IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


මෛත්‍රී මහ ඡන්දෙදි ස්වාධීන වෙයිලු

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි මහ මැතිවරණයේදී මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලින් ඉවත්ව සිටිනු ඇතැයි ඉන්දියාවේ හින්දු පුවත්පත වාර්තා කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ද වන   ජනපති සිරිසේන හිටපු ජනපතිවරයාට පාර්ලිමේන්තු මැතිවරණයට නාමයෝජනා ලබාදීම සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල විය.

 ජනාධිපතිවරයා බොහෝ දුරට මැතිවරණ කටයුතුවලින් ඉවත් ව සිටිනු ඇතැයි ‘ද හින්දු‘ පුවත්පත සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද ප්‍රකාශ කර ඇත.

හිටපු ජනපතිවරයාට නාමයෝජනා දීම සම්බන්ධයෙන් කණගාටුවට පත්වනවාදැයි ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැති මෙසේ කියා ඇත.

‘ඔහු ජනපතිවරයා වුවද   පක්ෂය සම්පූර්ණයෙන් පාලනය කළේ නැහැ. කෙසේ නමුත් ඔහු මැතිවරණයේදී ස්වාධීනව කටයුතු කරයි‘ 



අදහස් (0)

මෛත්‍රී මහ ඡන්දෙදි ස්වාධීන වෙයිලු

ට්‍රිෂාන් Monday, 13 July 2015 05:18 PM

මෛත්‍රී මහතා සුදුසුම තීරණය ගනු ඇත (නි)

:       0       0

යමුනා Monday, 13 July 2015 05:32 PM

හොඳයි අපි බලමුකෝ... (නි)

:       0       0

ඔමේධ Tuesday, 14 July 2015 11:16 AM

රනිල් යනු ලෝකයම පිළිගත් දූරදර්ශී නායකයකු වගේම ඉවසිලිවන්ත මහත්ම ගති ඇති නායකයෙක් අපේ රටේ ඉන්න ගොඩක් දෙනෙක්ට ඒවගේ ගති නැති නිසා ඉතින් මහින්දවම ඉල්ලනවා මහින්දට රට දිනවන්න සහය දුන්න අයවත් නැතිකරපු නායකයෙක් රටේ ආර්ථිකය ගොඩනගන්න කිසිම දැනුමක් නැහැ සැලසුමක් නැහැ අපිනම් අපේ අගමැතිතුමාට ජය ප්‍රර්ථනා කරනවා (ම)

:       0       0

ඉමේෂ් Tuesday, 14 July 2015 06:01 AM

පිවිතුරු කියන්නකෝ ඉතින් කාටද දෙන්න ඕනේ කියල? මහින්දට ද? (අ)

:       0       0

රසල් හේමන්ත Tuesday, 14 July 2015 06:02 AM

එතකොට දැන් කාගේද පරිෂණ වාර්තා ඉවර කරලා හිරෙ දාලා තියෙන්නේ හොරා හොරා කිවුවා විතරනේ හිස්නේ කෝ හොරු, කෝ එතනොල් කාරයෝ, කියපුවා කරාද, පයිල් දැන් තියෙනවා කියෙලා කිවුවෙි කෝ ඒ පයිල්. තනිකර බොරුනේ මහත්තයෝ (අ)

:       0       0

විද්‍යා Monday, 13 July 2015 05:40 PM

එහෙම ඉන්න එක කෝකටත් ඇඟට ගුනයි (නදී)

:       0       0

සේනක Monday, 13 July 2015 06:05 PM

අපි කොහොමද විශ්වාස කරන්නේ? (නි)

:       0       0

විජිත් Tuesday, 14 July 2015 06:10 AM

ඔබතුමා ස්වාධින වුනත් එකයි, නැතත් එකයි. මොකද ඔබතුමා සර්පයාට එන්නට දොර ඇරියා. නමුත් ටිකක් ඔබතුමාගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වන්න. (නදී)

