(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
ඉකුත් පාර්ලිමේන්තුව නියෝජනය කළ මාතර දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කථානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම හා මන්ත්‍රී කරුණා කොඩිතුවක්කු යන මහත්වරු මෙවර මහ මැතිවරණය සදහා මාතර දිස්ත්‍රික්කයෙන් තරග නොකිරීමට තීරණය කර ඇත.
සමගි ජන සන්ධානය හා නව ප්රජාතන්ත්රවාදී පෙරමූණ මාතර දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරී ගනේෂ අමරසිංහ මහතා වෙත නාම යෝජනා භාර දුන් අතර ඔවුන්ගේ නම් එම ලේඛන වල ඇතුලත් නොවීය.
2020 මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කොට මනාප ඡන්ද 114319 ක් ලබා ගනිමින් කරුණා කොඩිතුවක්කු මහතා මාතර දිස්ත්‍රික්කයෙන් දෙවැනි තැනද මනාප ඡන්ද 103534 ක් ලබා ගත් ඩලස් අලහප්පෙරුම මහතා තෙවැනි තැනද මනාප ඡන්ද 80595 ක් ලබා ගත් මහින්ද යාපා අබේවර්ධන මහතා පස් වැනි තැනද ලබා ගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත් විය.
එහෙත් පසුගිය ජනාධිපතිවරණයේ දී ඩලස් අලහප්පෙරුම හා කරුණා කොඩිතුවක්කු යන මහත්වරු සමගි ජන සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පල කරමින් එම පක්ෂයට එකතු විය.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ සමීපතමයින්ගේ සහාය හිමි වූයේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාටය.
ඔහුටම සහාය පල කළ හිටපු විදුලි බල හා බල ශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මෙවර මහ මැතිවරණය සදහා නව ප්රජාතන්ත්රවාදී පෙරමූණ යටතේ තරග කිරීමට නාම යෝජනා භාර දුන් අතර එම නාම යෝජනා පත්‍රයේ මහින්ද යාපා අබේවර්ධන මහතාගේ නම ඇතුලත් නොවීය. ඔහු වෙනුවට ඒ මහතාගේ පුත් චමීර යාපා අබේවර්ධන මහතා මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වී ඇත.
ඊට අමතරව දකුණු පලාත් හිටපු ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාද මෙවර තරග නොකරන අතර ඔහුගේ පුත් පසද යාපා අබේවර්ධන මහතාද නව ප්රජාතන්ත්රවාදී පෙරමූණ යටතේ නාම යෝජනා භාර දී තිබේ.
2020 මහ මැතිවරණයේ දී මාතර දිස්ත්‍රික්කයේ ප්‍රථමයා වු නිපුණ රණවක මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ ද හය වැනියා බවට පත් වු වීරසූමන වීරසිංහ මහතා සර්ව ජන බලය පක්ෂය යටතේ ද මෙවර මහ මැතිවරණය සදහා තරග කිරීමට නාම යෝජනා භාර දීමට නියමිතව ඇත.
මීට අමතරව සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වු බුද්ධික පතිරණ මහතා මෙවරද එම පක්ෂයෙන් තරග කිරීමට නාම යෝජනා භාර දී තිබේ.
ජාතික ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් කණ්ඩායම් නායක සුනිල් හදුන්නෙත්ති මහතා ද සිය කණ්ඩායමේ නාම යෝජනා පත්‍රය භාර දුන්නේය.
සමගි ජන බලවේගයේ නාම යෝජනා ලැයිස්තුව
බුද්ධික පතිරණ, චතුර ගලප්පත්ති, කපිල ගමගේ, රංජිත් මුණසිංහ, නිරෝෂන් ප්‍රේමරත්න, කලුතන්ත්‍රිගේ මහින්දරත්න, රෙහාන් ජයවික්‍රම,බිමල් ජයසිරි,නිර්මාල් සමරසිංහ,තුෂාර විජේසූරිය.
