IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


මෛත්‍රී නිසා ආණ්ඩුවට කෝටි 100ක් පාඩුයිලු

‘මහින්ද රාජපක්ෂ හිතපු නැති පොදු අපේක්ෂකයෙක් බිහි වුණා. මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා වුණු නිසා ආණ්ඩුවට කෝටි සියයක් පමණ පාඩුයි. මං වෙනුවෙන් මුද්‍රණය කළ මඩ පෝස්ටර වෙනුවට අලුතෙන් නිර්මාණය කරන්න වෙනවා. මං වෙනුවෙන් බටලන්ද කියා චිත්‍රපටයකුත් නිර්මාණය කර තිබුණා. හරිම පාඩුවක් ආණ්ඩුවට වෙලා තියෙන්නේ.‘ යැයි විපක්ෂ නායක හා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ හයිඩ් පිටියේ පැවැති ජන හමුවක දී කීවේය.

‘ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී බොහෝ රටවල විධායක ජනාධිපතිට තරග වදින්න පුළුවන් දෙවරක් පමණයි. අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට 18 වැනි සංශෝධනය ගෙනත් එය වෙනස් කළා. දැන් තියෙන්නේ විධායක ජනාධිපති ක්‍රමයක් නොවෙයි. ඒකාධිපති ජනාධිපති ක්‍රමයක් තමයි දැන් තියෙන්නේ. මෙය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් නොවෙයි. මෙය රාජපක්ෂ රෙජීමයේ ආණ්ඩුවක්. ‘



අදහස් (0)

මෛත්‍රී නිසා ආණ්ඩුවට කෝටි 100ක් පාඩුයිලු

ටිකිරි බණ්ඩාර Wednesday, 03 December 2014 02:36 AM

කෝටි 100ක් කියන්නේ කජු ඇට කොස් ඇට නෙමෙයිනේ. ඒකත් අපේ මහජන මුදලින්නේ ගෙවන්නේ. (නි)

:       0       0

ටිකිරි බණ්ඩාර Wednesday, 03 December 2014 02:37 AM

මොකෝ, මේ සල්ලි තමන්ගේ පුද්ගලික ධනයෙන් ගෙවනවා කියලද?අනේ අපොයි! (නි)

:       0       0

නිරෝද් Wednesday, 03 December 2014 02:39 AM

කෝටි 100ක්? අම්මෝ! මේ සල්ලි නේද? (නි)

:       0       0

හේරත් Wednesday, 03 December 2014 07:36 AM

ඕනැම රජෙකු සතු කුමන කුසලතා ඇතත් තම රාජධානියේ රාජ පුරුෂයන් රජයේ ධනය සොරාකන්නේ නම්, නාස්ති කරන්නේ නම් එම රජු රජකමට සුදුසු නොවන්නේමය. (නි)

:       0       0

රසික Wednesday, 03 December 2014 02:40 AM

ඔය චිත්‍රපටය ගහපු අධ්‍යක්ෂකලා ගැනත් අපිට හොඳ හොඳ ආරංචි ලැබිලා තියෙනවා (නි)

:       0       0

කස්තුරි Wednesday, 03 December 2014 02:45 AM

අනේ මෙහෙමත් කතා? මෙතුමාට ඉදිරිපත් වෙන්නට තිබුණ බය මේකෙන්ම තේරෙනවා කියලයි මට නම් හිතෙන්නේ (නි)

:       0       0

උපුල් Wednesday, 03 December 2014 07:44 AM

මුලට ‘ම‘ එන කෙනෙක් තමයි දිනන්නේ. (නදී)

:       0       0

රෝමින් Wednesday, 03 December 2014 02:54 AM

ඔය මොන කතා කිව්වත් වැඩක් නැහැ. ඔබතුමා ඉදිරිපත් වුණේ නැහැනේ (නි)

