IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


'මෛත්‍රී පාලනයකින් පෙට්‍රල්/ඩීසල් බදු ඉවත් කරනවා‘

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති වූ පසු පෙට්‍රල් හා ඩීසල් බදු අහෝසි කරන බව ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා කියයි. එමගින් රටේජනතාවට සහන රැසක් හිමිවන බව ද රණවක මහතා පවසයි.

‘ශ්‍රී ලංකාව වර්තමානයේ පාලනය කරන්නේ පංච පාප බලවේගයි. ඒවා පරාජය කිරීම කාලීන අවශ්‍යතාවක්.   කැසිනෝ ඉන් එක් පාප බලවේගයක්. මුලින් කැසිනෝ කොළඹින් පිට කල්පිටියේ දූපතකට ගෙනියන්න ඕනෑ කිව්වා. අපිත් කිව්වා එය හොඳ වැඩක් කියලා. සක්විතිගේ ව්‍යාපාර විනාශ වුණේ මේ කැසිනෝ සෙල්ලම නිසා. ඒ අනුව පාර්ලිමේන්තුව අනුමැතිය දුන්නා. නමුත් එය කළේ නෑ. දැන් අවුරුදු දෙකක් අද වෙනකම් ඉවත් කළේ නෑ. අපට වඩා කැසිනෝ ජාවාරම්කාරයන් බලවත් බව අපට තේරුණා.

අද තෙල් මිල පහළ වැටිලා තිබුණත් සහන නෑ. අපි කෑ ගහද්දි රුපියල් දෙකක් තුනක් අඩු කරනවා. අපි ගොඩනගන සමගි ආණ්ඩුවෙන් මේ පෙට්‍රල් ඩීසල් බදු අයින් කරනවා.‘

 

 



අදහස් (0)

'මෛත්‍රී පාලනයකින් පෙට්‍රල්/ඩීසල් බදු ඉවත් කරනවා‘

ඇල්ලේ කුඩාබණ්ඩා Friday, 19 December 2014 02:07 AM

දැන් නත්තල් කාලේ ඔයක් හරියට නත්තල් සීයා වෙලා වගේනේ කෑ ගහන්නේ (නි)

:       0       0

ජනක Friday, 19 December 2014 02:15 AM

නත්තල සීයලා මේ කාලයේ වැහිවැහැලා. (නි)

:       0       0

ලහිරු Friday, 19 December 2014 02:28 AM

බදු ගැන කතාකරන අයට කියන්නේ, රේණු ඔයා ඉන්දියාවේ ගිහින් තියෙනවද බදු ගහනවද කියලා බලන්න. ඉන්දියාවේ පැට්‍රල් ලීටරයක් රු 60 යි. ලංකාවේ මුදලින් ගත්තොත් රු 125යි. මතක නැද්ද අයි.ඕ.සී. එක ඔය ගානටත් අඩුවෙන් අධිකරණ තීන්දුවකට අනුව දුන්නා (නි)

:       0       0

තිලාන් Friday, 19 December 2014 02:40 AM

ඒක නේන්නම් රේණු. ඒ වෙනුවට ගෙදරට බඩු, පාපැදි , පත්වීම් වගේ දේවල් දුන්නා නම් ඔන්න කමක් නැහැ නේද? (නි)

:       0       0

කීර්ති Friday, 19 December 2014 02:42 AM

අතීතයේ කීයක් නම් ආණ්ඩු ඔය වගේ දේවල් කිව්වද? ඕක ඇත්තටම අඩු කරන්න පුලුවන්ද කියලා අහන්න ඕනෑ තෙල් සංස්ථාවෙන්.මේ ඉන්න මැති ඇමතිවරු ඕවා දන්නවද ? ඒ අය හැමදාම කියන්නේ ඕකනේ. විපක්ෂයේ ඉන්නකොට වැඩියි. ආණ්ඩුවේ ඉන්නකොට හොඳයි (නි)

:       0       0

ලලිත් Friday, 19 December 2014 02:44 AM

බන්දුල පෙරේරා , හැටට හැටේ වෙනත් නම් වලින් ලියනවා වගේ. (නි)

:       0       0

බතී Friday, 19 December 2014 07:31 AM

ඔබගේ දැන ගැනීම සඳහා. ඕස්ට්‍රේලියාවේ වතුර බෝතලයක් ඩොලර් 3 යි. පෙට්‍රල් ලීටරයක් ඩොලර් 1.3. වතුරට වඩා ලාබයි තමයි. නිකන් කඩේ යන්න එපා. (නදී)

:       0       0

කැලුම් Friday, 19 December 2014 02:46 AM

මෙතන ප්‍රශ්නය තියෙන්නේ කරන්න පුලුවන්ද බැරිද කියලා නෙමෙයි. තමන්ගේ පක්ෂේ පරදිනවට කවුරුත් අකමැතියි. ඡන්ද ප්‍රතිඵලය අහලා අපි දිනුම් කියලා බඩගින්නේ ඉඳලාහරි දුක්විඳගෙන පහුවදා ඉඳලා ජීවත්වෙන පක්ෂ ගැති පිරිසක් තමා අපේ රටේ ජීවත්වෙන්නේ. (නි)

