(ඉන්දිකා රාමනායක)
කොළඹ නගරයේ රථ වාහන තදබදය අවම කිරීම සඳහා පොලිසිය විසින් හඳුන්වා දී ඇති නව මංතීරු නීතිය සම්බන්ධයෙන් ලබන සදුදා (21) දින සිට තදින්ම ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය හා තොරතුරු තාක්ෂණ බාර නියෝජ්‍ය පොලිස්පති ලාල් සෙනවිරත්න මහතා අද (16) පැවසීය.
මෙම නීතිය සම්බන්ධයෙන් රියදුරන් දැනුවත් කිරීමේ පර්යේෂණත්මක අවදිය මේ දිනවල ක්‍රියාත්මක වන බවත් ඉදිරි දින දෙක තුළත් එම පෙරහුරු එලෙසින්ම ක්‍රියාත්මක බවද ලාල් සෙනවිරත්න මහතා කියා සිටියේය.
ලබන සදුදා සිට කොළඹ දිස්ත්‍රික්කය තුළ මෙම මංතීරු නීතිය ක්‍රියාත්මක වන බවත් රියදුරන් මෙම නීතිය සඳහා අනුගත විය යුතු බවත් හෙතෙම කියා සිටියේය.
මෙම නීතිය කඩකරන රියදුරන්ට රුපියල් 2000 ක දඩයක් හෝ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඒ සඳහා නියමිත දඩුවම් නියම වන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.
නියෝජ්‍ය පොලිස්පති ලාල් සෙනවිරත්න මහතා මේ බව ප්‍රකාශ කළේ පොලිස් මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකදීය.
කොළඹ නගරයේ පවතින රථවාහන තදබදය අවම කර ගමන් පහසුව උපරිම ලෙස සලසා ගැනීමට පොලිසියට සහයක් දක්වන ලෙසට මහජනයාගෙන් ඉල්ලා සිටින බවත් හෙතෙම කීය.
ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් වැඩි පොලිස් නිලධාරීන් පිරිසක් මාර්ගයට යොදවා පොලිසිය සිදුකරන උත්සහය මහජනයාගේ හිතසුව පිණිස සිදුකරන බවත් ලකුණු කර ඇති ස්ථාන වල දී බස් රථ මංතීරුව බස් රථ සඳහාත්, ලකුණු කර නොමැති ස්ථාන වලදී වම් තීරුව බස් රථ සඳහා භාවිතා කරන ලෙසට රියදුරන්ගෙන් ඉල්ලා සිටින බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේය.
යතුරු පැදි හා ත්‍රීරෝද රථ සඳහා පාරේ වම්පස තීරුව පමණක් භාවිතා කරන ලෙසට ද රියදුරන්ගෙන් ඉල්ලා සිටින බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේය.
ඇතැම් මාර්ගවල වම් පස මංතීරු දෙකක් ඇති බවත් ඇතැම් මාර්ගවල වම්පස මංතීරු තුනක් ඇති බවත් මෙම සියලු මංතීරුවල වම්පස මංතීරුව භාවිතා කරන ලෙසට රියදුරන්ගෙන් ඉල්ලා සිටින බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.
මුල් දිනවල මෙම පෙරහුව වෙනුවෙන් යම් වාහන තදබදයක් හටගෙන කිබුණ ද රියදුරන් මේ වෙනස් වීම හුරු වු පසු නගරයේ තදබදය අවම කර ගැනීමට හැකි වනු ඇති බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට රථවාහන හා මාර්ග ආරක්ෂාව බාර නියෝජ්‍ය පොලිස්පති සුමිත් නිශ්ශංක සහ එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩ මහතා ද සහභාගිවිය.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිල
ඇල්පිටිය නවදගල වෙළද සලක් තුළ වෙළද සල් හිමියා සහ ප්‍රදේශවාසී පුද්ගලයකු අතර ඇතිවූ ගැටුමකින් වෙළද සැල් හිමියා මරුමුවට පත්වී ප්‍රදේශවාසියා බරපතල තුවාල ල
පාසල් සිසුවෙකු ධාවනය කළ ත්‍රිරෝද රථයක් ප්‍රධාන මාර්ගය හරහා පෙරලිමෙන් එම සිසුවා සහ එහි ගමන් ගත් තවත් සිසුන් තිදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස
නව රජයේ පළමු කැබිනට් රැස්වීම අද (19)පෙරවරුවේ පැවැත්වීමට නියමිතව ඇත.
