IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


‘මැතිවරණය සාධාරණයි‘ : ට්‍රාන්ස්පේරන්සි තුති පුදයි

මෙවර මහමැතිවරණය ඉතාම සාධාරණ හා සාමකාමී මැතිවරණයක් බවට පත් කිරීම සඳහා මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මහතා සහ කාර්ය මණ්ඩලය දරන ලද උත්සාහය හා කැපවීම පිළිබඳව කෘතඥතාව හා ප‍්‍රශංසාව පළකර සිටින බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඉතා සාධාරණ හා සාමකාමී මැතිවරණයක් පැවැත්වීම මඟින් ශී‍්‍ර ලංකාව ලොවටම ආදර්ශයක් මෙන්ම වටිනා පණිවිඩයක්ද ලබාදී තිබෙන බව ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ‍්‍රී ලංකා ආයතනයේ විශ්වාසය බවත් සාධාරණ මැතිවරණයක් සඳහා මැතිවරණ කොමසාරිස්වරයාට සහ ඔහුගේ කාර්ය මණ්ඩලයට අනගි සහයක් ලබාදුන් පොලීසියටත්, මැතිවරණ රාජකාරීවල යෙදුණු රාජ්‍ය නිලධාරීන්ටත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාටත් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රමුඛ රජයටත් කෘතඥතාවය පළකර සිටින බවත් එහි සඳහන්වේ.

මැතිවරණ කාලසීමාව තුළදී ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ‍්‍රී ලංකා ආයතනයේ නිරීක්ෂණ ජාලය වන පොදු දේපල අයථා පරිහරණය වැළැක්වීමේ වැඩසටහන වෙත පැමිණිලි 320 කට වැඩි ප‍්‍රමාණයක් ලැබී තිබූ බවත් ඒ අතුරින් පැමිණිලි 75 කට වැඩි ප‍්‍රමාණයක් රජයේ වාහන අයථා ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් බවත් එහි වැඩිදුරටත් සඳහන්වේ.

මැතිවරණ නීති උල්ලංඝණය කළ ඇතැම් දේශපාලකයන් පිළිබඳව හෙළිදරව් වූ අතර එම පුද්ගලයන්ට තරාතිරම හෝ පක්ෂ පාට නොබලා දඬුවම් කිරීමට අවශ්‍ය පියවර ගත යුතු බව ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ‍්‍රී ලංකා ආයතනයේ ස්ථාවරය බවත් මැතිවරණයෙන් පසු කාලසීමාව තුළදීද විනයගරුකව හැසිරෙමින් මැතිවරණයේ සාමකාමී හා නිදහස් බව තවදුරටත් රැක ගැනීමට පියවර ගන්නැයි මහජන නියෝජිතයින් සහ සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් එම ආයතනය පවසයි.

 



අදහස් (0)

‘මැතිවරණය සාධාරණයි‘ : ට්‍රාන්ස්පේරන්සි තුති පුදයි

අතුල Thursday, 20 August 2015 05:06 AM

මිනීමරුවන්ට සල්ලාලයින්ට හොරුන්ට වංචනිකයින්ට කැමති මිනිස්සුත් ශ්‍රී ලංකාවේ ඉන්නවා. නමුත් වාසනාවකට ඔවුන් සුළුතරයක්. (බ)

:       0       0

දොන් Wednesday, 19 August 2015 04:19 PM

බැරිවෙලාවත් යූඑන්පී එක පැරදුනා නම්? (නි)

:       0       0

නුවන් Thursday, 20 August 2015 06:50 AM

ඉසුරන්දි වැරදි පැත්තෙන්ද ඇහැරුනේ ? අවුරුදු 10ක් තිස්සේ වෙච්ච දේවල් දැන් වෙන්නේ නෑ (ම)

:       0       0

විජේපාල Wednesday, 19 August 2015 06:25 PM

අපිටත් හරිම සතුටුයි දූෂණ සිදුනොවීම ගැන (නි)

:       0       0

ලංකා Thursday, 20 August 2015 07:15 AM

ජනදය නිදහස් හා සාධාරන ලෙස පැවැත්වීමට ප්‍රධාන වශයෙන් ස්තූති වන්ත විය යුත්තේ දිවා රෑ නොබලා මහන්සියෙන් වැඩ කළ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවටයි. (ම)

:       0       0

රූපසිංහ Wednesday, 19 August 2015 08:34 PM

දැක්කනේ අවලාද නැඟලත් ලැබුණු ඡන්ද සංඛ්‍යාව. දිනුවා නම් කියාවි හොර ඡන්ද දමලා දිනුවා කියලා.නමුත් අපි කියන්නේ නැහැ මේ දිනුවේ හොර ඡන්ද දමලා කියලා. (නි)

:       0       0

චන්දන - ඕස්ට්‍රේලියා Wednesday, 19 August 2015 11:45 PM

රටකට ඕනෑ රනිල් වගේ ඉදිරි දැක්මන් තිබෙන නායකයෙක්. නැතුව බොරුවට කයිවාරු ගහන කිසිම ප්‍රතිපත්තියක් නැති කෙනෙක් නෙමෙයි (නි)

:       0       0

අමරා Wednesday, 19 August 2015 11:54 PM

සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් සහය වූ සැමට තුති! (නි)

:       0       0

ඉසුරන්දි Thursday, 20 August 2015 04:18 AM

ඇත්තටම රනිල් මහත්තය පැරදුනානම් ඔකේ අනෙක් පැත්ත වෙන්න තිබ්බා.(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ත්‍රිකුණාමලය සියයට 76යි
2024 සැප්තැම්බර් මස 21 9 0

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු අද (21) පස්වරු හතරට අවසන් වීමෙන් පසු දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ගෙන් 76.87% ඡන්දය ප්‍


පොලොන්නරුව සියයට 78යි
2024 සැප්තැම්බර් මස 21 76 0

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පොලොන්නරුව දිස්තික්කයේ ජන්දය ප්‍රකාශ කිරීමේ භාවිතය සියයට හැත්ත අටක් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහත


23 රජයේ නිවාඩු දිනයක්
2024 සැප්තැම්බර් මස 21 439 0

රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස සැප්තැම්බර් 23 වැනි සදුදා දින නම් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.


රත්ගම පිරිසකට ඡන්දය අහිමි වෙයි
2024 සැප්තැම්බර් මස 21 613 0

රත්ගම ආසනයේ මාදම්පා මධය විදයාලයේ පවත්වාගෙන ගිය චන්ද මධයස්ථානයට පැමිණි විශාල පිරිසකට සිය ඡන්ද පතිකාවේ හැදුනුම්පත් අංකය වැරදියට මුදණය කර තිබීම නිසා ඔව


දිගාමඩුල්ලේ සියයට 73 යි
2024 සැප්තැම්බර් මස 21 59 0

ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සදහා පැවති ජන්ද විමසීමේ දී, දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ජන්දදායකයින්ගෙන් 73.83 % ක් ජන්දය පාවිච්චි කර ඇති බව, තේරීම් භාර නිලධ


බදුල්ල සියයට 73 යි
2024 සැප්තැම්බර් මස 21 73 0

ජනාධිපතිවරණයේ බදුල්ල දිස්ත්‍රික්කයේ 73%ක් අද (21) ජන්ද ප්‍රකාශ කර ඇතැයි බදුල්ල දිස්ත්‍රික් තේරිම්බාර නිළධාරි පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා පවසයි .


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14603 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 196 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 105 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 147 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site