IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


මාතර රෝහලේ 'මහ ලෙඩක්'

මාතර මහ රෝහලේ කණිෂ්ඨ කාර්යය මණ්ඩලයේ සේවකයන් 150 ක් පමණ සේවයට වාර්තා නොකර මාසික වැටුප් ගෙවන දින කිහිපයේ පමණක් සේවයට පැමිණෙන බව රෝහල් අධ්‍යක්ෂිකා වෛද්‍ය මල්කාන්ති මැදිවක මහත්මිය මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යයාලයේ අද (01) පැවති දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේ දී ඒ බව කීවාය.

පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා සහ රෝහල් අධ්‍යක්ෂිකාව අතර ඇති වූ සංවාදය මෙසේය.                              

බුද්ධික පතිරණ: නොපැමිණෙන සංඛ්‍යාව කීයද?

අධ්‍යක්ෂිකාව: 150 ක් විතර

බුද්ධික පතිරණ: හරියටම කීයද?

අධ්‍යක්ෂිකාව: 100 ත් 150 ත් අතර

බුද්ධික පතිරණ: මේක මාධ්‍යට හොඳ ප්‍රවෘත්තියක් . ඒ අය සේවයට නොඑන්නේ ඇයි? වෙනත් රැකියාවක්වත් කරනවද?

අධ්‍යක්ෂිකාව: වැටුප් ගෙවන දින කිහිපයට පෙර දින 05 ක් පමණ වැඩට එනවා.වැඩි දවසක් එන්නේ නැහැ.

බුද්ධික පතිරණ: ඒකට හේතුව ප්‍රසිද්ධියේ කියන්න බැරි නම් මට පෞද්ගලිකව හෝලිඛිතව දන්වන්න. ඔවුන් වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ගය කුමක් ද?

අධ්‍යක්ෂිකාව: ඔවුන් ‘නෝ පේ’ (වැටුප් රහිත) යනවා. වැටුපෙන් මුදල් අයකර ගන්නවා.

බුද්ධික පතිරණ: ඔවුන් ඉවත් කිරීම සඳහා ක්‍රමවේදයක් ජාතික මට්ටමෙන් සැකසිය යුතුයි.



අදහස් (0)

මාතර රෝහලේ 'මහ ලෙඩක්'

ප්‍රසාද් Wednesday, 02 March 2016 01:03 AM

මෙහෙම නෝපේ ගියාම වැටුපක් ඉතුරුවෙනවද? (නි)

:       0       0

නිමල් ලලිත Wednesday, 02 March 2016 01:46 AM

කනිෂ්ඨ සේවකයන්ගෙන් වැඩිම පිරිසක් ඉතාමත් ප්‍රවේශමෙන් පාලනය කළයුතු පිරිසක්. එයට ප්‍රධාන හේතුව ඔවුන් දේශපාලන ගැත්තන් වීම. කළයුත්තේ නිලධාරීන් අමාරුවේ නොදමා දේශපාලකයන් මැදිහත්ව මෙවැනි අය ගෙදර යැවීමට කටයුතු කිරීමයි. (නි)

:       0       0

කලණි විතානගේ Wednesday, 02 March 2016 02:02 AM

මෙය මාතරට පමණක් සීමාවුවක් නොවේ. රටේ බොහෝ තැන්වල සිදුවෙන පාලකයින් අතපොවන්න බය දේශපාලන උණෙන් පෙළෙන චණ්ඩින්ගේ රාජධානි මේවා. හොඳට හොයලා බලන්න. (නි)

:       0       0

ලෙස්ලි Wednesday, 02 March 2016 02:57 AM

ඒක වෙන්න ඇති සෞඛ්‍ය ඇමතිතුමා පිටරට යන්නේ (නි)

:       0       0

අල්විස් Tuesday, 01 March 2016 01:38 PM

පුදුම රටක්නේ ලංකාවත් බලාගෙන යද්දී (නි)

:       0       0

ජයම්පති Tuesday, 01 March 2016 02:21 PM

මාතර රෝහලේ විතරක් නොමයි, ලංකාවේම රෝහල් වල තත්වය ඕකයි. සීයට අනුවකටත් වඩා මේ අය පත්වෙන්නේ දේශපාලන පත්වීම් විදිහට. රෝහල් පරිපාලනය කිසි දවසක ක්‍රියාමාර්ගයක් ගන්නේ නැහැ ඒ නිසා. මේ අයගෙන් වැඩි දෙනෙක් අත්සන් කරලා ත්‍රී රෝද එළවනවා නැත්නම් ඒ අයගේ බිස්නස් වැඩ කරනවා. කිසිම දෙයක් එයාලට විරුද්ධව කරන්න බැහැ. (නි)

:       0       0

ෂේන් Wednesday, 02 March 2016 04:47 AM

මේ කාගේ වුවමනාවට රැකියාව දුන්නද කියලා දන්නෝ දනිති. දැන් රනිකන් බබා වගේ කථාව (බ)

:       0       0

නුවරඑළියේ වසන්ත Wednesday, 02 March 2016 04:49 AM

රටපුරා රෝහල් වල ඉන්නේ බදුල්ලේ අය. ඒ අය බදුල්ලේ ගිහිල්ල මාසේ අන්තිමට එනවා ඇති පඩි ගන්න. (බ)

:       0       0

ආසිරි Wednesday, 02 March 2016 04:59 AM

මෙන්න මේ ප්‍රශ්නයට තමා පිටින් කම්කරුවෝ ගේන්න වෙන්නේ (බ)

:       0       0

ලංකාසිරි Tuesday, 01 March 2016 07:32 PM

අපේ රටට මෙහෙම වෙන්නේ මිනිස්සු හරියට වැඩ කරන්නේ නැති නිසා (නි)

:       0       0

අබය Tuesday, 01 March 2016 08:31 PM

පොඩි පොඩි බිස්නස් කරනවා ඇති. (නි)

:       0       0

පද්මිණි Wednesday, 02 March 2016 05:45 AM

මේ වගේ දේ අහන්න ලැබෙන්නේ ශ්‍රී ලංකාවෙන්ම විතරයි. රාජ්‍ය පාලනය අන්ත අගාධයට වැටිලා තිබෙන හැටි. (නි)

:       0       0

ද සිල්වා Wednesday, 02 March 2016 05:55 AM

සෞඛ්‍ය අමාත්‍යංශයෙන් හදිසියේ රෝහල් වලට පැමිණ රෝහල් පරික්ෂාකර මෙවැනි නිලධාරීන්ට විරුද්ධව විනය පරීක්ෂණ කර ඔවුන් සේවයෙන් පහකර හැරීමට කටයුතු කළයුතුය (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 547 0

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 518 0

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 153 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 1503 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 1140 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 443 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37843 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24946 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 229 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 748 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 268 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site