IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


මාතර පෙළපාළියට කළුගලක්

යුද්ධය අවසන් කිරීම සමරමින් ජනපතිගේ ද සහභාගීත්වයෙන් අඟරුවාදා (19) මාතර පැවැති සැමරුම් උත්සවයේ ආචාර පෙළපාළියට කළු ගලක් රැගෙන ගියේයැයි සැකපිට අත්අඩංගුවට ගත් නාවික හමුදා භටයෝ දෙදෙනක් 25 වැනි දා තෙක් මාතර මහේස්ත්‍රාත් යුරේකා ද සිල්වා මහත්මිය විසින් රිමාන්ඩ් කරනු ලැබූහ.

ආචාර පෙළපාළියේ ආබාධිත සෙබළකු ගමන්ගත් රෝද පුටුවේ පූචයේ එම කළු ගල තිබූ බවත්, තමා අපහසුතාවට පත් කිරීමට එය වෙනත් භටයකු දැමීයැයි ඔහු පැවසූයෙන් තවත් භටයකු අත්අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි.

නාවික හමුදා වෛද්‍ය බලකායේ වෛද්‍ය සහායක පොළොන්නරුවේ අරලගංවිල සමීර උපේන්ද්‍ර ජයවික්‍රම (29) සහ වෛද්‍ය සහායක ඉංගිරිය හඳපාන්ගොඩ චින්තක නිරෝෂණ් මධුශංක (29) ඔවුහුය.

 



අදහස් (0)

මාතර පෙළපාළියට කළුගලක්

හර්ෂලාල් Thursday, 21 May 2015 01:35 AM

සමහරු ඡන්දෙට කලින් කළෙත් ඔය වගේ වැඩනේ. මතකනේ අර අලුත් පරපුරේ නිළියගේ රංගනය! (නි)

:       0       0

බණ්ඩා Thursday, 21 May 2015 08:41 AM

මෙතන අදහස් දාලා තියෙනවා කළු ගලෙන් මොනවද කරන්න පුළුවන් කියලා. කළුගල අරන් මගේ ළගට අවොත් මට පුළුවන් පෙන්වන්න.. (ර)

:       0       0

සරත් මහේෂ්වරන් Thursday, 21 May 2015 02:41 AM

මේ සිද්ධීන් උඩ ජනාධිපති ආරක්ෂක අංශය සීරුවෙන් තැබිය යුතුය. කරුණාකර අපේ ජනාධිපතිතුමාගේ ආරක්ෂාව ගැන සැළකිළිමත් වෙන්න (නි)

:       0       0

රණසිංහ Thursday, 21 May 2015 03:02 AM

කාගේ හිත සනසන්නද දන්නේ නැහැ හමුදාවේ අයට මෙහෙම කරන්නේ? මොකද එක්තරා කොටසකගේ හිත රිදෙනවට සමහරු බයයිනෙ. (නි)

:       0       0

සුදේශ් Thursday, 21 May 2015 03:08 AM

මේ කතා අපිට හොඳට තේරෙනවා. (නි)

:       0       0

සත්‍යයා Thursday, 21 May 2015 03:17 AM

නිමල්,"පොඩි පොඩි සරල හේතු වලට අපේම හමුදාවේ හිටපු හමුදාපති හිරේ දැම්මේ කාගේ උවමනාවටද?...." මේ ප්‍රශ්නය අහන්න තිබුනේ ඒ ආකාරයට කියලයි මම හිතන්නේ (නි)

:       0       0

නිශාන්ත Thursday, 21 May 2015 03:36 AM

ආචාර පෙළපාලියකදී කළුගලකට කරන්න පුළුවන් දෙයක් ඇති කියල මටනම් හිතෙන්නේ නැහැ. (ම)

:       0       0

සම්පත් Thursday, 21 May 2015 03:53 AM

ඒ උනාට ඒ දෙන්න පව් ජනදිපති තුමාට ගහන්න ගෙනාවේ නැ ඔය ගල් ගෙඩිය (නදී)

:       0       0

නුවන් Thursday, 21 May 2015 04:21 AM

අනේ මෙහෙමත් දේවල්, රණවිරු උපහාර කියල ගෙන්නගෙන ඹවුන්වම අපහසුතාවයට පත්කරනවා.(නදී)

:       0       0

සම්පත් Thursday, 21 May 2015 04:39 AM

කළු ගලක් තිබ්බා කියලා අත්අඩංගුවට ගන්න එක වැරැදියි නේද?(හේ)

:       0       0

මහේෂ් Thursday, 21 May 2015 04:44 AM

කළු ගල් කල්ලකටත් බය වෙන්න තරම් රට ආපස්සට ගියේ කොහොමද? කළු ගල් කෑල්ලකින් සෙබලෙක් මොනවා කරන්නද. (හේ)

:       0       0

රේණු Thursday, 21 May 2015 05:06 AM

යහපාලනයට ආණ්ඩුවේ හමුදා සෙබළු පේන්නේ ත්‍රස්තවාදීන් වගේද? ත්‍රස්තවාදීන් පේන්නේ මිතුරන් වගේද?(නදී)

:       0       0

තිස්ස Thursday, 21 May 2015 05:15 AM

හමුදාව වහාම සුද්ද කරන්න වෙලා වගේ. මොකද දැන් යුද්දත් නැහැ සද්දෙත් නැහැ. (නදී)

:       0       0

බණ්ඩාර Thursday, 21 May 2015 05:20 AM

කළු ගලකින් මොනවා කරන්නද ? (ස)

