(නිමල කොඩිතුවක්කු)
බස්රථ මංතීරුවේ ත්‍රිරෝද රථ සහ යතුරුපැදි ගමන් කළ යුතු බවට පොලීසිය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කොළඹදී අද(15) පැවසීය.
මෙම තීරණය හකුළා ගැනීමට පොලීසිය කටයුතු නොකළහොත් සියලුම පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බවද විජේරත්න මහතා සඳහන් කළේය.
බස් රථ මංතීරුව ගැසට් කර තිබියදී එහි ත්‍රිරෝද රථ සහ යතුරුපැදි ගමන් කිරීම නීතිවිරෝධී බවත්, රටේ පවතින නීතිරීතී පොලීසිය විසින් ම කඩකිරීමට එරෙහිව ඉදිරියේදි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය නුගේගොඩදී කැඳ වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසීය.
ත්‍රිරෝද රථයක උපරිම වේගය පැයට කිලෝමිටර් 40ක්ව තිබියදී මගීන් 60ක් 70ක් ගෙනයන බස්රථයක් එය පිටුපසින් ධාවනය කිරීම බරපතල ගැටලුවක් වී ඇතැයිද ඒ මහතා කීය.
මෙම මංතීරු නීතිය හේතුවෙන් යතුරු පැදිකරුවන් අනතුරට ලක්වීමේ අවදානමක් තිබෙන බවත් යම් අනතුරක් සිදුවුවහොත් එහි වගකීම පොලීසිය භාර ගන්නේදැයි තමන් ප්‍රශ්න කර සිටින බවද විජේරත්න මහතා පැවසීය.මං තීරු දෙකක් පමණක් ඇති ඇතැම් මාර්ගවල මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීම කිසිසේත්ම ප්‍රයෝගික නොවන බවද ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා කියා සිටියේය.
මංතීරු නීතියේ පවතින ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට පොලීසිය, ප්‍රවාහන සංගම් ඇතුලු සියලුම පිරිස සාකච්ඡාවක් සඳහා කැඳවන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් විජේරත්න මහතා වැඩිදුරටත් කීය.
රුපියල් කෝටි හතකට අධික රාජ්‍ය මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්‍ධයෙන් සබරගමු පළාත් සභාවේ හිටපු ලේකම්වරයකු සහ සබරගමු පළාත් මාර්ග අමාත්‍යාංශයේ හිට
ප්‍රවීණ ගායන ශිල්පී අභාවප්‍රාප්ත සමන් ද සිල්වා මහතාගේ දේහයට ජනාධිපති අනුර දිසානායක මහතා අද අවසන් ගෞරව දැක්වීය.
“බටලන්ද නිවාස සංකීර්ණයේ නීති විරෝධී ලෙස රඳවා ගැනීමේ ස්ථාන සහ වධකාගාර පිහිටු වීම සහ පවත්වා ගෙන යාම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව” ජනාධිපති කාර
රෝයල් පාර්ක් මිනී මැරීම් චෝදනාවට වරදකරු වී මරණීය දණ්ඩනය නියම වු ජූඩ් ශ්‍රමන්ත ජයමහ නමත්තාට ජනාධිපති සමාවදී නිදහස් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල ස
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව සඳහා මින් ඉදිරියට සහභාගී විිය හැක්කේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස තමා මසකට රුපියල් ලක්ෂ 74ක මුදලක් රජයට ඉදිරි කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
මංතීරු නීතියට බස් හිමියන්ගේ සංගමයේ විරෝධය
thushara Tuesday, 15 September 2020 10:39 AM
ඇත්ත, අපි බස්වල උදේ, හවස වැඩට යන්න එන්නේ. කවදාවත් නැති තරම් බ්ලොක් එකක් ඊයෙයි, අදයි කොළඹ තිබුනේ..
Ruhunu Tuesday, 15 September 2020 11:14 AM
වෙන රටවල් වල නම් යතුරු පැදිවලට ගමන් කිරීමට අවසර ලැබෙනවා. ලංකාවේ එහෙම කළොත් වරදක් නැත.
BamunuarachchiWednesday, 16 September 2020 03:08 AM
ඔය ඉඩ දීලා තිබෙන්නේ...
Ratne Tuesday, 15 September 2020 11:29 AM
මාර්ග තදබදය ඇති වීමට මූලිකම කාරණා වී ඇත්තේ ලත වෙවී ඉබි ගමනින් යන බොහොමයක් බස් රථ හේතුවෙන් සහ බස්රථ හා ත්‍රීරෝද රථ රියදුරන්ගේ අපරික්‍ෂාකාරී ධාවනයයි. ගැමුණු මුදලාලි මුලින්ම කළ යුතුව ඇත්තේ ජනතාවගේ කාලය නාස්ති කරන පුද්ගලික බස් රථවල මාර්ග බලපත් ඉවත් කිරීමට අධිකරණයෙන් ඉල්ලා සිටීමයි...
RaveendraTuesday, 15 September 2020 12:27 PM
ඇත්තෙන්ම ඔබ නිවැරදිය.. මෙයා බබා... නිකං බබා නොවේ තොත්ත බබා කිසිදෙයක් මෙයාට පෙන්නේ නැහැ.
BamunuarachchiWednesday, 16 September 2020 05:38 AM
මා දන්නා හැටියට බස් රියදුරන්ට කිසියම් කාලයක් දී තිබෙනවා. ඒ ගමන ඉවර කරන්න හිමින් ගියත්, වේගයෙන් ගියත් එම කාලය තුළ ගමන නිමා කරන්න ඕනේ. නියමිත කාලයට වඩා ගත්තොත් ඔවුන්ට ප්‍රශ්නයක්.