:       0       0

ලංකා තිලක් Friday, 19 December 2014 02:49 AM

ශ්‍රී ලංකාවේ ඉන්දන වලට ඇති බදු නිසා අපනයනය සදහා භාණ්ඩ නිෂ්පාදනය කිරීමට අදික වියදමක් වැය වෙනවා. මේ නිසා ලෝක වෙළද පොලත් එක්ක තරග කරන්න බැරි වෙනවා. කර්මාන්තශාලා නගා සිටුවීමට තෙල් මිල අඩු කිරීම අත්‍යාවශ්‍ය දෙයක් (නදී)

:       0       0

නුවන් Friday, 19 December 2014 02:50 AM

ධනංජය, අධික පොලියට ණය ගැනීම නවතලා, දුෂණය නවතලා, ඇමතිවරු ගණන අඩු කරලා ඇයි බැරි සහන දෙන්න. අයවැය බලන්න, රටකට ගන්න පුළුවන් නය ප්‍රමාණයක් තියෙනවා, අඩු පඩියක් ලබන කෙනෙක් ලොකු කාරෙකක් ලීසිං කරලා ගත්ත වගේ තමා අපේ ආර්ථිකය. (නදී)

:       0       0

තරංග Friday, 19 December 2014 02:51 AM

ගොඩක් පහලට වැටෙන්න එපා (නදී)

:       0       0

මලික් Friday, 19 December 2014 02:51 AM

බදු නැතිව රටක් ගෙනියන්න බැහැ වගේම ජනතාව අසාධාරණ බදු වලට යට කිරීමද අපි නම් අනුමත කරන්නේ නැහැ. (නදී)

:       0       0

දුලානි Friday, 19 December 2014 02:54 AM

ජනාධිපති මැතිවරණයකදී මහජනයාට දැන ගැනීමට අවශ්‍ය වන්නේ අපේක්ෂකයාගේ සමාජ සහ ආර්ථික ප්‍රතිපත්තියයි. ආර්ථිකය ගැන කිසිවක් නොදන්නා පක්ෂ නායකයෝ කීපදෙනෙක් එකතුවෙලා හදාගත්තු සන්ධානයෙන් කිසිම ආර්ථික පිළිවෙතක් තවමත් ඉදිරිපත් වී නැහැ. නමුත් හිටිගමන්ම චම්පික මහත්මයා ගැලරිය පිනවන කතා කියනවා. මේවට බුද්ධිමත් ජනතාව කට කොනකින් හිනා වෙනවා පමණයි. (නදී)

:       0       0

කාලිංග Friday, 19 December 2014 02:55 AM

මෙතන සමහරුන්ට ඕන දුක් විඳ විඳ මේ රජය යටතේ ඉන්න. අපේ සමහරු තවම වහල් මානසික තත්වයෙන් මිදිලා නැහැ. ආයෙත් දීල බලන්න, ලෝක වෙළඳපොලේ අද තෙල් මිල කීයද? ඇයි මේ දෙපිලකට බෙදිලා, අවංකව හිතුවොත් පක්ෂ විපක්ෂ සැවොම දුක් විඳිනවා. (නදී)

:       0       0

චම්පික Friday, 19 December 2014 02:56 AM

අසීමිත ඇමති මණ්ඩලයක් ඉන්නකොට බදු ගහන්නේ නැතිව කොහොමද ඒගොල්ල නඩත්තු කරන්නේ ? (නදී)

:       0       0

චතුර Friday, 19 December 2014 03:10 AM

හෙජින් නිසා අපිට සිදුවුණ පාඩුව ගැනත් සොයාබලා එයට වගකිවයුතු අයට දඬුවම් දිය යුතුයි. කෙසේ නමුත් මේ සියලු බදු ඉවත් කරනවා කියන කතාව නම් යථාර්ථවාදී නැහැ. සාධාරණ බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්න. රටක් දියුණු කරන්න බදු මුදල් අවශ්‍යයි. (නි)

:       0       0

ලාල් Friday, 19 December 2014 03:17 AM

පෙට්‍රල්,ඩීසල් විතරක් නෙමෙයි අත්‍යවශ්‍ය භාණ්ඩ වල බදුත් අඞුකරන්න පුලුවන්. වර්තමානයේ භාණ්ඩවල බදු වැඩිකරලා තියෙන්නේ,රටේ සංවර්ධනයට වඩා සීමිත කොටසකගේ සංවර්ධනය සඳහා බවයි මම නම් කියන්නේ (නි)

:       0       0

සිරිමල් Friday, 19 December 2014 03:20 AM

ලංකා තිලක් මහත්තයාගේ මොලේ පැදිලා වගේ. තේරුමක් ඇති යමක් කිව්වමද කොහෙද? හැමදාම කට ඇරියොත් කියන්නේ මෙලෝ තේරුමක් නැති දේවල්නේ (නදී)

