IMG-LOGO

2025 ජනවාරි මස 02 වන බ්‍රහස්පතින්දා


මාතලේ සහල් තොග සඟවන ජාවාරමක්

(කාංචන කුමාර ආරියදාස)

මාතලේ දිස්ත්‍රික්කයේ ඇතැම් තොග වෙළඳසල් හිමියන් සහල් තොග සඟවාගෙන ජනතාවට අලෙවි නොකර සිටින සිද්ධීන් කිහිපයක් වාර්තා වී ඇතැයි මාතලේ දිස්ත්‍රීක් ලේකම් තේජානී තිලකරත්න මහත්මිය පැවැසුවාය.

ඒ සම්බන්ධයෙන් සොයාබලා වහාම එම ස්ථානා වැටලීම් සිදුකරන ලෙස ද මාතලේ දිස්ත්‍රීක් ලේකම් මාතලේ පාරිභෝගික අධිකාරියට උපදෙස් ලබා දී තිබේ.

විශේෂයෙන් දඹුල්ල නගරයේ වෙළඳසල් කිහිපයකම පැරැණි සහල් තොග බව ප්‍රකාශ කරමින් පාරිභෝගික ජනතාවට සහල් අලෙවී නොකිරීම සම්බන්ධයෙන් තමන්ට පැමිණිලි කිහිපයක් ලැබුණු බවත් මාතලේ ,රත්තොට ,ලග්ගල ,ගලේවෙල, නාවුල, ආදී ප්‍රදේශවල මෙන්ම මාතලේ දිස්ත්‍රික්කයේ සමස්ත සහල් අලෙවි කරන වෙළඳසල් වෙත ද තමන් පෞද්ගලිකවම ඉල්ලා සිටින්නේ මහජනතාවගේ මිලදී ගැනීමේ ඇති අයිතියක් නවතා දමන්නේ නම් ඔවුන්ට විරුද්ධව නීතිමයකින් ක්‍රියාමාර්ග ගන්නා බවය.

භාණ්ඩවල මිල ඉහළ යද්දී ඒවා අලෙවි කරන වෙළඳුන් සිටින රටේ හදිසි සහල් හිඟයක් ක්‍රියාත්මක වන අවස්ථාවේ තමන්ගේ ලාභය පමණක් පදනම් කරගෙන වෙළඳාම් කටයුතු සිදුනොකරන ලෙස තමන් මාතලේ දිස්ත්‍රික්කයේ වෙළඳසල් හිමියන්ගෙන් ඉල්ලා සිටින බවද තේජානී තිලකරත්න මාතලේ දිස්ත්‍රික් ලේකම්වරිය ඉල්ලී වැඩිදුරටත් පැවැසුවාය. විශේෂ වැටලීම් 09 දින සිටම ක්‍රියාත්මක කරන ලෙස තම පාරිභෝගික නිලධාරී කණ්ඩායම උපදෙස් ලබා දුන්නේ යැයි ඇය වැඩිදුරටත් පැවැසුවාය.

දඹුල්ල නගරයට දීවයිනේ විවිධ ප්‍රදේශවලින් පාරිභෝගික ජනතාව පැමිණෙන බවත් මහා පරිමාණ වී මෝල්වලින් මෙවන විටත් සහල් තොග විශාල වශයෙන් දඹුල්ල නගරය වෙළඳසල්වලට ලැබී තිබෙන බවත් එසේ ලැබී තිබියදී ඔවුන් සතු වූ වැඩි මිලට ලබාගත් බව කියන සහල් පාලන මිලට ලබාදීම අනිවාර්යෙන්ම සිදුකළ යුතු යැයි ඇය පැවැසුවාය.

 



අදහස් (1)

මාතලේ සහල් තොග සඟවන ජාවාරමක්

Asela Monday, 09 December 2024 08:38 PM

මාළිගාවත්ත ජුම්මා මුස්ලිම් පල්ලිය අසල කඩ සාප්පු සෝදිසි මෙහෙයුම් කරන්න. සෑමවිටම ඉතා ඉහළ මිලකට සහල් සඟවා ගෙන අළෙවි කරනවා.

:       1       44

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැඩ කරන ජනතාවට කන් දෙන්න වට්ස්ඇප් අංකයක්
2025 ජනවාරි මස 02 111 0

වැඩ කරන ජනතාවගේ ඉල්ලීම් වලට ඇහුම්කන් දීම සඳහා කම්කරු අමාත්‍යංශය නව වට්ස්ඇප් අංකයක් හඳුන්වා දී තිබේ.


බලශක්තියේ සෘජු අධිකාරිත්වය රජයට සතුව තිබිය යුතුයි
2025 ජනවාරි මස 02 185 0

බලශක්ති ක්ෂේත්‍රයේ රජයේ හිමිකාරත්වයේ සෘජු පාලනය අධිකාරිත්වය යටතේ තිබිය යුතු බවත් රටක දියුණුවට සහ සංවර්ධනයට බලශක්ති ක්ෂේත්‍රයේ වර්ධනය සහ ස්ථාවරත්වය


මුහුද මැද නතර වූ යාත්‍රාවේ මගීහු ධීවර යාත්‍රා මගීන් බේරා ගැනෙති
2025 ජනවාරි මස 02 468 0

යාපනය නෙඩුන්තීවු දූපතේ සිටි මුහුදු මර්ගයෙන් මගීන් ඇතුලු 60 දෙනෙකු පටවා ගත් යත්‍රාවකට හදීසියේම මුහුද මැදදී ඇති වූ යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් එම යාත්‍ර


සූර්වී රාජකාරී කළ සැරයන් අත්අඩංගුවට
2025 ජනවාරි මස 02 336 0

බීමතින් ජංගම සංචාර රාජකාරියේ යෙදුණු බව කියන පොලිස් සැරයන්වරයෙකු ඊයේ (1) අත්අඩංගුවට ගත් බව අගුලාන පොලිසිය පවසයි.


කාන්තා කටයුතු ඇමතිනී වැලිකඩ බලන්න යයි
2025 ජනවාරි මස 02 775 0

කාන්තා හා ළමා කටයුතු පිළිබඳ අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය වැලිකඩ බන්ධනාගාරයේ නිරීක්‍ෂණ චාරිකාව නිරත වූවාය.


රනිල් නේපාල අගමැති හමු වෙයි
2025 ජනවාරි මස 02 397 3

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ නේපාල අග්‍රාමාත්‍ය කේපී ෂර්මා ඔලි මහතා අතර හමුවක් නේපාලයේ කත්මණ්ඩු නුවරදී අද පෙරවරුවේ පැවැත්විණි.


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 353 1
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 189 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 171 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site