙක් දෙනා  මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ඡන්ද ලක්ෂ 58 ගැන කතා කරනවා.  මුදල් විශාල වශයෙන් වියදම් කරපු යෝධ මැතිවරණ ව්‍යාපාරයක් හේතුවෙන් තමයි ඒ ඡන්ද ලබා ගත්තේ. සියලුම මාධ්‍ය නීති කඩ කරමින් ප්‍රචාරණ කටයුතු සිදුකළා. එහෙම ගෙන ගිය මැතිවරණ ව්‍යාපාරය පරාජය වුණේ කොහොමද කියල තවමත් සමහර අයට හිතා ගන්නවත් බැහැ. සමහරු කියනවා දෙමළ ජනතාවගේ ඡන්ද වලින් දිනුවලු, මුස්ලිම් ජනතාවගේ ඡන්ද වලින් දිනුවලු. යූ.එන්.පී. එකෙන් දිනුවලු, ජේ.වී.පී. එකෙන් දිනුවලු. ඒ හැමෝගෙම සහයෝගය ලැබුණා. ඒක ඇත්ත. නමුත් මහින්ද මහත්තයට තිබුණු ලක්ෂ 57ක ජනවරම පරාජයට පත් වුණේ, මේ දූෂණය වංචාව පිළිබඳව ජනතාව තුළ ඇති වූ සමාජ මතය. විශේෂයෙන්ම වෘත්තියවේදීන්ගේ ඒ සමාජ මතය නිසා‘‘

සමුළුවට සමාජ සේවා හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක, ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ප්‍රකාශක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, අචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි, මහාචාර්ය සරත් විජේසූරිය යන මහත්වරුන් ඇතුළු දූෂණ විරෝධී ජාතික ව්‍යාපාරයේ සාමාජිකයෝ පිරිසක් එක්ව සිටියහ.

web-web



අදහස් (0)

‘මෛත්‍රී දිනුවේ හාස්කමකින් නොවේ : මහින්දගේ පාලනය දූෂිතවූ නිසයි‘

ප්‍රගීත් Thursday, 12 February 2015 01:21 PM

ඒ අයට ඡන්දෙට වැඩි වියදමක් යන්නේ නැතුව ඇති (නි)

:       0       0

අනුර Thursday, 12 February 2015 01:48 PM

නොරොච්චෝලේ ඇණහිටියේ බාල ගල්අඟුරු නිසා සහ අපේ අයගේ පලපුරුද්ද නැතිකම නිසා. (නි)

:       0       0

අබේපාල Thursday, 12 February 2015 01:59 PM

මෙයාට මොනවා වෙලාද? බනින එකම තමයි වැඩේ. පුළුවන්නම් ලබන මැතිවරණය තනිවම තරඟකර පාර්ලිමේන්තුවට එන්න. (නි)

:       0       0

රවිඳු Thursday, 12 February 2015 02:17 PM

ඔය බූරු මොළ වලට වැටහුනේ නැති උනාට චම්පික රණවකලා වගේ උගත් නිර්භීත මහත්තුරු ගැන මේ රටේ බුද්ධිමත් ජනතාව දන්නවා. නැට්ට බඩ යට ගහගෙන ඉන්න නිවටයින්ට කවදද වීරයෙකුගේ තරම පෙනුනේ? (බ)

:       0       0

ජයම්ත Thursday, 12 February 2015 02:29 PM

සන්වන්නි, ඔබේ කතාවට මගේ ආචාරය! සොපියා, ඔබත් හරි. (නි)

:       0       0

අබේ-ටෝකියෝ Thursday, 12 February 2015 02:38 PM

වසර 9 ම දුෂිතයන් සමඟ ඉන්නකොට හරි හොඳයිනේ? මෙහෙම අයටද අපි ඡන්දය දුන්නේ? (නි)

:       0       0

ප්‍රියනාත් Thursday, 12 February 2015 02:49 PM

මැතිවරණ සටන මෙහෙයවපු දෙපිරිසේ වෙනස රටේ ජනතාව දැක්කා. බුද්ධිමතුන් ඒ සටන ජයග්‍රහණය කළා. වෙනස ඒකයි. (නි)

:       0       0

පිවිතුරු යහපාල Thursday, 12 February 2015 03:33 PM

මේ අපි ආදරය කළ අපි ගෞරව කළ චම්පික මහත්තයා නම් නෙමෙයි. අද මේ රටේ මිනිසුන්ට නිදහසේ මරබිය නැතුව ජීවත්වෙන්න ඉඩකඩ සළස්වපු එකට මේ වසර කීපයේ ආරක්ෂා වුණ ජීවිත දේපළ වල වටිනාකමට ඒ උත්තමයාව එල්ලලා මදි බැලුවහම (නි)

