IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


මිත්‍ර ශක්ති අවසන් යුධ අභ්‍යාසය මාදුරුඔයදි

(වසන්ත චන්ද්‍රපාල)

කලාපීය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා දැනුම හා තාක්ෂණය හුවමාරැ  කරගැනීම අරමුණු කරගෙන ඉන්දිය හා ශ්‍රී ලංකා යුධ  හමුදාව ඒකාබද්ධව සිදුකරන මිත්‍ර ශක්ති යුධ අභ්‍යාසය පසුගිය  12 වන දින  ආරම්භ කළ අතර එහි අවසාන යුධ  අභ්‍යාසය මාදුරුඔය  යුද හමුදා පුහුණු පාසල් නගරබද සටන් ප්‍රදේශයේ දී පැවැත්විණි.

කර්නල් රවින්දා අහලවට් ගේ ප්‍රධානත්වයෙන් මෙරටට පැමිණි ඉන්දීය යුධ  හමුදාවේ භට පිරිස් හා ශ්‍රී ලංකා යුද හමුදාවේ භට  පිරිස් ප්‍රතිත්‍රස්ත  යුධ සටන් පිළිබඳව න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම හුවමාරු කරගැනිමට මෙම අභ්‍යාසයේ දී සිදුවිය.

මෙරටට පැමිණි දින සිට යුද අභ්‍යාසය අදාළ ක්‍රියාකාරකම්වල නිරත වු ඉන්දු - ශ්‍රී ලංකා හමුදා භට පිරිස්  මෙහිදි තම දැනුම හා අත්දැකීම් හුවමාරු කර ගැනීම සිදුකරගත්  අතර එය දෙරට අතර ද්විපාර්ශවීය සම්බන්ධතා වර්ධනය කිරිමටද ඉවහල් විය.

මෙම අවස්ථාවට ආරක්ෂක රාජ්‍යය අමාත්‍යය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂරාජා‍, යුද්ධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ජෙනරාල් විකුම් ලියනගේ ඇතුළු ඉන්දිය හා ශ්‍රී ලංකා යුද හමුදාවේ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහභාගි වු අතර  අභ්‍යාසය අවසානයේ දෙරටේ භට පිරිස් පරිහරණය කරනු ලබන යුධ උපකරන  ප්‍රදර්ශනයක්ද පවත්වන ලදී



අදහස් (0)

මිත්‍ර ශක්ති අවසන් යුධ අභ්‍යාසය මාදුරුඔයදි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 600 0

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 114 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 910 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1022 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


චන්ද්‍රිකා ජනපතිට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 23 2844 2

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.


සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1773 3

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 25455 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23413 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 389 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site