චමින්දThursday, 17 September 2020 01:33 AM
රත්නෙගේ අදහස ඉතාම නිවැරදියි. ඉබිගමනේ ගාටන බස්රථ නිසා මාර්ග තදබදය සිදුවෙනවා සේම ඉබිගමන් බස් දුර ගමන් බස්වලට මගීන් ගැනීමට ඉඩනොදීමද මගීන්ට කරන හිරිහැරයක් කියන්න පුළුවන්... උදාහරණයක් හැටියට මහනුවර සිට තංගල්ල දක්වා ධාවනය කරන බසයට ඇඹිළිපිටියේදී මගීන් ගැනීමට ඉඩ නොදීම. කිරිඇල්ල හෙවත් ඉඩංගොඩ සිට නුවර දක්වා ධාවනය වන බසයට ඇහැලියගොඩදී මගීන් ගැනීමට නොදීම රත්නපුර නව නගරයේදී ඇඹිළිපිටිය වැනි ගමනාන්ත දක්වා යන මගීන්ට නවනගරයෙන් දුර ගමන් බස්වලට නැගීමට නොදීම. 2015ට පෙර ඉදිකළ ඉඩංගොඩ ඇහැලියගොඩ පාරට දුරගමන් බස් ධාවනයට ඉඩනොදීම වැනි දේවල් අනන්තවත් සිදුවෙනවා. තවත් දෙයක් කියනවා නම් දිනක් මම නුගේගොඩට යාමට රත්නපුරෙන් මාර්ග අංක 99 බසයක ගියා. මෙහි මොණරාගල සිටි පැමිණි මගියෙක් නුගේගොඩ බසින අවස්ථාවේ පිළියන්දල සිට පිටකොටුවට ධාවනය කල බසයක රියදුරෙක් මාසිටි බසය හරස්කර මගීන් බැස්සවීම ගැන තර්ජනය කළා.. බස් ගැමුණුට මේවා පේන්නේ නැහැ නේද?
විජේ Tuesday, 15 September 2020 11:59 AM
ඔයාලගේ පදේටත් කාලයක් කට්ටිය නැටුවා නේද ගැමුණු? දැන්නං එහෙම වෙයි කියලා හිතන්න අමාරුයි... සොරි...
de silva Tuesday, 15 September 2020 12:24 PM
කොළඹ නගරයේ ට්‍රැෆික් එකේ 40ට යන්න පුළුවන් නම් ලොකු දෙයක්.. බස් මන්තීරුවේ ත්‍රි රෝද රථ ගියාට කමක් නැහැ.
සමන්ත Tuesday, 15 September 2020 01:16 PM
මම දන්නා තරමට ත්‍රිරෝද රථ සහ බස් රථ සඳහා ඇත්තේ එකම වේග සීමාවන්. එහෙම වුණාම බස් තීරුවේ ත්‍රිරෝද රථ ගියාට ප්‍රශ්නයක් නැත. නමුත් ගැටලුව එන්නේ මෝටර් සයිකල් සඳහා. සාමාන්‍යයෙන් මෝටර් සයිකල් සඳහා වේග සීමාව වන්නේ මෝටර් කාර්වල වේග සීමාවයි. හෙමින්යන තීරුවක මෝටර් සයිකල් ධාවනය කරවීමෙන් අනතුරු සිදුවිය හැකියි.
Kamal Tuesday, 15 September 2020 04:41 PM
යතුරුපැදි, බස් සමග එකට ගමන් කරවීමෙන් සිදුවන පැදිකරුවන්ගේ අනතුරු පොලිසිය බාරගත යුතුයි.
Nandalal DE SILVA - France Tuesday, 15 September 2020 09:45 PM
බොහෝ පුද්ගලික බස්රථ, ලංගම බස් සමග රේස් යනවා වගේ දුවපු දිවිල්ල, මංතීරු නීතිය ක්‍රියාත්මක වුණාට පස්සේ කරන්න බැරිවීම නිසා ගැමුණු මහත්තයාට තදවෙලා වගේ. මෙයාට පුළුවන්ද ලක්ෂ ගණන් හම්බ කරන්න... බස් මුදලාලිලාට අණදීලා බස් වර්ජනය ඇති කරන්න.? අනේ මෙහෙමත් හිනායන කතා කියන හැටි... මහමග භාවිතා කරන අනෙක් අය ගැන හිතන හැටි..!!!
Bamunuarachchi Wednesday, 16 September 2020 03:10 AM
මංතීරු නියම කිරීම එම් සි සි ගිවිසුමේ අවශ්‍යතාවක් බව එම් සි සි ගිවිසුම කියෙව්වම බලාගන්න පුළුවන්.
BamunuarchchiFriday, 18 September 2020 01:42 PM
ඔය ඩිස්ලයික් දාපු හාදයා MCC ගිවිසුම කියෙව්වොත් හොඳයි...
Bamunuarachchi Wednesday, 16 September 2020 05:35 AM
එක බස් එකක් ගිහිල්ලා අනික් බස්එක එනකම් මංතීරුව හිස්ව තියන්නද කියන්නේ..?
vidya Saturday, 19 September 2020 05:01 AM
මෙවැනි තීරණ ගන්නට ඉස්සරවෙලා මාසයක කාලයක පරීක්ෂණයක් වශයෙන් අත්හදා බැලිය යුතුය. එකපාරටම කරන්න ගියාම ප්‍රශ්න ඇතිවෙනවා. මේක අර මැෂින් එකකින් තරබාරු මිනිසෙක් පොල්ගහකට නැගලා පොල් කඩනවා වගේ..