:       0       0

නෙත්මි Thursday, 21 May 2015 05:29 AM

රටට යගපත් නායකයෙක් බිහිවූ විට එහි යහපත් ප්‍රතිඵල ලබන්නේ අපගේ අනාගත පරපුරයි. අයහපත් නායකයෙක් බිහිවූ විටත් එය එසේමයි. එය එසේනම් අප කලයුත්තේ මේ යහපත් නායකයා මතු පරපුර වෙනුවෙන් රැක ගැනීම නොවේද? (ස)

:       0       0

පිවිතුරු යහපාල Thursday, 21 May 2015 06:13 AM

නෙත්මිට ආයේ මොන්ටිසෝරියේ ඉඳලා පාසල් යන්න වේවි වගේ.මුහුණු පොතේ ඉන්න ලෝකේ නොදැක්ක කිරිසප්පයින්ට මිසක් මේ රටේ දේශපාලනේ ගැන දේශපාලුවෝ ගැන දන්නා කෙනෙක් නම්, පරිණත කෙනෙක් නම්, 2010 ට කලින් ඉපදුන කෙනෙක් නම් ඔහොම කියන්නේ නැහැ.පාලකයා මතු පරපුර රැකගන්නවා මිසක මතු පරපුර වෙනුවෙන් පාලකයා රැකගන්නේ මොන රටේද නෝනෝ? ඔය කියන මතුපරපුරට මරබිය නැතුව හෙටක් දකින්න ඉඩක් ලබාදුන්නේ කවුද? (නි)

:       0       0

සරත් අතුකෝරල Wednesday, 20 May 2015 04:21 PM

ජනාධිපති ආරක්ෂක අංශය දැඩි සීරුවෙන් තැබිය යුතුය . කරුණාකර අපේ ජනාධිපතිතුමා ආරක්ෂාකරගන්න. (ර)

:       0       0

රවි බණ්ඩාර Thursday, 21 May 2015 06:50 AM

දැන් ආරක්ෂක හමුදා වල සේනාධිනායකයාට සෙබළුන් ගැන සැකයි වගේ. ඉස්සර හිටපු සේනාධිනායකයා නම් බයක් සැකක් නැතිව සෙබළු අතරට ගියා.(නදී)

:       0       0

නිමල් අතුරලිය Wednesday, 20 May 2015 05:35 PM

ඇයි මේ අපේ හමුදාවටම මෙහෙමත් බය? පොඩි පොඩි සරල හේතු වලට අපේම හමුදාවේ කොල්ලෝ හිරේ දාන්නේ කාගේ උවමනාවටද? (නදී)

:       0       0

සත්‍යා Thursday, 21 May 2015 08:01 AM

කොල්ලෙක් තවත් කොල්ලෙකුට විහිලුවක් කරන්න හිතාගෙන කළ වැඩක් දුරදිග ගිහිල්ලාවද්ද? පවු! ඔවුන්ගේ රැකියාවටත් ප්‍රශ්නයක් වෙයිද දන්නේ නැහැ? (නි)

:       0       0

රංජනි Wednesday, 20 May 2015 10:24 PM

අනේ මෙහෙමත් දේවල් (නදී)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 21 May 2015 08:24 AM

යහපාල , කළුගලක් තියා අතේ වැලි කැටයක් නොතිබ්බ ජෙනරාල් සරත් ෆොන්සේකාව හිරකූඩුවට දානකොට ඔහේ හිටියේ මර නින්දෙද? කළුගලක් කියන්නේ මිනිහෙක් මරන්න තරම් දෙයක්. (නි)

:       0       0

තෝමස් Thursday, 21 May 2015 01:25 AM

මෙයාලා කරන දේවල් එයාලගේ හිතම දන්නවනේ! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සේරුවිල පාසලකට අලියෙක් ඇවිත්
2024 සැප්තැම්බර් මස 27 133 0

සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.


ජපාන නව අගමැති ෂිගුරු ඉෂිබා
2024 සැප්තැම්බර් මස 27 156 0

ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව


කොස්තාපල්ගෙන් අල්ලසක් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 27 246 0

රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල


කටුනායක වීසා පෝලිම අඩු වෙලා
2024 සැප්තැම්බර් මස 27 868 0

ශ්‍රී ලංකාවට පැමිණීම සදහා මෙතෙක් අත්හිහිටුවා ’’ මාර්ගගත ක්‍රමයට වීසා බලපත්‍ර ’’ ( Online Visa ) ලබා දීම , යළි අද දින අලුයම 12.00 සිට ආරම්භ විය.


විශ්‍රාමික හමුදා සෙබළාගේ සිරුර වැසිකිලි වලක
2024 සැප්තැම්බර් මස 27 566 0

පිහිඹියගොල්ලෑව , පිනී ගමෙි පදිංචි විශ්‍රාමික හමුදා සෙබලකු සහාසික ලෙස ඝාතනය කර වැසිකිලි වලකට දමා ඇතැයි පොලීසිය කියයි.


ව්‍යාපාරිකයා කොල්ල කා පලා ගිය අයෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 27 383 0

නිධානයකින් ගොඩ ගත් පෞරාණික කාසි තොගයක් රුපියල් ලක්ෂ 10කට විකිණීමට ඇති බව පවසමින්, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු සූක්ෂම ලෙස අනුරාධපුරය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37672 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24835 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 220 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 727 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site