:       0       0

දිනිති Wednesday, 03 December 2014 07:44 AM

මොන අඩුපාඩුකම් තිබුනත් මෙතුමා වටේ ගසා කන්නන් නැහැ. මෙතුමා ගසා කෑවෙත් නැහැ. චන්ද්‍රිකා නෝනා පැමිණි පසු අගමැති කමෙන් ගෙදර යන්න වුනාම නිහතමානිව නම්බුකාර විදියට ගෙදර ගියා. තනතුර බදා ගෙන රැඳිලා හිටියේ නැහැ. (නදී)

:       0       0

අනුර Wednesday, 03 December 2014 03:16 AM

සුබද්‍ර,පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා තමා. නමුත් රට බේරාගත් උතුමන් නිසා මෙවරත් සළකමු (නි)

:       0       0

සමන්ති Thursday, 04 December 2014 01:11 AM

අපේ රටේ දේශපාලනය යනු අනුන්ට මඩගැසීම් කරන්න, සතුටුකිරීම් අහන්න සතුටු අයගෙන් පිරුණු රටක්. තමාගේ ප්‍රතිපත්ති කරන කියාදෙන අය නොමැති තරම්. (නි)

:       0       0

අනුර Wednesday, 03 December 2014 03:20 AM

දේදුනු, ඉතාම අකාර්යක්ෂම බව පෙනෙනවා. තමන්ගේ පාර හදාගන්න එකමුතුවෙන්න බැරි පිරිසක් බව පෙනෙනවා. මෙම පාරේ පයිප්ප දැමීමට තිබෙන නිසා අලුත්වැඩියාව පමාකර තිබෙනවා. (නි)

:       0       0

සමන් Wednesday, 03 December 2014 03:21 AM

ආර්ථික අතින් රට දියුණු කළහැක්කේ රනිල්ට පමණයි. (නි)

:       0       0

ෆාරු Wednesday, 03 December 2014 03:24 AM

අනේ ගමගේ, විධායක අගමැති කියලා එකක් ලංකාවේ නැහැ (නි)

:       0       0

දේශමිත්‍ර Wednesday, 03 December 2014 03:32 AM

අපේ රටේ අගමැතිකම කවුරු අතට යයිද කියලයි මට බය (නි)

:       0       0

ලයනල් Wednesday, 03 December 2014 08:16 AM

නව සන්ධානය වටා එකතු වී සිටින්නේ බුද්ධියේ විකාශනයයි. අවුරුදු 63 වන මගේ වයසට මා දුටු හොඳම සන්ධානයකි.තරුණයන් පිබිදීම නිසා නව සන්ධානයට ජය නියතයි (නි)

:       0       0

උෂාන් Wednesday, 03 December 2014 04:06 AM

රටේ ජනතාවට මහින්ද ජනාධිපති ඕනෑ. රට දියුණු කරලා රටවැසියන්ට හොඳක් වෙනවා නම් මේ ජනාධිපති වගේ දක්ෂ කෙනෙක් රටට අහිමි කරගන්නේ මොකටද (නි)

:       0       0

යගිරළ Thursday, 04 December 2014 02:46 AM

ඛාන්ට එකඟ වෙන්න නම් අමාරුයි මට (නි)

:       0       0

හුසේන් Wednesday, 03 December 2014 08:21 AM

දසුනි, ඔයාගෙ කෙස් පැහුනෙ අකලට වෙන්න ඇති. (නි)

:       0       0

සේනාරත්න Wednesday, 03 December 2014 08:23 AM

මෛත්‍රී බලයට ආවොත් රනිල්ට එය නිකම්ම දේවිද? චන්ද්‍රිකා නිකම් බලා ඉඳීවිද ?බොරදියේ මාළු බාන්න කීදෙනෙක් බලා ඉන්නවාද? (නි)

:       0       0

සත්‍යපාල Wednesday, 03 December 2014 04:22 AM

දැන් සමහරු කලබලවෙලා තියෙන්නේ ඒක තමයි. ඕකට තමයි කස්තුරි කියන්නේ ස්ථානෝචිත ප්‍රඥාව කියලා (නි)

