IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


‘මෛත්‍රී මහින්දට අගමැතිකම දේවි‘

මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාලන සමයේ දී මෙරටට වසරකට ආනයනය කළ එතනෝල් ප‍්‍රමාණය වත්මන් රජය මාස 6ක් තුළ ආනයනය කර ඇතැයි  එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සහ මෙවර ජාතික ලැයිස්තු අපේක්‍ෂක ඩිලාන් පෙරේරා මහතා විපක්‍ෂනායක කාර්යාලයේ දී අද(26) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

‘‘එතනෝල්කාරයින් ගැන කියමින් මහින්ද රාජපක්‍ෂ මහතාට චෝදනා කරන රනිල් වික‍්‍රමසිංහ මහතාගේ එතනෝල් විරෝධී ආණ්ඩුවේ කටයුතු කෙරෙන්නේ එහෙමයි. වත්මන් ආණ්ඩුවේ දින 100 බොරු 100ක් වෙලා. එතනෝල්කාරයින් ගැන කියමින් එක්සත් ජාතික පක්‍ෂය මහින්ද රාජපක්‍ෂ මහතාට චෝදනා කරනවා. 2013 දී අපේ රටට එතනෝල් ලීටර් මිලියන 10.5 ක් ගෙන්වා තිබෙනවා. 2014 දී එතනෝල් ලීටර් මිලියන 13.4ක් ගෙන්වලා. 2015 දී මුල් මාස 6ට පමණක් ගෙන්වා ඇති ප‍්‍රමාණය එතනෝල් ලීටර් මිලියන 11.28ක්. කවුද වැඩිපුර එතනෝල් ගෙන්වා ඇත්තේ කියා මෙයින් පැහැදිලි වෙනවා. අපේ කාලයේ වසරකදී ගෙන්වූ  එතනෝල් ප‍්‍රමාණය මේ අය මාස 6කදී ගෙන්වා තිබෙනවා. පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත හිමි කෙනා අගමැතිධූරයට පත් කළ යුතුයි. අපේ ජනාධිපතිතුමා ඒ නීතියට ගරු කරමින් මහින්ද රාජපක්‍ෂ මහතාට අගමැතිකම දෙන බව අපිට විශ්වාසයි‘ යැයි ද ඩිලාන් පෙරේරා මහතා පැවසීය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතාද එයට එක්විය.

web



අදහස් (0)

‘මෛත්‍රී මහින්දට අගමැතිකම දේවි‘

සේන Sunday, 26 July 2015 12:06 PM

පැරදෙන කෙනාට අගමැතිකම දෙන්න කියලා කොහේ වත් නැහැනේ(නදී)

:       0       0

දයා Sunday, 26 July 2015 12:08 PM

දවල් හීන (නදී)

:       0       0

ලංකා Sunday, 26 July 2015 12:18 PM

ලාල් මෛත්‍රීට (බ)

:       0       0

ශ්‍රීනාත් Sunday, 26 July 2015 12:22 PM

ලාල් අනේ මගේ කට (බ)

:       0       0

ධම්ම Sunday, 26 July 2015 12:24 PM

ජනාධිපතිතුමා කෙලින් කතාකළාට නාම යෝජනා දෙන්න වුනානේ. ඒවගේ අගමැතිකමත් දෙන්න සිදුවෙනවා. (බ)

:       0       0

නිමල් Sunday, 26 July 2015 12:26 PM

පිස්සු ...(බ)

:       0       0

අනුර Sunday, 26 July 2015 12:33 PM

ලාල් මෛත්‍රී මහත්මයට පුදුම ආදරයක් නේ දැන් තියෙන්නේ පහුගිය දවස් වල එතුමාගේ අම්ම මුත්තා කියා බැනපු බව අමතක වෙලා මහින්දට අපේක්ෂක කම දීපු වෙලාවේ, එතනෝල් ලීටර 11000 මාස තුනටම බීවම ඔහොම තමා (බ)

