IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


මාතලේ මිනිරන් පතල් කැණිම ගැන වාර්තාවක් ඉල්ලයි

(ඩයනා උදයංගනී)

මාතලේ අඹන්ගඟ කෝරලයේ පුස්සැල්ල ප්‍රදේශයේ නායයෑමේ අවදානමක් ඇති ඉඩමක මිනිරන් පතල් කැනීම සඳහා සමාගමකට බලපත්‍ර ලබාදී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට සම්පූර්ණ වාර්තාවක් ලබා දෙන ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති ඉංජිනේරු අනුර වල්පොළ මහතාට උපදෙස් දී ඇත.

මෙම වාර්තාව මෙම සතිය තුළදීම තමන්ට ලබා දිය යුතු බවට අමාත්‍යවරයා සභාපතිවරයාට දැනුම් දී තිබේ.

මෙම ප්‍රදේශයේ නායයෑම් සිදුවිය හැකි බවට, ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වාර්තාවක් නිකුත් කර තිබියදී, ප්‍රාදේශීය ලේකම්වරයාගේ අවසරයක් පවා ලබානොගෙන විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මගින් එහි මිනිරන් පතල් කැපීම සඳහා වන බලපත්‍රයක්  නිකුත් කර ඇති බවට ‘ලංකාදීප’ අද (1) පුවත්පතෙහි ප්‍රධාන සිරස්තලය යටතේ පළ ව ඇති ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් අවදානය යොමු කරමින් අමාත්‍යවරයා මෙම උපදෙස් දී ඇත.

නාය යන ප්‍රදේශයක් ලෙස එම ප්‍රදේශය නම් කර තිබේ නම් හා කැණීම් බලපත් ලබාදීමේ දී කිසියම් පාර්ශ්වයක් විසින් එය හිතාමතා  නොසළකා හැර හෝ වෙනත් අවිදිමත් අයුරකින් බලපත් නිකුත් කර ඇත්නම් එම නිලධාරියා සම්බන්ධව විනයානුකූල පියවර ගන්නා බව ද පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

 



අදහස් (1)

මාතලේ මිනිරන් පතල් කැණිම ගැන වාර්තාවක් ඉල්ලයි

sharm warn Thursday, 02 December 2021 08:54 AM

දේශපාලන දූෂණ කියන කාලකණ්ණි ක්‍රමය කොච්චර දුරදිග ගිහින්ද කියලා පේනවද? ආයෙමත් හොරුන්ට බලය දෙන්න.. ඉතුරු ටිකත් කාලා ලංකාව කියලා රටක් නැතිම කරලා දාන්න පුළුවන් 2030 වෙද්දී...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 440 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 818 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 446 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 1210 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 682 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 2993 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 395 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 664 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1888 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site