:       0       0

බන්දුල පෙරේරා Friday, 19 December 2014 03:24 AM

අලුත් සන්ධානයෙන් රජයක් බිහිවෙනවා නම් ඒ බිහිවෙන ආණ්ඩුව එක්සත් ජාතික පක්ෂ රජයක්. ඒ ආණ්ඩුවේ තීන්දු තීරණ ගන්නේ එයාලා. ඔබලාට කල හැකි දෙයක් නැහැ. ප්‍රදාන පක්ෂ දෙකෙන් එකකට හේත්තු නොවී ඔබට පාර්ලිමේන්තු නියෝජනයක් ලබන්න බැහැ. ඔබට යු අන් පි කාරයෙක් වෙන්න වෙනවා. (නදී)

:       0       0

මහේෂ් Friday, 19 December 2014 03:32 AM

නදීක, පොඩ්ඩක් වටපිටාවේ රටවල් වල තෙල් ගණන් හොයලා බලන්න, නිකං පණ්ඩිතයෙක් වගේ කියවන්නෙ නැතුව. (නි)

:       0       0

සමිදු Friday, 19 December 2014 03:34 AM

සිරිසේන ප්‍රමුඛ කණ්ඩායම අලුත් ආණ්ඩුවක් හදනවා කියමුකෝ. ඒ තුළ චම්පික යනු කව්ද? රටේ ආර්ථිකයට බලපාන මේ වගේ ප්‍රකාශයක් කරන්නට තරම් ඔබට ඇති බලය කුමක්ද? ඒ ගැන නොදන්නා මහජනයා ඔබගේ ප්‍රකාශ ගැන විශ්වාසයක් තබන්නේ නැහැ. (නි)

:       0       0

වීරරත්න Friday, 19 December 2014 03:39 AM

මේ වසර මුල බොර තෙල් බැරලයක මිල ඇ.ඩො 100 දැන් මිල ඇ.ඩො 59.මේ වසර මුල පෙට්‍රල් ලීටරය රුපියල් 165 දැන් පෙට්‍රල් ලීටරය රුපියල් මිල රුපියල් 150. බදු අය කළ යුත්තේ සුකෝපභෝගී භාණ්ඩ සඳහාය .අනෙක් රටවලට වඩා ලංකාවේ අත්‍යවශ්‍ය බඩු මිල වැඩිය .ජීවන වියදම වැඩිය. මොහොතක් සිතන්න. වෙනසක් නොවුනහොත් තත්වයද දිගටම මෙලෙසින් පවතිනු නිසැකය.(හේ)

:       0       0

සෙත්මි Friday, 19 December 2014 08:20 AM

දැන් බලාගෙන ගියාම මෛත්‍රී ආණ්ඩුවක් යටතේ ජනතාවට හැම දේම නිකම් ලැබෙයි වගේනේ. අපිට රක්ෂාවක් කරලා මහන්සියෙන් හොයා ගෙන කන්න ඕන වෙන එකක් නැහැ.බදු අඩු කරනවලු සියලු පහසුකම් දෙනවලු. රටම පිරිසිදු කරනවලු.8 වෙනිදගෙන් පස්සේ බලමුකෝ වෙන්නේ මොනාද කියලා (බ)

:       0       0

විපුල Friday, 19 December 2014 03:52 AM

එතකොට පෙට්රල් ලීටරයයි වතුර බෝතල් ලීටරයයි එක සමාන වේවි. (නදී)

:       0       0

සන්වන්නි Friday, 19 December 2014 03:53 AM

ආර්ථික විද්‍යාව ගැන විදුලි ඉංජිනේරුවෙක් දන්නේ මොනවද යන්න එම ප්‍රකාශයෙන් පැහැදිලි වෙනවා. අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා මත බදු පනවන්නේ නැතිව රජයකට ආදායම් ලැබිය නොහැකි බව අද පුංචි එවුන් පවා දන්නා සත්‍යක් (නදී)

:       0       0

ජීවන් Friday, 19 December 2014 03:54 AM

ඇත්තමද ඔය කියන්නේ? (නි)

:       0       0

පෙරේරා Friday, 19 December 2014 03:59 AM

ලෝක වෙළද පොලේ අද තේල් මිළ දැනට අවුරුදු 8 ට කලින් තිබුණු අඩුම මිළ. ගිය මාසේ 107 ට තිබුණු බැරල් 1ක මිල අද 54 යි. (නදී)

:       0       0

කරුණාරත්න Friday, 19 December 2014 03:59 AM

ඉන්දියාවේ බංගලාදේශයේ පෙට්රෝල් ලීටරයක් රුපියල් පනහක් පමණි (නදී)

:       0       0

ලංකා තිලක් Friday, 19 December 2014 04:00 AM

බන්දුල පෙරේරලා දෙන්නෙක් ඉන්න පුළුවන් උනාට ලංකා තිලක්ල දෙන්නෙක් ඉන්න විදියක් නැහැ සිරිමල් මහත්තයෝ. (නදී)

