IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


මෛත්‍රී පඹගාලක : ගෙදර ඇතුළෙත් ගෝරි

ජනපතිවරයෙකුට තම රටේ ජනතාවගේ සිත්වල එකවර දුකත්,සතුටත් ඇතිකරන්නට ලැබෙන අවස්ථා විරලය.නමුත් පසුගියදා අප ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා එවැනි අවස්ථාවකට හිමිකම් කීවේය.

විනාඩි 62 ක් පුරාවට ජනතාව අමතමින් ඔහු කළ කතාවේ හරය වූයේ ජනවාරි මස 8 වැනිදා වෙනස දිගටම පවත්වාගෙන යා හැකි කණ්ඩායමක් පාර්ලිමෙන්තුවට පත්කරන ලෙස ජනතාවගෙන් කළ ඉල්ලීමය.මෙය ශී‍්‍රලංකා නිදහස් පක්ෂයට නොව එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ නව සන්ධානයට මනාපය ලබාදෙන්නයි නොකියා කීමක් වැනි විය.

‘ඔබ පත්කර දෙන පිරිස සමග මා ජනවාරි මස 8 වැනිදා අප කරන්නට පොරොන්දු වූ දේවල් එලෙසම ඉටුකරන්නට පොරොන්දු වෙනවා.එවිට මා කවුරුන්දැයි අවසන් තීරණයකට එන්නට ඔබට හැකියි’ .ජනපති සිරිසේන කීය.

ජනපතිවරයාගේ මෙම ප‍්‍රකාශය ඔහු නායකත්වය දරන ශී‍්‍රලංකා නිදහස් පක්ෂ සාමාජිකයින් කිසිසේත්ම අපේක්ෂා නොකළක් විය.පක්ෂය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මව් පක්ෂය වීම නිසාවෙන්ද ජනපතිවරයාගේ ප‍්‍රකාශය සියලූ අපේක්ෂකයින් හා ආධාරුකරුවන් මහත්සේ කළකිරවීමට සමත්වූවක් වුනි.මැතිවරණ වේදිකාවේදී ජනපතිවරයා විවේචනය නොකිරීමට ඔවුන් මුල සිටම සිතාගෙන සිටියත් වත්මන් තත්ත්වය හමුවේ එසේ නොකර නොසිටිය හැකි බව ඇතැමුන්ගේ අදහස විය.නමුත් ඒවා අදහස් වලටම පමණක් සිීමා වුනි.එසේවුවද පසුගියදා අනුරාධපුරයේ පැවති සන්ධාන රැලියේදී ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ නොවන සන්ධාන සාමාජිකයෙකු ජනපති සිරිසේනව සිංහ හමක් පොරවාගත් නරියෙකුට සමාන කරමින් ඔහුව දැඩිව විවේචනය කළේය.

එක්සත් ජාතික පක්ෂ කදවුරේ තත්ත්වය මීට හාත්පසින්ම වෙනස් ස්වරූපයක් ගත්තේය.විශේෂයෙන් යහපාලනය සදහා වන එක්සත් ජාතික පෙරමුණේ සාමාජිකයෝ ජනපතිවරයා පිළිඹද දරමින් සිටි අදහස් වෙනස් කරගනිමින් ඔහුව පැසසීමේ යෙදී සිටින අයුරු දැකගත හැකිවිය.බදාදා උදයේ පැවැත්වුනු කැබිනට් රැුස්වීමට ජනපති සිරිසේන සහභාගී වූ අවස්ථාවේ පැමිණ සිටි අමාත්‍යවරුන් ඔහුව පිළිගත්තේ අත්පොලසන් දෙමින්ය.මෙය බැ?රුම් ස්වරූපයෙන් සිටි ජනපතිවරයාගේ මුහුණට සිනාවක් නැංවීමටද සමත්විය.

අගහරුවාදා සවස්වරුව වෙන්වූයේ ජනපති සිරිසේන ජාතික අමතා සිදුකරන විශේෂ ප‍්‍රකාශය සම්බන්ධ කටයුතු සංවිධානය කිරීමටය.ජනපති මාධ්‍ය අංශය දිවයිනේ මාධ්‍ය සියල්ලටම පාහේ ආරාධනය කර තිබිණ.ජනපතිවරයා කලින් සකස් කරගෙන සිටි ලියවිල්ලක කරුණු එකින් එක ගෙනහැර දැක්වූ අතර එම ලියවිල්ලේ පිටපත බැගින් පැමිණ සිටි මාධ්‍යවේදීන් අතටද ලබාදුනි.ජනපතිවරයාගේ ප‍්‍රකාශයේ විශේෂ සදහනක් වූයේ ජනවාරි මස 8 වැනිදා ඇතිකළ වෙනස දිගටම පවත්වාගත හැකි කණ්ඩායමක් පත්කරගැනීමට මැදිහත්වන්නයි ඔහු ජනතාවගෙන් කළ ඉල්ලීමයි.ඊට අමරතරව හිටපු ජනපති රාජපක්ෂ මහතා මෙවර මැතිවරණයට ඉදිරරිත් කිරීම,පාර්ලිමෙන්තු විසිරුවා හැරීම,අගමැති වික‍්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් කිරීමට තිබූ විශ්වාසභංග යෝජනාව ඇදී කරුණු ති‍්‍රත්වය සම්බන්ධයෙන්ද ජනපති සිරිසේන විශේෂ අදහස් දැක්වීමක නිරත විය.අවසානයට සදහන් කළ අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගය ගැන අදහස් පළකල ජනපතිවරයා කියා සිටියේ රනිල් වික‍්‍රමසිංහ යනු පිරිසිදු දේශපාලන චරිතයක් ඇත්තෙකු හෙයින් එය අපිරිසිදු වීමට ඉඩ නොතබා වහාම මහබැංකු අධිපතිවරයාව සේවයෙන් ඉවත් කරන්නැයි තමා ඔහුට නොයෙක් වර උපදෙස් දුන් බවයි.ජනපතිවරයාගේ මේ ප‍්‍රකාශයෙන් එක්සත් ජාතික පක්ෂය කුමක් කීවද මහබැංකුවේ ගැටලූවක් තිබෙන බව මනාව ගම්‍ය වේ.