මත්ද්‍රව්‍ය ආරවුලක් මත නැදිමාල, දෙහිවල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරු ඇතුළු දෙදෙනෙකු ඊයේ (18) අත්අඩංගුවට ගත
උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මංතීරු නීතිය කැඩුවොත් දඩය 2000 යි
magiya Thursday, 17 September 2020 03:40 AM
මගීන්ට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සපයාදීම ද කලයුතුය.
විජේ Thursday, 17 September 2020 03:53 AM
රට හදන්න කලින් මිනිස්සු තමන්ගේ විනය චුට්ටක් වැඩිදියුණු කරගන්න ඕනේ. තරාතිරම නොබලා සාධාරණ ලෙස නීතිය ක්‍රියාත්මක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
BamunuarachchiSaturday, 19 September 2020 11:49 AM
හරියට හරි.. සිංගප්පූරු ජාතිකයන් ඔය තත්වයට ගෙන ආවා නම් මේ මිනිස්සු හදන්න බැරිකමක් නැහැ. අර කියන ඒකාධිපති පාලන ක්‍රමය අවශ්‍යයි.
lanka Thursday, 17 September 2020 04:41 AM
මෙය තදබදය අවම කිරීමක් නොවේ... වැඩි කිරිල්ලකි. බස් නොමැති නිසා ගෙවල්වල තිබෙන වාහන මාර්ගයට දැමීමකි.
BamunuarachchiSaturday, 19 September 2020 11:44 AM
හලෝ, ලංකාවේ විරක් නෙවෙයි, කාර්යාල වේලාවට මාර්ග තදබදය තියෙන්නේ. කටාර්වල සමහර තැන්වල තිබෙන්නේ වටරවුම් වල වමෙන් එන වාහන වලට ඉඩදීමේ නීතිය අකුරටම පිළිපදින නිසා පොලිස් මහත්මයෙක් නොසිටින අවස්ථාවල මම විනාඩි 7ක් 8ක් බලාගෙන ඉන්නවා අවස්ථාව ලැබෙන තුරු අනික් පැත්තට යන්න. මෙහි තදබදය මාර්ග නීති පිළි නොපැදීම නිසා ත්‍රි රෝද රථ සහ මෝටර් සයිකල් කරුවන් නිසාත් ඇතිවන දෙයක්...
malakamihira1515@gmail,com Thursday, 17 September 2020 05:03 AM
සැපයි නේද.?
BamunuarachchiSaturday, 19 September 2020 11:39 AM
අපෙන්ද අහන්නේ? මොකක්ද ප්‍රශ්නය..? මාර්ග නිති පිළිපදින්න බැරිකමද? එහෙමනම් හලෝ පයින් යන්න. ඒක වරද්දා ගත්තොත් දඩ ගහන්නේ නැහැ. මෝචරියේ නවතින්න පුළුවන්..
wiky Thursday, 17 September 2020 05:14 AM
බස් ත්‍රීවීල් බයික් මේකට තදින්ම විරුද්ධ වෙන්න ඕනි,
BamunuarachchiSaturday, 19 September 2020 11:46 AM
අපි ත්‍රී වීල්, බයික් පාරට දානවට විරුද්ධයි..., රට සිංගප්පූරුවක් වගේ කරන්න නම්.. බයික්, ත්‍රීවීලර් ප්‍රධාන පාරෙන් ඉවත් කරන්න.
warnasinghe Thursday, 17 September 2020 08:14 AM
එතකොට දකුණට හරවා යායුතු අය යන්නේ කොහොමද? විශේෂයෙන්ම අතුරු මගකට දකුණටහරවන අය සහ කලාතුරකින් කොළඹට එන අය..