:       0       0

බන්දුල පෙරේරා Friday, 19 December 2014 04:02 AM

ලංකාවේ අපනයන භාණ්ඩ නිෂ්පාදනයට අදික නිෂ්පාන පිරිවැය ප්‍රදාන භාදකයක්. ඉන්දන මිල පහත හෙලීමෙන් අඩු වියදමින් භාණ්ඩ නිෂ්පාදනයටත් , ඒවා ලෝක වෙළෙදපොලේ තරගකාරී වීමටත්, ලංකාවේ විදේශ විනිමය ඉපයීම් ඉහලයාමටත් හේතුවෙනවා. මෙතුමාට නම් ඉතා නිවැරදි දැක්මක් තිබෙන පාටයි. ඔබ ලංකාවේ බිහිවෙච්ච සැබෑ බුද්ධිමත් දේශපාලකයන් අතලොස්සෙන් එක්කෙනෙක්. ඔබට ජය. ඔබ මේ මෑතදී ඉදිරිපත් කරන ලද ග්‍රන්ථය මටත් කියවීමේ අවස්තාව ලැබුනා. අපට ඔබ ගැන සැබවින්ම ආඩම්බරයි. ඔබට ජයෙන් ජය (නදී)

:       0       0

අසංක Friday, 19 December 2014 04:09 AM

බයිලා තමයි (නදී)

:       0       0

වීරරත්න Friday, 19 December 2014 04:11 AM

අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා මත බදු පැනවිය යුත්තේ ජනතාවට දැරිය හැකි ප්‍රමාණයටය .බදු පනවන්නේ අත්‍යවශය සේවා පවත්වා ගෙන යාමට මිස ඇමතිවරුන් හා පවුල් නඩත්තුවටත් හොරකන් කිරීමටත් නොවේය .(හේ)

:       0       0

හසිත් Friday, 19 December 2014 04:14 AM

දැන් එතකොට පවතින රජයේ සමහර ආර්ථික විද්‍යා දැනුම අත්‍යවශ්‍ය තනතුරු වලට පත් වෙලා ඉන්නේ උසස් පෙළවත් පාස් අයද ? (හේ)

:       0       0

කමල් Friday, 19 December 2014 04:27 AM

ඔය ඔක්කොම කියන්නේ පෙට්‍රල් 75 දෙන්න බැහැ කියලනේ. රුපියල් 120 ට දුන්නත් මොකද දැන් තියන තත්වය අනුව. අනික දැන් තියෙන්නේ අසීමිත බද්දක් (නදී)

:       0       0

අංජන කරුණාරත්න Friday, 19 December 2014 08:52 AM

එතකොට කොහොමද ආරක්ෂක අංශවලට පඩි ගෙවන්නේ ? (බ)

:       0       0

තිලක් ඩුබායි Friday, 19 December 2014 04:29 AM

මෙහෙනම් පෙට්රෝල් ලීටරයක්, වතුර ලිටරයකටත් වඩා මිල අඩුයි. ලංකාවේ එකසිය ගානට මිල නැගල තියෙන්නේ ගහන බදු මුදල් නිසයි. (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Friday, 19 December 2014 04:31 AM

ඔබගේ දරුවාගේ අනාගතය විනාශ වෙනවා දකින්න කැමතිද?මේ යන ක්‍රමයට අපේ දරුවෝ විනාශයි (නදී)

:       0       0

තිලක් ඩුබායි Friday, 19 December 2014 04:32 AM

දැන්මම කට්ටිය යන්න බඩු මුට්ටු එක්රැස් කරනවා කියල ආරංචියි. (නදී)

:       0       0

හේමන්ත - කඹුරුපිටිය Friday, 19 December 2014 09:17 AM

ඇත්තටම මෛත්‍රී මහත්තයා දිනවන්න. මේ දේවල් අනිවාර්යයෙන්ම වෙනවා.(හේ)

:       0       0

තිලක් ඩුබායි Friday, 19 December 2014 04:34 AM

වීරරත්න. ඔබ කියන දේ තේරුම් ගන්න බැරි අය තවමත් ලංකාවේ ඉන්නවා. (නදී)

:       0       0

නිශාන්ත Friday, 19 December 2014 04:40 AM

එතකොට රෝහල් පාසැල් සරසවි වියදම් සහ රජයේ සේවක පඩිනඩි ආදිය කොහොමද දන්නෙ නැහැ ගෙවන්නෙ? චම්පික මහත්තයාම ගෙනාපු දුම් පරීක්‍ෂාවට අය කිරීමේ මුදල නැති කරනවද දන්නෙ නැහැ? (නදී)

:       0       0

අශාන් Friday, 19 December 2014 09:32 AM

එහෙම කරනවා නම් ඉතින් අපිත් ඔයාලටම තමයි (නි)

:       0       0

ප්‍රියා Friday, 19 December 2014 04:45 AM

චම්පික රණවක මහතා මහතාගේ පරිනත දැනුම මෙයින් ප්‍රකට වේ. (නදී)