:       0       0

රොඩ්නි Sunday, 26 July 2015 12:39 PM

කස්ට්ම් එකෙන් අැල්ලුවෙ ඩියුටි නොගෙවා ගේන කොන්ටේනර්. ඩියුටි ගෙවල කොච්චර ගෙනාවත් ප්‍රශ්නයක් නැහැ (බ)

:       0       0

වින්සන්ට් Sunday, 26 July 2015 12:51 PM

"මෛත්‍රී මහින්දට අගමැතිකම දෙවි" වර්තමාන ජනාධිපතිතුමා ගැන ජනතාවට තේරුම් ගත හැකි හොදම මොහොත මෙය විය හැකිය.(නදී)

:       0       0

ජොනී Sunday, 26 July 2015 12:58 PM

ගිය ආණ්ඩුව කාලේ හොරට ආණ්ඩුවට බදු නොගෙවා විශාල තොග වශයෙන් රට තුලට ගෙන ආ එතනෝල් දැන් ආණ්ඩුවට බදු ගෙවා නියමිත ක්‍රියාපටිපාටියට අනුකූලව රට තුලට ගෙන ඒමට සිදුවී ඇති බැවින් මෙසේ සන්ඛ්‍යා ලේඛනවල ඉහල යාමක් දැකිය හැකිය. එසේ නොමැතිව රටට ගෙනවිත් බෙදාහරින ප්‍රමාණයේ වැඩිවීමක් සිදුවී නොමැත. (නදී)

:       0       0

රසික Sunday, 26 July 2015 01:05 PM

ගිය ආණ්ඩුව එතනෝල් ගෙනාවේ හොර පාරේ .. ඒවා සංඛ්‍යා ලේඛන වල නැහැ (නදී)

:       0       0

සත්‍යයා Monday, 27 July 2015 11:08 PM

ඩිලාන්! තුන්මාසේ දානෙට වට්ටක්කයි කරවලයි උයන්නේ නැහැ. අප්පච්චි මැරිච්ච වෙලේ හත්දවසේ දානේදී ඒක දුන්නා. වැරදි කළා නම් අප්පච්චි උනත් උපදින්නේ පෙරේතයෙක් වෙලා. දැන් ඉතින් ඔයාට දෙන්න වෙන්නේ දොළ පිදේනි. (නදී)

:       0       0

ඉන්දික Sunday, 26 July 2015 01:18 PM

ලාල් එහෙම හිතලා දැනට හිත හදාගෙන ඉන්න. (නදී)

:       0       0

සඳා Sunday, 26 July 2015 01:22 PM

ලාල් අමු කාලද ? (නදී)

:       0       0

අනුර විතාරණ Sunday, 26 July 2015 01:37 PM

දවල් හීන මේ අයට පිස්සු (නදී)

:       0       0

සහන් Sunday, 26 July 2015 01:50 PM

ඉස්සර උනේ ඩියුටි මොනවත් නැතුව වෙන වෙන දේවල් කියල යාලුවන්ගේ එතනෝල් කන්ටේනර් ටික එලියට එව්වා. එ්ක නිසා පොත්වල ඒවා ලියුවුනේ නැහැනේ (නදී)

:       0       0

ළහිරු Sunday, 26 July 2015 01:53 PM

බලාගෙන ඉන්න හඳ බිමට වැටෙනකන් ,මේ සැරේ බදුල්ලෙන් ඉල්ලුව නම් ඔබතුමාත් ගෙදර. යන්තම් සිරිසේන මැතිතුමාට පින්සිද්ද වෙන්න ජාතික ලැයිස්තුවට නම දැම්මා. හැබැයි ගොයියෝ ට කඩේ යන්න ගියොත් ලැයිස්තුවෙනුත් කපල දානවා සුවර්. (නදී)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 26 July 2015 01:57 PM

අගමැතිකම ගන්න නම් බහුතරයක් දිනන්න ඕන නේද? ඉතින් ඒක තමයි ඔය කට්ටියට බැරි. ඒක නිසා මයිත්‍රී මහත්තයට අගමැති කම දීම කරදර වෙන්න දෙයක් නැහැ නේද? (නදී)