:       0       0

රෝයි Thursday, 12 February 2015 03:38 PM

ජනවාරි 8 දින දක්වා වේදිකාවල කෑ ගහන්න ඉඩදීලා අපි අහගෙන හිටියා. ජනතාවගේ යුතුකමත් 8 වෙනිදා ඉතා හොඳින් ඉටුකළා. තවත් කෑ ගහන්න එපා. දැනට දින 34ක් ගතවෙලා ඉවරයි. තවත් ඇත්තේ මාස දෙකකටත් අඩු කාලයක්. මෙම පොරොන්දු ඉටු‍නොකරද මහා මැතිවරණ වේදිකාවේ කතා කරන්නේ? (නි)

:       0       0

ජයවර්දන Thursday, 12 February 2015 07:28 PM

බන්දුල පෙරේරා, ඔයාගේ ලොක්කා පැරදුනොත් ජනවාරි 8 දාට පස්සේ එසැණ පුවත් වලට ලියන්නේ නැහැ කියලා කිව්ව බව අමතකද ?අනිත් අයට අමතකයි කියලා හිතනවද? (නි)

:       0       0

රණසිංහ Thursday, 12 February 2015 09:29 AM

අනේ මන්ද මෙයාගේ මේ කියවිල්ල දැන් නම් එපාම වෙලා තියෙන්නේ . රුපවාහිනී දැම්මොත් මෙයා බනිනවා. (හේ)

:       0       0

ශාන් Thursday, 12 February 2015 09:36 AM

හැමෝම කරන්නේ ජනතාව මුලා කරන එක විතරයි (දිල්)

:       0       0

දුමින්ද Thursday, 12 February 2015 09:38 AM

තාම වෙනසක් නෑනේ කිසිම (දිල්) 

:       0       0

විජයබාහු Thursday, 12 February 2015 09:43 AM

ගණිතය හරි දුර්වලයි වගේ නේද (දිල්)

:       0       0

නන්දලාල් Thursday, 12 February 2015 09:49 AM

දූෂිත පාලනයක් මොන රටකවත් නිකම්ම එලවා දමලා නැහැ. ඒක කරන්න පුළුවන් වෙන්නේ, සංවිධානාත්මකව විරුද්ධ පක්ෂ එකතු වුණොත් තමා. එහෙම වෙනවා නම් හාස්කම් පතමින් රටවටේ විතරක් නෙවි ඉන්දියාවේත් වන්දනා කල රාජපක්ෂ මහත්තය තවමත් ශ්‍රී ලංකාවේ ජනාධිපති නේද පාටලී මහත්තයෝ? ඒ සියල්ලම නැතුව ඡන්දෙන් මෛත්‍රී ජනපති වුණ ඒක සමස්ථ ශ්‍රී ලංකාවේම හාස්කම, චම්පික මහත්තයෝ. (අ)

:       0       0

නිශ්ශංක Thursday, 12 February 2015 09:57 AM

ඇත්ත කොහොමත් තිත්තයි නේ රණසිංහ.(හේ)

:       0       0

ඇසළ Thursday, 12 February 2015 09:59 AM

දැන් අපිට පහුගිය කතා වලින් වැඩක් නැහැ පොරොන්දුවෙච්ච වැඩ ටික කරලා පෙන්නනවා. (හේ)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 12 February 2015 10:09 AM

බුරු පොලේ හිටියත් එකයි .බුරු ගැහුවත් එකයි, ඒ දුෂිතයි කියන පාලනේ හත් අවුරුද්දක් ඇමතිකම් දරුවා නේද?ඒ කාලේ ඕවට විරුද්ද වෙලා ඇමතිකම් අත ඇරලා ගිහින් හඩක් නැගුවේ නැත්තේ මොකද?ඒ පාලන කාලයේ දුෂණ වුනානම් කැබිනට් මණ්ඩලය විශේෂයෙනුත් ඒ රජයේ නිල තල දරපු සියල්ලනුත් ඒවාට වග කියන්න ඕන..අවසන් මොහොතේ එලියට ඇවිත් ගල් ලෙන බින්ද කිව්වට වැඩක් නැහැ.(අ)

:       0       0

කුමර Thursday, 12 February 2015 10:20 AM

ඕව චන්ද්‍රිකා නෝනට කියන්න (බ)

:       0       0

කොඩිතුවක්කු Thursday, 12 February 2015 10:31 AM

අනේ පෙරේරා මහත්මයෝ මොනාද මේ කියවන්නේ. තාමත් කියවන්නේ. ඒ මනුස්සය රටට වැඩක් කල මිනිහෙක්. පෙරේරා අවඩපු ආණ්ඩුවේ වැරදි දැකල ඒ තනතුරු දල අපු රියල් මහත්තයෙක් තමයි චම්පික මැතිතුමා (අ)

:       0       0

දුමින්ද Thursday, 12 February 2015 11:02 AM

බන්දුල, ඔබ හරි.මේ දූෂණ චෝදනා කරන අය 2005 ඉඳලම ජය ශ්‍රී කියපු අය.(හේ)

:       0       0

රෝයි Thursday, 12 February 2015 11:19 AM

ඔබ තුමන්ලා වේදිකාවල මෙගා ඩීල් ගැන කරපු කතා විස්වාස කරලා ජනතාව ඡන්දය දුන්නා මෛත්‍රී පිලට. (හේ)

