IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


මාතලේ ජරා හෝටල් වැහි වහී

මාතලේ  නගර සභා බළ ප්‍රදේශයේ  ඇති ආපන ශාලා  හැටෙන් හතලිහක ආහාර මිනිස් පරිභෝජනයට  නුසුදුසු බව  සිදු කළ සමීක්ෂණවලදී හෙළිවී ඇතැයි මාතලේ නාගරික මන්ත්‍රී සෞඛ්‍ය කමිටු සභාපති  රොෂාන්ද සිල්වා මහතා පැවසීය.

 මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ,මාතලේ පරිසර පොලීසිය හා මහ නගරසභාව එක්ව කළ  සමීක්ෂණයකදී මේ බව අනාවරණය වී ඇත.



අදහස් (0)

මාතලේ ජරා හෝටල් වැහි වහී

විමලසේන හ.ද. Friday, 21 June 2013 11:54 AM

හේරත්,මුස්ලිම් හොටෙල් වලට ඇයි බනින්නේ?ඒවායේ හොඳ පිරිසිදුකමක් තියෙනවා. නැත්තෙ සිංහල හෝටල් වල. (නි)

:       0       0

රූපවතී Thursday, 20 June 2013 11:49 PM

විශේෂයෙන් ලංකාවේ හැමතැනකම මේ විදියයි. පොඩි මිනිසුන් පුංචි සිල්ලර කඩයක් දැම්මොත් , පී.එච්.අයිලා බඩුවක් බිමවත් තියන්න දෙන්නෙ නැහැ. පොළවෙන් අගල් 6ක් උඩකින් විය යුතුයි. ඒත් නගර වලට ඒ නීතිය නැහැ. තොග බඩු කඩයකට ගියාම මුස්ලිම්වරුන්ගේ, අල ලුණු බිම. පනුවෝ දගලනවා. අපි ඇහුවහම එයාලගෙන් එයාලා දෙන උත්තරය , ඔයාලගේ කට්ටියම තමයි එන්නේ නෝනා,අපෙන් ගානක් එකතුකරන් යනවා , මේවා ටිකක් අස්කරලා තියන්න කියලා... ඒ කඩ හිමිය දෙන උත්තරයයි. අපි කාටද මේවා කියන්නේ ? (නි)

:       0       0

ඩයස් Thursday, 20 June 2013 04:46 PM

මේ අයව අල්ලා ඉක්මනින්ම ලොකු දඬුවම් දෙන්ඩ.(නදී)

:       0       0

නීල් Thursday, 20 June 2013 04:50 PM

මාතලේ පමණක් නොවෙයි රටපුරාම තත්වය ඔය විදිහයි. ඉඳහිට සිදුකරන වැටලීම් වලින් සාර්ථක ප්‍රතිපල ලබාගත නොහැකි බව පැහැදිලියි. නිරන්තරයෙන් මෙවැනි ස්ථාන පරීක්ෂා කිරීමේ යාන්ත්‍රණයක් අවශ්‍ය වන්නාක් මෙන්ම ඉහල දඩ මුදලක් අයකර ගැනීමේ සිට ව්‍යාපාරික බලපත්‍රය අහෝසි කිරීම දක්වා දැඩි දඬුවම් නියම කල හැකි පරිදි නීති සම්පාදනය කළ යුතුයි. (නි)

:       0       0

තිසල් Friday, 21 June 2013 12:49 PM

අපිරිසිදු ආහාර ගන්න රටවල් ශ්‍රේණිගත කලොත් ලංකාවට පලවෙනි තැන වුනත් ලැබෙන්න ඉඩ තිබෙනවා.මම පසුගිය වසර 4-5 තිස්සේ විවිධ ආයතනවලට ලිපි සිය ගණනක් යවලා තිබෙනවා එක දෙයක් වෙනුවෙන් අවධානය යොමුකර ගන්නට. එනම් ලංකාවේ එළවලු පලතුරු පිරිසිදුව ප්‍රවාහනය සහ විකිණීම වෙනුවෙන්. ඉරිදා හෝ සති පොළකට ගිහින් බලන්න.එළවලු සහ පලතුරු තියල තිබෙන ගෝනි පඩංගු දිහා.ඒවා ඉතාම අපිරිසිදුයි.රෑට බල්ලන් ලගින හෝ කැහි සෙම හොටු බුලත්කෙල ගහපු,බලු බෙටි දිය වුන පාරේ පඩංගුව එලපු වතාවල් අනන්ත ඇති.මේක උඩ තියපු පලා මිටි,සුද්ධකරපු කොස් වලට එහෙම ඇලෙන ජරාව කොපමණද.මේ නිසා කිසිම ආහාරයට ගන්නා දෙයක් අඩුම තරමින් පොළොවෙන් අඩි දෙකක්වත් තුනක්වත් ඉහල තබා තිබිය යුතුමය යන නීතියක් ගෙනා යුතුයි.සති පොළ වලින් බදු අයකරන පළාත්පාලන ආයතන වෙලදුන්ගෙන් ය කරන බදු මුදලින් මේවා (අකුලන මේස වැනි ) සදා ඔවුනට සැපයිය යුතුය. මෙම දේවල් නිසි අසුරා බල්ලන්ට ලැගීමට හෝ රාත්‍රියට යාචකයන්ට නිදාගන්නට ඉඩ නොදිය යුතුය.රටේ පිරිසිදුකම ඉහල යායුතුමයි.වකුගඩු රෝගය රටම වෙලාගෙන ඇති මොහොතක අපේ දරුවනට තව තවත් රෝග වසංගත අපි නොදිය යුතුයි.ඔවුනට අපි සැම දැනටම ඉතිරිකර ඇති විනාසය (ඩෙංගු,වකුගඩු රෝග.....) හොදටම ඇතිය. (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Friday, 21 June 2013 01:31 PM