:       0       0

රූපවතී Wednesday, 03 December 2014 08:28 AM

ශානක, බලාගෙන ඉන්න ඔයාලට පවුලේ හැමට බෙල්ලේ දාගන්න හොඳ ලණුවක් ගෙනවිත් ගෙදරින් තියලාම. ඒ ටික හැර මට කියන්න වෙන වචන නැහැ (නි)

:       0       0

කලීල් Wednesday, 03 December 2014 02:12 PM

අපි ගෙවන බදු සල්ලි නේද මේ? (නි)

:       0       0

අසංග Wednesday, 03 December 2014 04:30 AM

මෙතුමා තව මොනවා කියනවද මන්දා. (නි)

:       0       0

තබීතා Wednesday, 03 December 2014 04:36 AM

අපට බැංකු ණයක් ගන්න ගියාම ප්‍රශ්න කෝටියයි. මේ වගේ නාස්ති කරන මුදල් නිවසක් සාදා ගන්න උත්සාහ කරන ජනතාවට දුන්නොත් වටිනවා (නි)

:       0       0

හසිත් ප්‍රනාන්දු Wednesday, 03 December 2014 04:38 AM

මේ මුදල් කාගේද කියලාවත් දන්නේ නැති මිනිස්සුත් මේවාට අදහස් දානවනේ. මේ අපි දුක්විඳලා හම්බකරන සල්ලි නේද? කාට කියන්නද? (නි)

:       0       0

කේශාන් Wednesday, 03 December 2014 08:30 AM

අනේ මන්දා මොනවද කියලා මේවා! (නි)

:       0       0

එරංග Wednesday, 03 December 2014 04:40 AM

තොප්පි කෙසේවෙතත් තාමත් මෝඩ පිරිසක් ලංකාවේ සිටින බව නම් පැහැදිලියි. (නි)

:       0       0

හසන් Wednesday, 03 December 2014 04:43 AM

ජනාධිපතිතුමා රට බේරාගත්තා. දැන් වැරදි ටික හැඩගසාගන්න වෙලාව හරි. (නි)

:       0       0

ශාන්ත Wednesday, 03 December 2014 04:48 AM

ඇත්තටම වංචාව දුෂණයට එරෙහිව හා ප්‍රජතන්ත්‍රවාදයට පක්ෂව කවුරු හෝ සටන් කරනවා නම් මම හොර ඡන්ද වුණත් දානවා (නි)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 04 December 2014 03:40 AM

ගහන්න දෙයක් නැහැ නාන්න පුළුවන් 9 වෙනිදායින් පස්සේ. (නදී)

:       0       0

අරවින්ද Wednesday, 03 December 2014 04:58 AM

කොටි නිසා බැට කාපු ජනතාවටත්, ජීවිතය, අත පය, ඇස් අහිමි කරගත් රණවිරුවන්ටත්, සිය දහස් ගණන් දු පුතුන් රට වෙනුවෙන් දන් දුන් දෙමාපියන්ටත්, අවංකවම රටට ආදරේ කරන ජනතාවටත් මේ නිදහස ගොඩක් වටිනවා. සිය දහස් ගණන් දු පුතුන් රට වෙනුවෙන් ජිවිත කැප කරද්දී ජොලි කරපු අයට ඒක වැඩක් නැහැ.(නදී)

:       0       0

කල්දේරා Wednesday, 03 December 2014 05:02 AM

හසන්, බොහොම කනගාටුයි ! දැන් පරක්කු වැඩියි.(නදී)

:       0       0

කේ.ඒ අරුණ නිමේෂ් පෙරේරා Wednesday, 03 December 2014 05:03 AM

කොටි 100 මොකක්ද අයියෝ. (නදී)

:       0       0

පතිරණ Wednesday, 03 December 2014 05:10 AM

මේ ආණ්ඩුවට කෝටි 100 මහලොකු මුදලක් නෙවෙයි සර් (නදී)