:       0       0

රවි Monday, 27 July 2015 02:10 AM

ගෘහ සේවිකාවන්ට හොඳට සේවය කරන්න සුදානම් වගේ.ඔයා දහත්වෙනිද පහුවෙලා එන්න හොඳේ (ම)

:       0       0

නිෂාන් Sunday, 26 July 2015 02:04 PM

තිස්ස මහත්තයෝ, කඩේ ගියාට මේ සැරෙත් ඔහේ ඉන්න පැත්ත පරාදයි.(නදී)

:       0       0

රොහාන් Sunday, 26 July 2015 02:19 PM

ජනපති මහින්දට අගමැති කම දෙයිද ? (නදී)

:       0       0

කුමාර Sunday, 26 July 2015 02:50 PM

ජනාදිපතිට එ්කාදිපතියෙක් වගේ තීරණ ගන්න බැහැ. ප්‍රජාතන්ත්‍රවාදීව ඔහුට බහුතර කැමැත්තට ඉඩ දිය යුතුයි. අපි බලමු ඔහු එ්කාදිපතියෙකුව රට පාවා දෙයිද කියා (නදී)

:       0       0

පරාක්‍රම Sunday, 26 July 2015 03:05 PM

දැන් කතාව යන්නේ මහජනතාවගේ ඇස් වසාගෙන නිසා, රේගුවට හොරෙන්, යම් දේශපාලනඥයන්ගේ උදව්වෙන් කන්ටේනර් පුරවාගෙන රට තුලට එතනෝල් පන්නපුවා සහ වර්ෂ සමග සසඳා පෙන්වන සංඛ්‍යා ලේඛන පරිදී බලපත්‍ර මත නීත්‍යානුකුලව ගෙන්වපුවා ගැන පැහැදිලි කිරීමක් සිදුකරනවා නම් හොඳයි. (නදී)

:       0       0

ප්‍රසන්න Monday, 27 July 2015 03:56 AM

රටේ බහුතරයගේ කැමැත්ත මහින්ද අගමැති වෙනවාට.රනිල් කියන්නේ කුණු කුඩේට වැටුණු දේශපාලකයෙක් .එ නිසා තමයි මෛත්‍රිව ජනාදිපති සටනට ගෙනාවේ.(ම)

:       0       0

ඩී.ජී.පෙරේරා Sunday, 26 July 2015 10:58 AM

ඒ කාලේ ගෙනාවේ ටිකයි නීතියට පෙන්නලා. ඉතිරිවාට විස්තර නෑ (බ)

:       0       0

ජගත් වෙත්තසිංහ Sunday, 26 July 2015 11:10 AM

ලැබෙන ඡන්ද ටිකත් නොලැබෙන්න තමා මෙයා කතා කරන්නේ. (බ)

:       0       0

රසික Sunday, 26 July 2015 11:11 AM

හරි හරි. 17 වෙනිදාට පස්සේ ඒක බලමුකෝ. (බ)

:       0       0

ලාල් Sunday, 26 July 2015 11:28 AM

මුන්දැලට දැන්නම් හොදටම පිස්සුව තදවෙලා.මෛත්‍රීපාල ජනාධිපතිතුමා කවදත් නීතියට ගරු කරන නියම මහාත්මයෙක්.ඒ වගේම කියපු දේ වෙනස් නොකරන පුද්ගලයෙක් බවත් සියලුදෙනාම සිහි තබාගත යුතුයි. (බ)

:       0       0

චන්න බුවනක Sunday, 26 July 2015 05:19 PM

වරායෙන් එතනෝල් නියමාකාරයෙන් ගාස්තු ගෙවා රටට ඇතුල් වෙනවනම් විනිවිදභාවයක් තියෙනවනම් සංඛ්‍යා ලේඛන දෙන්න පුළුවන් එක දැන් සිද්ධ වෙනවා. නමුත් පසුගිය ආණ්ඩු කාලේ එ්ක සිද්ධ වුනේ නැහැ. හොරෙන් තමයි වැඩේ සිද්ධ වුනේ. ඉතින් සංඛ්‍යා ලේඛන නැහැ. දැන් මේ අය එක අල්ලාගෙන දැන් තමියි එතනෝල් වැඩියෙන් ගේන්නේ කියනවා. (බ)

