(සුජිත් හේවාජුලිගේ)
ජනාධිපති ධුර අපේක්ෂකයකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ මහතා සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ රැස්වීම් කිහිපයක් ඇමතීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.
ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස සිටියදී වෙනත් අපේක්ෂකයෙකුගේ මැතිවරණ වේදිකාවට ගොඩවීම මැතිවරණ නීතිය කඩකිරීමක් වන හෙයින් ඒ සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දැනුම් දෙමින් මානගේ මහතාට ලිපියක් යොමු කළ බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.
ප්‍රේමසිරි මානගේ මහතා සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම සඳහා තංගල්ල මාතර සහ ඒ අවට ප්‍රදේශවල පැවති රැස්වීම් ගණනාවකටම සහභාගි වී ඇති බවත් සමහර රැස්වීම් අමතා ඇති බවත් වාර්තාවේ.
මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතාට තොරතුරු අනාවරණය වීමෙන් පසු විමර්ශනයක් පවත්වන ලෙස නිලධාරීන්ට උපදෙස්දී ඇත.
මේ පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ කිසිම ජනාධිපති අපේක්ෂකයෙකුට වෙනත් අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය කිරීමට කටයුතු කිරීමට නීතියෙන් ඉඩකඩක් නැති බවයි.
වෙනත් අපේක්ෂකයන් ප්‍රවර්ධනය කරන ජනාධිපති අපේක්ෂකයන්ට ගුවන් කාලය ලබාදීමේදීද යම් තීරණයක් ගැනීමට සිදුවන බව ඔහු සඳහන් කළේය.
මානගේ මහතා 2004 - 2010 අතර කාලයේදී මාතර දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළේය.
මේ සම්බන්ධයෙන් අප ජනාධිපති අපේක්ෂක ප්‍රේමසිරි මානගේ මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ තමා සජිත් ප්‍රේමදාස මහතාගේ රැස්වීම් අසලින් ගමන් ගත් අවස්ථාවේදී ජනතාවගෙන් කෙරුණු ඉල්ලීම් අනුව තමා එම රැලිවලදි ජනතාව වෙනුවෙන් අදහස් පළ කළ බවයි.
අපේක්ෂකයන් තිදෙනෙකුට මනාප ලකුණු කිරීමට මැතිවරණ නීතිය අනුව හැකියාව තිබෙන හෙයින් ඒ අනුව යමින් තමාට පළමු මනාපයදී ඊට පසු දෙවැනි මනාපය වශයෙන් අපේක්ෂකයෙකු තෝරාගන්නා ලෙස එහිදී ජනතාව දැනුවත් කළ බවද ඔහු කීවේය.
මැතිවරණ නීතියේ ඇති දෙයක් ගැන දැනුවත් කළා මිස වෙනත් නීති විරෝධී ක්‍රියාවක් නොකළ බවද මානගේ මහතා ප්‍රකාශ කළේය.
සිය සැමියාගේ අනියම් සම්බන්ධතාවය හෙළිවීමෙන් පසු අපූරු දඬුවමක් දුන් බිරිඳක් පිළිබඳ පුවතක් ඇමෙරිකාවේ නිව්යෝක් නගරයෙන් පසුගියදා වාර්තා වූවේය.
අධික වර්ෂාව සමඟ දුම්රිය මාර්ගවලට පස් කඳු හා ගස් කඩා වැටීම හේතුවෙන් රාත්‍රී තැපැල් දුම්රිය දෙකක් අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව උසස් නිලධාරියෙක්
පවතින අධික වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක තුනක ප්‍රදේශ රැසකට නායයාමේ රතු නිවේදන නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව ම
ලොව වයස්ගතම පිරිමි පුද්ගලයාට හිමි ලෝක වාර්තාවට අයිතිවාසිකම්කී ජෝන් ටිනිස්වුඩ් පසුගියදා 25 වැනිදා එංගලන්තයේ සවුපෝර්ට් නගරයේ පිහිටි වැඩිහිටි නිවාසයක
E8 වීසා කාණ්ඩය යටතේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයන් කිහිප දෙනෙකු පිළිබඳව පැමිණිලි ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති කෝශල ව
කැලණි ගං නිම්නයේ පහත් බිම් වලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මැතිවරණ නීති කැඩුවැයි අපේක්ෂකයෙක් ගැන විමර්ශන
Perera Tuesday, 10 September 2024 06:27 AM
කුණු ලොරියට කුණු මිසක් වෙන මුකුත් දාගන්නේ නෑ නේ