ගෙවුනු සමයේ ජනපති සිරිසේනට මහත් පීඩනයක් එල්ලවී තිබුණු බව කිසිවෙකුටත් රහසක් නොවේ.මේ පිළිඹදවද ඔහු තම කතාවේදී සදහන් කළේය. දේශපාලන විචාරකයින් වගේම ඇතැම් මාධ්‍ය ආයතනත් මාව අපරාධකරුවකු, ද්‍රෝහියෙකු හැටියට අද හදුන්වනවා’ ඔහු කියා සිටියේය.තමන් එම විවේචනයන් කිසිවක් ගණනකට නොගත්තද එයින් අදහස් වන්නේ මාධ්‍ය වලට ලැබී තිබෙන නිදහස අවභාවිතා කිරීමට අවස්ථාවක් ලබාදී ඇති බව නොවේ යැයි ඔහු අවධාරණය කළේය.ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක් භුක්තිවිදින මාධ්‍ය නිදහස යහපත වෙනුවෙන් භාවිතා කරනු විනා පෞද්ගලික වාසි තකා භාවිතා නොකරන මෙන් ඔහු ඉල්ලා සිටියේය.රජයේ ඇතැම් මැති ඇමතිවරුන් දැන් මාධ්‍යයන්ටිවල්බූරු’ නිදහසක් ලැබී ඇතැයි අවස්ථා කිහිපයදීම ප‍්‍රකාශ කර ඇතත් ඔවුන් මෙන් නොව මාධ්‍යට එරෙහිව අදහස් දැක්වීමට හෝ තම විධායක බලය භාවිතා කර මාධ්‍ය මර්දනය කිරීමට හෝ ජනපතිවරයා කටයුතු කර නොතිබීම අගය කළ යුත්තකි.මාධ්‍යයට චෝදනා කරන බොහෝ දෙනෙක් ඔවුන්ගේ යටගියාව සම්බන්ධ විවිධ විමර්ෂණ වලට අවශ්‍යව හෝ දැනට මුහුණදෙමින් සිටින පුද්ගලයෝ වෙති.ඔවුන් චෝදනා කරන ලෙසට කිසියම් මාධ්‍ය ආයතනයක් ඔවුන්ට අසාධාරණ ලෙස චෝදනා එල්ල කරයි නම් ඊට එරෙහිව නීතිය ඉදිරියට යෑමට හැකිය.නැතිනම් බොහෝමයක් මාධ්‍ය වල සම්ප‍්‍රදාය වන චෝදනා වලට ලක්කෙරෙන පුද්ගලයෙකුවේ නම් නිදහසට කරුණු දැක්වීමට ඔහුටම ලබාදෙන අවස්ථාවන්ද ප‍්‍රයෝජනයට ගැනීමට ඔවුන්ට හැකිය.පසුගිය රජය සමයේ රාජ්‍ය මාධ්‍ය ඉතාම පහත් ලෙස භාවිතා කළ අයුරු,මාධ්‍යවේදීන්ට තර්ජනය කරමින්,ඇතැම් අවස්ථා වල ඔවුන් ඝාතනය කරමින් ඇතැමුන් හැසිරුනු අයුරු,සියලූ මාධ්‍ය ආයතනයන්ට එම ආයතනයන් ස්වයං වාරණයකට ලක්කරගැනීමට සිදුවූ අයුරු අද වැඩි දෙනෙක්ට මතක නැත.

මේ තත්ත්වය හමුවේ පසුගිය රජය සමයේ බොහෝ දෙනා සාම්ප‍්‍රදායික මාධ්‍ය වෙනුවට තෝරාගත්තේ අන්තර්ජාලයයි.එනිසාම ඇතැම් වෙබ් අඩවි වලට වාරණයන් පැනවීමට හිටපු රජය කටයුතු කළද බලයට පත්වීමෙන් පසු ජනපති සිරිසේනගේ නියෝගය පරිදි ඒ වාරණයන් සියල්ලක්ම මේ වන විට තිබෙන්නේ ඉවත් කරය.

තම ප‍්‍රකාශය අතරතුරුදී ජනපති සිරිසේන පවසා සිටි කාරණා දෙකක් විවාදාත්මක ස්වරූපයක් ගනී,ඉන් එකක් වන්නේ ඔහුගේ ප‍්‍රතිවාදියා වූ මහින්ද රාජපක්ෂට මෙවර මැතිවරණයට තරග කිරීමට අවස්ථාව ලබාදීමයි.මම පක්ෂයේ නායකයා තමයි.නමුත් මහින්ද රාජපක්ෂට නාමයෝජනා ලබාදුන් යෝජනාව ගෙනාවේ ඔවුන් ඔහු පැවසීය.මමත් මේකට විරුද්ධයි.ඔහු වැඩිදුරටත් කීය.රාජපක්ෂයේ මැතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් රාජපක්ෂ හා ජනපති සිරිසේන අතර සාකච්ඡා කිහිපයක්ම පැවති බව දැන් සියලූදෙනා දනිති.මැතිවරණ අපේක්ෂකයෙක් ලෙස රාජපක්ෂව යෝජනා කළේ ඔවුන් යැයි පවසන ජනපතිවරයා ඒ අනුව රාජපක්ෂට නාමයෝජනා ලබාදීම තමන්ගේ කැමැත්ත යටතේ සිදුවූවක් බවද වක‍්‍රව පිළිගනී.එනිසා මමත් මේකට විරුද්ධයි කීමේ ඵලක් නැත.

පාර්ලිමෙන්තුව විසිරුවීම ගැනද සදහන් කළ ජනපතිවරයා තමන් එසේ කළේ හදිසියේවත් විශ්වාසභංගය පරාජය වුවහොත් රනිල් වික‍්‍රමසිංහට අගමැති ධූරය අහිමිවන නිසා ඒ හමුවේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමෙන්තුවට පැමිණ අගමැති ධූරය වෙනුවෙන් ඉදිරිපත් වීමට රාජපක්ෂට තිබුණු අවස්ථාවට බාධා පැමිණවීම යැයි කීවේය.

අගොස්තු 17 වැනිදා පැවැත්වීමට නියමිත මැතිවරණයෙන් කවරෙකුට ජය අත්වේදැයි පැවසීමට තවමත් කල් වැඩිය.නමුත් කරුණු පැහැදිලි කරගනු වස් රාජපක්ෂ ප‍්‍රමුඛ එක්සත් ජනතා පක්ෂ සන්ධානයට ඉහළ ජයග‍්‍රහණයක් හිමිව ඔහු රටේ අගමැති ලෙස පත්කිරීමට සුදුසුකම් සැපිරූයේයැයි සිතමු.සිහියට ගතයුතු පළමු කරුණ වන්නේ ජනපති සිරිසේන මුල සිටම අගමැති අපේක්ෂක ලෙස රාපක්ෂව නම් කිරීමට විරෝධයපෑ බවය.අනෙක් කරුණ වන්නේ එසේ සුදුසුකම් සැපිරූවද දැන් ජනපති සිරිසේන පවසා සිටින අන්දමට නම් ඔහු රාජපක්ෂව අගමැති පුටුවේ හිදුවීමට සූදානම් නැති වීමය.අගමැතිවරයෙකු පත්කිරීම සම්පූර්ණයෙන්ව රටේ ජනපතිවරයා සතුවන රාජකාරියක් වන අතර ඔහු කුමන පක්ෂයේ නායකයා වන්නේය යන කරුණ එතැනට අදාළ නොවේ.19 වැනි ව්‍යවස්ථාවේ සදහන් පරිදි කිසියම් පක්ෂයක නායකයා රටේ නායකයාද වන්නේ නම් ඔහුට තම පක්ෂයේ සාමාජිකයෙකු අගමැති ලෙස නම් කිරීමේ අවසරය හිමිය.පාර්ලිමෙන්තුව විසිරුවා හැරීම තවත් ප‍්‍රමාද කර රනිල් වික‍්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ විශ්වාසභංගය පාර්ලිමෙන්තුවේ විවාදයට ලක්වීමට ඉඩ හැරියේ නම් බොහෝ විට ජනපති සිරිසේනට නව අගමැතිවරයෙකු තම පක්ෂයෙන්ම 19වැනි ව්‍යවස්ථාවෙන් හිමිව ඇති බලතල යටතේ පත්කරගැනීමට අවස්ථාව ලැබෙන්නට ඉඩතිබුණි.අගමැතිකම රාජපක්ෂට නොව පක්ෂයේම තවත් සාමාජිකයෙකුට ලබාදිය හැකිව තිබුණි.නමුත් ජනපති සිරිසේන එවන් කි‍්‍රයාමාර්ගයකට එළැඹුනේ නැත.ඔහු තමන් නායකත්වය දරන පක්ෂයට නොව වෙනත් පක්ෂයකට සහය දක්වන බව තේරුම් ගැනීමට මේ කරුණු ප‍්‍රමාණවත්ය.

තම පක්ෂයේ ගැටලූ ගැන ජනපති සිරිසේනගේ අවධානය යොමුව තිබෙන බව ගෙවුනු සතිවල මෙම තීරුවේ සදහන් වුනි.එම කටයුතු සම්බන්ධයෙන්ද ජාතිය අමතමින් කළ ප‍්‍රකාශය අතරතුරදී හෙතෙම සදහන් කළේය.

