IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


මාතලේ පෙරහරේ අලියෙක් කුලප්පු වේ

මාතලේ අලුවිහාරයේ සංගායනා පෙරහරේ ගමන් කළ අලියකු  කුලප්පු වීම නිසා පෙරහර කටයුතු තාවකාලිකව නවතා දමා ඇතැයි සංවිධායකයෝ කියති.

රාත්‍රී 11.30 වන විට පෙරහර මාතලේ මන්දණ්ඩාවලට ළඟා වී තිබුණු අතර වාහනයක නලා ශබ්දයක් නිසා අලියා කුලප්පු වූ බව නරඹන්නෝ කියති.

පෙරහර නැරඹීමට තනා තිබූ අට්ටාලයක් කඩා දමා ඇතත් කිසිවකුට අනතුරක් වී නැත. අලියා මෙල්ල කර ගැනීමට ඇත්ගොව්වෝ පැයක එක හමාරක් තිස්සේ වෙහෙසති. 

 

 



අදහස් (0)

මාතලේ පෙරහරේ අලියෙක් කුලප්පු වේ

ද සිල්වා බෙර්ලින් Sunday, 15 June 2014 02:30 AM

අලි ඇතුන් පෙරටු කරගෙන පෙරහැරවල් පවත් වන්න කියා බුදුරජානන්වහන්සේ කිසිම දවසක දේශනා කර නැත , සත්ව හිංසනය බුදුදහමට පටහැනි වේ , අලි ඇතුන් ජිවත් විය යුත්තේ වනයේ මිස මහා මග නොවේ , මේ පෙරහැරවල යන්න සහ සල්ලිකාරයන්ගේ ලොකුකම රටට ප්‍රදර්ශනය කිරීම සදහා අලි පැටවුන් සොරකම් කිරීමට වනාන්තර වල ජිවත්වන අලි රංචු පිටින් වෙඩි තබා මරනු ලැබේ . අනේ නායක හාමුදුරු වරුනි පින්සිධවේවි පෙරහැර වල අලි ඇතුන් ගෙනයාම නතරකර දමන්න , (දී)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Sunday, 15 June 2014 03:18 AM

පාර්ලිමින්තුවේ ඉන්න අලි කුලප්පු කරන්න නගුට හැපුවත් බැහැනේ !!කරන්න තියෙන දේ එක විශ්ව විද්‍යාල කතාවක තියෙනවා.' අලියා ගාවට ගිහින් අලියෝ අලියෝ අර ගාල්ලේදී කොරපු දේ කරමුද? කියල අහන එක විතරය් !!ගාල්ලේදී කරපු දේ නම් ලියන්න බැහැ...හිතන්න !!චන්ද්‍ර (දී)

:       0       0

දිල්රුක්ෂන් - අවිස්සාවේල්ල Sunday, 15 June 2014 05:53 AM

පෙරහැරවල් වල යන අලි ඇතුන් පිළිබඳ මිට වඩා සැලකිලිමත් වීම ඉතා වැදගත් මන්ද යත් මිනිස් ජිවිත විශාල වශයෙන් විනාශ වීමට හැකියාවක් මේ අලි කුලප්පු වීමෙන් සිදුවිය හැකියි (ස)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 15 June 2014 06:35 AM

