IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


‘මෛත්‍රී සරල නායකයෙක්‘

ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ ආරාධනය මත රෝමය බලා ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වතිකානුවේ දී අද (14) පාප්තුමා හමුවිය.

ශ්‍රී ලංකාව ආගන්තුක සත්කාරවලින් හෙබි සුහදශීලී ජනතාවක් වෙසෙන ස්වාභාවික සෞන්දර්යයෙන් ද අනූන රටක් ලෙස තමා දකින බව පාප්තුමෝ කීහ.

ශ්‍රී ලංකාවේ සංහිඳියාව සහ සාමය වෙනුවෙන් ජනාධිපති ගෙන යන වැඩපිළිවෙළට සිය ප්‍රසාදය පළ කළ පාප්තුමෝ ලෝකයේ දැනට සිදුවන දේශගුණික විපර්යාස වළක්වා ගැනීම සඳහා පරිසරය සුරැකීමේ වැදගත්කම ද පෙන්වා දුන්හ.

ලෝකයේ යුද්ධ සහ ත්‍රස්තවාදී ක්‍රියා වැළැක්වීම සඳහා ගත යුතු සුදුසුම ක්‍රියාමාර්ගය යුද ආයුධ නිෂ්පාදනය නතර කිරීම බව අවධාරණය කළ පාප්තුමෝ සරල දිවි පෙවෙත සහ සාමය සඳහා කැප වූ නායකයකු ලෙස ජනාධිපති පිළිබඳව සමීප ලෙන්ගතුකමක් තම හදවතට දැනෙන බව ද සඳහන් කළහ.

සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික ඇමැති ජෝන් අමරතුංග, නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ක්‍රිස්තියානි කටයුතු නියෝජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු, පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි, අග්‍රමාත්‍ය කාර්ය මණ්ඩල නියෝජ්‍ය ප්‍රධානී රෝසි සේනානායක හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාශ්‍රිත තිසේරා ද මේ ගමනට එක්ව සිටියහ.

2015-dec-14-pope-1 2015-dec-14-pope-2 2015-dec-14-pope-4 2015-dec-14-pope-5 2015-dec-14-pope-6



අදහස් (0)

‘මෛත්‍රී සරල නායකයෙක්‘

නිමල් Tuesday, 15 December 2015 04:52 AM

විහිළුවක් තමයි. දැන් රට සංවර්ධනය වෙයි. ඔහොම කිව්වම. අධිරාජ්‍යවාදී යුගවල සිද්ධවුනෙත් ඔය ටික තමයි. (බ)

:       0       0

ශාන්ත ප්‍රනාන්දු Monday, 14 December 2015 05:25 PM

මෙහි ඡායාරූප වල සිටින කට්ටිය දෙස කල්පනාවෙන් බලනවිට කලින් ක්‍රියාවලියම සිදුවෙමින් පවතින බව පෙනේ. ඔහොම යන්න. බොහොම හොඳයි. (නි)

:       0       0

මහානාම - කඳාන Tuesday, 15 December 2015 05:01 AM

අති උතුම් පාප් වහන්සේ නොවේ , ලෝක බලවතා බරක් ඔබාමා කිව්වත් , නායකයෙකුගෙන් බලාපොරොත්තු වන්නේ ප්‍රධාන වශයෙන් සරලකම නොවේ , නිවැරදි තැනදී , නිවැරදි වෙලාවට , නිවැරදි තීරණ ගැනීම හා තව නායකත්ව ලක්ෂණ ඇත. අනු පිළිවෙළින් . කරුණා කර අනතර්ජාලය නායකත්ව ලක්ෂණ බලා අදහස් දාන එක හොදයි නේද ? එවිට බලන්න සරල කම තියෙනවාද ? කීවෙනි ලක්ෂණයද කියලා ? ඉන්පසු මෙතුමාගේ නායකත්වය ගැන හොදින් සන්සන්දනය කර බලන්න (බ)

:       0       0

ඩග්ලස් Monday, 14 December 2015 06:08 PM

අපිට හරිම සතුටුයි. (නි)

:       0       0

ජයවික්‍රම Tuesday, 15 December 2015 05:56 AM

නායකයෙක් වුණාම සරල වෙලාම බෑ.අවස්ථාවට අනුව වෙනස්විය යුතුයි. (ම)

:       0       0

චාමර Monday, 14 December 2015 08:19 PM

මෙය ශ්‍රී ලංකාවටම ලද ජයග්‍රහණයක්. ලෝකයේ සිටින පිළිගත්ම නායකයාගෙන් අපිට තිබෙන පිළිගැනීම සැම පැත්තකින්ම වටිනවා (නි)

:       0       0

දුමින්ද Tuesday, 15 December 2015 06:01 AM

නායකයා තම සරලකම නායකත්ව ලක්ෂණයක් කර ගැනීම වැදගත්ය (ම)

:       0       0

බුද්ධි Monday, 14 December 2015 10:50 PM

ඒ කතාවට අපිත් එකඟයි (නි)

:       0       0

වසන්ජය Monday, 14 December 2015 10:51 PM

මේ කට්ටියට සංචාර වලට යන වියදම් ගෙවන්නේ කොහොමද? (නි)