1970 1977 හා 2010 වසර වල මැතිවරණ ජයකින් පසු සමහර දේශපාලන පක්ෂ වලට අත්වූ ඉරණම අද දවසේත් දකින්නට ඉඩ නොතැබීමටයි මම කටයුතු කරමින් සිටින්නේ.රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත වන්නට නම් අනිවාර්යයෙන්ම ප‍්‍රබල පක්ෂ දෙකක් පැවතීම අවශ්‍යයි. ඔහු පැවසීය.

ජනපතිවරයා සදහන් කළ වසරවල පැවැත්වුනු මැතිවරණයන් වලදී සිදුවූයේ එක් පක්ෂයකට ඉතාම ඉහළ මනාප සංඛයාවක් ලැබීම නිසා ප‍්‍රතිවාදී පිල සම්පූරණයෙන්ම අඩපණ වීමයි.මෙනිසා ජයග‍්‍රාහකයින්ට ඔවුන්ට වුවමනා හැටියට කටයුතු කිරීමේ අවස්ථාව හිමිවුනි.අනාගතයේ මෙවන් තත්ත්වයක් ඇතිවීම වැළැක්වීම විධායකය සතු කාර්යභාරයක්දැයි එසේත් නැතිනම් තත්ත්වයට පිළියමක් දීමට පිළිගත හැකි යාන්ත‍්‍රණයන් කි‍්‍රයාත්මක කිරීම සදහා ව්‍යවස්ථාවේ ඇතිකෙරන සංශෝධනයන් මත තීරණය වන්නක්දැයි එසේත් නැතිනම් මැතිවරණ නීති වෙනස් කිරීම මත රදාපවතින්නක්දැයි යන්න ගැටලූවකි.අනෙක් අතට පාර්ලිමෙන්තුවේ තුනෙන් දෙකක බලය සමග බැදුනු විධායක ජනපතිධූරයක් රටේ අනාගයට කිසිසේත්ම සුභදායක නැත.එනිසා මෙවැනි තත්ත්වයක් ඇතිවීම වැළැක්වීමට නිසි වැඩපිළිවෙලක් වහාම කි‍්‍රයාත්මක කළ යුතුව ඇත.

ජනපති සිරිසේනගේ ප‍්‍රකාශය ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයින් මොන තරම් දුරට කෝප ගන්වා ඇත්දැයි බදාදා උදැෑසන රාජපක්ෂයේ මිරිහාන ප‍්‍රදේශයේ පිහිටි නිවසේ පැවැත්වුනු විශේෂ රැුස්වීමකදී දැකගත හැකිවුනි.

සිරිසේන අපිව කෑවා.යැයි එක් අයෙක් පවසා සිටි අතර අනෙක් අය හිස් සොලවමින් එය අනුමත කළෝය.සන්ධාන මහලේකම් සුසිල් පේ‍්‍රමජයන්ත,නිදහස් පක්ෂ මහලේකම් අනුර පි‍්‍රයදර්ශන යාපා,ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ,මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන,නව සමසමාජ පක්ෂයේ නායක වාසුදේව නානායක්කාර හා හිටපු අමාත්‍ය කුමාර් වෙල්ගම ආදීහු මෙම රැුස්වීමට සහභාගීව සිටියහ.

බදාදා සවස් වරුවේ ශී‍්‍රලංකා මධ්‍යම කාරක සභාවේ හදිසි හමුවක් පැවැත්විය යුතුයැයි එහිදී තීරණය විය.එය පැවැත්විය යුත්තේ ඩාර්ලි පාරේ ශී‍්‍රලංකා නිදහස් පක්ෂ ප‍්‍රධාන කාර්යාලයේදීයැයි දිනේෂ් ගුණවර්ධන යෝජනාවක්ද ඉදිරිපත් කළේය.

වහාම යාපා තම දුරකථනයෙන් ජනපති සිරිසේන ඇමතීය.උද්ගතව ඇති තත්ත්වය පැහැදිලි කළ ඔහු මධ්‍යම කාරක සභාවේ රැස්වීමක් පැවැත්වීමට සිදුව ඇති බව කීය.පසුව රාජපක්ෂ ඇමතූ යාපා පස්වරු 8.00 ට රැස්වීම පැවැත්වීමට ජනපති සිරිසේන අවසර ලබාදුන්නේයැයි ඔහුව දැනුම්වත් කළේය.නමුත් සවස් යාමයේ යාපාට ජනපති සිරිසේනගෙන් ලැබුණු දුරකථන ඇමතුමකින් දැනුම්දෙනු ලැබූයේ රැස්වීම අවලංගු කරන ලෙසය.ජනපතිවරයා එස්.බී දිසානායක අමාත්‍යවරයාටද මේ බව දන්වා තිබුණි.මේ සියල්ල සිදුවූයේ ජනපතිවරයා හා යාපා අතර විශේෂ ලිපි හුවමාරුවක්ද සිදුවන අතරේදීය.

නිල් පැහැ පසුබිමක ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ නිල ලාංඡුනය සටහන්ව තිබූ ජූලි මස 15 වැනිදා දාතමින් යුතු විශේෂ ලිපියක් අනුර පි‍්‍රයදර්ශන යාපා,මහ ලේකම්,ටී.බී.ජයා මාවත කොළඹ 10 යන ලිපිනයට ගෙනවිත් භාරදෙනු ලැබුණි.එහි සටහන් තබා තිබුණේ ජනපති සිරිසේනය.

අද දින රාතී‍්‍ර පක්ෂ මූලස්ථානයේදී මධ්‍යම කමිටු සාමාජික හමුවක් පැවැත්වෙන බවට දැනුම්දීමක් සිදුකර තිබෙන අතර කෙසේවුවත් එවන් හමුවක් පැවැත්වීමට මම මේ දක්වාම අවසරයක් ලබාදී නොමැති බව මෙයින් දැනුම් දී සිටිමි.පක්ෂ ව්‍යවස්ථාවේ 14 හතර වගන්තිය හා 15 වැනි කොටසේ 1ඒ කොටස අනුව පක්ෂ නායකයාගේ අනුමැතිය නොමැතිව මධ්‍යම කාරකසභා හමුවක් පැවැත්විය නොහැක.එනිසා මධ්‍යම කාරකසභා හමුවක් පැවැත්වීමේ කටයුතු වහාම නවතා දමන මෙන් මම ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.හදිසියේවත් මාගේ අවසරයකින් තොරව එවන් රැුස්වීමක් පැවැත්වුවහොත් එය අධිකරණය හමුවේ විභාගයට ලක්කළ හැකි කරුණක් වන බවද දැනුම්දීමට මම කැමැත්තෙමි. අත්සන් කළේ මෛති‍්‍රීපාල සිරිසේන. යැයි එහි සදහන් විය.මෙම ලිපියේ පිටපතක් එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් සුසිල් පේ‍්‍රමජයන්තටද භාරදී තිබුණි.

යාපා මෙම ලිපියට එදිනම පිළිතුරු ලිපියක් සකස් කළේය.එයද ජනපතිවරයාගේ ලිපිනයට වෙනම ගෙනගොස් භාරදීම සිදුවුනි.

ගරු ජනපතිතුමනි මම ඔබ සමග සිදුකළ දුරකථන සංවාදය ඔබගේ මතකයට නගන්නට කැමැත්තෙමි.එම සංවාදය අතරතුරදී පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ ඉදිරි මැතිවරණය සම්බන්ධ විශේෂ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා මධ්‍යම කාරකසභා හමුවක් පැවැත්වීමට ඔබගෙන් අවසර ඉල්ලා සිටින ලෙස මට දැනුම්දී ඇති බව මම ඔබ හා පැවසූයෙමි.ඒ ඇසූ ඔබ රැස්වීම අද පස්වරු 8.00 ට පවත්වන්නැයි මට උපදෙස්ද ලබාදුනි.ඔබ එසේ අවසරය ලබාදීම නිසා මම රැස්වීම පැවැත්වීමට අවශ්‍ය වැඩකටයුතු සංවිධානය කිරීමේ කටයුතු වල යෙදුනෙමි.නමුත් ඔබ රැස්වීම අවලංගු කරන්නයැයි මට ලිපියකින්ම දැනුම්දී ඇති නිසා මම එසේ කිරීමට වහාම පියවර ගත්තෙමි.මේ ලිපිය ඔබ වෙත එවන්නේ ඔබගේ උපදෙස් පරිදි මා කටයුතු කළ බවට සහතිකයක් ලෙසය.අත්සන් කළේ අනුර ප‍්‍රියදර්ශන යාපා.

