IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


මෛත්‍රී - ෆොන්සේකා පැටළෙති

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ ෆීල්ඩ්  මාර්ෂල් සරත් ෆොන්සේකා යන මහත්වරුන් අතර ඇතිවූ බහින්බස්වීමක් හේතුවෙන් පාර්ලිමේන්තුවේ උණුසුම්  තත්වයක් අද (21)පස්වරුවේ   ඇතිවිය.

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ  විවාදයට එක්වෙමින් අදහස් දැක්වූ  ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා එම ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට  දිගින් දිගටම චෝදනා කළේය.

දෙදෙනා අතර මෙම  බහින්බස්වීම් ඇතිවූයේ ඒ අවස්ථාවේදීය.

මේ එහිදී ඇතිවූ සංවාදයයි.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා:

මේකෙ මහ මොළකාරයො  දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් මෙයා.අනෙත්  කෙනා  ගෝඨාභය. සනී කියන්නේ මැද පෙළ පිතිකරුවෙක් විතරයි.  මෙයා සිංගප්පූරුවේ ඉද්දි තමයි බෝම්බ පිපුරුවේ.  ලංකාවට ආවේ නෑ හෝටලයක හැංගිලා හිටියා. ඇඳ යට රිංගා ගෙන ඉඳලා තියෙනවා. මම පාර්ලිමේන්තු කාරක සභාවේදී  මේ ගැන  මේක ප්‍රශ්න කළා. එයා මොකද කිව්වේ. ගුවන් යානයේ සීට්  නැහැ කිව්වා. එහෙම බොරු කියලා කවුරුත් නිදා ගත්තට පස්සේ රෑ හොරෙන් රටට ආවා.මේ වගේ බියගුළු රාජ්‍ය නායකයෙක් කවදාවත් බිහිවෙලා නැහැ. අපිට හරි ලැජ්ජයි.

(මෛත්‍රිපාල සිරිසේන මහතා කෑ ගසයි)

ෆොන්සේකා මහතා:

කට වහගෙන අහගෙන ඉන්න.

සිරිසේන මහතා:

සනී හිටියේ කොහෙද. තිරුපති තියෙන්නෙ කොහෙද. මම තිරුපති ඕනතරම් ගිහිල්ලා තියෙනවා මට කවදාවත් සලේ හම්බ වෙලා නැහැ. සලේ ඉන්දියාවේ මම ඉන්න තැන දැනගෙන හිටියෙත් නැහැ.මෙයා කියන්නේ පට්ටපල් බොරු. මෙයා හමුදාවේ ඉන්නකොට මෙයාගේ කඳවුරට ගහලා දහස් ගණනක් මැරුණා.

ෆොන්සේකා මහතා:

මේ පිස්සා හැමදාම මේ කතාව කියනවා.යුද හමුදාපති කියන්නේ ආරක්ෂක මුරය බාරව ඉන්න කෙනා නොවෙයි. දැන් වලිගේ පාගගෙන කෑගහනවා. මෙයා මේ හැසිරෙන්න හිටපු ජනාධිපති කෙනෙක් විදියටද. හරියට පසුපෙළ පසුපෙළ මන්ත්‍රීවරයෙක් විදියට හැසිරෙන්නේ. මෝඩයෙක් වගේ කෑගහනවා. මහ මොළකාරයා නිසා තමයි මේ කෑ ගහන්නේ.අපි කවදාවත් ඇඳවල් යට හැංගිලා හිටපු අය නෙවෙයි. පොදු අපේක්ෂකයන්ටත්  නින්දාවක්. අපිත් ඒ  මෝඩ වැඩේ 2015දී  කළා. අපි දැන් ලැජ්ජ වෙනවා.

(මෛත්‍රිපාල සිරිසේන මහතා කෑගහයි)

මෛත්‍රිපාල සිරිසේන මහතා;

මෙයා මේ කියන්නේ පට්ටපල් බොරු. මෙයා හමුදාපති කාලේ කාලෙ අපේ කොල්ලො දාහ දෙදාහ මැරුණා. ඒව ගැන මෙයා කතා කරන්නේ නැහැ. හමුදා මූලස්ථානය රැකගන්න බැරි හමුදාපති කෙනෙක් මෙයා. බඩවැල් එළියට එන්න බෝම්බ වැදුණා. බඩවැල් ගෙනිච්චෙ  එක වාහනයක. මෙයා ගෙනිච්චේ තවත් වාහනයක. දැන් මෙයා ජාතික ආරක්ෂාව ගැන කතා කරනවා. පාස්කු ප්‍රහාරය ගැන සෙවීමට පත් කරපු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව තනිකරම ඒක පාක්ෂික එකක්.