:       0       0

චමී Wednesday, 03 December 2014 05:12 AM

මහින්දගේ කාලේ ඉවරයි. (නදී)

:       0       0

ගුණේ Wednesday, 03 December 2014 05:14 AM

ග්‍රහය මාරුවෙලා වගේ ! කොහොම වුනත් දැන් විපක්ෂ නායක තුමාගේ කටින් පිටවන වැකි එතරම් නරක නැහැ. නමුත් දැන් දැන් ජනාදිපති තුමාගේ මුවින් පිට වන වැකි පාරාවළල්ලක් වගේ තමාටම කැරකිලා එනවා. * අර ෆයිල් සම්බන්ද කතාව * එතුමා දැන් ආරක්ෂා කරගෙන ඉන්නේ " හොරු, කොමිස් කාක්කෝ, මිනීමරුවෝ, කුඩු ව්‍යාපාරිකයෝ, එනතොල් කාරයෝ, දුෂකයෝ, මේ නොකී නීති විරෝදී වැරදි කරුවන්ව නේද ? (නදී)

:       0       0

ඩැනී Wednesday, 03 December 2014 05:15 AM

බන්දුල තාම කඩේ ගිහින් නෑ වගේ (නදී)

:       0       0

නිමල් Wednesday, 03 December 2014 05:25 AM

ශාන්ත මරු විකල්ලෙන්ද කොහෙද කියවන්නේ! එතකොට හොර ඡන්ද කියන ඒවා වංචා දුෂණයට අයත් නැතිද?(දිල්)

:       0       0

ප්‍රියන්ත Wednesday, 03 December 2014 05:27 AM

ඡන්ද කාලේදී මෙහෙම දේවල් කියන එක සාමාන්‍ය දෙයක්. දැන් මේ අදහස් දාන ගොඩක් අය හිතන්නේ ජනාධිපති තුමා හොඳයි කියන අය මෝඩයෝ විදියට. එතකොට දැන් පොදුඅපෙක්ෂකට කඩේයන අය විතරයි බුද්ධිමත් අය. කරුණාකරලා කඩේ යනවනම් අනිත් අයටත් කැමති විදියට යන්න දෙන්න. (දිල්)

:       0       0

දිනෙත් Wednesday, 03 December 2014 05:41 AM

අනුර කියන කෙනා පැන පැන දේශපාලකයන්ව ආරක්ෂා කරනවා වගේ. (දි්ල්)

:       0       0

යොහාන්‍ Wednesday, 03 December 2014 09:14 AM

මේ කජු ඇටද? කොස් ඇටද? (නි)

:       0       0

කස්තුරි Wednesday, 03 December 2014 05:55 AM

ඔය කියන ස්ථානෝචිත ප්‍රඥාවෙනම තමා එතුමා 28 පාරක්ම පැරදුනේ සත්‍යපාල මහත්තයෝ. (ර)

:       0       0

සරත් වීරසිංහ Wednesday, 03 December 2014 06:10 AM

හැබැයි මේක අරගෙන ඔය කියන දේවල් කරලා මේක සුරපුරයක් කරයි කියල මට බයයි (නදී)

:       0       0

ලේක්කෝ ගලබඩ Tuesday, 02 December 2014 06:13 PM

රතු පාටින් අකුරු දෙකේ නමක් ඇති ටෙලි නාට්‍යකුත් හදල දැන් පෙන්වන්න පටන් ගත්තා එක්තරා පන්දම් රුපවාහිනියකින්. ඒජාප නායක තුමාට මඩ ගහන්න. නමුත් මෛත්‍රී පොදු අපේක්ෂකයා නිසා එල්ලය වැරදී හදපු අයට කර කියා ගන්න දෙයක් නැතුව ඔහේ පෙන්නනවා. මේකට දැන් දාන්න තියෙන්නේ 'වැරදුනු කුරුමානම' කියලයි. (නදී)