යාපා වෙත ජනපතිවරයා යැවූ ලිපියේ සදහන්වූ ලෙසම රැස්වීමක් පැවැත්වීම වළක්වමින් නීතිමය කි‍්‍රයාමාර්ගයකට එළැඹීමේ හැකියාවක් පක්ෂ නායකයා ලෙස ඔහුට තිබේ.පෙර සූදානමක් ලෙස ජනපතිවරයා ඔහුගේ නීති උපදේශක ෆයිසර් මුස්තාෆාට ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරකසභා හමුවක් පැවැත්වීමට වළක්වමින් අධිකරණයෙන් තහනම් නියෝගයක් ලබාගැනීමට අවශ්‍ය ලියකියවිලි පිළියෙල කරන්නැයි උපදෙස්ද ලබාදී තිබුණි.ඒ අනුව කටයුතු කළ මුස්තාෆා කොළඹ දිස්ති‍්‍රක් විනිසුරු හර්ෂ සේතුංගගෙන් පක්ෂ නායක ජනපති මෛති‍්‍රීපාල සිරිසේනගේ අනුදැනුමකින් තොරව ශී‍්‍රලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරකසභා හමුවක් පැවැත්වීම වැළැක්වීමේ තහනම් නියෝගයක් ලබාගත්තේය.එම නියෝගය ජූලි මස 29 වැනිදා දක්වා වලංගුය.

තමන්ට ලැබෙන්නට ගත් පරස්පර විරෝධී වාර්තාවන් නිසා වහාම මධ්‍යම කාරකසභා රැස්වීමක් පැවැත්වීම වැළැක්වීමට ජනපති සිරිසේන පියවර ගත් බව සිතිය හැකිය.එසේ ඉක්මන් තීරණයක් ගැනීමට ජනපතිවරයා පොළඹවන්නට ඇතැයි සැකකළ හැකි තොරතුරු මේ වන විට අනාවරණයව තිබෙන අතර එම තොරතුරු වලට අනුව පක්ෂයේ රාජපක්ෂ හිතැති කණ්ඩායම් ජනපති සිරිසේන පක්ෂ නායකත්වයෙන් ඉවත් කිරීමේ වෑයමක නිරතව සිටී.මේ සදහා පක්ෂ ව්‍යවස්ථාව වෙනස් කළ යුතුහෙයින් එවැනි වෑයමක් ඇතත් එය ඵල දැරීමට දීර්ඝ කාලයක් ගතවනු ඇත.රටේ නායකයා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයෙන් පත්වන්නේනම් ඔහු පක්ෂයේ නායකයාද වන්නේය ලෙස පක්ෂ ව්‍යවස්ථාව වෙනස් කෙරුණේ මහින්ද රාජපක්ෂ පාලන සමයේදීය.

ජනපති සිරිසේන ජනතාව අමතමින් කළ ප‍්‍රකාශයේ හැටියට අපිට පක්ෂයේ නායකයා වෙනස් කිරීමේ කිසිම වුවමනාවක් නැහැ.නමුත් ඇත්ත, අපිට අවශ්‍යයි මහින්ද රාජපක්ෂ අගමැති අපේක්ෂකයා ලෙස හා අපේ මැතිවරණ ව්‍යාපාරයේ නියමුවා ලෙස නම්කරන්න. ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ සන්ඬේ ටයිම්ස් හා අදහස් දැක්වූයේ එලෙසය.රාජපක්ෂ ඇතුලූ එක්සත් ජනතා නිදහස් සන්ධාන නායකයෝ දිවයින පුරා පැවැත්වෙන මැතිවරණ රැලිවලට සහභාගීවනු ඇතැයිද හෙතෙම කීය.ජනපති සිරිසේන කිසිදු මැතිවරණ කටයුත්තකට සහභාගීවන්නේ නැතැයි ප‍්‍රකාශ කර ඇති හෙයින් එම කටයුතු දැන් ඉබේටම පැවරී තිබෙන්නේ මහින්ද රාජපක්ෂට බවද ඔහු පැහැදිලි කළේය.

බ‍්‍රහස්පතින්දා රැයේ ජනපතිවරයා ඇමතූ විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා මහතා උද්ගතවී ඇති තත්ත්වය සම්බන්ධයෙන් කරුණු දැක්වීය.ඔහු සිටියේ තැතිගැන්මට ලක්වය.නව රජයේ ඇමති තනතුරු ලබාගත් සන්ධාන සාමාජිකයින් වන සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ,ලසන්ත අලගියවන්න,එරික් අලූවිහාරේ තමන් හට ජනපති සිරිසේන යටතේ කටයුතු කළ නොහැකි බව පවසා ඉල්ලා අස්වීමේ ලිපි භාරදීමට කටයුතු කර තිබේ.ජනපතිවරයාගේ උපදේශකයෙකු ලෙස පත්කෙරුනු හිටපු අගමැති දි.මු.ජයරත්න මහතා ගෙවුනු සිකුරාදා දිනයේ අනුරාධපුරයේ පැවැත්වුනු එක්සත් ජනතා නිදහස් සන්ධාන රැලියේ වේදිකාවට ගොඩවී සිටිනු දැකගත හැකිවුනි.

අගහරුවාදා ජාතිය ඇමතීමට පෙර සිටම ජනපතිවරයා සිටියේ දැඩි ප‍්‍රතිපත්තියක් අනුගමනය කරමින්ය.ඉරිදා සවස්වරුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් සුසිල් පේ‍්‍රමජයන්තව කැදවූ හෙතෙම ඔහු හා එක්ව එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තුව සීරුවෙන් පරීක්ෂා කළේය.හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ,හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා,හිටපු තානාපති දයාන් ජයතිලක යන තිදෙනාගේ නම් ඉන් ඉවත් කිරීමට ඔහු උපදෙස් දුනි.ඒ වෙනුවට වෙනත් පුද්ගලයින්ගේ නම් යෝජනා කිරීමට ජනපති සිරිසේන කටයුතු කළේය.එම අවස්ථාවේදීත් එක්සත් වාමාංශික පෙරමුණේ නායක ලෙස තමන් හදුන්වාදෙන ජයම්පති වික‍්‍රමරත්නගේ නම සන්ධාන ජාතික ලැසිස්තුවේ සදහන්ව තිබුණි.

ගෙවුනු සතියේ සන්ඬේ ටයිම්ස් වෙළද පොළට නිකුත්වූ පසු ඊමේල් මාර්ගයෙන් සන්ඬේ ටයිම්ස් හා සම්බන්ධවූ ජයම්පති

අද ඔබ පුවත්පෙත් පළව තිබෙන වාර්තාවෙන් මගේ නමට විශාල කැළලක් එක්ව තිබෙනවා.ඔබ එහි සදහන් කර තිබෙනවා මගේ නම එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තුවේ තිබෙනවාය කියා. යැයි සදහන් කළේය

ඉරිදා උදයේ ඔහු අරලියග මැදුරේ පැවති එක්සත් ජාතික යහපාලන පෙරමුණ පිහිටුවීමේ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ උත්සවයට සහභාගී විය.ඔහුට එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්තී‍්‍රධූරයක් හිමිවුනි.පසුදින,එනම් සදුදා දින ඔහු එතෙක් දරමින් සිටි ජනපති උපදේශක තනතුරින් ඉවත්විය.මොන පැත්තෙන් බැලූවද ඔහු දිනුම්ය.

