IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


මැතිවරණ කල් දමන්නේ නැහැ

(අප්සරා යෝසිත් විජේසූරිය)
                            
එළැඹෙන සැප්තැම්බරයේදී පළාත් සභාවල නිල කාලය අහෝසිවීමෙන් පසු පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා   දිනයක් ප‍්‍රකාශ කරන බවත් මැතිවරණ කල් දමන්නේ නැති බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය පවසයි.
 
“පවතින ව්‍යවස්ථාදායක අණපනත් හා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව එම පළාත් සභා මැතිවරණය පැවත්වීම වැලක්වීමට නම් එය තීරණය කළයුත්තේ ජනමත විචාරණයකින් අනුව හෝ අධිකරණ තීන්දුවකින් පමණයි. වෙනත් කිසිඳු ක‍්‍රියාමාර්ගයකින් එය කළ නොහැකියි.“
 
“ඡන්ද හිමි නාමලේඛන සකස් කිරීමට ආකෘති පත‍්‍ර භාරගැනීම මේ දිනවල කරනවා. පවතින ගංවතුර ආපදා හමුවේ වුවද ඡන්ද හිමි නාමලේඛන සකස් කිරීම ජූලි 31 දක්වා සිදුකරනවා. අවතැන්ව සිටින පිරිස සම්බන්ධව දිස්ත‍්‍රික් ලේකම්වරයාගේ නිර්දේශ මත සුදුසු පරිදි ඡන්දහිමි නාමලේඛන ලබාගන්නවා.“යැයි ඒ මහතා කීය.

ගංවතුරින් එකතු වූ ප්ලාස්ටික් ඇතුළු නොදිරින අපද්‍රව්‍ය ඉවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා මේ බව කීය.



අදහස් (5)

මැතිවරණ කල් දමන්නේ නැහැ

Senarath Sunday, 11 June 2017 04:56 AM

මැතිවරණ කල් දමන්නේ නැහැ... කිව්වට මේ මොකක්ද කරන්නේ? ඔබතුමාටත් ඒ දවස්වල නිතරම මැතිවරණ තියන කොට කිව්වනේ වැරැද්දක් කළොත් කකුලට නෙමෙයි ඔළුවටම වෙඩි තියන්න කියලා.. නේද?

:       0       17

Appuhami Sunday, 11 June 2017 05:17 AM

වැඩ බැරි ටාසන්ලා කියන ඒවා වගේනේ... කොහොමද ගණන් ගන්නේ? තව ටිකක් කඩේ යන්නකෝ...

:       0       22

sediris Sunday, 11 June 2017 09:12 AM

කෝ එහෙනම් ඉක්මනට මැතිවරණය තියන්නකෝ ....

:       0       12

saman Sunday, 11 June 2017 10:20 AM

මේ විහිළු කතාවලින් වසර ගණනාවක් තිස්සේ විවිධ අභියෝගවලට මුහුණ දෙමින් නියමිත කාලයට ඡන්ද තබමින් ජනතාවගේ විශ්වාසය දිනාගත්ත මැතිවරණ දෙපාර්තමේන්තුවත් බාල්දු වෙනවා...

:       0       18

siri Sunday, 11 June 2017 12:02 PM

ඔබතුමා කොහොම කීවත්, මැතිවරණය තියන්නේ පවතින ආණ්ඩුවනේ. ඇයි එහෙම නම් මෙහෙම විහිළු සපයන්නේ? ඒ කා සඳහාද?

:       0       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 783 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 577 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 462 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site