:       0       0

ලාලින් Friday, 19 December 2014 04:48 AM

කරන්න පුළුවන් දේවල් පොරොන්දු වෙන්න. අනික රට ක‍රන්න සල්ලි අවශ්‍ය වෙනවා (නදී)

:       0       0

කවිඳු ප්‍රනාන්දු Friday, 19 December 2014 04:51 AM

අපේ අදහස් දාන්නේ නැද්ද? (නදී)

:       0       0

අමල් Thursday, 18 December 2014 04:58 PM

හීනයක් සැබෑ වෙනවදෝ අපිටත් රට වටේ යන්න කාලයක් උදා වේදෝ (නදී)

:       0       0

පුලස්ති Friday, 19 December 2014 04:52 AM

හරි එතකොට ඕනෑම රටක වෙළඳ ඇමති තනතුරට ආර්ථික විද්‍යා දැනුම කෙසේ වෙතත් අවම අධ්‍යාපන සුදුසු කම මොකද්ද ? දන්නේ නැති නිසා අහන්නේ ? (නදී)

:       0       0

අමා Thursday, 18 December 2014 05:02 PM

රුපියල් 50 විතර අඩුවෙයි නේද? (නදී)

:       0       0

කළු Friday, 19 December 2014 04:54 AM

දුලානි උඩ බලා ගෙන කෙල ගහ ගන්න එපා. වෙළඳ ඇමති ආර්ථික විද්‍යා විශාරදයෙක් නම් ඔහොම කිව්වට කමක් නැහැ. (නදී)

:       0       0

රුකී Friday, 19 December 2014 04:56 AM

සාමානයෙන් නිකන් කටට එන දේවල් කියවන මිනිස්සු අතරේ මෙතුමා කියන වචන ලොකු පදනමකින් කියන්නේ හැම පැත්තක් ගැනම හිතලා. ඒ නිසා මේ දේ කරන්න පුළුවන්. (නදී)

:       0       0

නදීක Thursday, 18 December 2014 05:05 PM

ඔහොම බදු අයින් කරලා රටක් කරන්න පුලුවන්ද? ආසියාවේ තෙල් මිල අඩුම රට ලංකාව කියන්නේ. තවත් තෙල් මිල අඩුකරනවා නම් අපිත් කැමතයි. එ්ත් ඇත්තටම එහෙම කරන්න පුලුවන්ද ? එහෙම උනොත් පෙට්‍රල් ලීටරයක් වතුර ලීටරයකට වඩා ගණන් අඩුවෙයි නේද. හරි පුදුමයි. (නදී)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Thursday, 18 December 2014 05:06 PM

මෛත්‍රී ජනපති තුමනි, අපි දන්නා පරිදි මේ වෙනකොටත් බලය තිබුන පැති වලට හේත්තු වෙලා දුෂණ කරන්න ඇති යයි අනුමාන කරන සැක කටයුතු පිරිස් ඉතාලිය වෙත එමින් සිටිනවා. ඒ නිසා ලංකාවේ ආගමන/විගමන පාලනයක් 8 වෙනිදායින් පසු වහාම ඇති කරන ලෙස ඉල්ලා සිටිමි. අශ්වයා පැන ගිය පසු ස්තාලය වසා වැඩක් නැත. (නදී)

:       0       0

රොබින්සන් වත්තල Thursday, 18 December 2014 05:10 PM

මැතිතුමනි, ඔබතුමාලගෙන් අපි බලාපොරොත්තු වන සහනය ඉහලින්ම ලැබීමට එයද ප්‍රමාණවත්. මෛත්‍රී මැතිතුමා ඒකාන්තයෙන්ම. ජනාධිපති වරයා ලෙසට පත්කිරීමට ඡන්දදායකයන් පෙළගැසී සිටි (නදී)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 18 December 2014 05:11 PM

ඔබ ඒ ආණ්ඩුවේ කවුද? ඔබට ඒ ආණ්ඩුවේ තියෙන බලය කුමක්ද? ඔබට හෙළ උරුමයෙන් පාර්ලිමේන්තු නියෝජනයක් ලබන වර ගන්න පුලුවන්ද ? (නදී)

:       0       0

කරුණාරත්න කටාර් Friday, 19 December 2014 05:01 AM

ඉන්දියාවේ බංගලාදේශ් වල පෙට්රෝල් ලීටරයක් රුපියල් 50/ .මෙහෙ බදු ගහන්නේ ඇමති පරපුර රකින්න සහ රජ පවුල රකින්න. (අ)

:       0       0

සින්න පෙරුමාල් Saturday, 20 December 2014 02:23 AM

තිබුන දේ බද්දට දීලා ඇස්සට දත නියවමුද? (නි)

:       0       0

කෝසල Thursday, 18 December 2014 05:23 PM

කරන්න පුලුවන් නම් ලොකු දෙයක්. ඒකත් එක්කම අනිත් බඩු වල මිලත් නිකන්ම අඩුවෙනවා (නි)

