IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


මාතලේ මහ නගරාධිපතිගේ සේවය තාවකාලිකව අත්හිටුවයි

(මහේෂ් කිර්තිරත්න)
 
මාතලේ මහ නගරාධිපති (එ.ජා.ප) ඩල්ජිත් අලුවිහාරේ මහතාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි  මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු. ගමගේ මහතා විසින් තාවකාලිකව අත්හිටුවිමට පියවර ගෙන ඇති අතර නගරාධිපති පිළිබද විමර්ශනයට විශ්‍රාමලත් අධිකරණ නිලධාරිනි සරෝජනි කුසලා වීරවර්ධන මහත්මිය පත්කර තිබේ.
 
මධ්‍යම පළාත් ආණ්ඩුකාර  ලලිත් යූ ගමගේ මහතාට පැවරී ඇති බලතල අනුව 2020 අගෝස්තු 25 වන දින අංක 2190/24 දරණ අති විශේෂ ගැසට් නිවේදනයක් මගින්  මෙම  සේවය අත්හිටුවීම  සිදුකර ඇති අතර මාස 03 ක කාලසීමාවක් ඇතුළත පරික්ෂාකර කරුණු වාර්තා කිරීමට කොමිසමට බලතල ලබා දී තිබේ.
 
ඒ අනුව 1989 අංක 12 දරණ පළාත් සභා ( අනුසාංගික  විධිවිධාන) පනත 02 යටතේ 02 නන වගන්තිය සමග කියවියයුතු සංසෝධිත මහනගර සභා ආඥාපනත යටතේ (252 අධිකාරිය) 277  (i) ( ආ) ( අ) මෙම නියෝගය ආණ්ඩුකාරවරයා විසින් නියෝග කර තිබේ.
 
මාතලේ මහ නගර සභාවේ දැනට  නියෝජ්‍ය ධුරයෙහි කටයුතු කරන සංදනම් ප්‍රකාශ් මහතා මාතලේ මහ නගර සභාවේ නගරාධිපතිවරයාගේ කාර්යයන් ඉටුකිරීමට හා  බලතල ක්‍රිකාත්මක  කිරිමට  සංදනම් ප්‍රකාශ් මහතාට බලය පවරා තිබේ.



අදහස් (4)

මාතලේ මහ නගරාධිපතිගේ සේවය තාවකාලිකව අත්හිටුවයි

dhamneth Thursday, 27 August 2020 05:56 AM

බොහෝදෙනා බලාපොරොත්තුවුණේ කුරුණෑගල නගරාධිපතිගේ වැඩ තහනම් කරයි කියා.

:       0       101

lanka Thursday, 27 August 2020 08:03 AM

එක රටක්... එක නීතියක්...

:       0       32

Nandalal DE SILVA - France Thursday, 27 August 2020 09:11 AM

හැමට එකම නීතියක් කියාගන්න රාජපක්ෂ ජෝඩුවේ විරුද්ධවාදීන්ට එරෙහිව කරනලද තවත් දේශපාලන නින්දිත පළිගැනීමක්...!!! 

:       0       7

Buddika Thursday, 27 August 2020 09:33 AM

කුරුණෑගල නගරාධිපති පොහොට්ටුවේ නිසා ප්‍රශ්නයක් නැහැ. සජිත් එජාපයේ නිසා වැඩ තහනම් කළ යුතුමයි. දැන් ලංකාවේ ඉදිරියේදී සහල් පරිභෝජනය අඩුවෙයි. හේතුව ලක්ෂ 58ක්ම තණකොළ කාපු අය නිසා..

:       0       8

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රවීගේ නම යැවීම ගැන මහලේකම්ගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 20 229 0

මහ මැතිවරණයේදී ලැබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර වලින් එකක් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නම් කරන අපේක්ෂකයකුට ලබාදීමට එකඟතාවයකට පැමිණ තිබූ බව එම පෙරම


ආණ්ඩුව දෙන සහන ගැන නාමල් අවදානයෙන්
2024 නොවැම්බර් මස 20 189 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් සහ ඉදිරිපත් අයවැයෙන් ජනතාවට දෙන සහන පිළිබඳ දැඩි අවධානයෙ


ආසියානු බෞද්ධ සමුළුව සාර්ථකව අවසන්
2024 නොවැම්බර් මස 20 274 0

ආසියානු පළමු බෞද්ධ සමුළුව පසුගියදා ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක් හොටෙල් පරිශ්‍රයේදී සාර්ථකව අවසන් විය.


හරීන්ට ඇප
2024 නොවැම්බර් මස 20 909 0

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (20) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉිදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හරින්නැයි


සැමියගෙන් බේරෙන්න ගොස් බිරිඳ තෙවන මහලෙන් බිමට
2024 නොවැම්බර් මස 20 827 0

වස්කඩුව ගාලු පාරේ තෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී කාන්තාවක තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


පරිසර ඇමති වැඩ බාරගනියි
2024 නොවැම්බර් මස 20 889 0

පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 423 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 673 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1915 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site