:       0       0

බවර් පැරිස් Tuesday, 02 December 2014 06:18 PM

නායකතුමනි ඔබතුමාගේ කතාව 100 යට 200ක් මම අනුමත කරනවා. රටම එ්ක අනුමත කරනවා . (නදී)

:       0       0

කෙවින් Wednesday, 03 December 2014 06:19 AM

අන්තිමට ඔක්කොම දේශපාලක කට්ටියව අපුල්ලන්න වෙන්නෙත් අපිටම තමයි . (නි)

:       0       0

ඛාන් Wednesday, 03 December 2014 09:41 AM

රට බේරාගත් අපේ දුටුගැමුණු රජතුමාට සමාන කළ හැකි ජනාධිපතිතුමාට කළගුණ සළකන්න පුරුදුවෙමු (නි)

:       0       0

ඉන්දික Tuesday, 02 December 2014 06:25 PM

කට පියාගෙන හිටියොත් හොඳයි කියලයි මම නම් පුද්ගලිකව හිතන්නේ (නි)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 03 December 2014 03:50 PM

මඩ ගහන්න කෝටි සීයක් මොකටද අප්පා? මට නම් රුපියල් සීයක් වුණත් ඇති (නි)

:       0       0

අජිත් කුරුවිට Tuesday, 02 December 2014 06:38 PM

ආණ්ඩුව කියන්නේ අපිනේ.මේ අපි බදු ගෙවන , ණය වාරික ,පොළී වාරික ගෙවන සල්ලිනෙ (නි)

:       0       0

චන්ද්‍රා Tuesday, 02 December 2014 06:43 PM

දැනට කෝටි 100 නම් ජනවාරි 8 වෙනකොට කීයක් වේවිද? අනේ සල්ලි! (නි)

:       0       0

ලියොන් ගුණවර්ධන Tuesday, 02 December 2014 06:51 PM

අනේ මන්දා! මේ වැඩවලින් දුප්පත් මහජනයාගේ බඩට නේද වදින්නේ? (නි)

:       0       0

අදිකාරී Wednesday, 03 December 2014 03:55 PM

කොච්චර කට තද කරගෙන හිටියත් සමහරුන්ට සමහර දේවල් ඉබේම කියවෙනවා (නි)

:       0       0

ඉන්දික Tuesday, 02 December 2014 07:09 PM

මට මේ හැමදේම දැන් පැටලිලයි තියෙන්නේ (නි)

:       0       0

ජයමාල් ගුණසේකර Wednesday, 03 December 2014 06:29 AM

ඔබතුමා තවම වැඩ පටන්ග්ත්තෙ නැද්ද. ඇයි මංගල තවම මඩ හොයනවද ? ඔබතුමාට ආණ්ඩුව ආවට පස්සෙ ඕව කරන්නෙ නැද්ද? බටලන්ද බොරුවක්ද ? අනේ පව්. 77 - 93 අපි හිටියෙත් මේ ලංකාවෙම තමයි. චන්ද්‍රිකා නෝන කරපු දේවලුත් අපිට තවම මතකයි. (බ)

:       0       0

ගුණරත්න Tuesday, 02 December 2014 07:50 PM

මොනවා වුණත් මේ යන විදියට ජනවාරි අටෙන් පස්සේ මොනවා වෙයිද කියලා සක්කරයටවත් හිතාගන්න බැහැ (නි)

:       0       0

වසන්ත Tuesday, 02 December 2014 08:01 PM

ලෝකය මොකක්ද කියලා තේරෙන, යුක්තිය සාධාරනය අගය කරන හැමකෙනෙක්ම ඉදිරියේදී තමන්ගේ දුවාදරුවන් වෙනුවෙන් ඔවුනට යුක්තිය රජයන තැනක් සොයාගෙන යනු ඇත (නි)

:       0       0

ශානක Tuesday, 02 December 2014 08:39 PM

අපි හිතනවා ඔබතුමා ඇතුළු පිරිසට ඒවා වෙනස් කරගන්න පුලුවන් කියලා (නි)

