‘පසුගිය ජනාධිපතිවරණයේ දී කතා කළා ඥාතීන්ට සලකන පවුල් වනාන්තරයක් පිළිබඳව. මං ඒකට නැති කෙනෙක්. පවුල් ගස් සහ පවුල් වනාන්තර මම හදන්නේ නැති කෙනෙක්. මට එහෙම හදනවා නම් ජනාධිපති වෙන්න කළින් අවුරුදු 25ක් පාර්ලිමේන්තුවේ හිටපු කාලේ, මැති ඇමැතිකම් කරපු කාලේ හදන්න තිබුණා.‘ යැයි මෛත්‍රීපාල සිරිසේන ජනපති පැවසීය.
ජනපති කුඩා කළ හැදුණු වැඩුණු ගම්පහ පහළ යාගොඩ පන්සලේ නව දහම් පාසල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමින් ඔහු එසේ කීවේය. සිරිසේන මහතා කුඩා අවධියේ දහම් පාසල් ගියේ ද එම විහාරස්ථානයේ ය.
සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස තේරී පත් වූ පසු ඔහු ජයග්‍රහණය කර වීමට ඉදිරියෙන්ම කටයුතු කළ පිළිකුත්තුව රාජ මහා විහාරාධිපති යක්කඩුවේ රාහුල හිමියෝ මේ උද්සවය සංවිධානය කළහ.
ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා ඇතුළු පිරිසක් ද ඊට එක්ව සිටියහ.
‘අවුරුදු අට නවය වයසේ සේපාලිකා මිදුලේ තිබුණු සේපාලිගා ගහේ මල් ඇහිඳගෙන මේ පන්සලට ඇවිත් පූජා කළා මට මතකයි. යාගොඩ දුම්රිය නැවතුම්පොළට පයින් ගිය ආකාරය, පාරවල්වල ඇවිදපු ආකාරය, ගමේ ඥාතීන් මට තවම මතකයි.
මා ජනාධිපතිවෙලා පළමු සතියේ මට උදව් උපකාර කළ ස්වාමීන් වහන්සේලා කිහිප නමක් ඇවිත් කිව්වා සම්බන්ධීකරණ ලේකම්වරුන් ලෙස පත්කරන්න කියලා. මං එක හෙළාම කිව්වා ස්වාමීන් වහන්සේලා මගේ ලේකම්වරුන් ලෙස පත් නොකරන බව. මගේ කාර්ය මණ්ඩලයේ වැඩ කරන්න ස්වාමීන්වහන්සේලා බඳවා ගන්න එපා කියා මා උපදෙස් දුන්නා. බෞද්ධ දර්ශනයේ චිරස්තිතිය පිනිස ස්වාමීන් වහන්සේලා ජනාධිපතිට උපදෙස් දෙන උපදේශන මණ්ඩලයක් සකස් කළ යුතුයි. පඩි ගෙවා, වාහන ලබා දී කරන දෙයක් නොවෙයි. එය ස්වේච්ඡාවෙන් කරන දෙයක්. ත්‍රෛනිකායික ස්වාමීන් වහන්සේලා ඊට ඇතුළත් විය යුතුයි. ‘
(වීඩියෝ ගයාන් මධුසංඛ)
ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01)යෙදී ඇත. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්න වේ. මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙන
‘මර්බර්ග්’ නමැති වයිරසය මේ වනවිට අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. ‘මර්බර්ග්’ අයත් වන්නේ ද ‘ඉබෝලා’ වයිරසය අයත් වයි
ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
තමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන්
ලෙබනනයට පහර දීම ආරම්භ කළ ඊශ්‍රායලය අමුඅමුවේ අන්තර් ජාතික නීති උල්ලංඝනය කරන බවත් ඊශ්‍රායලයට හැකි උපරිමයෙන් සම්බාධක පැනැවීමක් කළ යුතු බවත් බෙල්ජියමේ අ
සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මෛත්‍රී පවුල් රුකේ නොනගින බව කියයි
කෙවින් Monday, 23 February 2015 03:14 AM
