(කාංචන කුමාර ආරියදාස)
පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී අපේක්ෂකයකු වූ නීතිඥ ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතාට සහයෝගය ලබා නොදුන් මාතලේ දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන්ට පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා විනය පරීක්ෂණය කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කොට තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතාගේ අත්සනින් යුතුව මාතලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරුන් වෙත මේ බව ලිඛිතව දැනුම් දී තිබේ.
නීතිඥ ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා මාතලේ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිස රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය ධුර දැරූ මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී ඒ මහතාට සිය අසුන අහිමි වී රෝහණ දිසානායක මහතා පාර්ලිමේන්තු අසුන හිමිකරගෙන තිබේ .එමෙන්ම නවක මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ලෙස නාලක බණ්ඩාර කෝට්ටෙගොඩ සහ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් යන දෙදෙනා ද මෙවර පාර්ලිමේන්තු වරම් හිමි කර ගත්හ.
මාතලේ දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රාදේශීය සභා සහ නගර සභා මන්ත්‍රීවරුන් වෙත එවු ලිපිය මෙසේය.
විනය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකුව සිටි ඔබ 2018 පෙබරවාරි 10 දින පැවති පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉල්ලීම මත එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රසාද ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත් කළ බව සිහිපත් කරනු කැමැත්තෙමි.
ඔඹට මන්ත්‍රීධුරය එසේ හිමිවූයේ ඔබ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකු වූ හෙයිනි. 2020.12. 30 දින පැවති මධ්‍යම කාරක සභාවේ ගත් තීරණය පරිදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාවේ බලතල ප්‍රකාරව ඔබට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය විය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විවස්තාවේ 14, 15 ,16, වගන්ති හා පක්ෂ විවස්තාවේ බලතල ප්‍රකාරව ඔබගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවා පක්ෂ ව්‍යවස්ථාවට අනුකූලව පහත දක්වා ඇති චෝදනා පත්‍රය යටතේ විනය පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කරන ලදී.
චෝදනා පත්‍රය 1
2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී මාතලේ දිස්ත්‍රික්කය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොදු පෙරමුන පොහොට්ටුව ලකුණින් අංක එකෙන් තරග කළ අපේක්ෂකයාට සහයෝගය නොදැක්වීම.
ඉහත එක සඳහන් ක්‍රියාව සිදු කිරීමෙන් පක්ෂයේ සාමූහික තීරණයට පටහැනිව යමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විවස්තාවේ 27 ,1 වගන්තිය 2 වගන්තිය 3 වගන්තිය උල්ලංඝනය කිරීම ,ඉහත සඳහන් චෝදනාව සම්බන්ධයෙන් ඔබට නිදහසට කීමට කරුණු තිබේ නම් මෙම ලිපියේ සඳහන් දින සිට දින හතක් ඇතුළත ලිඛිතව එවන මෙන් ඔබට දන්වමි නිදහසට කරුණු දැක්වීමට ඔහු අපොහොසත් වන්නේනම් පැහැර හරිනු ලැබුවොත් නිදහසට කිරීමට කරුණු නොමැති සේ සලකා ඔබට එරෙහිව ඉදිරි විනය ක්‍රියාමාර්ග ගන්නා බව මෙයින් දැනුම් දෙමි.
බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස
වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි
ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට
මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික
රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මාතලේ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි