IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


මෛත්‍රී හංසයාගෙන් එයි

විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ හංසයා ලකුණින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වේ. රාජගිරියේ මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ දී ඔහු වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කළ ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා කියයි.

 

වීඩියෝ සනත් ඩෙස්මන්

 

DSCN0034 

 

මුදිතා දයානන්ද

_DSC0629

ඡායාරූපය ඉෂාන් සංජීව



අදහස් (0)

මෛත්‍රී හංසයාගෙන් එයි

ප්‍රියංගික Wednesday, 03 December 2014 07:34 AM

මෛත්‍රී, අපි ඔබ සමඟයි (නි)

:       0       0

සිල්වා Tuesday, 02 December 2014 01:42 PM

කෝ එතකොට අලුතින් එනවා කිව්වා නව පෙරමුණ හා නව ඡන්ද ලකුණ ..අනේ අපොයි පටන් ගත්ත තැනම ඉවරයි වගේ. (ස)

:       0       0

ඉන්දික Tuesday, 02 December 2014 02:01 PM

ජනාදිපතිතුමා නියත පරාජය අබියස තැති ගනී . මෛත්‍රිපාල මහතා ජය කණුව අබියස රාව ප්‍රතිරාව නංවා ජය දද නන්ව්යි. (නදී)

:       0       0

සත්‍යයා Tuesday, 02 December 2014 02:08 PM

බන්දුල ට අනාගතයේදී කඩේ යන්න නිමිත්තක් නොමැතිවීම ගැන අපටද ඇතිවන්නේ කනගාටුවක්. මෙදාපාර ජිල් මාර්ට් බැහැ. ඡන්ද පෙට්ටි මාරු කරන්නත් බැහැ. මෙයාලගේ වීරයා පුදුම විධියට අසරණ වෙලා. නුඹලා ට ඉතිරිවන්නේ ඇඬු කඳුළු පමණයි. (ස)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Tuesday, 02 December 2014 02:11 PM

මෛත්‍රී ජනාධිපති තුමනි, ඔබ දිනු වහාම දින කීපයකට ලංකාවේ ගුවන සහ මුහුද තහනම් කලාපයක් කරන්න. විගණකාධිපති ඔබ ප්‍රතිඥා දී ඇති පරිදි ස්වාධීන කර හොරුන් අල්ලන්න පටන්ගන්න. යුද්ධයකාලේ පැනලා ගිය නැති ෆොන්සේකා මහතා ආරක්ෂක ලේකම් කරන්න. (ස)

:       0       0

සත්‍යයා Tuesday, 02 December 2014 02:14 PM

හංසයා ලකුණ ලැබීම සුභ ලකුණක්. හංසයා කිරියෙන් දියර වෙන් කර ගන්නවා වගේ දේශපාලනයේ ඉවත දැමිය යුතු අපවිත්‍ර දේවල් බැහැර කර ශිෂ්ට සම්පන්න දේශයක් ගොඩ නංවන්න මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු කණ්ඩායම දරන උත්සාහයේ මල් පල ගැන්වේවා! (ස)

:       0       0

සෙනරත් Tuesday, 02 December 2014 02:16 PM

මම බන්දුල සමග සීයට සීයක් එකග වෙනවා. ඔය චන්ද්‍රිකා හරි යු න් පී හරි බලයේ හිටියනම් 2005 ඉඳල මේ රටේ යුද්දය තාමත් තියෙනවා. සමහර වෙලාවට ඔබ සැමත් සහ මමත් මේ වෙනකොට මිය ගිහින්. ඒ ඇත්ත ඔබට තිත්ත උනාට අමතක කරන්න එපා. අතීතයේ සියලුම රාජ්‍ය නායකයන් අවසන් කරන්න බැහැ කියපු යුද්දය අවසන් කර අප සැමට දෙමාපියන් සහ ළමයින්ට ජීවිතය එඉතිරි කරලා දුන්න වත්මන් රාජ්‍ය නායකයා අමතක කිරීම සිංහල අපි කරන හොඳ දෙයක් නොවන බව කරුණාවෙන් සලකන්න. (ස)