:       0       0

ලලිත් Thursday, 18 December 2014 05:32 PM

අනේ මන්දා! කවදා ශ්‍රී ලංකාවට ඇත්ත කියන බොරු පොරොන්දු නැති කෙළින් කතාකරන දේශපාලන පක්ෂයක් පහළවෙයිද කියලා. හැම කෙනාම කරනු නොහැකි බොරු පොරොන්දු වැසිවස්සනවා. කෙළින් කතාකරන හොර බොරු නැති අයෙක් ලංකාවට ලබන ආත්මයේදීවත් ලැබේවා කියා මම පතනවා. (නි)

:       0       0

ජයත් Friday, 19 December 2014 05:15 AM

ඔබ තුමාට පුලුවන්නම් මේ පනින රිලුගේ ඉනිමන් විනාසකරලම දාන්න,නැතිනම් අපේ ඡන්දයට එ්ක ලොකු අවමානයක්, ජයවේවි,,,,,,,,,,,,,,, අලුත් රටක්, යහපාලනයක්,(අ)

:       0       0

ජයන්ත Thursday, 18 December 2014 06:39 PM

අපට උවමනා තෙල් වලින් 60%ක් ගෙනෙන්නේ පිටරට වලින්. ඔබතුමාලගේ ආණ්ඩුවෙන් තෙල් පිරිපහදුවක් හදන්න . එතකොට දැන් සිදුවන ගැහිල්ල අඩුකරගන්න පුළුවන්. තරුණයන්ට රැකියා දෙන්නත් පුළුවන්. අපිට පුළුවන් තාක්ෂණික උදවු නොමිලයේ දෙන්න. (නි)

:       0       0

බර්නාඩ් Friday, 19 December 2014 10:16 AM

ඔබට මෙය කළ හැකි බව විශ්වාසයි (නි)

:       0       0

දුලානි Friday, 19 December 2014 05:22 AM

යමක් තේරුම් ගන්න නම් හිතත් මොළයත් පිරිසිදු වියයුතුයි (නි)

:       0       0

අමන්දා Thursday, 18 December 2014 06:48 PM

ජය වේවා! (නි)

:       0       0

සිල්වා Thursday, 18 December 2014 06:55 PM

ලංකාවේ සියලුම අත්‍යවශ්‍ය භාණ්ඩ මිල 50% කින් බස්සන්න පුළුවන් බදු ඉවත් කළවිට. දැන් මේ ජනතාව මත පටවා තිබෙන අධික බදු බර තමයි ජීවත්වෙන්න අමාරු. මහලොකු සංවර්ධනය කියා ජනතාව උගස්කර ණය ගෙන වැල්පොළී ගෙවන්න වෙන්නේත් අපිටම තමයි. කෝටි ප්‍රකෝටි ගණනින් රජයේ ආයතන පාඩු ලබන්නේත් එනිසයි. ඒ ආයතන පවත්වාගෙන යන්නත් බදු ගෙවන්නේ ජනතාවම තමයි!!! (නි)

:       0       0

චාමර Friday, 19 December 2014 05:22 AM

බලමුකෝ කරයිද කියලා (නි)

:       0       0

සේනාදීර Friday, 19 December 2014 05:24 AM

ඔබතුමාට මේ ආර්ථිකය අාලපාළු වුණේ කවදායින් පස්සේද කියලා අපි දන්නවා (නි)

:       0       0

අජිත් Friday, 19 December 2014 05:25 AM

බැරිද ඕක නිකන්ම දෙන්න? (නි)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට​ Thursday, 18 December 2014 07:04 PM

09 වැනිදාට ජනාධිපති වෙන්නේ මහින්ද රාජපක්ෂ මහතාම තමයි. (නදී)

:       0       0

සිසිර Thursday, 18 December 2014 07:05 PM

චන්ද්‍රිකා නෝනා Rs.3.50 පාන් දුන්න වගේ මාසයක් විතර නම් අමාරුවෙන් දෙයි. පාඨලී මහත්තයෝ ඔය වගේ ලස්සන බොරු වලට ඉස්සර මිනිස්සු නම් අහු උනා. ඔයා කියන්නකෝ ටී.එන්.ඒ එකත් එක්ක ගහපු ගිවිසුම් ගැන. අපිට ඕනි ඒවා දැනගන්න. (නදී)

:       0       0

අජන්ත Friday, 19 December 2014 05:28 AM

අපේ ඇමති පරපුර ඒ පැත්තට පැන්න ගමන් පිවිතුරු වෙන හැටි බලනතුරු ඉවසිල්ලක් නැහැනේ අපිට.. (නි)

:       0       0

ඇන්ටන් Thursday, 18 December 2014 07:53 PM

ඇත්තටම කරන්න පුලුවන්ද ? (නදී)

:       0       0

තිළිණ Friday, 19 December 2014 05:32 AM

ඔබ තුමා ඔය දකින්නේ සීතලේ දුරුත්තේ හීන නේ. ඒවා මෙලෝ රහක් නැති බව දන්නවනේ. තමන්ගේ උගත්කමටයි , බුද්ධියටයි සමච්චල් කර ගැනීම ඔබ තුමාට තරම් නොවටී.(අ)