ජාතික ජන බලවේගයේ නාම යෝජනා ලැයිස්තුව
සුනිල් හදුන්නෙත්ති,සරෝජා සාවිත්‍රී පෝල්රාජ්,උපුල් කුමරප්පෙරුම,අබේවික්‍රම ලියනගේ මෙත්තපාල,මුහම්මදු ඉල්යාස්,විජිත රුවන් වික්‍රම ආරච්චි,ජයන්ත පතිරණ,ලාල් ප්‍රේමනාත්,අජන්ත ගම්මැද්දගේ,නුවන්ජිත් සෙල්ලහේවා
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ
කංචන විජේසේකර,ගයාන් සංජීව,පසද යාපා අබේවර්ධන,විජය වීරසිංහ,සරත් ද අල්විස්,දිමුතු දර්ශන අබේවික්‍රම,බී ජී.චන්දන ප්‍රියන්ත,ධම්මික සොලමන්, තිවංක ජනිත්, චමීර යාපා අබේවර්ධන
ආපදා කළමනාකරණයේදී ආයතන ව්‍යුහ ශක්තිමත් කිරීම පමණක් ප්‍රමාණවත් නොවන අතර බිම් මට්ටමට විසඳුම් ගෙන යාමේ යාන්ත්‍රණ ඇති කළ කළ යුතු බව ජනාධිපති අනුර කුමාර
පසුගිය රජයේ අමාත්‍යවරයකු නීති විරෝධී අයුරින් අත්සන් කරන ලද E-8 වීසා ගිවිසුම නිසා වසර 20ට අධික කාලයක් පුරා විශාල ශ්‍රි ලාංකික තරුණ පිරිසකට හිමිවූ E-9 වීසා කා
සමනල වැව ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාවත් සමඟ සමනල වැව ජලාශයේ ජල මටිටම මෙිි දිනවල ඉහළ ගොස් තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව අමාත්‍යාංශ ලේකම්වරුන් දෙදෙනෙක් පත් කරනු ලැබ තිබේ.
මුළු ලංකාවෙන්ම 10 වන ස්ථානයට මනාප හිමිකර ගත් තමාට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබා දෙන්නැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී තුෂ
උඩරට දුම්රිය මාර්ගයේ හාලිඇල සහ උඩුවර දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට අද (25) දහවල් ගල්පර්වත පස්කදු කඩා වැටීමෙන් බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනයට බාධා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මාතර පරණ සෙට් එකක්ම මෙවර මහ ඡන්දයට නෑ
පිටරටවැසියා Thursday, 10 October 2024 07:16 PM
පරණ සෙට් එකටම.. දැන්, වරදාන-වරප්‍රසාද, ආරක්ෂක නඩ නැතිව ඡන්දේ ඉල්ලන්න යන්න බැහැ. ඉල්ලුවාට ඡන්දෙ හම්බ වෙන්නෙත් නෑ... ජනතාවගෙන් අසූචි පාරකුත් කාලා තමයි ගෙදර එන්න වෙන්නේ.. රට කාපු තක්කඩි හැත්ත...
Nimal 1 Thursday, 10 October 2024 07:32 PM
ඔය තරග නොකරන අය නොඑන එකමයි. ආවානම් දුවන්න වදිනවා.
උකුස්සා Thursday, 10 October 2024 07:34 PM
ස්තුතියි මාලිමාවට...
සිසිර විතාන Thursday, 10 October 2024 09:12 PM
රටත්, දේශපාලන පොර පිටියත් පිරිසිදු කිරීම ගැන ජාතික ජන බලවේගයට අපගේ උත්තමාචාරය...!!!
ගමේ එකාලා Thursday, 10 October 2024 11:18 PM
පරණ අය නැති වුණාට, ඔවුන්ගේ අය නම් ඉල්ලනවා. ඒ ගැනත් සෝදිසියෙන් ඉන්න තරමට හොඳයි...
Rashath Udawatta Friday, 11 October 2024 03:02 AM
තාත්තා නැති වුනාට පුතාලා ඉන්නවා.
don Friday, 11 October 2024 07:02 AM
පුත්තු ටිකව ඇතුළට දාලා නේද?
sam Friday, 11 October 2024 07:55 AM
අනේ පව් මහින්ද යාපාගේ පවුලේ සෑහෙන්න කට්ටියක් තමන් වෙනුවෙන් පාර්ලිමේන්තු වැඩ කළා . කට්ටියගේ රැකියාවල් නැති වෙන්න ඇති නේද .මාර පාඩුව නේද
Nimal Friday, 11 October 2024 08:20 AM
තාත්තාගෙන් පුතාට නැතුව ඔය පක්ෂ වල නොමිනේෂන් දෙන්න වෙන කවුරුවත්ම නැද්ද ?
Jayasekara Friday, 11 October 2024 11:18 AM
අම්මෝ බෙන්තර ගඟෙන් එහා.
ජයනාත් Friday, 11 October 2024 12:11 PM
විදුලි බල කළුකඩ මුදලාලි... මෙන්න අභියෝගය... පුළුවන් නම් පක්ෂය ඡන්ද 25000ක් අරගෙන පෙන්වන්න දිස්ත්‍රික්කයේ ම.. හොඳම දඬුවම් ලැබෙයි.