:       0       0

දිනේෂ් Tuesday, 02 December 2014 02:27 PM

බන්දුල මහතානෙනි ඔබ හරියටම හරි.කලබල නැතුව ඉන්න අපි ඔය සෙල්ලම 2010 ත් දැක්ක නේ. අන්තිමට මොකද උනේ? කොම්පියුටර් ජිල්මාර්ට් කියයි. ඕන කෙනෙකු කෑ ගහපු දෙන්. මහින්ද මහතා නිහඬව රටට කරන සේවය අඛණ්ඩව කරනවා. අදත් එහෙමයි හෙටත් එහෙමයි. ඔහු මා දන්නා ජීවිතයේ පහලවූ එඩිතර සැබෑම නායකයෙක්. (නදී)

:       0       0

රණසිංහ Wednesday, 03 December 2014 03:23 AM

ඡන්දෙ දුන්නාට සුබ පැතුවාට දිනන්නේ කවුද කියලා අපිට ඉදිරියේදී බලාගන්න පුලුවන් (නි)

:       0       0

ශ්‍යාමා කුමාරි Wednesday, 03 December 2014 03:30 AM

උමේෂ්,මායිම් ගමක උපන් මම කිසිම රණවිරුවෙකුව කිසිදා අපහාස කරන්නේ නැහැ. මගේ සිත තුළ යුද්ධයේ අවසන් සමයේ හිටපු හමුදාපතිතුමා කෙරෙහි විශාල ගෞරවයක් තියෙනවා. එහෙත් මා ඉහත මගේ ප්‍රකාශයෙන් කිවුවේ නොදන්නා දේශපාලනයකට අත ගසා තමන්ට උරුම වූ පෞරුෂත්වය දියාරුකර ගනිමින් දේශපාලන වේදිකාවේ ටිකෙන් ටික තනිවන කෙනෙක් ගැනයි. හංසයා එතුමාට හිමි වූ සලකුණ වුවත් එය ගිනිසිළුව වෙමින් අත්හැරුණේ එම සලකුණ සටනකට හෙවත් තරඟයකට නුසුදුසු නිසා බව තේරුම්ගත් නිසා වියයුතුය. හංසයා සුන්දරය. අහිංසකය. සොබාදමේ අනගි නිර්මාණයක් වන ඒ හංසයා කුහක දේශපාලනයට අමුණා ගැනීමට උත්සාහ කිරීම ස්වභාව ධර්මයේ උදහසට ලක්වෙනවා. (නි)

:       0       0

සිල්වා Tuesday, 02 December 2014 02:56 PM

පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා අනිවාර්යෙන්ම දිනනවා එ්ක ඉර හද වගේ විශ්වාසයි (නදී)

:       0       0

දේශමිත්‍ර Wednesday, 03 December 2014 03:45 AM

හංසයා ලකුණ යොදාගෙන තියෙන්නේ ඇයි කියන එක බුද්ධිමතුන්ගේ තේරුම් ගැනීම පිණිසයි. (නි)

:       0       0

ඉන්දික Tuesday, 02 December 2014 03:23 PM

ඇපත් නැති වේවිද දන්නේ නෑ. ගිය සැරේ වගේ. ඇයි ඔබ තුමාම නේද මේ ලඟදි කීවේ ජනරාල් පරදින බව දැනන් හිටිය කියල. ඒ වගේම මේ ගැන දෙගිඩියාවෙන් යන්න ඇති. (ස)

:       0       0

සේනාරත්න Wednesday, 03 December 2014 08:30 AM

මෛත්‍රී අස්වුණ විදිය හරිම කුහකයි මට නම්. එයින්ම ඔහුගේ ගතිය පෙන්නුවා. ඔවැනි අයට කවදාවත් හොඳ තැනකට එන්න බැහැ.අවංකව වැඩ කරන්නත් බැහැ. (නි)

:       0       0

නලින් Tuesday, 02 December 2014 09:48 AM

එතුමා ප්‍රවේශම් වෙන්න ඕන. දැන් ඔක්කොම මර උගුල් ඇටවිලා ඇති. (නදී)