:       0       0

මනෝජ් Monday, 14 December 2015 10:56 PM

ඔබට අපි අපේ සම්පූර්ණ සහයෝගය දෙනවා ජනපතිතුමනි (නි)

:       0       0

ප්‍රදීප් Monday, 14 December 2015 11:14 PM

අපි ලාංකිකයින් හැටියට ඔහු ගැන ආඩම්බර වියයුතුයි (නි)

:       0       0

තිළිණ Monday, 14 December 2015 11:24 PM

ඇත්තටම ඔබතුමා අපිට ආඩම්බරයක් (නි)

:       0       0

සිල්වා Tuesday, 15 December 2015 01:50 AM

ඔබවහන්සේ නිවැරදියි (නි)

:       0       0

යසිරු Tuesday, 15 December 2015 02:29 AM

මේ කතාවට අපි සම්පූර්ණයෙන් එකඟයි (නි)

:       0       0

ගිහාන් Tuesday, 15 December 2015 02:33 AM

ඒ වගේම නිහතමානී නායකයෙක් (නි)

:       0       0

සත්‍යයා Monday, 14 December 2015 01:44 PM

රටේ ප්‍රෞඪත්වය රැකෙන විදියට වර්තමාන ජනාධිපතිතුමා සිටින ආකාරය ගැන අපිට ආඩම්බරයි. සමහරුන්ට නොපෙනුනාට මේවත් වැදගත් දේවල්. (නි)

:       0       0

බටුගෙදර Tuesday, 15 December 2015 03:09 AM

ඔබතුමා නියම සිංහල නායකයෙක් (නි)

:       0       0

මොහාන් Tuesday, 15 December 2015 03:17 AM

සරල කම කටින් විතරක් බව දැන් හොඳටම පැහැදිලියි. ඒවා ගිලින අය ඉන්නකම් රටට දෙවියන්ගේම පිහිටයි ! (ම)

:       0       0

චතුර Tuesday, 15 December 2015 04:58 PM

ජනාධිපතිතුමා සරල නායකයෙක්. ඒත් එකතුවුණ සමහර කට්ටිය හරි නැහැ (නි)

:       0       0

සෙනරත් Tuesday, 15 December 2015 03:27 AM

සරල නොවුණාට කමක් නැහැ. නියම නායකයෙක් වෙලා රටට වැඩක් කරන්නයි ඕනෑ. (නි)

:       0       0

නන්දන Tuesday, 15 December 2015 03:23 AM

පාප්තුමා වැනි කෙනෙක් මෙහෙම කියන එකම ඇති අපිට. ඔබවහන්සේ නිවැරදියි. මෙය ශ්‍රී ලංකාවම ලද ජයග්‍රහණයක්. අපිට හරිම සතුටුයි. ලෝකයේ සිටින පිළිගත්ම නායකයාගෙන් අපිට තිබෙන පිළිගැනීම සෑම පැත්තකින්ම වටිනවා (නි)

:       0       0

සදරුවන් Monday, 14 December 2015 02:05 PM

හරීම සරල නායකයෙක්...(බ)

:       0       0

චන්දික Tuesday, 15 December 2015 03:38 AM

හොද පෙර නිමිත්තක්. (ම)

:       0       0

සනත් Monday, 14 December 2015 02:06 PM

රෝමය ගිනි ගනිද්දි නිරෝ විනා වාදනය කරාලු නේද අපේ පාර්ලිමේන්තුවත් හොඳටම ගිනි අරන්.......(බ)

:       0       0

නදුන් Monday, 14 December 2015 02:34 PM

නියමයි (බ)

:       0       0

ටෙන්සිල් Monday, 14 December 2015 02:42 PM

පාප්තුමා වැනි කෙනෙක් මෙහෙම කියන එකම ඇති අපිට. ඇත්තෙන්ම හරිම සතුටුයි (නි)

:       0       0

ප්‍රසන්න Monday, 14 December 2015 02:53 PM

නමුත් දුන් පොරොන්දු සරල ගීත වගේ නම් නොවේවා! (නි)

:       0       0

සෙන්සා Tuesday, 15 December 2015 03:55 AM

නිහතමානීකම අවංකවම අගයන ජාත්‍යන්තරයක් අපට ඉන්නවාද කියන එකයි ප්‍රශ්නය.නිහතමානීකම මෙන්ම සෘජු හා ප්‍රතිපත්ති ගරුකවීම නායකයකු තුළ තිබියයුතුම ගුණාංගයි.(ම)

:       0       0

සරණපාල Tuesday, 15 December 2015 09:48 AM

මහානාම ඔයාගේ කතාව හරියටම හරි. (ම)

:       0       0

ඉෂාම් Monday, 14 December 2015 03:32 PM

එතුමාගේ සරලබව සැමටම ආදර්ශයක් (නි)

:       0       0

ඉලංගරත්න Monday, 14 December 2015 04:21 PM

එතුමාගේ සරල චාම් බවට අපිත් කැමතියි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1001 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 6165 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3440 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 293 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1488 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1599 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28518 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23599 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 408 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 193 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site