:       0       0

කුලවර්ධන Thursday, 12 February 2015 11:48 AM

ඔයා ඔර්ජිනල් බන්දුලද?නැත්නම් වෙන කෙනෙක්ද? (නි)

:       0       0

චමින්ද Thursday, 12 February 2015 12:08 PM

ඉල්ලපුවට මහින්ද එකග උනා නම් අද කියන්නේ මහින්ද තරම් ජගතෙක් ලෝකෙම නෑ කියලා. (නදී)

:       0       0

රොහාන් Thursday, 12 February 2015 12:08 PM

ඔබ හොඳ නායකයෙක් කියල අපි දන්නවා. සොරකම් නොකරන නායකයෙක් කියල රටම පිලිගන්නවා. අපේ රට ණයවලින් ගලවගන්න පුළුවන් ඔබ වැනි නායකයන් සිටියොත් පමණයි. ඔබට තෙරුවන් සරණයි (නදී)

:       0       0

අජිත් කරුණාරත්න Friday, 13 February 2015 03:23 AM

බන්දුල පෙරේරා නැවතත් හොරු ටික නාවන්න පටන් අරගෙන. (නි)

:       0       0

සන්වන්නි Thursday, 12 February 2015 12:16 PM

චම්පික රණවක මහතාට විදුලිබල ඇමතිකම තිබුණ කාලේ නොරොච්චෝලේ හැමදාම කැඩුනා. ඒ කාලේ නොරොච්චෝලේ වැඩකළ කාලයට වැඩියි කැඩී තිබුණ කාලය. ඒ මන්දැයි සෙවීමට ජනාධිපති කොමිසමක් පත්කළ යුතුයි. ඒක චීන කළමනාකරණයට යළිත් දුන් දවසේ ඉඳලා හොඳට වැඩ. මෙතුමා ඒ පිළිබඳව කිසිම වචනයක් කියන්නේ නෑ. දූෂිතයින් සමග වසර 09 ක් කැබිනට් ඇමතිකමක් දරා දූෂිතයින් සමග සිටි මෙතුමා දූෂිතයෙන් නොවුනේ කෙසේද? මතක තියාගන්න. දූෂණයට එරෙහිව වැඩියෙන්ම හඬ නගන්නේ අන්ත දූෂිතයෝ තම දූෂිත බව වසා ගන්න. මහින්දගේ දූෂණ පෙරමුණේ සිට ආණ්ඩුවට එක්වූ සියළුම දෙනා ඒ වගේ අය බවට ඉතිහාසයේ සිදුවීම් සාක්ෂි දරනවා. (නදී)

:       0       0

සොපියා Thursday, 12 February 2015 12:49 PM

දැන් ඔයාගේ වාරේ දෙඩවිල්ල නවත්තල වැඩ කරලා පෙන්නමුකෝ බලන්න. තව ටික දවසකින් මේ ආණ්ඩුවත් දුෂිතයි මට වගකියන්න බැහැ කියල තමුන් ගැලවිලා යන්න හිතන්නවත් එපා. ජනතාව සමාව දෙන්නේ නැහැ. (නදී)

:       0       0

මෝහමෙඩ් සියාන් Thursday, 12 February 2015 01:18 PM

එක දුෂිතයෙක් හරි අද වෙනතුරු අඩුමගානේ අත්අඩංගුවට හරි අරගෙන තිබෙනවද? අපිව රැවටුවා කියලා තමා දැන් කියන්න තියන්නේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අවම බස් ගාස්තුව රුපියලකින් අඩු කරයි
2024 ඔක්තෝබර් මස 01 104 0

ඉන්ධන ගාස්තු අඩු කිරීමට සාපේක්ෂව අද (1) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.


අඟුණකොළපැලැස්සෙන් රැඳවියෝ 4ක් පනිති
2024 ඔක්තෝබර් මස 01 151 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිටි රැදවියන් හතර දෙනෙකු අද (01) බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි අගුණකොලපැලැස


නඩු බඩු කාමරේ භාරකරු යළි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 124 0

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත භාණ්


පූටින්ගේ ලියුමක් රැගෙන රුසියා තානාපති ජනපති හමුවෙයි
2024 ඔක්තෝබර් මස 01 961 0

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවාන් එස්. ජගාරියන් (Levan S. Dzhagaryan) මහතා අද (01) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.


අල්ලස් ගත් සැරයන් - පීසි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 43 0

මඩකලපුව පනෙයි අරුප්පන් කෝවිලේ ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය වැලි පනෙයි අරුප්පන් වැවෙන් ගොඩ දැමීමට එරෙහිව නීතිමය කටයුතු නොකර සිටීමට රුපියල් 2000ක අල්ලසක


බඹරු ඇන හතක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 01 79 0

හපුතලේ පිටරත්මලේ තේ වත්තේ තේ දලු නෙලමින් සිටි වතුකම්කරු කාන්තාවන් පිරිසකට අද (01) දහවල් එල්ල වූ බඹර ප්‍රහාරයකින් වතු කම්කරු කාන්තාවන් හත් දෙනකු හපුතලේ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38431 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25316 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 267 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 892 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 323 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site