:       0       0

සරත් පියසේන Wednesday, 03 December 2014 08:45 AM

මම අන්තර්ජාලයෙ පත්තර කියවනවා අදහසක් ලියල එක පලවෙනවා දකින්න පුලුවන ලංකාදීප පත්තර ය තුලින් පමණි එ නිසා ලංකාදීප පත්තරයට මගේ ප්‍රණාමය පලකරමි . අද තවත් පත්තරයක ලස්සන කවියක් තිබුන මම එ කවිය පටක ඔබගේ අවදානයට ලියන්න හිතුන පලකරඊ ද කියන්න බෑ එත් අර්ථයක් තියන නිසා ලියමි .. සුළු පිරිසක් පොලු අරගේන සිගිරියට අනි .. ගල පෙරලන්නට බැරිබව මුළු ලෝකය දනී .. රතු කල්ලිය හීන් සරෙ අංග ගැලව ගනී .. පළගැටියෝ රොත්ත පිටින් ගිනිමලයට පනි..(දිල්)

:       0       0

රත්න Tuesday, 02 December 2014 09:54 AM

ගිය පාරත් දිනුවේ "හංසයා" . ජය! (නදී)

:       0       0

දේමින්ද අබේකෝන් Tuesday, 02 December 2014 09:57 AM

මේ සැරෙත් හංසයාගේ ඡන්ද පත්‍රිකා ඉගිලෙයිද දන්නේ නැහැ. හංසයාගේ සලකුණ හොඳයි (නදී)

:       0       0

ජයසිරි Tuesday, 02 December 2014 05:30 PM

කව්රු හරි ඉන්නවද ඔය බන්දුල පෙරේරා කියපු දේවල් වල පොඩ්ඩක් හරි වැරදි තියෙනවා කියලා ඔප්පු කරන්න පුලුවන් අය (නදී)

:       0       0

ශ්‍යාමා කුමාරි රත්නමල්ල Tuesday, 02 December 2014 05:49 PM

උමේෂ් අයියා. මම මගේ උපන් රටට ආදරෙයි. රට වෙනුවෙන් මම ඕනෙම පරිත්‍යාගයක් කරනවා. එහෙත් ඒ සැබෑ වීරයෙකු වෙනුවෙනුයි. රට ප්‍රයෝජනයට අරගෙන තමන්ගේ වාසිය ලබාගන්ට තනන කිසිම කෙනෙකුට මම ගරු කරන්නේ නම් නැහැ. ඒ මගේ අප්පච්චි මියගියදා ඉදන් මට ඇතිවූ හැඟීමයි අයියා. මෙතනදීත් මම කියන්නේ මගේ උත්තමාචාරය අපේ රට බේරාගත් අතිගරු ජනාධිපතිතුමාටයි. රණවිරුවන්ටයි. එ්ක කාටවත් බොරු කරන්ට බැරි අැත්තක් නේද.? සජිත් මහත්මයා මහත්මා ගුණයෙන් පපුවට සුරත තබාම කියන දෙයම අවංකව කියනවා. වෙන කවුද ඒ ගෞරවය මේ රජයට දෙන්නේ.? මට දුක ඒකයි. (නදී)

:       0       0

ශාන්ත Tuesday, 02 December 2014 10:10 AM

ජය ජය වේවා! මෛත්‍රී යුගයක ආරම්භය වේවා! (බ)

:       0       0

තිලක් ඩුබායි Tuesday, 02 December 2014 06:04 PM

මංජුල, මගෙන් මුකුත් අහ ගන්න එපා හොඳද? බේරේ ගඟෙන් තෙල් මතු වෙන්නත් පටන් ගන්නවා හෙට අනිද්දා වෙනකොට.කැළණි ගගෙන් මැණික් මතු වෙන්නත් පටන් ගන්නවා හෙට අනිද්දා වෙනකොට.....තව මැණික් වැසි,රත්තරන් වැසි,රුපියල් 10,000 යේ වාසනා සම්පත් එකී නොකී හැම දෙයක්ම පහල වෙනවා බලන්නකෝ..(නදී)

:       0       0

තිලක් ඩුබායි Tuesday, 02 December 2014 06:05 PM

බන්දුල පෙරේරා වගේ එකෙක් දෙන්නෙක් "උඩු බිරුවට" අද රටම "හංසයාට". (නදී)

:       0       0

සමරේ (ගාල්ල) Tuesday, 02 December 2014 10:12 AM

නලින් මේ සියලුම මර උගුල් අපේ රටට විරුද්ධව කියල මම ඉන්දියාවෙ මාධ්‍ය සාකච්ඡාවෙන් වටහා ගත්ත. ඒනිසා ප්‍රවේශම් කරගත යුත්තේ අපේ රටයි.(බ)

