IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


මෙතෙර ඹෟෂධ එතෙර යවා ඩොලර් හොයන්න සැරසෙයි

(මනෝප්රිය ගුණසේකර)

මත්ද්‍රව්‍යවලට අපි විරුද්ධ වුවත් සමහර දේශිය ඹෟෂධ විදේශගත කොට වසරකට ඇමරිකානු ඩොලර් බිලියනයක් ලබා ගැනීමට හැකියාව ඇති නිසා ඉදිරි මාස දෙකක කාලය තුල දේශිය ඹෟෂධ අපනයනය කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව දේශිය වෛද්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පැවසීය.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැඩිම වියදම දරණ දියවැඩියා සහ කොරොස්ට්රොල්  පාලනයට කිරීමට යොදා ගනු ලබන ඹෟෂධ වෙනුවට දේශිය ඹෟෂධ වලින් නිශ්පාදනය කරන ලද ’ගාර්සියා’ ටොෆිය හඳුන්වාදීමේ අවස්ථවට එක් වෙමින් දේශිය වෛද්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා එසේ පැවසීය.

ලෝකයේ බහුලම රෝගය වන අංශභාග රෝගයට මෙකෙක් කිසිඳු ඹෟෂධයක් ලෝකයේ කිසිම රටකින් සොයා ගෙන නැතැත් දේශිය වෙදකමේ ඒ සදහා ප්‍රතිකාර ක්‍රම ඇතැයි පෙන්වා දුන් අමාත්‍ය සිසිර ජයකොඩි මහතා ඉදිරි කාලයේදී එවැනි රෝහලක් ලංකාව තුළ ස්ථාපිත කිරීම සඳහා මේ වන විට සාකච්ඡා කරන බවද පැවසීය.

දේශිය වෛද්‍ය අමාත්‍යංශයේ පැවැත්වු ’ගාර්සියා’ ටොෆිය හඳුන්වාදීමේ අවස්ථවට කොළඔ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ආර්ගසමරසේකර, නවලෝක රෝහලේ නියෝජ්‍ය සභාපති අනීෂ ධර්මදාස, නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දර, නීතීඥ චමින්ද රූපසේන මහතා ඇතුළු පිරිසක් සහභාගි වුහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු දේශිය වෛද්‍ය අමාත්‍ය සිසිර ජයකොඩිි මහතා මෙසේද පැවසීය.

සෞඛ්‍ය සේවයේ වැඩිම වියදම දරන්නේ දියවැඩියා සහ කොරොස්ට්රොල්  පාලනයට කිරීමට යොදා ගනු ලබන ඹෟෂධ මිලදී ගැනීමටයි. හදිසි මිලදී ගැනීම් සඳහා රුපියල් බිලියන 15ක පමණ වැය වෙනවා. ඒත් දේශිය වෛද්‍ය ක්‍රමයේ ඒ සඳහා ප්‍රතිකාර තියෙනවා. නවීන තාක්ෂණ හරහා ජනතාවට ලංවීමට හැකියාව ඇත්නම් විදේශයට යන විශාල මුදලක් නවතා ගැනීමට හැකියාව තියෙනවා.

වෛද්‍ය සචිනි අත්තනායක මහත්මිය ’ගාර්සියා’ ටොෆියේ ඇති ගුණාත්මක භාවය පිළිබඳව පිරිස දැනුවත් කළාය.



අදහස් (0)

මෙතෙර ඹෟෂධ එතෙර යවා ඩොලර් හොයන්න සැරසෙයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නිහාල් ගලප්පත්ති කතානායක ධූරයට?
2024 නොවැම්බර් මස 19 1350 0

ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය


රවීගේ නිවෙසට ආරක්ෂාව
2024 නොවැම්බර් මස 19 1087 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට නම් කෙරුණු රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවෙසට අද (19) සිට විශේෂ ආරක්ෂාව යොදවා ඇත.


ඩී.අයි.ජී. නාලකට එරෙහි විමර්ශනවලට කාලයක් දෙයි
2024 නොවැම්බර් මස 19 682 0

යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිව සිටියදී මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධය


මැති සබේ නවක මුහුණු
2024 නොවැම්බර් මස 19 848 0

බ්‍රහස්පතින්දා පැවැත් වූ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් අදහස් වන්නේ, ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන


ජනපති අනුර ඉන්ද්‍රජාලකයෙක්
2024 නොවැම්බර් මස 19 3684 3

ජනාධිපතිවරණය ජයග්‍රහණයෙන් පසු ජනාධිපතිවරයා කළ පළමු කතාවේ දී තමන් ඉන්ද්‍රජාලකයෙකු නොවන බව පැවසුවත් ඇත්තෙන්ම ඔහු ඉන්ද්‍රජාලකයෙකු බවට තමන් ප්‍රකාශ ක


දියතලාවේදී දුම්රියක් පනියි
2024 නොවැම්බර් මස 19 419 0

මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ මිශ්‍ර දුම්රිය දියතලව දුම්රිය ස්ථානයේදී අද (19) පස්වරුවේ පිලී පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස්


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 27272 38


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 19191 11

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 387 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 652 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1875 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site