පාසල් ළමුන් සදහා බෙදාහරින ස්ප්‍රයිටි ස්ප්‍රේ සහ කෝලා ස්ප්‍රේ නමැති පැණි රස කාරක බීම බෝතල් මහනුවර පාරිභෝගික අධිකාරිය සමග කළ වැටලීමකදී පිළිමතලාව වෙළඳසළකින් සොයාගැනීමට හැකිවූ බව පොලිසිය කියයි.
මෙම බීම වර්ගය පාසල් දරුවන්ට විකුණන බවට ලැබුණු තොරතුරක් මත එම වෙළඳසළ වටලා ඇතැයිද එහි මත්වන ස්වභාවයක් ඇතැයි සැක සහිත බීම බෝතල් 58 ක් සමග වෙළඳසලේ සේවකයෙකු අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මේවායේ නිෂ්පාදිත ආයතනයක් හෝ අඩංගු ද්‍රව්‍ය මොනවාදැයි සඳහනක් නැති බවත් රජයේ රසපරික්ෂක වෙත යොමු කර වාර්තාවක් ලබාගැනීමට නියමිත බවත් පොලිසිය කියයි. මෙම පැණි බීම මහනුවර, වත්තේගම, කටුගස්තොට, මඩවල ප්‍රදේශ වල අලවි කරන බවට පැමිණිලි ලැබි ඇති බවත් එවැනි ස්ථාන ඇත්නම් පොලිසියට හෝ පාරිභෝගික අධිකාරියේ දුරකථන අංක 0817755455 ට හෝ හදිසි ඇමතුම් අංක 1977 ට දැනුම් දෙන ලෙසද පොලිසිය ඉල්ලයි.
ජනාධිපතිවරණයේ ප්‍රචාරණ රැස්වීමකට ගොස් මත්පැන් පානය කර නිවසට පැමිණෙමින් සිටි කීපදෙනෙකු අතර ඇතිවුණු ආරවුලක් දුර දිග යාමෙන් එක් පුද්ගලයෙකුට මොට යුධයක
අවුරුද්දයි මාස පහක් වයසැති තම දියණියගේ නාසය තදකර ඝාතනය කළ බව කියන මවක අත්අඩංගුවට ගත් බව ගලහ පොලිසිය පවසයි.
නව ආරක්ෂක ලේකම්වරයාට ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිකුත් කර තිබූ ඩිපෙන්ඩර් රථය වැලිකඩ පාර්ලිමේන්තු පාරේ ජයන්තිපුර ප්‍රධාන පිවිසුම ආසන්නයේ දී අද(25) අලුයම
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස
පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මත්වෙන පැණි බීම පිළිමතලාවෙන් අල්ලයි
චාන්දනී Wednesday, 17 June 2015 03:25 AM
ඉස්සර අපි පාසැල් යන අවධියේ අපේ අම්මල දකින දකින කඩචෝරු කන්න බිම බොන්න අපිට ඉඩ තිබ්බේ නැහැ. කැන්ටිමෙන් මොනවා හරි අරන් කන්න කිව්වේ අම්මට උයා ගන්න බැරි තරම් බැරි අසනීපයක් ආවොත් පමණයි. දැන් ළමයින්ට වගේ ඉල්ලන ඉල්ලන පාරට පොකට් මනි දුන්නෙත් නැහැ. අම්ම රැකියාවක් කලත් කොහොම හරි උදේට නැගිටලා අපිට කෑම බිම උයල දෙනවා. බෝතල් වලට දාලා දෙන්නේ නිවා උණු කල වතුර විතරයි තිබහට. කොහේ හරි ගෙදරකට ගියාම ලැබෙන අලියා බිම එක අපට මහමෙරක් වගේ. දැන් ඉතින් ලේසියට ළමයි හදන යුගයේ අම්මල ගේ පහසුවට හරි යන්න හදන කෑම බිම තමයි මේ. (නදී)
රූපවතී Wednesday, 17 June 2015 03:50 AM
නිකම් මිනිසුන්ට වැරදි කියන්න එපා මේවා ..නිෂ්පාදනය කරන පැක්ටරි හොයල සීල් තියන්න ඕනේ ..හිමිකරුට මරණීය දණ්ඩනය නියම කළ යුතුයි ...? දේපල රාජසන්තක කර ..අනිකුත් වැරදි කරුවන්ටද පාඩමක් ඒත්තු ගැන්විය යුතුයි ..! (බ)