:       0       0

ටිකිරි බණ්ඩා Tuesday, 02 December 2014 06:07 PM

මට දුක අවරුදු දෙකකට කලින්ම ගෙදර යන්න වෙන එක ගැනයි දුක (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Tuesday, 02 December 2014 06:09 PM

බන්දුල පෙරේරා කියන කෙනා ගණිකා මඩමක්වත්, කුඩු බෙදා හැරීමේ මධ්‍යස්ථානයක්වත් කරගෙන යන මනුස්සයෙක්ද කියල මට පොඩි සැකයක් මතු වෙලයි තියෙන්නේ. (නදී)

:       0       0

සෝබනා Tuesday, 02 December 2014 06:11 PM

ඉස්සර වුනේ විපක්ෂයේ පක්ෂ බේද බින්න කරලා නන්නත්තාරම කරලා දාන එක. අද මොනවද වෙලා තිබෙන්නේ? එ්කනේ ආගම දහම බොරු නෙමෙයි කියල කියන්නේ. (නදී)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 03 December 2014 06:17 AM

චන්ද්‍රිකා මහත්මියගේ 11 අවුරුදු පාලනයක් ගැන විවේචනය කිරීම යු.එන්.පී. කාරයෝ කලානම් සාධාරණයි. එදා එම වැරදි දැක්කේ නැතුව වගේ ඉඳල තමන්ගේ මතයට වෙනත් කෙනෙකුට සහයෝගය දෙනකොට එදා විහාරමහා දේවි කියල චන්ද්‍රිකාව උඩ තියාගෙන නටපු මිනිස්සු දැන් කතාකරන්නේ කටින් නම් වෙන්න බැහැ. (නදී)

:       0       0

සෝබනා Tuesday, 02 December 2014 06:15 PM

රටේ වාසනාවට එතුමාට අවරුදු දෙකකට කලින් ලංකාවේ ඡන්දයක් තියන්න ඕනේ කියල හිතක් පහල වුනේ. නැතිනම් රටක් ඉතිරි වෙන්නේ නැහැ. (නදී)

:       0       0

තිලක් ඩුබායි Tuesday, 02 December 2014 06:16 PM

පොදු පෙරමුණේ ඡන්ද ටික කඩා ගත්තු එකම රට ලබපු ජයග්‍රහණයක් . (නදී)

:       0       0

ලේක්කෝ ගලබඩ Tuesday, 02 December 2014 06:19 PM

රට බේරා ගත් සරත් ෆොන්සේකා මහත්තයා ආරක්ෂක ලේකම් වෙයි කියා මම හිතනවා.(නදී)

:       0       0

බණ්ඩාර Tuesday, 02 December 2014 10:18 AM

ලකුණ මොකක් වුනත් කමක් අපිට වටින්නේ ඔබතුමා..ජය නියති .....!!!(දිල්)

:       0       0

රන්ජිත් Tuesday, 02 December 2014 10:20 AM

දෙවියන්ගේ බුදුන්ගේ සරණින් මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා දිනේවා.මැතිවරණයේ ජය එතුමාට බව දැන් නිසැකවම පෙනෙනවා.ජයවේවා.(දිල්)

:       0       0

ශ්‍යාමා කුමාරි රත්නමල්ල Tuesday, 02 December 2014 10:27 AM

කතා දෙකක් නැහැ. දෙවැනි ෆොන්සේකා. (අ)

:       0       0

පිටිගල Tuesday, 02 December 2014 06:52 PM

බන්දුල පෙරේරා, තමන් කතාකරන්නේ මොනවාද, කාගැනද කොහෙද ඉන්නේ කියලා ටිකක් හිතලා බලලා යමක් කියන්න (නි)

:       0       0

රන්ජිත් Tuesday, 02 December 2014 06:56 PM

මෛත්‍රී මහත්තයා, හංසයා ලකුණින් ඇවිල්ලා ඡන්දය දිනනකොට අනිත් කට්ටියට මොකද වෙන්නේ? (නි)