ජයම්පති වික‍්‍රමරත්න 19වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිඹද කැබිනට් මණ්ඩල සාකච්ඡා පැවැත්වෙමින් තිබියදී එයට ඇතුළත් විය යුතු විවිධ සංශෝධනයන් සම්බන්ධයෙන්ද යෝජනා ඉදිරිපත් කරමින් සිටි අයෙකි.වරක් කැබිනට් මණ්ඩල අමාත්‍යවරයෙකු ජයම්පතිව හැදින්වූයේ ශී‍්‍රලංකාවේ සෝල්බරි සාමිවරයා ලෙසය.ජයම්පති ඉදිරිපත් කළ ව්‍යවස්ථා සංශෝධන යෝජනා අද කාලය හා සැළකීමේදී යල්පැන ගොස් ඇති බව එම අමාත්‍යවරයාම පැවසීය.නව රජයේ යහපාලන ප‍්‍රතිපත්තීන් කි‍්‍රයාත්මක කිරීමට තමන් ඇපකැප වන බව නිතරම පවසන ජයම්පති වික‍්‍රමරත්න විදේශයක සිට කි‍්‍රයාත්මක වන එක්සත් ජාතික පාක්ෂික වෙබ් අඩවියකට සන්ඬේ ටයිම්ස් දේශපාලන තීරුවේ පළව තිබූ කරුණු සම්බන්ධයෙන් දක්වා තිබූ අදහස් එම වෙබ් අඩවියේ පළව තිබූණේ මෙලෙසය.

සන්ටේ ටයිම්ස් දේශපාලන තීරුවේ සටහන්ව තිබූ පරිදි තමා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුවට ඇතුලත් නොමැති බව ජනපති සිරිසේනගේ උපදේශකවරයෙකු වන එක්සත් වාමාංශික පෙරමුණේ ප‍්‍රධානී ජයම්පති වික‍්‍රමරත්න මහතා පවසයි.එක්සත් ජාතික යහපාලන පෙරමුණෙන් තමන්ට ජාතික ලැයිස්තු මන්තී‍්‍රධූරයක් වෙන්ව තිබෙන බවද තම පක්ෂයේ සාමාජිකයෙකු වන රාජා උස්වැටකෙයියාවටද එසේ ජාතික මන්තී‍්‍රධූරයක් හිමිව තිබෙන බවද ඔහු කියයි.තමන් ජනපතිවරයාගේ උපදේශකධූරයෙන් ඉල්ලා අස්වන බවත් එම අස්වීමේ ලිපිය ජනපති ලේකම්වරයාට ජූලි මස 13 වැනිදා භාරදෙන බවත් ඔහු පවසයි.

සන්ඬේ ටයිම්ස් දේශපාලන විශ්ලේෂක තමන් ගැන අසත්‍ය තොරතුරු ප‍්‍රචාරය කර ඇති බවට චෝදනා කරන ඔහු සිංහල හා ඉංගී‍්‍රසි පුවත්පත් රැුසක් තමන් රාජපක්ෂවරුන්ට විරුද්ධ පක්ෂයකින් පාර්ලිමෙන්තුවට පැමිණෙන බව සදහන් කර තිබියදී නිසි විමසීමක් සිදුනොකර සන්ඬේ ටයිම්ස් දේශපාලන විශ්ලේෂක මෙසේ අසත්‍ය තොරතුරු පල කර ඇතැයි කියා සිටී.මේ බැව් අසමින් නිමක් නොමැතිව ලැබෙන දුරකථන ඇමතුම් නිසා තමන් ඉතාම ලැජ්ජාවට පත්ව සිටින බවද ඔහු පවසයි.

සන්ඬේ ටයිම්ස් හා සම්බන්ධව තමන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුවේ සිටින බවට පවසා සිටියේ වික‍්‍රමරත්නමය.මෙය එදින අපගේ අන්තර්ජාල පුවත් අඩවිය ඔස්සේ ප‍්‍රසිද්ධ කෙරුණි.ඒ සමගම ඔහු තවත් වෙබ් අඩවියකට මේ හා සමානවම අදහස් දක්වා තිබුණි.වික‍්‍රමරත්නගේ නම එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තුවේ තිබෙන්නට ඉඩහරන්නැයි උපදෙස් දී තිබෙන්නේ ජනපතිවරයා බව දැන් පැහැදිලිය.ඉරිදා අරලිය ගහ මන්දිරයේදී යුරෝපයේ සේවය කළ ශී‍්‍රලංකා රාජ්‍ය තාන්ති‍්‍රකයෙකු සන්ඬේ ටයිම්ස් ලිපියේ තොරතුරු සම්බන්ධයෙන් විමසූ විට වික‍්‍රමරත්න,එසේ තමන්ගේ නම සදහන් වූයේ මුලින්ම සකස් කෙරුණු සන්ධාන නාමයෝජනා ලැයිස්තුවේ යැයි පිළිතුරු දී ඇත.වික‍්‍රමරත්නගේ නම සන්ධාන ලැයිස්තුවෙව් ඉවත් කෙරුණේ ඉරිදා සවස්වරුවේදීය.අනෙක් අතට පසුගිය සතියේ දේශපාලන තීරුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන නාමයෝජනා ලැයිස්තුව තවදුරටත් වෙනස් කම් වලට ලක්වීමට ඉඩ ඇතැයිද සදහන් වීම නිසා පදනම් විරහිත චෝදනා එල්ල කිරීමේ අවශ්‍යතාවක් නැත.

පසුගිය ඉරිදා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාමයෝජනා වල අවසන් සංශෝධනයන් සිදුවූයේ උද්වේගකාරී වාතාවරණයක් මධ්‍යයේය.කටයුතු සිදුවෙමින් පැවතියේ මහවැලි කේන්ද්‍රයේය.නාමයෝජනා ලැබූ අපේක්ෂකයෝ එකිනෙකා පැමිණෙමින් නාමයෝජනා අත්සන් තබමින් සිටියහ.දිවා ආහාර වේලාව එළැඹිීම නිසා සන්ධාන මහලේකම් සුසිල් පේ‍්‍රමජයන්ත මද වේලාවකට පිටතට ගිය අතර ඔහුට නැවත ඇතුලට පැමිණෙන්නට නොහැකි විය.හිටපු එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමෙන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වාට නාමයෝජනා ලබාදෙන්නැයි පවසමින් විශාල ජනකායක් මහවැලි කේන්ද්‍රයේ දොරටුව අවහිර කරගෙන උද්ගෝෂණය කරමින් සිටියහ.ඒ අනුව පේ‍්‍රමජයන්ත විපක්ෂ නායක නිල නිවසට ගියේය.කෙසේහෝ එය කණවැකුණු උද්ඝෝෂකයෝ එම ස්ථානය වටලෑමට පැමිණියහ.නමුත් ඔවුන් එන බව කලින්ම දැනගෙන සිටි ප්‍රෙම්ජයන්ත ඒ වන විට එතැනින් ඉවත්ව ගොස් තිබුණි.ඔහු ගොස් සිටියේ පැජට් පාරේ පිහිටි ජනපති සිරිසේනගේ නිල නිවසටය.දෙදෙනම එකතුවී සන්ධාන නාමයෝජනා ලැයිස්තුවේ අවසන් සංශෝධනයන් සිදුකිරීමේ යෙදුණි.පස්වරු 10.30 පමණ වන විට ප්‍රෙමජයන්ත හා පිරිවර ජනපතිවරයාට සමුදී විශේෂ ව්‍යාපෘති අමාත්‍ය ෆීලික්ස් පෙරේරා මහතාගේ කොළඹ කැප්පෙටිපොල මාවතේ පිහිටි නිවසට පැමිණියහ.

