IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


මිතුරු සාදයට ගිය රූපලාවන්‍ය ශිල්පියා සුද්ද කළ තුනක් අල්ලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

අන්තර්ජාලයේ යෙදවුමක් හරහා හඳුනාගත් රූපලාවණ්‍ය  ශිල්පියා සමඟ හිතවත් වී සාදයකට ආරාධනා කර රන්භාණ්ඩ  ඇතුළු මුදල් කොල්ලකෑ පස්දෙනාගේ  කල්ලියේ තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි .

මාතර සුල්තානාගොඩ ප්‍රදේශයේ පදිංචි පැමිණිලිකාර රූපලාවන්‍ය  ශිල්පියා මොරටුව ප්‍රදේශයේ රූපලාවන්‍ය  ආයතනයක් පවත්වාගෙන යන අතර  මීට දින කීපයකට ඉහතදී අන්තර්ජාලයේ යෙදවුමක්  හරහා පිළියන්දල විශ්ව කලාව ප්‍රදේශයේ පුද්ගලයෙක් දැන හඳුනාගෙන ඇතැයි පොලිසිය සදහන් කරයි.

ඔවුන් දෙදෙනා වට්සැප් මාර්ගයෙන් තොරතුරු හුවමාරු කරගෙන හිතවත් වී ඇති අතර විශ්ව කලාව ප්‍රදේශයේ පුද්ගලයා සාදයක් සඳහා පැමිණෙන ලෙස කළ ආරාධනාවක් අනුව  ඉකුත්  10 වෙනිදින   රාත්‍රී  රූපලාවන්‍ය ශිල්පියා  කුලී රථයක් උපයෝගී කරගෙන   සාදය පැවැත්වෙන බව කියන විශ්ව කලාව ප්‍රදේශයේ සූසාන භූමිය ආසන්නයේ නිවසක් කරා පැමිණ ඇතැයි පොලිසිය සඳහන් කරයි.

එම අවස්ථාවේදී වර්ෂාව ඇද හැලුනු බැවින් රූපලාවන්‍ය  ශිල්පියා හැද සිටි ඇඳුම් ද තෙත බරිත වී තිබූ බැවින් ඔහුට ඇඳුම් මාරු කරගන්නා ලෙස ඔහු සමග හිතවත් වු  පුද්ගලයා පැවසීමෙන් අනතුරුව ඔහු එම නිවස තුළ ඇඳුම් මාරු කරමින් සිටියදී එම නිවස වෙත කඩා වැදුණු තවත් පුද්ගලයන් සිව් දෙනෙකු  , රූපලාවන්‍ය  ශිල්පියා නිරුවතින් සිටින අයුරු ජංගම දුරකථනයෙන් වීඩියෝ කර  ඇත.

අනතුරුව අතර සෙසු පුද්ගලයන් ඔහුගේ රන්මාලය  සහ අත් පළඳලාවද කොල්ලකා මුදල් පසුම්බියේ තිබූ ඒ.ටී.එම් කාඩ් පත හා  රහස් අංකයද බලෙන් ලබාගෙන  එක් පුද්ගලයකු පිළියන්දල නගරයට ගොස් එහි තිබූ රුපියල් 84,000 ක මුදලක්  ලබාගෙන ඇතැයි රූපලාවන්‍ය  ශිල්පියා කරන ලද පැමිණිල්ලේ සඳහන්ය.

 



අදහස් (1)

මිතුරු සාදයට ගිය රූපලාවන්‍ය ශිල්පියා සුද්ද කළ තුනක් අල්ලයි

පිටිගල මිලානෝ Sunday, 13 October 2024 01:47 PM

තටු ගලවලා…..

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

යුද්ධයෙන් මිය ගිය අය සමරන්න දෙමළ ජනයාටත් ඉඩ දෙන්න
2024 නොවැම්බර් මස 26 50 0

යුද්ධයෙන් මියගිය අය සැමරීමට දෙමළ ජනතාවට ඇති අයිතිය උල්ලංඝනය නොකරන ලෙස ජන අරගල සන්ධානය ආණ්ඩුවෙන් ඉල්ලා සිටි.


ජාජබ ලේකම්ගේ වාහනය පාර්ලිමේන්තු පොකුණට වැටේ
2024 නොවැම්බර් මස 26 142 0

ජාතික ජන බලවේගයේ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතාගේ මෝටර් රිය අද (26) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිටජල පොකුණට වැටී අනතුරට ලක්විය.


E-9 වීසා ලැබූ 91ක් අද කොරියා යති
2024 නොවැම්බර් මස 26 337 0

දකුණු කොරියානු රැකියා සඳහා බඳවා ගැනීමේ E-9 වීසා ක්‍රමවේදය යටතේ නිශ්පාදන ක්ෂේත්‍රයේ රැකියා හිමිවූ 91 දෙනෙන් UL 470 දරණ ගුවන් යානයෙන් දකුණු කොරියාව බලා අද පිට


පුත්තලමේ විභාග මධ්‍යස්ථාන ජලයෙන් යට වෙයි
2024 නොවැම්බර් මස 26 431 0

පුත්තලම අධ්‍යාපන කලාපයෙ උසස් පෙළ මධ්‍යස්ථාන දෙකක මහ වැසි හේතුවෙන් සිසුන්ට යම් බාධා එල්ල වු බව පුත්තලම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ අර්ජූන අබේරත්න මහතා අද ප


කෝටි 150ක කුඩු වටරැකින් මාට්ටු
2024 නොවැම්බර් මස 26 489 0

පාදුක්ක වටරැක හල්බරාව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් වටලා රුපියල් කෝටි එකසිය පණහකට වැඩි වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් අත් අඩ


උසස් පෙළට කාලගුණය හරස් වෙයි
2024 නොවැම්බර් මස 26 672 0

පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් මේ දින වල පවතින අපොස උසස් පෙළ විභාග එළැඹෙන 27 28 සහ 29 යන තෙදින තුල නොපැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අම


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 549 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2097 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site