:       0       0

කේ පෙරේරා Tuesday, 02 December 2014 10:31 AM

ජිල්මාර්ට් වලින් ප්‍රවෙසම්වෙන්න! දුශිතයෙන් තොර ශ්‍රී ලංකාවක් බිහිවේවා! (අ)

:       0       0

ඇසෙ Tuesday, 02 December 2014 10:31 AM

අපිට අල්ලුත් බලපොරෝතුවක් මෛත්‍රී පාලනයක් (අ)

:       0       0

නන්දන Tuesday, 02 December 2014 10:32 AM

එතුමාට තෙරුවන් සරණ පතමි .නලින් සදහන් කර පරිදි ප්‍රවේසමෙන් .ඔබ තුමාට ජය (අ)

:       0       0

ඔසන් සලාම් - කටාර් Tuesday, 02 December 2014 10:34 AM

එතූමා හංසයාගෙන් නොවෙයි කුමන ලකුණින් පැමිණියත් ජයග්‍රහණය කිරීම ස්ථිරයි. අපගේ උණුසුම් සුභපැතුම් මෙසේ එක්කරමු. (ර)

:       0       0

දසුනි Tuesday, 02 December 2014 10:49 AM

ගිය වර හංසයා ලකුණට ප්‍රකාශ වූ ඡන්ද වලට ජාතික හෙළ උරුමය, සැබෑ නිදහස් පාක්ෂිකයන්ගේ ඡන්ද,සහ අනෙකුත් පක්ෂ වල චන්ද එක්වූ විට ජය නියතයි!.(අ)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 02 December 2014 10:55 AM

කුණු, මඩ නොතැවරුණු, හංසයෙක් මෙන් පිරිසිදු මෛත‍්‍රී මහතාව දිනවමු. (ර)

:       0       0

අශෝක රළපනාව Tuesday, 02 December 2014 11:00 AM

ඔබතුමා මේ වනකොටත් දිනලා ඉවරයි.ඒ නිසා ලකුණ මොකක් උනත් ඔබතුමා ජයගන්නවා.(ම)

:       0       0

නිමල් Tuesday, 02 December 2014 11:01 AM

පරණ ආණ්ඩුව ආවට කිසිම සෙතක් නැහැ, නිකන් අපි අසරණ වෙනවා, ඒ නිසා මෛත්‍රී පාලනයක් ඇතිකරමු, ඔබට තෙරුවන් සරණයි.ජය නියතයි, සාධාරණ ඡන්දයක් තියන්න. (අ)

:       0       0

යසිරු Tuesday, 02 December 2014 11:03 AM

ශ්‍යාමා කුමාරි රත්නමලල ඔයා මායිම් ගම්මානයේ කොටි කටේ හිඳිමින් මේ තරම් ලංකාවේ දේශපාලනය ගැන විමසිල්ලෙන් සිටිය කියල කියන එක තමයි ආශ්චර්යය කියන්නේ . (අ)

:       0       0

යොහාන්‍ Tuesday, 02 December 2014 08:38 PM

හංසයාට ජයවේවා! (නි)

:       0       0

කනිෂ්ක Tuesday, 02 December 2014 11:05 AM

ශ්‍යාමා කුමාරි, ඔබතුමි තාමත් අර මායිම් ගම්මානයේ පරිගණකයෙන් ද මේ එසැනට අදහස් ලියන්නේ ? (අ)

:       0       0

චතුර Tuesday, 02 December 2014 11:06 AM

ජය වේවා (අ)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 02 December 2014 11:07 AM