:       0       0

අනුරංග Wednesday, 03 December 2014 05:07 PM

මේ පාරත් අපි දිනනවා (නි)

:       0       0

සුබද්‍ර ගිරිහාගම Tuesday, 02 December 2014 09:12 PM

නිකන් විකාර කියවන්න එපා. මහින්ද රාජපක්ෂ යනු රට බේරාගත් ජාතික වීරයෙක්. ඔහුට තරඟයක් නැහැ (නි)

:       0       0

කැටවල Wednesday, 03 December 2014 05:09 PM

මහින්දත් එක්ක හැපෙන්න ඔයාලට කවදාවත් බැහැ. (නි)

:       0       0

මහින්ද කේ ගොඩගේ සීෂෙල්ස් Wednesday, 03 December 2014 05:26 PM

කෝටි 100ක් කියන්නේ මොකක්ද අද කාලේ නේද? ඩොලර් නොවෙයිනේ. රුපියල්නේ? (නි)

:       0       0

ප්‍රනාන්දු Tuesday, 02 December 2014 10:38 PM

හා හා කට කට! (නි)

:       0       0

බණ්ඩාර Tuesday, 02 December 2014 10:43 PM

ඔබතුමා මේ වෙලාවේදී නම් හරි ඇති. (නි)

:       0       0

දිනේෂ් Wednesday, 03 December 2014 06:51 AM

අනේ මහත්තයෝ, සිල්ලර දේශපාලනය කරන්න නම් එන්න එපා (නි)

:       0       0

ටෙරන්ස් Wednesday, 03 December 2014 10:30 AM

අනේ ඇත්තමද? (නි)

:       0       0

ප්‍රේමරත්න Wednesday, 03 December 2014 06:53 AM

හසන්,දැන් පරක්කු වැඩියි. (නි)

:       0       0

දේදුනු Tuesday, 02 December 2014 11:33 PM

මම මේ ප්‍රතිචාරය දමන්නේ මේ පුවතට අදාළව නොවෙයි. ඒ පිළිබඳව සමාවන්න. මම කැලණිය ගෝනවල බැප්ටිස්ට් පල්ලිය පාරේ පදිංචිකරුවෙක්. අපි ජීවත්වන පාර වසර 50කින්වත් කිසිදු රජයකින් කිසිදු පිළිසකර කිරීමකට ලක්ව නැහැ. මේ පිළිබඳව අදාළ සියලුම පාර්ශව වලට ප්‍රදේශවාසින් එක්ව දැනුම් දුන්නා.ඡන්ද කාලෙට විවිධ පිරිස් පැමිණ මෙය පිළිසකර කරදෙන බවට පොරොන්දු වුණත් එය කවදාවත් ඉටුවුණේ නැහැ. මේ ප්‍රදේශය අවට මීට වඩා ඉතා අඩු පිරිසක් භාවිත කරන පාරවල් සියල්ල පිළිසකර කරදී තිබෙනවා. අපගේ මාර්ගය 500 කට අධික පිරිසක් දෛනිකව භාවිත කරනවා.වර්ෂා දිනයන්හිදී මඩ වතුරෙන් පදිකයන්ගේ දෙපා යටවෙනවා. බොහොම ස්තුතියි. (නි)

:       0       0

කුසුම් Wednesday, 03 December 2014 06:09 PM

ඔය මිලියන සීය ඔයතරම් ලොකු ගානක්ද? (නි)

:       0       0

සරසි Wednesday, 03 December 2014 12:26 AM

මේ මැතිවරණය කොහොමත් වැඩ වෙනුවට මඩ පෙන්නලා ඉදිරියට යන එකක් වගේ තමයි මට නම් පෙනෙන්නේ. (නි)

:       0       0

බිමල් Wednesday, 03 December 2014 12:36 AM

මේ ප්‍රවෘත්තිය සෑහෙන දෙනෙක් කියැවූ ප්‍රවෘත්තියක් වෙලා (නි)