බෙර්ලින් සිල්වාගේ සත්ව කරුණාව ඇහුවම අැඬෙනවා , මහත්තයෝ අලි ඇතුන් එක්ක පෙරහැර කරපු ඉතිහාසය අවුරුදු දහස් ගානක් වෙනවා, අපි කවදාවත් මේ සතුන්ට හිරිහැර කලේ නැහැ. බුද්ධ වචනය පිරිත් කරලා මේ සතුන්ට ආශිර්වාද කරලා තමයි පෙරහරේ ගෙනියන්නේ. සමහර වෙලාවට මද කිපෙන්න පුළුවන්. නැත්නම් අැත් ගොව්වුවගේ හරි මිනිසුන්ගේ වරදින් හරි තමයි මේ සත්තු කුලප්පු වෙන්නේ. ඉතින් එ් වෙලාවට අල්ලලා ගැට ගහනව ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ ,යුරෝපය ප්‍රමුක රටවල අමානුෂික විදියට පහර දෙමින් රේස් දුවවන අශ්වයෝ ගැන ඔය මහතුරුන්ගේ කටවල් ඇරෙන්නේ නැහැ. එ් වගේම බලු රේස් , ගොන් පොර , නරි දඩයම , තාරා දඩයම , කැන්ගරු දඩයම , එතකොට සර්කස් පෙන්නන්න හිරකරගෙන වද දෙන සතුන් ගැන මේ සත්ත්ව කරුණාව කොහෙද තියන්නේ ? මහත්තයෝ , අපේ මිනිස්සු අලි හදන්නේ දරුවෙක් හදන ගානට ආදරෙන් , පෙරහරේ ගෙනියන්නෙත් එ් තරම්ම ශ්‍රද්ධාවෙන් ,ගෟරවයෙන් , කරුණාවෙන්. (ස)

:       0       0

සත්‍යපාල Sunday, 15 June 2014 03:25 PM

මාතලේ අලුවිහාරේ සිට පෙරහැර එන මාර්ගය මඟහැර යාමට කිසිම වෙනත් විකල්ප මගක් නොමැති නිසා දහස් ගණන් වාහන පැය තුන හතර මහමඟ හිර වෙන එක තමයි තිබෙන ප්‍රශ්නය වෙන්නේ (නි)

:       0       0

මල්ලි Sunday, 15 June 2014 07:12 AM

ද සිල්වා බෙර්ලින්----ඔබේ අදහසට මමත්එකගයි (දී)

:       0       0

තුසිත Monday, 16 June 2014 01:10 AM

වාහන වල ශබ්දයට සමහරවිට අලියා කලබල වෙන්න ඇති (නි)

:       0       0

සුජිත් නිව්යොර්ක් Sunday, 15 June 2014 07:57 AM

පිටබැද්දර ජයාගේ අදහසට මම එකඟයි. (නි)

:       0       0

පිටිගල Sunday, 15 June 2014 08:27 AM

පෙර රජ දරුවන් විසින් අලින් පෙරහරේ ගෙනගියේ ඒ කාලයේ දියුණු තාක්ෂණයක් නොතිබුණ නිසානේ. දැන් අලි බර වැඩ වලට යොදන්නේ නැත්තේ ඊට වඩා ශක්තිමත් කාර්යක්ෂම මෙවලම් තිබෙන නිසා. ඉතින් ඇයි පෙරහැරට විතරක් මේ වෙනස කරන්න බැරි? වෙනසකට මේ කාලයයි. මේ මගේ අදහසයි. (නි)

:       0       0

ඉසුරන්දි Sunday, 15 June 2014 09:43 AM

කොහොමත් මේ දවස්වල කකුල් දෙකේ මිනිස්සුත් කුලප්පුවෙලානේ ඉන්නේ. (නි)

:       0       0

රසික Sunday, 15 June 2014 12:06 PM

සමහරු කියන විදියට පොලිස් සුනඛයෝ පුහුණු කිරීමත් සත්ව හින්සනයක් නේද?

:       0       0

ද සිල්වා බෙර්ලින් Sunday, 15 June 2014 01:55 PM

පිටබැදර ජයා මහතා , අලි අවුරුදු දහස් ගණනක සිට පෙරහරේ ගමන් කළ බව ඇත්ත. නමුත් දැනට ලංකාවේ මාර්ගවල තත්වය වෙනස් . ලංකාවේ වනාන්තර වල ජීවත්වන අලි සම්පත ආරක්ෂා කරගන්න අවශ්‍ය නම්, පුද්ගලයන්ට අලින් ඇති කිරීම තහනම් කිරීමට නීති පැනවිය යුතුය. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2130 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1381 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2198 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 540 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3113 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37177 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24487 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 189 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 626 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site