මිනි කන්නගේ දේශයන් විසාල නුවරවල් බවට පත් වෙලා තිබුණු මේ රට ගොඩ අරන් අද කට්ටියට මෙහෙම දේශපාලනය කරන්න රටක් ඉතුරු කරලා දීල තියෙන්නේ මහින්ද මහත්තය..ඔය පිවිතුරු හෙටක් යහපත සමාජයක් හදන්න හදන අය මේ වෙනකම් බලේ හිටියනම් අද ලංකාවක් නැහැ..අපි කිරි පැණි රන් හැදී වලින් කාල කිරි පැණි වලින් නාපු ඒ 17 අවුරුදු යු ඇන් පි පාලන සමය චන්ද්‍රිකා මැඩම්ගේ 11 අවුරුදු පාලන සමය අමතක වෙන්න අපි ඕපපාතික නැහැ.කට්ටිය උඩ පනිනවා..අපි 2010 කට්ටිය ස්ප්රිීන් මෙට්ට දාල උඩ පැනපු හැටි දැක්කනේ.. මොකවුණේ..එදා තරගෙට ආපු චරිතේ අහලකින් තියන්න බැරි මේ මේ රුකඩ චරිතයටත් ඒක මෙහෙයවන්නන්ටත් මේ පාර වෙන්නේ ඊට වඩා අන්තව අකුලා ගන්න 9 වෙනිදායින් පස්සේ.. එතකම් ඔය කට්ටියට උඩ පැන පැන පාලු ගෙවල් වල වලන් බිදින්න.. අපේ අදහස් මේ අදහස් තෝරන අයවත් බලනවා ඇතිනේ... (අ)

:       0       0

මංජුල Tuesday, 02 December 2014 11:09 AM

මහින්ද මහත්තය වෙලාවට කලින් චඡන්දයක් තියල කෑ ගහනවා අනේ මාව අල්ලන්න විදේශ වලින් එනෝ කියල, අනේ මහත්තයෝ ඇයි එයාල ඡන්දෙ කාලෙටම ඔබතුමාව අල්ලන්න හදන්නේ, අපේ රටේ අහිංසක මිනිස්සුත් දැන් බුද්ධිමත් , (අ)

:       0       0

උමේෂ් Tuesday, 02 December 2014 11:09 AM

ශ්‍යාමා ඔයා ඇත්තටම මායිම් ගම්මානයේ ඉඳලා යන්තම් හරි පණ බේරා ගත් කෙනෙක් නම් ඔය කියපු කෙනා රට වෙනුවෙන් කල මෙහෙවර අගය කරනවා. ඒක එහෙම නෙවෙයි කියල දැන් ඔප්පු වුණා. (අ)

:       0       0

ජනනි ලොකුහේවා Wednesday, 03 December 2014 10:28 AM

උපේක්ෂා,පවතින රජය පෙරළන මැතිවරණයක් නැහැ. ඇත්තේ නායකයෙක් තෝරාගැනීමට මැතිවරණයක් පමණයි. පත්වෙන කෙනා ගැන අනාවැකි කියන්නට දෙයක් නැහැ. පරදින කෙනා ගැන අනාවැකි කොතෙකුත් කීවාට කමක් නැහැ. අපේ ජනාධිපතිතුමා තවමත් ජනතාවගේ හදවත් තුළ ජීවමානව සිටිනවා. එතුමා එපා වී ඇත්තේ එක කණ්ඩායමකට පමණයි. පොදු ජනයා පත්කර ගන්නේ අපේ ජනාධිපතිතුමාමයි. (නි)

:       0       0

සිරිමල් Tuesday, 02 December 2014 11:25 AM

මෙතුමාට අවශ්‍ය කරලා තිබුන ජන්ද ලකුණ පරවිය හෝ නෙලුම් මල. ඒකවත් ගන්න ක්‍රමයක් නැහැ .මේ රටේ නීතිය ගෙන මොන කතාද? ජනතාවට මේක හොද පණිවිඩයක් රටේ තත්වය ගෙන (අ)

:       0       0

පතිරණ Tuesday, 02 December 2014 11:26 AM

මහින්ද මහත්තයා බලයේ ඉන්නවාට වැඩියෙම කැමති සරණාගතයෝ වෙලා ඉන්න දෙමල ඩයස්පෝරාව, නැතිනම් ඒ අයට ලංකාවට එන්න වෙනවා,(අ)

:       0       0

කමල් Tuesday, 02 December 2014 11:27 AM

මිනිසුන් ජනපති තුමාට කාලගුණ සලකපු නිසා තමි දෙවන වරටත් ඡන්දය දීල ජනාදිපති කලේ. ඇයි දෙවියනේ මේ මිනිස්සුන්ට තේරෙන්නේ නැත්තේ තව අවුරුදු 2ක් ඉන්න පුළුවන්කම තියෙද්දිත් බල ලොබි කමට අලුත් ඡන්දෙකට යන්න හදන්නේ කියල? (අ)