අපේ මහජන සෞක්‍යපරීක්ෂක වරු වෙසක් පෝය දවසේ දන්සල් නම් පරික්ෂා කරා, නමුත් 365 දවසෙම අපිරිසිදුව පවත්වාගෙන යන මෙවැනි හෝටල් ලංකාව පුරාම තිබෙනවා ඔවුන්ට ඒවා පෙනේනේ නැහැ , මෙවැනි ජරා හෝටල් වලට විරුධවත් කටයුතු කරන්න. (ස)

:       0       0

පෙරේරා Thursday, 20 June 2013 05:31 PM

ලංකාවේ අනිත් නගර වල ජරා හෝටල් ඔහොම වැහි වැහැල නැතුව ඇති නේද? (අ)

:       0       0

උපාලි Friday, 21 June 2013 03:21 AM

එන්කේඩී කියන දේ බලධාරීන්ට පෙනේවා කියලා මම ප්‍රර්ථනා කරනවා. මේවා පුරවැසියෝ, බදුගෙවන්නෝ පෙන්නලා දෙනකල් අපි පත්කරලා ඇරපු කට්ටියට පෙනෙනේනේ නැද්ද? ප්‍රාඩෝවල යනකොට ටිකක් වටපිට බලන්න අපි වෙනුවෙනුත්. ලොකු නගර කොයි එකත් ඔය වගේ තමයි. (නි)

:       0       0

ජ.හේරත් Thursday, 20 June 2013 06:16 PM

දෙකක් නැහැ ආයේ, මුස්ලිම් හෝටල් වෙන්න ඇති (නි)

:       0       0

පෙරේරා Thursday, 20 June 2013 06:56 PM

හේරත්, අපොයි ඔව් අපේ සිංහල අය බොහොම පිරිසිදුවටනේ හෝටල් පවත්වාගෙන යන්නේ. (නි)

:       0       0

භණ්ඩාර Friday, 21 June 2013 09:16 AM

මාතලේ නගරාධිපති පත්වෙලා ඉන්නේ එයාගේ ව්‍යාපාරික කටයුතු වලට තනතුර පාවිච්චිකරමින් ලෝකයේ ඕනෙම තැනකට විඅයිපි ලෙස යන්න වුවමනා නිසා. උපනගරාධිපති ගැන කියනවට වඩා හොදයි අපේ කට බිම උලාගන්න එක.එයා නීතිඥයෙක්.නඩුවක් බරදෙන්නටවත් නඩුවට අදාල දෙයක් කතාකරන්නවත් ඉඩ දෙන්නේ නෑ.(අ)

:       0       0

එන්.කේ.ඩී. Thursday, 20 June 2013 08:16 PM

මාතලේ මස් කඩවල සහ මාළු කඩවල්වල මස් මාළු ඔතල දෙන්නේ පරණ පත්තරවල.පත්තර මුද්‍රණයට ගන්නා ඉතා විෂ සහිත තීන්ත ඔක්කොම මස් මාළු වලට උරාගන්නවා. මිනිස්සුත් ඔහේ කනවා.මාතලේ රථවාහන සෝදන, අලුත්වැඩියා ආයතනවල තෙල් ,අපද්‍රව්‍ය රදවාගැනීමට ප්‍රමිතියට හැදු වලවල් තිබෙනවා.නමුත් නීතියෙන් ගැලවෙන්න විතරයි.වලෙන් කෙලින්ම තෙල් ,අපද්‍රව්‍ය ඔක්කොම ජලමාර්ගවලට එකතුවෙනවා. මාතලේ නගරසභාවේ වැසිකිලි අදින වාහනය වැසිකිලි වළක් ඇදල ටැංකිය පිරුණම අපද්‍රව්‍ය සියල්ල නගරය මැද තිබෙන සුසානභුමියේ වළක් කපල ඒකට හලනවා.වැසි සහිත නිවාඩු දවසක හදිසියේ වැසිකිලි වළක් ඇදල වළක් කපන්න බැකෝ යන්ත්‍රය නැති නිසා වැසි ජලයත් සමග නගරයේ කාණුව දිගේ අසුචි යවන අවස්ථා තිබෙනවා.පොඩි වැස්සක් වැස්ස ගමන් ජල නළවලින් එන්නේ වතුර නොවේ කහ පාට මඩ වතුර.ලංකාවේ මුලින්ම නැතිවීයන්නේ මාතලේ මිනිස්සු.මේවා කියන්නේ කාටවත් රිදවන්න නොවේ. හිතේ වේදනාවට. (අ)

:       0       0

තිසල් Thursday, 20 June 2013 08:27 PM

හෝටල්වල විතරක් වරද නොවේ.අපේ රටේ අයියලත් ඕනෑම ජරා තැනකින් ඕනෑම ජරාවක් කනවා.නොකන අයට අපහසයකුත් කරනවා ජරාව නිසා නොකන බව කීවොත්. ජරාව ගිලින අය නිසා නේද ඔය හෝටල් පවතින්නේ ? ඕවා කතාකරන්න ගිහින් මම කොතරම් විහිලුවට ලක්වෙලා තියනවද ? අපේ අය හැදෙන ජාතියක් නොවේ. (නි)

:       0       0

ගයාන් Friday, 21 June 2013 10:20 AM

ඇත්තටම මාතලේ නගරයේ තියෙන හෝටල් ගොඩක් අපිරිසිදුයි. දැක්කම එපා වෙනවා කන්න තියා දැක්කමත් එපා වෙනවා මේ හෝටල් නතර කල යුතුම වෙනවා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 200 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 1126 5

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 3880 9

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 2945 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 3393 4

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1488 1

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37897 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24977 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 761 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 271 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site