:       0       0

කමල් Friday, 19 December 2014 05:33 AM

මේ වෙලාවේ හොද හොද දේවල් කියවෙනවා..කොරෝනකොට තමා හොද හොද ඒවා අහගන්න පුළුවන් වෙන්නේ..(අ)

:       0       0

අල්විස් Thursday, 18 December 2014 07:56 PM

ලෝකේ ඕනෙම රටක් දුවන්නේ බදු වලින්. ඔය බදු සහන අඩු කලොත් කොහොමද රට ගෙනියන්නේ? (නදී)

:       0       0

ශිරන්ති Thursday, 18 December 2014 07:58 PM

අරයට මෙයාට චරිත සහතික දෙන්නේ නැතුව ඔබ තුමා ජනාධිපති අපේක්ෂක වුනානම් ටිකක් ඔය කියන දේවල් සලකා බලන්න තිබුණා. (නදී)

:       0       0

සුනෙත් Friday, 19 December 2014 05:34 AM

දින 100 කට පමණද? (නි)

:       0       0

ශිරන්ති Thursday, 18 December 2014 07:58 PM

අරයට මෙයාට චරිත සහතික දෙන්නේ නැතුව ඔබ තුමා ජනාධිපති අපේක්ෂක උනා නම් ටිකක් ඔය කියන දේවල් සලකා බලන්න තිබුණා. (නදී)

:       0       0

සාරා Thursday, 18 December 2014 08:00 PM

එතකොට ඔබ ඔහොම කිව්වට මෛත්‍රී ගේ සොහොයුරෙක් කැසිනෝ පප්පෙක් නේද? (නදී)

:       0       0

මහින්ද Thursday, 18 December 2014 08:31 PM

මොකද මෙහෙම දේවල් කියන්නේ? මේ ඇත්තමද? (නි)

:       0       0

බණ්ඩාර Thursday, 18 December 2014 08:31 PM

මේක සුරඟන කතාවක්. හිතන්නකෝ තෙල් වලට රුපියල් 30 බදු ගහනවා කියලා. දැන් තෙල් මිල ලෝක වෙළඳපොළේ 15 කින් වැඩිවුණොත් බද්ද 15කින් අඩු කරලා මිල ස්ථාවරව පවත්වාගන්න පුළුවන්. බද්දක් නැත්නම් මිලෙහි හැමවිටම උච්චාවචන වෙනවා. හැබැයි අසාමාන්‍ය ලෙස බදු ගැසීමත් වැරදියි. (නි)

:       0       0

මාධව Friday, 19 December 2014 05:51 AM

සැප වාහන ඉස්සරහ අයට සුදු ලයිට් දාගෙන යනකොට අපි හූල්ලනවා. අපි අතේ මරුටියක් ගන්නවත් සල්ලි ඉතිරිවෙන්නේ නැහැ. (නි)

:       0       0

බන්දුල පෙරේරා Friday, 19 December 2014 05:52 AM

චම්පික මහත්තයෝ, ඔය නිර්මාණය කරන්න හදන්නේ ඔබලාට පාලනය කළ හැකි ආණ්ඩුවක් නෙමෙයි. අපි ඔබට ගොඩාක් ගරුකළා.ඒ ගෞරවය ඔබතුමා විසින් තමන් ගැන අධිතක්සේරුවෙන් විනාශ කරගත්තා.මේ සිංහල බෞද්ධ බලවේගයන් මත රැදුණු රජයේ ඔබලාට කළහැකි දෙයක් නොවුණා කියලා පිළිගන්නවා නම් මේ බිහිකරන්න හදන සන්ධානයේ ඔබ කුමක් කරන්නද මහත්තයෝ? (නි)

:       0       0

මහින්ද පියසිරි ගම්පහ Thursday, 18 December 2014 09:15 PM

චම්පික, ඒ සිරිසේන ජනාධිපති උනොත් නේ. ඒක හීනයක් විතරයි (නදී)

:       0       0

පෙරේරා Friday, 19 December 2014 05:58 AM

වාහන තියෙන කට්ටියට ඕව ඇහෙනකොට සතුටු ඇති. එ්කෙන් අනිත් මිනිස්සුන්ට සිද්දවෙන සෙතේ මොකක්ද.? පැට්‍රොල් බදු ඉවත් කරනවා කිවුවට වඩා බඩු මිල 50% කින් අඩු කරනවා කියලා කියන්ට බැරි මොකද.? පඩිය රුපියල් 10000 කින් වැඩි කරනවාද.? එහෙම එකක් කිවුවානම් ගමේ අපිටත් චුන් තමයි. එහෙම එකක් නොකියා ඡන්දෙ ඉල්ලන්ට ආවට ටිකක් අමාරුවෙයි. (නදී)