ෆොන්සේකා මහතා

මම හමුදාපති කාළේ හමුදා භටයන් පන් දහස් ගාණක් නැති වුණා. දාහක් දෙදාහක්  නොවෙයි. ඒ අය  කැපවීම් කරලා තමයි ත්‍රස්තවාදීන් විසිපන්දාහක් ඝාතනය කළේ. යුද්ධය ජයග්‍රහණය කළේ.  කැපවීම් නොකර යුද්ද දිනන්න බැහැ ඇඳවල් යටටවෙලා  ඉදලා යුද්ද දිනන්න බැහැ (මෛත්‍රිපාල සිරිසේන මහතා කෑ ගසයි)



අදහස් (11)

මෛත්‍රී - ෆොන්සේකා පැටළෙති

Nimal R Thursday, 21 September 2023 03:59 PM

පොන්සේකා ද්‍රෝහී බල්ලෙක්..බල්ලෙක්

:       82       22

NuwanFriday, 22 September 2023 12:41 AM

සත්‍ය කතා කිරීම ද්‍රෝහී කමක් ලෙස පේන්නේ නූගත් අමන නපුංසක පාහරයන්ට

:       0       1

suki Thursday, 21 September 2023 04:09 PM

ගරු මන්ත්‍රී තුමා..

:       18       6

HELAYA Thursday, 21 September 2023 04:33 PM

මොනවා උනත් මෛත්‍රීපාල හිටපු ජනාධිපති කෙනෙක් .ඔහුට පිස්සා කියන එක නින්දා සහගතයි .එතකොට ෆීල්ඩ් මාෂල් ගත්තේ පිස්සෙක් නේද ?

:       0       0

වත්සි Thursday, 21 September 2023 05:05 PM

මෙවැනි කෂඩ කයිවාරු කාරයන් සමග සිටිමින් බටහිර සහ ඉන්දියාවේ ආශිර්වාදය ලත් ත්‍රස්ත රැලක් සමග යුද්ධ කරලා එකත් ජයග්‍රහණ කරලා, රටේ ආර්ථිකයත් ආසියාවේ දෙවෙනි හොඳම ආරිතිකය බවට පත් කලාට මහින්ද මහත්තයාට වෙනම තෑග්ගක් දෙන්න වටිනවා. ශික් විතරක්!

:       0       0

nandana Thursday, 21 September 2023 05:12 PM

කොහෙද හිටපු බයියෙක් .පොළොන්නරුවෙන් කොළඹ ඇවිත් මොංගල් වෙලා රට කෑවා ,පොන්න මයිත්‍රී

:       0       1

abaran Thursday, 21 September 2023 05:19 PM

පොළොන්නරුවේ පොළඟා නිකන් කිච වුණා. පාර්ලිමේන්තුවෙන් චුත කලයුතු එකෙක් තමයි මේකා . හැම දාම අනුන්ට වල කැපුවා . අන්තිමට මේක මැරෙන්නේ ඒ වලකම වැටිලයි .

:       0       1

පැරකුම් Thursday, 21 September 2023 05:37 PM

තිත්ත තමයි ඒත් ඇත්ත…!

:       0       0

Saama Thursday, 21 September 2023 06:06 PM

අම්මෝ සිරිසේන චාටර්...

:       0       1

Kolitha Thursday, 21 September 2023 06:47 PM

පිස්සු තමයි.

:       0       0

ජගත් ලියනගේ Thursday, 21 September 2023 09:02 PM

බෝම්බෙ පිපුරුණාට පස්සේ ගුවන් තොටුපලෙන් හිනාවෙවී ආවා නම් මතකයි...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලොක්කන් 13කගේ රට ගිණුම් අවුස්සයි
2024 ඔක්තෝබර් මස 12 3452 0

විදේශයන්හි බැංකු සහ මූල්‍ය ආයතනවල කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් තැන්පත් කර ඇතැයි තොරතුරු සඳහන්වී ඇති දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරින් 13 දෙනෙකු සම්බන්ධ


චීන්නු 100ක් මහනුවරින් අල්ලයි
2024 ඔක්තෝබර් මස 12 4142 0

මහනුවර කොණ්ඩසාලය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගනිමින් පිරමීඩ මූල්‍ය වංචාවක නිරත වූ බවට සැකකරන චීන ජාතිකයන් සියයකට අධික ප්‍රමාණයක් මහනුවර කොට්ඨාස අපරාධ


ආපදාවලට පත් වූවන්ට හරියට සලකන්න
2024 ඔක්තෝබර් මස 12 741 0

ආපදා සහන සැලසීමේ ක්‍රියාවලිය පිලිබදව ඉදිරියේදී විශේෂ අධීක්ෂණයක් කිරීමට අපේක්ෂිත බැවින් පීඩාවට පත්වන ජනතාව වෙත දිනකට පෝෂ්‍යදායි, පිරිසිදු ආහාර වේල්


ගෙදර ගිය මන්ත්‍රීන් 225 දෙනාගේ වත්කම් සොයයි
2024 ඔක්තෝබර් මස 12 1038 1

වත්කම් බැරකම් ප්‍රකාශ නැවත බාර දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම අල්ලස් හෝ දූෂණ චෝදනා චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී ඇත.


ජනපති අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා බාරදීම හෙටින් අවසන්
2024 ඔක්තෝබර් මස 12 2977 0

ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.


අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 3891 9

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40164 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26003 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 270 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 410 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1329 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site