සුදුසුකම් ඇත්නම් පවුලේ වුණත් දුන්නට කමක් නැහැ. මොකද මෙතුමගේ පවුලේ වුණා කියලා මේ රටේ රස්සාවක් කරන්න බැහැනේ එහෙනම්. හැබැයි රාජකාරිය කරනවා මිසක් පහුගිය කාලේ වගේ ගසා කන්න, බලය අයුතු ලෙස පාවිච්චි කරන්න ගියොත් කලින් අයට වු ආනිසංසෙම තමයි වෙන්නේ.(දිල්)
ගිහාන් Sunday, 22 February 2015 08:06 AM
එතකොට අර ආරක්ෂක අමාත්‍යංශයේ මහජන සම්බන්ධතා තනතුර එහෙනම් ඒ වෙන කාගේ හරි බෑණා කෙනෙක් වෙන්න ඇති මගේ හිතේ. (දිල්)
මලික් Sunday, 22 February 2015 08:11 AM
මැතිතුමනි , එහෙම වෙනවා නම් හොඳයි. ඒත් එක්කම සමාජයට රටට බරපතල වැරදි කළ අනුන්ගේ පවුල් ආරක්ෂා කරන්න නම් හීනෙන් වත් නොසිතනු මැනවි. පක්ෂයේ රෙදි කඩතුරාවෙන් ඔලුව වහගෙන දඬුවම් ලැබීමෙන් ආරක්ෂා වෙන්නයි දැන් සමහරු හදන්නේ. (දිල්)
අහිංසා Monday, 23 February 2015 03:32 AM
දින සීයෙන් පසසේ මේ කතා මොනවා වෙයිද ?(දිල්)
සෙනරත් Sunday, 22 February 2015 08:28 AM
කලින් ඇමතිකම් කරද්දී බලය තිබුනේ නැතිලු වැඩකරන්න, ඒ උනාට දැන් කියනවා අවශ්‍ය කමක් තිබුනානම් පවුල් ගහක් හදන්න තිබුනලු ඇමතිකම් කරද්දී. එහෙමනම් වැඩකරන්න අවශ්‍ය කම තමයි තිබිල නැත්තේ.(නදී)
අදිරි Sunday, 22 February 2015 08:34 AM
හාල් මාෆියාව අයියා, ටෙලිකොම් සභාපති මල්ලී. ?(නදී)
චන්ද්‍ර වීරසිංහ Monday, 23 February 2015 03:44 AM
ටෙලිකොම් සභාපතිට අමුඩේ ගහගන ටෙලිපෝන් කනුවකට නගින්න බැරිනම් කොහොමද ටෙලිකොම් සේවකයන්ට උපදෙස් දෙන්නේ ? (අ)
මාලනී Sunday, 22 February 2015 08:42 AM
එතකොට ටෙලිකොම් සභාපති කව්ද ? (නදී)
පුලස්ති Sunday, 22 February 2015 08:55 AM
ඔබතුමාගේ දරුවන් සමහර බේබිලා වගේ හැදුනේ නැති ගැන අපි සතුටු වෙනවා. (හේ)
ශාන්ත Monday, 23 February 2015 04:03 AM
කවුරුත් ඔතනට ආවහම අතීතය සහ මුල අමතක වෙනවා.පල් හොරු කියන දේවල් සහ ඔවුන්ව ළංකරගන්නේ නැතුව ඉදිරියට ගියොත් හොඳයි (නි)
උපාලි Sunday, 22 February 2015 10:40 AM
එතකොට ටෙලිකොම් සභාපති කව්ද දන්නේ නැහැ නේද (දිල්)
රට වැසියා Sunday, 22 February 2015 10:55 AM
එතකොට ටෙලිකොම් සභාපති, ආරක්ෂක අමාත්‍යංශයේ මහජන සම්බන්ධතා නිලධාරී ? (දිල්)
සුරියබණ්ඩාර Monday, 23 February 2015 05:22 AM
මහින්ද නම් තවමත් ගමේ කුඹුරේ නියර දිගේ ඇවිදිනවා. එතුමාගේ අව්‍යාජ ගැමි ගතිය ගහන මඩ වලින් වහන්න බැරිවෙයි. (නි)
සඳුන් Sunday, 22 February 2015 11:45 AM
අනේ ! වාසනාවන් .(හේ)
දුමින්ද Sunday, 22 February 2015 12:57 PM
ගිහාන්, ඔබට වැරදිලා .මේ කිව්වේ ලේ නෑදෑ කම් ගැන.(හේ)
මාපලගම පත්මා Sunday, 22 February 2015 07:41 PM
ඒ වුණාට කිහිප දෙනෙක් දැනටම පත්කරගෙන ඉන්නේ. ඉදිරියේදී ඔය කියන ඒවා වෙනස් වෙයිද බලමු (නි)
රණවක Tuesday, 24 February 2015 11:01 AM
සභාපති තනතුරු,විදේශ සේවාවේ පත්වීම් අරගෙන ඉන්නේ කාගේ කවුද?