:       0       0

සම්පත් - මීගමුව Tuesday, 14 July 2015 06:24 AM

මොනවා කළත්, එයා ජනමතය පාවා දුන්නා. එ්ක තමයි ඇත්ත. බුද්දීමත්ව හිතන්න පුළුවන් අයට මේක තේරුම් ගන්න පුළුවන්. (නදී)

:       0       0

නිමල් Tuesday, 14 July 2015 06:25 AM

වචන විතරයි. අපි ඇඳගත්තා. (නදී)

:       0       0

මිහිදු Tuesday, 14 July 2015 06:36 AM

ඒක හොදයි.(හේ)

:       0       0

සෙනරත් Monday, 13 July 2015 10:12 PM

මම මෙතන ඉන්න හිතවතුන්ගෙන් පොඩි ඉල්ලීමක් කරන්න කැමතියි. රනිල් කියන්නේ කාලයකින් රටකට බිහිවන මහා බුද්ධිමතෙක්. ඔහුට ආර්ථිකය, නීතිය ,දේශපාලනය ගැන දැනීම කෙළවරක් නැහැ. මේ බව පිටතින් නොපෙනුනත් යථාර්ථය එයයි. රට ඉක්මනින් දියුණු වෙනවට අපි හැමෝම කැමතියි.අපිට මේ මහත්තයාගෙන් වැඩක් ගන්න බැරුව ගියොත් ඒක රටට කරන මහා අපරාධයක්. හැමෝම මේ නිසා රනිල් මහත්තයාට උදවු වෙන්න කියලා ඉල්ලනවා (නි)

:       0       0

ජයන්ත Monday, 13 July 2015 10:22 PM

තාම එහෙම වෙලා නැහැනේ. එහෙම වුණාට පස්සේ අපි විශ්වාස කරනවා. (නි)

:       0       0

රුවන් Tuesday, 14 July 2015 07:48 AM

අපේ විශ්වාසය නැති වුනා. වචනයක්වත් නොකියා ඉවසන ඒජාපය ට තෑගී දෙන්න ඕන. (ර)

:       0       0

කනිෂ්ක Tuesday, 14 July 2015 08:01 AM

බලයට එන්න තමන්ගේ දරුවන් හරි විකුනන්න ලැස්ති දේශපාලක තාත්තල ඉන්නවා. අන්න එක්කෙනෙක් ඇඟ යන්තම් වසා ගත්තු තමන්ගේ තරුණ දුවරු දෙන්නා හිටපු ලොක්කෙක්ක්ගේ පුතාල සමග මිතුරු මිතුරියන් ලෙස පෙනී ඉන්න චායා රුපයක් ප්‍රසිද්ධ කරලා . හිතන් ඇති ඕක දැක්කම මේ දෙන්න තමයි අසවලාගේ අනාගත ලේලිලා... ඒ නිසා අපි ඡන්දෙ දෙමු කියල අර තාත්තට ඡන්දෙ දෙන බුරුවො මේ රටේ ඇති කියලා. (ස)

:       0       0

රුවනි Tuesday, 14 July 2015 08:03 AM

ඇත්තටම දේශපාලනය එපා වුනා. ජනපති කොහොමද වෙනස් උනේ ? (නදී)

:       0       0

බුද්ධි Tuesday, 14 July 2015 08:10 AM

රනිල් මහත්තයා කළ දේශපාලන කැපකිරීම මෙතුමා තුළ නෑ. ශ්‍රීලනිප ලේකම් ඉදිරිපත් කරන්න අවසර දී ඔහුව ජයග්‍රහණය කළ පසු, මෙතුමා ගුණමකු කෙනකු ලෙස හැසිරේ (බ)

:       0       0

ලෙනාඩ් Tuesday, 14 July 2015 01:03 AM

ඉවසලා බලමුකෝ අපි (නි)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 14 July 2015 08:50 AM

බුද්ධි.ඔබ හරියටම හරි. උගත් මිනිසෙකු සහ නුගත් ගමේ මිනිහෙකු අත්තර තිබෙන වෙනස ඒකයි. (ස)