:       0       0

ජයමාල් Wednesday, 03 December 2014 06:52 AM

77 - 93 කාලයේ අපි හිටියෙත් මේ ලංකාවෙම තමයි. (නි)

:       0       0

සත්‍යපාල Tuesday, 02 December 2014 11:28 AM

මටනම් මෙදා පාර ඡන්ද පොලට ගියාම පෙන්නේ හංසයා විතරමයි ! ලක්වැසි සියලු දෙනාටත් එසේ වේවා යයි ප්‍රාර්ථනා කරමි. (අ)

:       0       0

ප්‍රසාද් Tuesday, 02 December 2014 11:28 AM

බන්දුල, උඩ පැනපැන වලන් බිඳින වෙබ් අඩවි ගැන අමුතුවෙන් කියන්න ඕනි නැහැ රට්ටු දන්නවා. බොරු පච නිවුස් කියල දානවා මදිවට සන්ස්කාරකවරුම කොමන්ට්ස් දානවා. (අ)

:       0       0

සංජු Tuesday, 02 December 2014 11:53 AM

කතා දෙකක් නැහැ මේ පාර මෛත්‍රී මහත්තයා දිනනවා.(හේ)

:       0       0

මංජු Tuesday, 02 December 2014 11:54 AM

මේ පාර නම් ජය නියතයි.(හේ)

:       0       0

සරත් පියසේන Tuesday, 02 December 2014 11:56 AM

කලින් හංසයාට වුන දේ මේ හංසයාට වෙන එක වලක්වන්න කිසිම ජගතෙකුට පුලුවන්ද ?(හේ)

:       0       0

යොමාල් Wednesday, 03 December 2014 12:06 AM

මම හිතුවා මේ ළකුණ තෝරාගනීවි කියලා (නි)

:       0       0

අප්පුහාමි Tuesday, 02 December 2014 12:06 PM

බන්දුල මහත්තයෝ මදිද පරම්පරා ගණනකට හම්බකර ගත්ත..අදටත් මේක මිනී කන්නන්ගේ දේශය තමා. (අ)

:       0       0

කමල් Tuesday, 02 December 2014 12:10 PM

මංජුල, විදේශ බලවේග වලට අවශ්‍ය එතුමාව දිනවීම වෙන්න ඇති. අල්ලන් යන්න එනවා කිව්වාම අපි එතුමාව දිනවනවා නේ අල්ල යන්න බැරිවෙන්න (නදී)

:       0       0

නාලක Tuesday, 02 December 2014 12:23 PM

ලබන සැරේ හංසයාගෙන් ඉල්ලන්නේ කවුද?(හේ)

:       0       0

උපේක්ෂා Wednesday, 03 December 2014 07:06 AM

අතීත අත්දැකීම් අනුව පවතින රජය පෙරලා පත්කරන නව රජය ගැන අනාවැකි කිව නොහැකිය. නමුත් තීරණයක් ගැනීමේදී අවිනිශ්චිතතාවයට මුහුන දිය යුතුය. පොකුණක. වැවක වතුර පිරිසිදු නැත. නමුත් ගලා යන දිය දහරකින් සියලුෙදනාට ලැබිය හැකි ඵලය වැඩිෙව්. ඵමනිසා වසර 10 කින් පසුව නැවත වෙනසක් සිදුවිය යුතුව අැත. (ස)

:       0       0

දිසානායක Tuesday, 02 December 2014 12:26 PM

අපේ රටේ මැතිවරණයක් පවත්වනකොට හරිම දේවල් සිදුවෙනවා.බලයට එනතෙක් කවුරුත් හරිම සුධවන්තයෝ.ඇවිත් කලෙකින්ම අර සියල්ලම අමතක කරලා බලයෙන් උද්දාම වෙලා හරියට තමන්ගේ පුද්ගලික දේපලක් ලෙස සලකලා වැඩකරනවා. පවුලේ බලය තරකර ගන්නවා.යාලුවෝ තනතුරුවලට පත්කර ගන්නවා. ඡන්දය දීපු, වැඩකරපු බලයට පත්කරපු අය දැක්ම ලිස්සල යනවා.පවුල හදන්නයි.මුදල මඩිගහ වැඩි කාලයක් ගතකරන්නේ.රටට හෙන ගැහිලා ගියත් බලයේ රැදිලා ඉන්න විතරක් වැඩි දෙනෙක් කටයුතු කරලා තියෙනවා.(හේ)

