IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


මාතර සහ ගාල්ල ගම් රැසක් ජලයෙන් යටවේ

(ක්‍රිෂාන් ජීවක ජයරුක්, යසන්ත ආරියසේන සහ හේමපාල ලියනගේ) 

මාතර දිස්ත්‍රික්කයට ඇති වී තිබෙන ගංවතුර තත්වය හේතුවෙන් අද (07) වන විට පවුල් 5755 කට අයත් පුද්ගලයින් 22012 දෙනෙකු ආපදාවට ලක්ව ඇති බව මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එහි සහකාර අධ්‍යක්ෂක ලුතිනල් කර්නල් කණ්ඩම්බි මහතා ප්‍රකාශ කලේ ඊට අමතරව ගංවතුර හේතුවෙන් දෛනික කටයුතු සිදු කර ගත නොහැකිව පවුල් 11692 කට අයත් පුද්ගලයින් 41726 දෙනෙකු කොටු වී සිටින බවයි.

කොටු වී සිටින ජනතාව වෙනුවෙන් ආහාර පාන සපයා ගැනීමට බෝට්ටු සේවාවන් ක්‍රියාත්මක කර තිබෙන බවද ඔහු කීය.

ඊට අමතරව ආපදාවට ලක් වු අයට පිසූ ආහාර සහ වියලි ආහාර ලබා දීමේ වැඩසටහනක් ද ආරම්භ කර තිබේ.

මේ වන විට නිවෙස් ජලයෙන් යට වීම හා ආපදාවට ලක් වීම හේතුවෙන් පවුල් 414 ක පුද්ගලයින් 1376 දෙනෙකු තාවකාලික සුරක්ෂිතතා මධ්‍යස්ථාන වලට ද යොමු කර ඇත.

පවතින අයහපත් කාලගුණික තත්වය මත තව දුරටත් අධික වර්ෂාව ලැබුනහොත් නිල්වලා ගගේ වේලී වලින් ජලය පිටාර ගොස් මහ ගංවතුර තත්වයක් ඇති විය හැකි බවට වාරි මාර්ග දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් ද නිකුත් කර තිබේ.

මේ නිසා පහත් බිම් වල ජනතාවට අවසානයේ හා විමසිල්ලෙන් සිට තම ජීවිත හා දේපොල ආරක්ෂා කර ගන්නා ලෙසට ද දැනුවත් කර ඇත.

මාතර,තිහගොඩ,කඹුරුපිටිය,අකුරැස්ස,මාලිම්බඩ,අතුරලිය ,දෙවිනුවර,දික්වැල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල ජනතාව වැඩි වශයෙන් මෙම ව්‍යසනයට මුහුණ පා තිබේ.

මීට අමතරව දිස්ත්‍රීක්කයේ මාර්ග රැසක ගමනාගද ඇණහිට ඇත.

 

ඡායාරූප ක්‍රිෂාන් ජීවක ජයරුක්

හේමපාල ලියනගේ

ඇල්පිටිය චන්ද්‍රසිරි ගුණසේකර



අදහස් (0)

මාතර සහ ගාල්ල ගම් රැසක් ජලයෙන් යටවේ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1382 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


කළුතර හතක් ප්‍රතික්ෂේපයි
2024 ඔක්තෝබර් මස 11 12 0

පාර්ලිමේන්තු මහ මැතිවරණය සදහා කළුතර දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීමට පිළිගත් දේශපාලන පක්ෂ හා කණ්ඩායම් 35 ක් නාම යෝජනා පත්‍ර භාර දුන් බවත් ඉන් 07 ක් ප්‍රතික්ෂ


මහ මැතිවරණයට කණ්ඩායම් 690ක්
2024 ඔක්තෝබර් මස 11 29 0

නොවැම්බර් 14 වැනි දා පැවැත්වෙන මහ මැතිවරණයට දිවයිනපුරා කණ්ඩායම් 690ක් නාම යෝජනා බාරදී ඇතැයි මැතිවරණ කොමිසම පවසයි.


ජනපති- සමන්තා පවර් සාකච්ඡාවක්
2024 ඔක්තෝබර් මස 11 233 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) පරිපාලක සමන්තා පවර් මහත්මිය අතර සාකච්ඡාවක් අද (11) මාර්ග


සංවර්ධන වැඩවල වගකීම රාජ්‍ය නිලධාරීනුත් ගත යුතුයි
2024 ඔක්තෝබර් මස 11 455 0

මින් ඉදිරියට රටේ ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන ව්‍යාපෘතිවල යෝග්‍යතාව හා ඉන් ජනතාවට අත්වන ප්‍රතිලාභ සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් වගකිව යුතු බව අග්‍රාමාත්


අපරාධ බුද්ධි විශ්ලේෂණ කොට්ඨාසයට නව අධ්‍යක්ෂවරයෙක්
2024 ඔක්තෝබර් මස 11 1265 1

අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ නව අධ්‍යක්ෂවරයා ලෙස විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39948 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25925 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 210 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 402 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1291 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site