සේන Wednesday, 17 June 2015 04:52 AM
මේවා ගෙන්නන මිනිස්සුන්ට මරණීය දණ්ඩනය නියම කරන්න විදිහක් නැද්ද? (ස)
පද්මිණී Wednesday, 17 June 2015 04:57 AM
මෙවැනි නිෂ්පාදන වල අඩංගු දේ පිළිබඳ ලේබලයක් අනිවාර්යෙන්ම බෝතලේ සඳහන් වියයුතුයි. (නි)
දර්ශ Wednesday, 17 June 2015 05:09 AM
සිංහල ළමයි විනාශ කරන්න කරන වැඩ..... (ම)
සුජීව (ජර්මනිය) Wednesday, 17 June 2015 05:19 AM
කරුණාකර පාරිභෝගික අධිකාරිය සහ රේගු අධිකාරිටත් දන්වා, මේවා ශ්‍රී ලංකාවට ගෙන්වපු ආයතනයට දඬුවම්දීම කළයුතුව ඇත.මින් මතුවට ආහාර වලට සම්බන්ධ ද්‍රව්‍ය ප්‍රමිති සහතිකය නැතුව ගෙන්වීම තහනම් කළයුතුව ඇත. (නි)
කරන් Tuesday, 16 June 2015 04:51 PM
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
කරුණාරත්න Tuesday, 16 June 2015 07:07 PM
මේවා කරලා ගන්න සල්ලි මොකටද? (නි)
ජයනි Wednesday, 17 June 2015 06:01 AM
නිෂ්පාදකයාට දඬුවම් කරලා විතරක් මදි.අපේ දරුවන්ව සෞඛ්‍ය සම්පන්න ආහාර පිළිවෙත් වලට හුරු කරවන්න ඕන. ඔය බිම පැකට් වගේ දේවල් වලට පොඩි කාලෙම පුරුදු වෙන්න ඉඩ ඇරියොත් විනාශයි.(ම)
සරත් Tuesday, 16 June 2015 10:03 PM
පොඩි උන්ට මොනවාහරි විසක් විකුණලා තමන්ගේ මඩිය තරකරගෙන තමන්ගේ දරු පවුල් රකින මිනිසුන්ට රජකාලේ දඬුවම් දියයුතුයි. (නි)
සෙනරත් Wednesday, 17 June 2015 06:43 AM
අලුතෙන් පනවා ඇති නීතිය අනුව මින් පෙර දඩුවම් ලබා නැති හොද ඉතිහාසයක් තිබෙනවායයි කියාගන්න වෙළදුන් කීපදෙනෙකුට රේගු පරීක්ෂණයකින් තොරව පිටරටින් බඩු ආනයනය කිරීමට අවසර තිබෙනවා නේද? එබැවින් මෙවැනි දේ අලුතෙන් සිදු වීම පුදුමයක් නොවේ. (ම)
ඉසුරන්දි Wednesday, 17 June 2015 07:26 AM
පාරිභෝගික අධිකාරියෙන් අනුමැතියක් නොමැතිවද මේවා නිෂ්පාදනය කරලා තියෙන්නේ එතකොට. (ම)
අමිල- ඩුබායි Wednesday, 17 June 2015 08:17 AM
දැඩි ක්‍රියා මාර්ග ගත යුතුයි මෙවැනි දේ වලට.. සිංහලයන්ව "වද" කරන පානයක්ද දන්නෙත් නැහැ... (ම)
සුධිර ලක්මාල් විජේවර්ධන Wednesday, 17 June 2015 01:51 AM
ෂුවර් එකටම මෙි මිනිසුන්ට දරුවෝ නැතුව ඇති. දරුවෝ ඉන්න දෙමාපියෝ මේ වාගේ නරුම වැඩ කරන්නෙ නැහැනෙ. (නි)
මාටින් Wednesday, 17 June 2015 02:19 AM
පුංචි කාලෙම මතට හුරුකළාම මුදලාලිලා ගොඩ. (නි)
සමන් Wednesday, 17 June 2015 02:27 AM
කවුද මේවා ගෙන්වපු මිනිස්සු. මේවා ගැන රටටම ප්‍රසිද්ධ කරන්න (නි)