එතැන් සිට පැවැත්වුනු සාකච්ඡා වලදී කරුණු 3 ක් සම්බන්ධයෙන් අවධානය යොමුවිය.පළමුවැන්න වූයේ හිටපු පාර්ලිමෙන්තු මන්තී‍්‍රනි සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ තමන් තරගකරන කටාන ආසනයට ජාතික නිදහස් පෙරමුණේ අපේක්ෂකයෙකුද ඉදිරිපත් කිරීමට පළකර තිබූ විරෝධයයි.ජාතික නිදහස් පක්ෂයේ සාමාජිකයෙකුට නොව සමසමාජ පක්ෂයේ සාමාජිකයෙකුට එම අවස්ථාව ලබාදීමට තමන්ගේ විරෝධයක් නැතැයි ඇය පවසා තිබුණි.දෙවැන්න වූයේ මෙවර මැතිවරණයට ගම්පහ දිස්ති‍්‍රක්කයෙන් තරගවදින බස්නාහිර පළාත් සභා අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග තමන්ට හැර ගම්පහින් තවත් අයෙකුට තරගවැදීමට අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් දක්වා තිබූ නොමනාපයයි.ඔහුට එය වෙනස් කිරීමට අවැසිව තිබුණි.ඔහු සමග ගම්පහින් එකට තරගයට එළැඹිීමේ අවස්ථාව හිමිව ඇත්තේ ලසන්ත අලගියවන්නටය.තෙවැන්න කොළඹ දිස්ති‍්‍රක්කයේ ආසන බෙදීම සම්බන්ධයෙන් විය.ආසන දෙකක් මහජන එක්සත් පෙරමුණට හිමිව තිබෙන අතර ඉන් එකක් පක්ෂ නායක දිනේෂ් ගුණවර්ධනටත් අනෙක මොරටුව නගරාධිපති සමන්ලාල්ටත් වෙන්ව තිබේ.නමුත් හිටපු අමාත්‍ය ජීවන් කුමාරතුංග සමන්ලාල්ට නාමයෝජනා ලබාදීමට විරුද්ධ වීම නිසා එයද වෙනස් කිරීමට සිදුව තිබුණි.

අතිශය කෝපයට පත්ව සිටි ප‍්‍රසන්න රණතුංග තම සගයින් සමග පිටත්ව යෑමට සූදානම් වෙමින් සිටියේය.ෆිීලික්ස් පෙරේරා ඔහුව සන්සුන් කිරීමට උත්සාහ කළද ඉන් ඵලක් නොවුනි.දෙදෙනගේ වචන හුවමාරුව අතපය දිගුකිරීමක් දක්වා දුර යන ලකුණු පෙනෙන්නට විය.කලබලවූ දිනේෂ් ගුණවර්ධන වහාම රාජපක්ෂට දුරකථන ඇමතුමක් ගත්තේය.ඔහු ඒ වන විට පිළියන්දල ප‍්‍රදේශයේ ජනහමුවකට සහභාගීව සිටිනවායැයි එහා කොනෙන් පැවසුනි.ඒ අනුව ගුණවර්ධන එම හමුවට සහභාගීව සිටි ගාමිණී ලොකුගේ අමතා වහාම දුරකථනය රාජපක්ෂ අතට දෙන ලෙස ඉල්ලා සිටියේය.ජනතාව අමතමින් සිටි රාජපක්ෂ අසලට ළංවූ ලොකුගේ ඔහුගේ කණට යමක් මිමිණීය.ඒ සමග හදිසි දුරකථන ඇමතුමක් ලබාගැනීමට තිබෙනවායැයි ජනතාවගෙන් අවසර ඉල්ලා සිටි රාජපක්ෂ, ගුණවර්ධන හා සම්බන්ධවී කරුණු විමසා සිටියේය.ගුණවර්ධන තත්ත්වය පැහැදිලි කළ පසු රැුස්වීම ඉක්මනින් අවසන් කර දැමූ හිටපු ජනපතිවරයා වහාම ෆීලික්ස් පෙරේරාගේ නිල නිවසට පැමිණීයේය.ඒ වන විටත් ගැටුම සිදුවෙමින් පැවතුනි.ඔහු පේ‍්‍රමජයන්ත හා කතා කළේය.ගහමරා ගැනීමට ඔන්න මෙන්න සිටි දෙදෙනා කෙසේහෝ දෙපසට කිරීමට පේ‍්‍රමජයන්තට හැකිව තිබුණි.හදිසියේම පපුව අල්ලාගත් පේ‍්‍රමජයන්ත වේදනාවෙන් කෑගැසීය.හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරා හා හිටපු මාධ්‍ය අමාත්‍යංශ ලේකම් චරිත හේරත් වහාම සන්ධාන මහලේකම්වරයාව මෝටර් රථයක නංවාගෙන නවලෝක රෝහලට ගෙනගියේය.ඔහුට ඉක්මනින්ම ප‍්‍රථමාධාර ලබාදීමට වෛද්‍යවරු කටයුතු කළ අතර පසුව නේවාසික ප‍්‍රතිකාර ලබාදීම සදහා යොමුකෙරුණි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාමයෝජනා ලැයිස්තුව ෆීලික්ස් පෙරේරාගේ නිවහනේ අනාරක්ෂිතව තිබෙන බව දෙදෙනාට සිහිවූයේ මේ කලබලය අවසානයේය.වහාම එහි ගිය පෙරේරා හා හේරත් අපේක්ෂකයින් අත්සන් තබා තිබණු නාමයෝජනා ලැයිස්තු නවලෝක රෝහලට ගෙන ආහ.හදිසියේවත් පිටස්තර කිසිවෙකු හෝ මෙම ලැයිස්තු දුටුවේනම්,එම තොරතුරු ප‍්‍රසිද්ධ කළේ නම් එය කොළඹ හා ගම්පහ දිස්ති‍්‍රක්ක වලින් සන්ධානයට ඒකාන්ත පරාජයක් අත්කරදෙන්නක් වන්නට ඉඩ තිබුණි.රෝහලේ දෙවන මහලේ 6 වැනි කාමරයේ ප්‍රෙම්ජයන්ත නේවාසිකව ප‍්‍රතිකාර ලබමින් සිටි අතර ඩිලාන් හා චරිත නැවත වරක් ඔහු හමුවට පැමිණෙන විට ඔහුගේ ඇද වටා නීතිඥවරුන් කිහිපදෙනෙකුද විය.එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාමයෝජනා සකස් කිරීමේ අවසන් කටයුතු කි‍්‍රයාවට නැංවුනේ මෙම කණ්ඩායම හමුවේය.මහලේකම්වරයා ඇදෙහි වැතිර අවශ්‍ය උපදෙස් ලබාදුන්නේය.අවසන ගම්පහින් එක් මන්තී‍්‍රධූරයක් අඩු කරනු ලැබුණු අතර එය වෙනුවට කැළණිය ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍ර ප‍්‍රසන්න රණවීරට නාමයෝජනා හිමිවිය.ප්‍රෙම්ජයන්ත අසනීප තත්ත්වයෙන් සිටි නිසා නාමයෝජනා සකස් කිරීමේ කටයුතු අවසානයක් කිරීම පැවරුනේ ඩිලාන් පෙරේරාටය.මේ වන විට වේලාව අලූයම 3.00 පමණ වී තිබිණ.