සමන් Sunday, 22 February 2015 07:46 PM
දුමින්ද, ඔබ හරි (නි)
නන්දලාල් Sunday, 22 February 2015 08:06 PM
මේක බොහොම වැදගත් කතාවක්. ජනාධිපතිතුමාට එතුමාගේ මුල, එහෙම නැත්නම්, අතීතය අමතකවෙලා නැහැ.
දම්මික Sunday, 22 February 2015 09:09 PM
මම පොඩි කාලේ ගියෙත් මේ දහම් පාසලටයි. දැන් මට වයස 52 ක්. ඒ කාලේ මගේ අලුත්ම රබර් සෙරෙප්පු දෙක නැතිවුණා දහම් පාසලට ගිය මුල්ම දවසේ. අනේ අම්මා පඩි අරගෙන අලුත් දෙකක් දෙනතුරු මම පාසලට ගියේ එකත් නැතුව.දැනුත් දුකයි වෙච්චදේට. (නි)
නාලනී Sunday, 22 February 2015 11:19 PM
හැබැයි හොරෙන් වැඩ බැහැ හොඳේ. ඔහොම යමුකෝ (නි)
කණිෂ්ක Sunday, 22 February 2015 11:32 PM
අපි බලමුකෝ ඉස්සරහට... (නි)
දිනේෂ් Monday, 23 February 2015 01:20 AM
තව කෙනෙක් මෙතන බේබිලා ගැන ලියලා තිබෙන නිසා අහන්නේ. අර නැගෙනහිර වෙරළේ ඡායාරූප සිද්ධියට මොකද වුණේ? ඒ ගැනත් සොයන්න. (නි)
නාමල් Monday, 23 February 2015 01:23 AM
තාම දින 44 යිනේ.... (නි)
රකිත් Monday, 23 February 2015 02:11 AM
ටෙලිකොම් සභාපති නම් මටත් ප්‍රශ්නයක්. ඔහුට සුදුසුකම් නැතුවා නොවේ. නමුත් සන්නිවේදන විෂයට අදාළව ඔහුට සුදුසුකම් තිබේද යන්න අපි දැනගැනීමට කැමතියි (නි)
නඩරාජා Sunday, 22 February 2015 07:28 AM
දුලා දෙන්න කොහෙද වැඩ. අනේ මගේ කට (නදී)
කල්හාරි Sunday, 22 February 2015 07:35 AM
එතකොට ටෙලිකොම් එකට දාපු මල්ලි ඥාතියෙක් නෙමෙයිද ? (නදී)
නිශාන්ත Monday, 23 February 2015 03:03 AM
දුමින්ද මහත්තයා කියන කථාවට ටෙලිකොම් සභාපති කුමාර මහත්තයා නඩු දමාවි. අපහාස කරා කියලා. එක කුසේ උපන් මල්ලි ලේ නැයෝද කියලා අහනවා.(දිල්)