:       0       0

ගුණරත්න Tuesday, 02 December 2014 12:30 PM

මළාම තමා..ෆොන්සේකාගේ පක්සෙන් සිරිසේන එන්නේ.එහෙනම් විධායක බලය නැතිකරන්නද ෆොන්සේකාගේ අවසරය ඕනේ.රනිල්ට බැහැ ෆොන්සේකාගේ පක්ෂේ මිනීහෙකුට බලකරන්න.ෆොන්සේකාට පුළුවන් ඡන්දෙ දිනුවට පස්සේ විධායක බලය ගන්න. නමක් නැතිවද මේ නමට හැමෝම කැමති උනේ. (ස)

:       0       0

උපාලි Tuesday, 02 December 2014 12:33 PM

මොකක් උනත් බන්දුලගේ කතව රත්තරන් වටිනා කතාව. (ස)

:       0       0

සුදර්ශන Wednesday, 03 December 2014 01:39 AM

ඔන්න අද ඉඳලා සමහරුන්ට රෑට රෑට හීනෙන් පෙනෙයි හංසයෝ රෑනක් වටකරගෙන කොටනවා (නි)

:       0       0

මොරිස් Wednesday, 03 December 2014 01:40 AM

බන්දුල මහත්මයා, ඔබට කියන්න තියෙන්නේ යුද්ධයෙන් රට බේරාගැනීමට දේශපාලන නායකත්වය දීම ගැන එතුමාට ඉතිහාසයේ රන් අකුරින් ලියවෙන පරිච්ඡේදයක් වෙන්වෙලා තිබුනත්, රටේ අනාගතය නැවත අඳුරට යමින් තිබෙන බව පැහැදිලිව පෙනෙන්න තිබෙන නිසා එතුමාට ඇති ආදරය නිසාම මේ වර පොදු අපේක්ෂකයා දිනවා එතුමාගේ ඇස් අරවමු. මෛත්‍රී එතුමාට කිසිදු කරදරයක් වීමට ඉඩදෙන එකක් නැහැ. (නි)

:       0       0

සමන්ති Tuesday, 02 December 2014 12:48 PM

මං හිතන්නෙ මේ අයට වරදක් වෙලා වගෙයි (දිල්)

:       0       0

ප්‍රසන්න Tuesday, 09 December 2014 09:53 AM

මේ සැරේ නම් හංසයා බේරාගන්න ඕනෑ (නි)

:       0       0

සෙත්මි Wednesday, 03 December 2014 01:42 AM

ජනපතිතුමනි, මේ රට ඉදිරියටත් අදත් හෙටත් රටවැසියා වෙනුවෙන් සාමයෙන් සහ දියුණුවෙන් පිරි රටක් කිරීම ඔබට බාරයි (නි)

:       0       0

සිරිමල් Tuesday, 02 December 2014 12:51 PM

ෆොන්සේකා මහත්තයාගේ හංසයා ගත්තේ අපරාදේ.පරවියා ගන්නත් බයවෙන්න ඇති පළමු රැළියේ සිරිපාල මහත්තයා නිදහස් කරපු පරවියා ආයෙම ඇවිත් කුඩුවෙම වහපු නිසා.(දිල්)

:       0       0

සුනෙත් Sunday, 07 December 2014 07:41 AM

ලොකු අරබුධකාරි දේශපාලනයක් වෙනවා මේ චන්දය (දී)

:       0       0

සත්‍යපාල Wednesday, 03 December 2014 02:25 AM

හංසයා ලකුණ ලැබීම සුභ ලකුණක්. හංසයා කිරෙන් දියර වෙන්කර ගන්නවා වගේ දේශපාලනයේ ඉවත දැමිය යුතු අපවිත්‍ර දේවල් බැහැරකර ශිෂ්ටසම්පන්න දේශයක් ගොඩ නංවන්න මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු කණ්ඩායම දරන උත්සාහය මල්ඵල ගැන්වේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිටපු ඇමැති රොත්තක් තවම රජයේ බංගලාවල
2024 ඔක්තෝබර් මස 02 6 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත



ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 1285 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 2747 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 1703 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 2923 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38548 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25368 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 273 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 924 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site