:       0       0

රූපසිංහ Thursday, 18 December 2014 10:33 PM

මේ ආකාරයට සහන දෙන්න ගියොත් කොහොමද රටේ පවතින රාජ්‍ය ණය වලටයි,ජනතාවට සහන සළසන්නයි, රටේ සංවර්ධනයටයි මුදල් හොයන්නේ. මට තේරෙන හැටියට ඔය කොයි කවුරුත් එන්නේ අරවා දෙනවා මේවා දෙනවා කියාගෙන. අන්තිමේදී කියන්නේ වෙන කතාවක්. මේ ටික අපිට තේරෙන්නේ නැද්ද මන්දා. (නි)

:       0       0

අරුණ Thursday, 18 December 2014 10:41 PM

මේ ඇත්තටමද කියන්නේ? (නි)

:       0       0

දම්මික Thursday, 18 December 2014 10:44 PM

නියමයි චම්පික. ආණ්ඩුවේ ඉන්න කාලේ විදුලි බිල සත පහකින්වත් අඩු කළේ නැත්තේ මොකද? නත්තල් කාලේ කියන මේ කතා වලට අපි නම් අහුවෙයි (නි)

:       0       0

අසංක Friday, 19 December 2014 06:15 AM

කොහොම වුණත් දිනන්නේ මෛත්‍රී (බ)

:       0       0

අසංක Friday, 19 December 2014 06:15 AM

කොහොම වුණත් දිනන්නේ මෛත්‍රී (බ)

:       0       0

රොබින් Friday, 19 December 2014 12:41 AM

මැතිවරණයකට පෙර මේ වගේ අඩුකිරීම් නම් ඉතින් අපිට හොඳට අහලා පුරුදුයි (නි)

:       0       0

ච.රණවක Friday, 19 December 2014 06:49 AM

බන්දුල පෙරේරා ඔබතුමාගේ ගරු කිරිල්ල නම් මට අවශ්‍ය නැහැ.(නදී)

:       0       0

සමන්ජය Friday, 19 December 2014 01:24 AM

ලංකාව වගේ සංවර්ධනය වන රටක රජයේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වන්නේ භාණ්ඩ මත පනවන බදුයි. විශේෂයෙන් එයට ඉන්ධන මත පනවන බදු ඉතාම වැදගත්. මෙවැනි බදු ආසියාවේ අපිට වඩා ඉදිරියෙන් සිටින බොහෝ රටවලද ක්‍රියාත්මකයි. උදාහරණයක් ලෙස තායිලන්තය, සිංගප්පුරුව වැනි රටවල පවා ඉන්ධන මිල ලංකාවේ මිලට වඩා විශාල වෙනසක් නැත. (නි)

:       0       0

ඒඩ්‍රියන් ද මෙල් Friday, 19 December 2014 06:52 AM

සමන්ජය මහත්තයෝ,සිංගප්පුරුව ගැන බොරු නම් කියන්න එපා.මම ජීවත්වෙන්නෙත් සිංගප්පුරුවේ. (නි)

:       0       0

ධනංජය Friday, 19 December 2014 01:33 AM

මහත්තයෝ, කරන්න පුළුවන් දෙයක් කියනවද? ඇයි ඕවා නොත්රෙන මිනිසුන් රවටන්නේ? කිසිම රටක් නැහැ එහෙම බදු නැති මේ ලෝකෙ! ආදායම් නැතුව රට දුවන්නේ කොහොමද? එහෙනම් ආදායම් ගන්න විදිහත් පැහැදිලි කරන්න. (නි)

:       0       0

රේණු Friday, 19 December 2014 01:58 AM

භාණ්ඩ මත පටවන බදු අතරින් රජයට ප්‍රධානම ආදයම වන්නේ මෙම තෙල් වලින් ලැබෙන බද්දයි. අසල්වැසි ඉන්දියාවේ පවා අපට වඩා මෙම බද්ද අය කරයි. ඡන්දයට කලින් බොරු පොරොන්දු නොදී සිටියොත් තමයි වටින්නේ. බොරු පොරොන්දු වලින් ජනතාව හෙම්බත් වෙලා හිටි කාලයත් තිබුනා. මේක නිකන් 3.50ට පාන් දුන්නා වගේ දුන්නා කියන්න, නමට පොඩි කාලයක් පමණක් දෙයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 277 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 206 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 552 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


ත්‍රිරෝද රිය හෙලකට පෙරැලී දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 02 267 0

සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝ


අගුණකොලපැලැස්සෙන් පැන්න රැඳවියන් දෙන්නෙක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 02 86 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයෙන් පලාගිය රැදවියන් හතර දෙනාගෙන් දෙදෙනෙකු අද (2) සවස 5.30 ට පමණ මාවැල්ල ධීවර තොටුපලේ රැදී සිටියදී තංගල්ල මූලස්ථාන පොලිසියේ නිළධ


මනු කියවන්නා අයිස් සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 02 254 0

රුපියල් එක්කෝටි විසිලක්‍ෂයකට වඩා වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ විදේශගත මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන අහුන්ගල්ලේ සංජීවගේ ගෝලයෙක් බවට සැකකරන පුද්ගලය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38660 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25415 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 951 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 331 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site