IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


මෛත්‍රී හා මෝදි මාධ්‍ය හමුවෙයි

ඉන්දියාවේ සංචාරයක නිරත වූ ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මීට සුළු වේලාවකට පෙර ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පැවැත්වීය.

එහිදී ඉන්දියාවේ අගමැතිවරයා කියා සිටියේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා තම ප්‍රථම විදෙස් සංචාරය ලෙස ඉන්දියාවට පැමිණි අවස්ථාවේ පිළිගැනීමට හැකිවීම විශාල සතුටක් බවයි. ජනාධිපතිවරයා ලැබූ ජනවරම ශ්‍රි ලංකාවේ සාමූහික ජනතාවගේ හඬ නියෝජනය කරණ ජයග්‍රහණයක් යැයි ඉන්දියාවේ පිළිගැනීම බවත් ඒ වෙනුවෙන් ඉන්දියාවේ සුබ පැතුම් පිරිනමන බවත් අගමැති මෝදි කීවේය. ශ්‍රී ලංකාවේ ජනාධිපතිතුමාට ලැබී ඇති ජනතා සහයෝගය එක්සත් හා සමෘද්ධිමත් ජාතියක් බිහි කිරීමට හැකියාවක් ලැබෙනු ඇතැයි ද අගමැති මෝදි පැවසීය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන් සහ තමන් ද්විපාර්ශික සබඳතා සහ ජාත්‍යන්තර ගැටළු පිළිබඳ සාකච්ඡා කළ බව ද ශ්‍රී ලංකාවේ විශාලතම වෙළඳ හවුල්කරු වීමට සතුටින් සිටින බව ද මෝදි කීවේය. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගුවන් හා මුහුදු සම්බන්ධතා වැඩිදියුණු කිරීමට කටයුතු කරන බව ද ඔහු වැඩිදුරටත් කීවේය.

මීට ඉහත අවස්ථා කිහිපයක දී ම සාකච්ඡාවට ගෙන අතරමග නැවතුණු ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර වූ න්‍යෂ්ඨික සහයෝගීතාව පිළිබඳ ද්විපාර්ශ්වික ගිවිසුමක් අත්සන් කිරීම කෙරෙහි ද වැඩි අවධානයක් යොමුකැර ඇති බව අගමැතිවරයා කීවේ යැයි ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත් සේවය වාර්තා කරයි.



අදහස් (0)

මෛත්‍රී හා මෝදි මාධ්‍ය හමුවෙයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බස් ගාස්තු පහළට
2024 ඔක්තෝබර් මස 01 89 0

ඩීසල් මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබාදෙමින් බස් ගාස්තු අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.


නිධන් හැරූ හිටපු පීසී ඇතුළු 6ක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 86 0

මන්දාරම් නුවර, එලමුල්ල ඔය රක්ෂිතයේ පිරිසක් නිධන් හාරන බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගිය අවස්ථාවේදී සේවය අතහැර ගිය කොස්තාප


රිය අනතුරින් 8ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 01 144 0

අව්ස්සාවේල්ල කෑගල්ල ප්‍රධාන මාර්ගයේ කෝට්ටපොල පීල්ල ආසන්නයේ ලංගම බස් රථයක් පාරෙන් ඉවතට පෙරළී යාමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයන් අටදෙනෙකු තුවාල ලබා ක


නිධන් හෑරූ පිය-පුතු අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 157 0

පස්සර පරමංකඩ ප්‍රදේශයේ ඉඩමක නිධන් හාරමින් සිටි පියපුතු දෙපලක් රුපියල් ලක්ෂ ගණනක් වටිනා මැනික් ගල් 11ක්, කුඩා ඉපැරණි බුදු පිළිමයක් , රන්පැහැති කුඩා මංජු


සත්වෝද්‍යාන දොර දරුවන්ට අද නොමිලේම ඇරෙයි
2024 ඔක්තෝබර් මස 01 153 0

අවුරුදු දොළහට අඩු දරුවන්ට ලෝක ළමා දිනය නිමිත්තෙන් ලංකාවේ සියලුම සත්වෝද්‍යාන වලට අද(1) නොමිලේ පිවිසීමට අවස්ථාව දෙන බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසය


තැනින් තැන අදත් වැස්ස
2024 ඔක්තෝබර් මස 01 65 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38362 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25284 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 263 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 866 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 312 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site