:       0       0

රංගා Sunday, 26 July 2015 11:49 AM

මොන ගොනාද අහුවෙන්න එතනෝල් ගේන්නේ. එතකොට ටැක්ස් ගහනවනේ. පුළුවන් නම් ගෙනාපු කට්ටිය සහ ප්‍රමාණය දාන්නකෝ එතකොට පුළුවන් හරියටම කියන්න. (ස)

:       0       0

සුදෙල්මි Sunday, 26 July 2015 11:49 AM

මේ හොර කතා කියනකොට හිතන්නේ නැති උනාට අපිට මේකෙන්ම තේරෙනව පසුගිය රජය කාලේ හොරට කොපමණ ලංකාවට එතනෝල් ගෙන්නන්න ඇතිද කියල. මොකද පසුගිය මාස 6 ට ගෙනාපු 11.28 ම රේගුබදු ගෙවා රටට නිත්‍යානු කූලව ගෙන අතර ඊට පෙර රෙගුව හරහා ගෙන එන ලද එතනෝල් ප්‍රමාණය වගේ දෙගුණයක් හොරට ගෙන ඒමට මේ හොර නඩය ඉඩදීලා. නැතිනම් අරක්කු බොන කට්ටිය මේ මාස හයට දෙගුණ උනේ නැනේ. (ස)

:       0       0

ආශා Sunday, 26 July 2015 11:52 AM

අනේ පිස්සු, ඔය බුරන්නේ මොකටද කියල මිනිස්සු හොඳට දන්නවා (නදී)

:       0       0

චන්න බුවනක Sunday, 26 July 2015 05:46 PM

අනේ තිස්ස මැතිතුමනි. ඔබතුමාට පින් අයිති වෙනවා. ඔය ඉන්න පැත්තට ගිය එකට මොකද ඔබ තුමා යන යන පැත්ත පරදිනවනේ..(ම)

:       0       0

පිවිතුරු යහපාල Sunday, 26 July 2015 11:54 AM

තිස්ස මහත්තය පිල් මාරු කරන ගෙම්බෙක් නෙමෙයි.(නදී)

:       0       0

සිංහ Sunday, 26 July 2015 11:58 AM

දැන් එහෙනම් ටොයියෝ, දෙන්න බලන්න මේ එතනෝල් ප්‍රශ්නේට උත්තර (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහේ පේපරේ අවුලට අධ්‍යාපන ලොක්කෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 23 459 0

2024 වර්ෂයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කීපයක් පිට කිරීම සම්බන්ධයෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු අපරාධ


ප්‍රජාතන්ත්‍රවාදය රකින්න උපරිම කැපවීම කරනවා
2024 සැප්තැම්බර් මස 23 688 0

රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහා උපරිම කැපකිරීම කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජනපති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතමින් ජනාධිපති කාර්


නව ජනපති දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 23 1564 0

ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා අද(23) සිය ධුරයේ දිවුරුම් දුන්නේය.


අගමැති ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1763 1

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද(23) සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.


නව ජනපති පත් කිරීම ගැන ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 23 2193 0

2024 ජනාධිපතිවරණය මගින් නව ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තෝරා පත්කර ගැනීම පිළිබඳව වූ අති විශේෂ ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ( 22) න


මාලිගාවත්තේ වෙඩිතැබීමක්
2024 සැප්තැම්බර් මස 23 1123 0

මාලිගාවත්ත ලක්හිරු සෙවන මහල් නිවාසය ආසන්නයේදී පා ගමනින් පැමිණි නාඳුනන තුවක්කු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකුගේ ප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20417 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 18458 1



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 100 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 303 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 163 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site