:       0       0

ජෙරාඩ් Tuesday, 14 July 2015 01:13 AM

ජනපතිතුමා ඉතාම නිහතමානී, බුද්ධිමත්, අවශ්‍ය වෙලාවට කෙළින් තීරණ ගන්න, ප්‍රජාතන්ත්‍රවාදයට ගරුකරන වැදගත් මහත්මයෙක් ලෙස මෙතෙක් ක්‍රියාකළ බව මගේ හැඟීමයි. (නි)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 14 July 2015 08:51 AM

ලංකා ඉතිහාසයේ ලක්ස 62.5ක ජනතාවක් පාවල දුන්නු කෙලෙහි ගුණයක් නැති මිනිහෙක් ගැන මොනවා ලියන්නද?මොනවා කියන්නද? (ස)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 14 July 2015 08:51 AM

ලංකා ඉතිහාසයේ කල ලොකුම පාවා දීමත් කලා.ලැජ්ජයි. (ස)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 14 July 2015 08:52 AM

මටනම් මිනීමරු ප්‍රභාකරන්ගේ ෆොටෝ එකට වඩා කේන්තියක් එන්නේ දකිනකොට. (ස)

:       0       0

කැනඩා දිසා Tuesday, 14 July 2015 01:40 AM

සෙනරත්, මම අදහස් කළ දේ ඔයා හෙළිකළා. මෙතන තිබෙන දේ ඔහුට ක්‍රියාත්මකවීමට කාලය දියයුතුයි (නි)

:       0       0

දුමින්ද Tuesday, 14 July 2015 01:43 AM

එසේම ගැටළු සහ තීරණ වලදී ඍජු වියයුතුය (නි)

:       0       0

මනෝජ් Tuesday, 14 July 2015 01:51 AM

අපි දන්නවා එතුමා ගන්නේ නිවැරදිම තීරණය කියලා (නි)

:       0       0

දම්මික Tuesday, 14 July 2015 02:04 AM

සෙනරත් මහත්තයා කියන දේ සහතික ඇත්ත. අපේ රටේ ඡන්දදායකයන්ට අපොස සා/පෙළවත් අනිවාර්ය කළා නම් හරි. (නි)

:       0       0

මංජුල Tuesday, 14 July 2015 02:17 AM

එහෙම වෙනවා නම් හොඳයි (නි)

:       0       0

සියාම් Tuesday, 14 July 2015 02:21 AM

සෙනරත්, මම කියන්නේ ජාතිවාදය හරි කියන එක නෙමෙයි. නමුත් අපිට නොබෙදුණු රටක් අවශ්‍යයි. අපිට කෙසේ වුණත් අපේ දරුවන්ට. ඒක හරියට නඩුවක් නැතිව පිරිසුදු ඔප්පුවක් එක්ක දරුවෙකුට ඉඩමක් දෙනවා වගෙයි. නැත්නම් වෙන්නේ හවුල් ඉඩමක් නඩුවක් එක්ක ඉතිරි කරලා අපි මැරිලා යනවා වගේ දෙයක්. මේක තමයි යථාර්ථය.කොච්චර හොරා කියලා හංවඩු ගැහුවත් මම මහින්දට ගරු කරන්නේ මහින්ද රට බෙදන තැන නැති නිසයි. (නි)

:       0       0

පිරිස් Tuesday, 14 July 2015 03:01 AM

ඔය ස්වාධිනව ඉන්නවා කියන තීරණය මුලදීම ගත්තා නම් අද මේ තියන ප්‍රශ්න මුකුත්ම ඇතිවෙන්නේ නැහැ.(ම)

:       0       0

ශීමා Tuesday, 14 July 2015 09:39 AM

තිලක්-ඩුබායි, ඇත්තම තමයි, ඉස්සර නම් මට මෙයාව පෙනුනේ රට බේරාගන්න ආව දෙව දුතයෙක් කියලයි. ඇත්තටම කිසිම මුදලක් වියදම් නොකරනේ ජනාධිපති උනේ (නදී)