පෙරේරා විපක්ෂ නායක නිල නිවසට ගොස් නාමයෝජනා ලැයිස්තුව සකස් කිරීමේ කටයුතු වල නිතර විය.පේ‍්‍රමජයන්ත ඔහුට නම් ලබාදී තිබුණ මුත් එම නම් වලට අදාළ ජාතික හැදුනුම්පත් අංකයන් ලබාදී තිබුණේ නැත.ඒ අනුව අදාළ පුද්ගලයින් අමතා ඔවුන්ගේ හැදුනුම්පත් අංකද ලබාගෙන ලැයිස්තුව අවසානය කරන විට වේලාව පෙරවරු 11.40 වී තිබිණ.නාමයෝජනා භාරගැනීම අවසාන වන්නට තිබුණේ තවත් විනාඩි 20 ක පමණ කාලයකි.වාහන තදබදය නිසා මෝටර් රථයකින් යා නොහැකි තැන ඩිලාන් ඔහුගේ සහයෙකුගේ යතුරුපැදියේ නැගී නියමිත වේලාවට කෝට්ටේ මැතිවරණ ලේකම් කාර්යාලයට ළගාවීමට අවසානයේ සමත්වුණි.

අරලිය ගහ මැදුරේද තත්ත්වය මීට නොදෙවනි විය.කලූතර දිස්ති‍්‍රක්කයේ කණ්ඩායම් නායක ලෙස පත්කළ යුත්තේ කවුදැයි ගැටලූවක් මතුව තිබුණි.ඒ සදහා අමාත්‍ය රාජිත සේනාරත්නගේ නම යෝජනා කෙරුණද පිරිසකගේ විරෝධය හමුවේ එක ඉවත් කිරීමටද,ඊට විරෝධය පෑ තවත් පිරිසක් හමුවේ අමාත්‍යවරයාගේ නම නැවත එක් කිරීමටද සිදුවිය.අනෙක් දිස්ති‍්‍රක්ක වලද තත්ත්වය මේ හා සමාන විය.

කෙසේ නමුත් ජනපති සිරිසේන ජාතිය අමතා කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් කුමන ගැටලූ තිබුණද එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෝ සියලූදෙනා උද්දාමයෙන් සිටිනු දැකගත හැකිවිය.

රාජපක්ෂට නාමයෝජනා ලබාදීමට ජනපති සිරිසේන කටයුතු කිරීම නිසා ඔහුගේ ආධාරකරුවන් ඔහු ගැන තබා තිබූ බලාපොරොත්තු බිද වැටුනේ එක රැයින්.එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවන්ටත් වුනේ ඒක.නමුත් අගහරුවාදා ජනතාව අමතමින් ජනපති සිරිසේන කීවා රාජපක්ෂට නාමයෝජනා ලබාදීම ගැන ඔහුගෙත් මනාපයක් නැතිය කියා.මේක ඇසීමත් එක්ක එක්සත් ජාතික පාක්ෂිකයින්ට ආයෙමත් ශක්තිය ලැබිලා.ඒ එක්කම ජනපති කීවා ඔහුගේ පාලනය යටතේ රාජපක්ෂට ඉස්සර වගේ කටයුතු කරන්න අවස්ථාව දෙන්නේ නැතිය කියලත්,ඒ එක්කම ඔහුව අගමැති ලෙස පත්කරන්නේ නැතිය කියලත්.මේක අපට ඉතාම සතුටුදායක ආරංචියක්.අගෝස්තු 17 වැනිදා එක්සත් ජාතික පක්ෂයේ ජයග‍්‍රහණය දැන් ස්ථීරයි.

හිටපු එක්සත් ජාතික පක්ෂ ගම්පහ දිස්ති‍්‍රක් පාර්ලිමෙන්තු මන්තී‍්‍ර ජෝෂප් මයිකල් පෙරේරා සන්ඬේ ටයිම්ස් හා අදහස් දැක්වූයේ එසේය.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ එයාගේ නිල කාලය ගෙවෙන්නත් ඉස්සෙල්ලා ජනාධිපතිවරණයක් කැදවලා පරාජය වුනා.මේ සැරේ එයා පාර්ලිමෙන්තු මැතිවරණයට ඉදිරිපත් වෙලා එදා පරාජය වුනාටත් වඩා අන්ත පරාජයක් ලබාගන්නයි මේ හදන්නේ.ජනතාව අමතමින් කළ කතාවේදී ජනපතිවරයා කීවා ජනවාරි මස 8 වැනිදා ඇතිකළ වෙනස දිගටම කරගෙන යන්න පුලූවන් පිරිසක් පාර්ලිමෙන්තුවට පත්කළ යුතුව තිබෙනවාය කියා.මහින්ද රාජපක්ෂට රජයකට එකතුවීමේ හැකියාවක් නැහැ.ඔහු නැවත වරක් පරාජය වෙනවා.ජනපතිවරයා කී ලෙසට ඔහුට අගමැතිධූරය කොහෙත්ම හිමිවන්නේ නැහැ.ඊළග රජය අනිවාර්යයෙන්ම එක්සත් ජාතික පක්ෂ රජයක් තමයි.

ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අදහස් දැක්වීය.

විපක්ෂයට වුවමනානම් මහබැංකු බැදුම්කර සිද්දිය මුල්කරගෙන අපට මඩගහන්න ඔවුන් ඒක කරපුවාවේ.මෙච්චර ඉක්මනට වාර්තාවක් ගේන්න කටයුතු කළේ කවුද,ඒ අයගේ අරමුණ වුනේ මොකක්ද කියන එක අපි ජනතාවට හෙළි කරනවා.වුනේ මොනවද කියලා දන්නේ නැතිව මේ අය බැදුම්කර සිද්ධිය ගැන කෑගහන්නේ ඒ සද්දෙට එයාලා බලයේ ඉන්නකොට කරපු ඔක්කොම වංචා දුූෂණ වහගන්න පුලූවන් කියලා හිතාගෙන.අප ඒක කරන්න ඉඩ දෙන්නේ නැහැ.මේ වාර්තාව ඉදිරිපත් කරලා තියෙන්නේ උප කමිටුවේ අනුමැතියක් නැතිව.මේ සියලූ කරුණු ඉදිරියේදී අප ජනතාවට හෙළි කරනවා.

සන්ඬේ ටයිම්ස් හා සම්බන්ධ වූ ප‍්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා කීය.

මහ බැංකු බැදුම්කර පිළිඹද කෝප් උපකමිටුව පිළියෙල කළ කෙටුම්පත ප‍්‍රසිද්ධියට පත්කිරීම හා බෙදාහැරීම වළක්වමින් තහනම් නියෝගයක් නිකුත් කිරීමට කොළඹ දිස්ති‍්‍රක් විනිසුරු සුමිත් පෙරේරා පසුගිය බ‍්‍රහස්පතින්දා කට



අදහස් (0)

මෛත්‍රී පඹගාලක : ගෙදර ඇතුළෙත් ගෝරි

ගාමිණි Monday, 20 July 2015 04:00 AM

ජනතාව ඇත්තටම ලංකාවට ආදරේ කරන කට්ටියද (ම)

:       0       0

දුමින්ද Monday, 20 July 2015 08:02 AM

රටේ බහුතරයේ බහුතරය නියම තීන්දුව ගනීවි (ම)

:       0       0

මොහාන් Sunday, 19 July 2015 06:09 PM

ලක්ෂ 62ක ජනතාවත් පළගාලක පටළවන්න නම් එපා (නි)

:       0       0

සිල්වා Sunday, 19 July 2015 06:26 PM

අපිත් දැන් ඉන්නේ පඹගාලක පැටළිලා වගේ තමයි (නි)

:       0       0

සුගත් Monday, 20 July 2015 04:21 AM

මහින්ද රාජපක්ෂ අධි තණ්හාවෙන් පෙලෙන කෙනෙක්. නැත්නම් ගෙදර වෙලා විශ්‍රාම ගන්නවානේ (ම)

:       0       0

දිලිප් Monday, 20 July 2015 04:28 AM

ජනපති කියන්නා සේම අප සිටිය යුත්තේ අප ගැන , අද දේශපාලනය මතුපිට පෙනෙන දේ ගැන නොව. හෙට රට හා අපගේ අනාගතය ගැනය.(ම)