:       0       0

ගමගේ Wednesday, 03 December 2014 12:38 AM

ඇයි ඔයා නේද විධායක අගමැති වෙන්නේ? පළමු සාකච්ඡාවෙදීම ඒක මෛත්‍රී කිව්වේ. දැන් කියන්නේ දින 100 ඇතුළත ඔබ විධායක අගමැති කරනවා කියලනේ. ඉතින් ආණ්ඩුව එහෙම පෝස්ටර් හදලා තියෙනවා නම් ගහන්න පුලුවන්නේ එතකොට (නි)

:       0       0

අකුරැටිය Wednesday, 03 December 2014 06:32 PM

මෛත්‍රී මේවට මොනවා කරන්නද? (නි)

:       0       0

කුමාර් Wednesday, 03 December 2014 11:05 AM

මට හිතෙන්නේ රනිල් මහත්තයා වැඩිය කතා නොකර හැංගිලා වගේ හිටියොත් හොඳයි කියලයි (නි)

:       0       0

රවීන්ද්‍ර Wednesday, 03 December 2014 12:53 AM

ඇයි අර ටෙලිනාට්‍යයකුත් දැන් ප්‍රචාරය වෙනවා නේද? මේවායේ රඟපාන අයටත් ඉතින් ලැජ්ජාවක් නැතුව ඇති (නි)

:       0       0

නුවන් Wednesday, 03 December 2014 06:48 PM

මාළුවා නහින්නේ කට නිසා කිව්වලු. බේරාගත් රට ආපසු කොටියාට හෝ වෙනත් සංවිධානයකට හෝ අන්තර්ජාතික බලපෑමකට හෝ යට නොකරන්නත් ඕනෑ. මෛත්‍රීපාල මහත්තයටම බැරිද අගමැති වෙන්න. අපි උඩින්ම සහයෝගය දෙනවා. (නි)

:       0       0

අරෝෂ් Wednesday, 03 December 2014 12:56 AM

ඔය නම් මොනවද මන්දා මහත්තයෝ මේ කියවන්නේ? (නි)

:       0       0

ශිරාන් Wednesday, 03 December 2014 07:11 AM

ෆිල්ම් එකකුත් හදලලු රනිල් ගැන. අනේ රනිලෝ දන්නා කාලේ සිට ගම කනවා ,රට විකුනනවා. (ස)

:       0       0

දසුනි Wednesday, 03 December 2014 07:13 AM

ඡන්දයක් ප්‍රකාශයට පත් කරන්නත් කලින් ඉඳලම මඩ ගහන්න හැදුවට , මේක තමා දෙන්න හොඳම පිළිතුර.මේ පාර පැරදුනේ මෙතුමා නෙමේ.කව්රු මොනා කිවත් මෙතුමා හොරෙක් නෙමේ. (ස)

:       0       0

ජනක Wednesday, 03 December 2014 01:22 AM

කවුරු කවුරුත් එකිනෙකාට මඩගසා ගනීවි. ඊළඟට ඒවා අපුල්ලන්න වෙන්නේ ඡන්දෙ දුන් අපිටම තමයි (නි)

:       0       0

සුදත් Wednesday, 03 December 2014 02:10 AM

සමහරු පරාජය හමුවේ වියරු වැටිලා. ආයේ හොඳ හොඳ සෙල්ලම් ටිකක් අපිට බලාගන්න පුළුවන් (නි)

:       0       0

රකිත් Wednesday, 03 December 2014 02:12 AM

ඔබතුමා වෙනුවෙන් නිර්මාණය කළ චිත්‍රපටියක් කියලා ඔබතුමාම කියනවා නම්, තොප්පිය දා ගත්තාදෝ කියලාත් හිතෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිටපු ඇමැති රොත්තක් තවම රජයේ බංගලාවල
2024 ඔක්තෝබර් මස 02 37 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත



ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 1305 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 2770 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 1720 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 2934 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38548 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25368 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 273 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 924 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site