:       0       0

අරුණි Tuesday, 14 July 2015 03:36 AM

අවාසනාවකට අපිට නිවැරදි දේශපාලකයෝ හමුවෙලා නැති නිසා මෛත්‍රි ගැනත් සැකෙන් බලන්න පුරුදු වෙලා තියෙනවා. අපි ඔහු කෙරෙහි විශ්වාසයෙන් ඉමු. ගෙදර තාත්ත තීරණයක් ගන්නේ පවුලේ අනාගතේ ගැන හිටලා. අපි කලබල විය යුතු නැත (ම)

:       0       0

රංචාගොඩ Tuesday, 14 July 2015 04:03 AM

ජනපති ස්වාධීන වුණාට ඒක ගරු රඟපෑමක් වෙන්නැති (ම)

:       0       0

පිවිතුරු යහපාල Tuesday, 14 July 2015 04:17 AM

සෙනරත් මහත්තයෝ..දවස් 160 ට මහා බැංකු බැදුම්කරෙන් මෙහෙම කළා නම් අවුරුදු පහක් දුන්නොත් කොහොම කරයිද ? ඔයා හිගා කන්න වෙන තැනකට ගිහින්..නිකන් අපෙන් කුනුහබ්බ අහගන්නේ නැතුව..එසැන පුවත් කියන්නේ ඡන්ද හිගාකන තැනක් නෙමෙයි. (බ)

:       0       0

මහේෂ් Tuesday, 14 July 2015 04:23 AM

සියාම් ඔබගේ අදහස්වලින් මට පේන්නේ එක භාෂාවනම් රටවල් දෙකයි භාෂා දෙක නම් එක රටයි කියා පැරණි විද්වතකුගේ කියමනක්. සෙනරත් සමග මම එකගයි. අපි හැමදාම සංසන්දනය කළේ රනිල් අගමැති මිසක් රනිල් ජනපති නෙමෙයි. අපි බැන්නත් ඇත්ත් ඒකයි. එවතාවක් අපි රනිල්ට බලය දීලා බලමු (බ)

:       0       0

හසිත් Tuesday, 14 July 2015 04:39 AM

අපිට නම් මේ කවුරුවත් විශ්වාස නැහැ. අන්තිමේ ආයෙත් පාරක් අපේ දරුවන්ට සෙල්ලක්කාර දේශපාලක පුත්තු ටිකකට කඹුරන්න ඉඩ පාදා දුන්නා කියලා මට නම් හිතෙන්නේ. මෙතුමාට මොකද එතුමාගේ පුතා පිටරටනේ. (ස)

:       0       0

කල්හාරි Tuesday, 14 July 2015 05:02 AM

"මෛත්‍රී මහ ඡන්දෙදි ස්වාධීන වෙයිලු" ප්‍රශ්නාර්ථයක් නේද ?(ම)

:       0       0

ලලිත් Tuesday, 14 July 2015 05:11 AM

සෙනරත් හරි, රනිල්ට අවස්ථාවක් දිය යුතුමයි.(ම)

:       0       0

දුල්මි Tuesday, 14 July 2015 05:19 AM

අපි නම් ඕවා විශ්වාස කරන්නේ නැහැ. ජනවාරි 8 වෙනිදා විශ්වාස කළා හොඳටම ඇති. (ම)

:       0       0

අනිල් Tuesday, 14 July 2015 05:22 AM

පිවිතුරු යහපාල මහත්තයෝ කලබල වෙන්න එපා පසුගිය රජයේ ලොකු තැන සිට පොඩි එකා දක්වා මහජන මුදල් කාබාසිනියා කරපු උදවිය ගැන ඔබට දැන් අමතක වෙලා ඇති මහා බැංකුවේ ඔය කරලා කියන වැරදි වලට පරීක්ෂණ වාර්තා තවම ඉදිරිපත් කරලා නැහැ එම නිසා අනම්මනම් නොකියා මේ සැරේ රනිල් මහත්තයව අපි එකතුවෙලා අගමැති කරමු (බ)

:       0       0

නන්දලාල්-ප්‍රංශය Monday, 13 July 2015 05:12 PM

ඒක ජනපතිතුමා ගන්නා හොඳ තීරණයක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 944 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 5736 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3278 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 283 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1454 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1571 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28422 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23593 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 407 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 190 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site