:       0       0

කැටවල Sunday, 19 July 2015 06:57 PM

අභියෝග වලට මුහුණ දෙන්න ශක්තියක් තිබිය යුතුයි (නි)

:       0       0

පාලිත Monday, 20 July 2015 04:41 AM

පක්ෂයක් නැති ජනාධිපතිට ගමේ කියන්නේ පිංගුත්තර කියාලාලු (ම)

:       0       0

චමී Monday, 20 July 2015 04:51 AM

ජය වේවා (ම)

:       0       0

ජනක Sunday, 19 July 2015 12:36 PM

මාළුවා නහින්නේ කට නිසා අහක ඉන්න නයිරෙද්ද අස්සෙ දාගෙන කනවා කනවා කියන්නේ ඕකට තමා (බ)

:       0       0

එම්. හෙට්ටිආර්චචිගේ Tuesday, 21 July 2015 08:35 AM

මහින්දට ජය ලැබේවා (නදී)

:       0       0

සුරනිමල Sunday, 19 July 2015 09:03 PM

අසරණ දුප්පත් මිනිසුන්ගේ දුක හඳුනන ඔබතුමාට අපේ ප්‍රණාමය! දුෂිතයන්ගෙන් පිරි ඇති ඔය පක්ෂය හැදීමට ගොස් ඔබතුමාගේ ඇගේත් මඩ තවරාගන්න තමයි වෙන්නේ. (නි)

:       0       0

චන්න බුවනක Sunday, 19 July 2015 01:09 PM

කවුරු මොනවා කීවත් ජනතාව නියමිත දිනේට වැඩේ කරයි. ඊට පස්සේ කට්ටිය ඉඳියි, නැත්නම් විසික් වෙයි.(ම)

:       0       0

නවරත්න Sunday, 19 July 2015 01:22 PM

මේවා මෙහෙම වෙයි කියලා අපිට කලින්ම හිතුනා (නි)

:       0       0

රුක්ෂාන් Sunday, 19 July 2015 01:33 PM

ජනපති අඩු බලයක් සහිත රජයක් සැදීමට උත්සහ දැරුවත්, 1960, 2000,2001,2004 වගේ දුර්වල රජයන් සැදුනු විට රජයන් පත්වූ අපහසුතාවයන් 49 දේශපාලන අද්දැකීම් වලට අසුවුනේ නැත්තේ ඇයි? (නදී)

:       0       0

දොඹගොඩ Sunday, 19 July 2015 11:07 PM

මේ කියන විදිහට ජනාධිපති කැමති කෙනෙක් අගමැති හැටියට පත් කළොත් හැමදාම "විශ්වාසභංග යෝජනා "දකින්න පුළුවන් වේවි . (නි)

:       0       0

සප්නා Sunday, 19 July 2015 01:36 PM

ජනපති මධ්‍යස්තව සිටිනවා කිව්වත්, ඔහු කරපු කතාව සම්පුර්ණයෙන්ම වෙනස් (නදී)

:       0       0

මුදියන්සේ Sunday, 19 July 2015 01:45 PM

දැන් මේ අලුතෙන් ඡන්දය ඇති තරුණ උදවිය දන්නේ නැහැ අතීතය ගැන (නි)

:       0       0

සත්‍යා Sunday, 19 July 2015 11:53 PM

නාට්‍යයක වුණත් වීරයෙක් හා දුෂ්ටයෙක් ඉන්නවාමයි. මේ නාටකයේ නම් ඉන්න තරමක් ඉන්නේ දුෂ්ටයෝ. මහින්ද රාජපක්ෂට නාමයෝජනා දී මෛත්‍රී මහතා ජනතාව විසින් ඔහුට ලබාදී තිබුන වීරත්වය බොහෝ දුරට නැතිකර ගත්තා. ෆීලික්ස් පෙරේරා සාමකාමී පුද්ගලයෙක් ලෙස කවදත් ජනතාවගේ විශ්වාසය දිනාගෙන සිටි නිසා, මෙම අර්බුදකාරී තත්වයෙන් මිදෙන්න ඔහුගේ සහය ගන්න සන්ධානයේ අය කටයුතු කළයුතුව තිබුනා. ජනතාවට ඇත්තෙන්ම ද්‍රෝහී වූ අය හඳුනාගෙන අගෝස්ත්තු 17 වෙනිදාට ඔවුන්ව සදහටම ගෙදර යවන්න ජනතාව තරයේම සිතට ගතයුතුයි. (නි)

:       0       0

නාමල් Sunday, 19 July 2015 02:13 PM

මේ පඹගාල 17 වෙනාදාට අපි ගළවලා දෙන්නම් (නි)

:       0       0

ගුණදාස Thursday, 23 July 2015 05:06 AM

පාට පක්ෂ ගැන හිතන්න කලින් රට ගැන හිතන්න. මෛත්‍රී ක්‍රියා කළ ආකාරය ස්ථානෝචිතයි....(බ)

:       0       0

නිලූක Monday, 20 July 2015 01:37 AM

අනේ අපි නම් නැහැ හො‍ඳේ ඕවට (නි)

:       0       0

කපුගේ Monday, 20 July 2015 06:53 AM

දෙපැත්ත කන්න ගොස් ජනපති සිරිසේන නාගෙන.(ම)

:       0       0

සම්පත් ශ්‍රී Monday, 20 July 2015 03:01 AM

මොන බාදක තිබුනත් මහින්ද දිනනවා (නදී)

:       0       0

දිසානායක Tuesday, 21 July 2015 12:11 AM

නායකයින් පත්කර ගැනීමේදී මහජනතාව මීටවැඩිය විමසිලිමත් වියයුතුයි (නි)

:       0       0

මාපලගම පත්මා Sunday, 19 July 2015 04:33 PM

බුදුරජාණන් වහන්සේටත් නිගාකළ, විවේචනය කළ කොටසක් බුදුන්ගේ කාලයේත් සිටියා. බුදුන් ඒවාට කිපුනේ නැහැ. ඔවුන්ටත් මෛත්‍රී කළා (නි)

:       0       0

නුවන් Sunday, 19 July 2015 04:55 PM

පුදුම දේවල් මේවා! (නි)

:       0       0

මුරුගා Sunday, 19 July 2015 05:04 PM

මහින්දගේ පරාජය ස්ථිර බව අපි දන්නවා (නි)

:       0       0

චින්තක Monday, 20 July 2015 03:49 AM

මහින්ද අගමෙති වේවා. (ම)

:       0       0

නන්දලාල්-ප්‍රංශය Sunday, 19 July 2015 05:19 PM

ඡන්දදායකයින් වුණත් දැන් සිටින්නේ, මොනවා වේවිද, මොනවා කරන්නද යන්න තීරණය කරගැනීමට බැරි තත්වයක බව හොඳින්ම පැහැදිලි වෙනවා. මැතිවරණ දිනය දක්වා තව තව අද්භූත දේවල් මොනතරම් සිදුවේවිද?කොහොම වුණත් රටේ අනාගතය ගැන දේශපාලන නායකයන් මෙන්ම ඡන්දදායකයන්ද වගකිව යුතු වෙනවා.දුෂිත, තමන්ගේ මඩි තර කරගැනීමට වලිකන අයට යළිත් වරක් අපව රැවටීමට ඉඩ දෙනවාද යන්න තීරණය කිරීම සමස්ත ශ්‍රී ලංකා ඡන්දදායකයින්ගේම වගකීමක් වෙනවා. (නි)

:       0       0

සමී Monday, 20 July 2015 03:54 AM

පහුගිය රජය කාලේ කලේ රටට ද්‍රෝහී මදය මිසක් හිතවාදීය නොවේ (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 541 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 633 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


චන්ද්‍රිකා ජනපතිට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 23 2059 2

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.


සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1550 3

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


නව ජනපතිට තොණ්ඩමාන්ගෙන් සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 1492 3

ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ


ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 1731 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 24709 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23341 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 381 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site