IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


මැතිවරණ නීති හදන මැතිසබා කමිටුවට පැෆරල් දුන් යෝජනා

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

කොට්ඨාස හා සමානුපාතික නියෝජනය ඇතුළත් මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් මෙරට පැවතීම වඩාත් සුදුසු බව පැෆරල් සංවිධානයේ නියෝජිතයෝ මැතිවරණ හා ඡන්ද විමසීම් ව්‍යුහයේ නීති ප්‍රතිසංස්කරණයට අදාළව පත්කර ඇති පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ සිය යෝජනා ඉදිරිපත් කරමින් පෙන්වා දුන්හ.

සෑම ජන්දදායකයෙකුටම ජන්ද හිමිකම ලබාදීමේ අවශ්‍යතාවද පැෆරල් නියෝජිතයන් මෙහිදී ප්‍රකාශ කර ඇත.

මැතිවරණ අපේක්ෂක වියදම් සීමා කිරීම, ජනාධිපතිවරණය සහ මහමැතිවරණය එක් දිනයක පැවැත්වීම, මැතිවරණ කැලැන්ඩරයක් ක්‍රියාත්මක කිරීම, මැතිවරණ ක්‍රියාවලියේ සහ දැනට පවතින මැතිවරණ නීතියේ ඇති අඩුපාඩු හඳුනාගෙන යාවත්කාලීන කිරීම, රාජ්‍ය බලය සහ රාජ්‍ය දේපළ අවභාවිතය වැළැක්වීම, දඩ මුදල් හා මැතිවරණ නීතිය යාවත්කාලීන කිරීම, සෑම ජන්දදායකයෙකුටම සාධාරණ ලෙස තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය තහවුරු කිරීම, ප්‍රචාරණය සම්බන්ධ නීති මෙන්ම ප්‍රමාණවත් කාන්තා නියෝජනය තහවුරු කිරීම යන කාරණා සම්බන්ධයෙන්ද පැෆරල් සංවිධානයේ නියෝජිතයෝ කාරක සභාව හමුවේ දීර්ඝව අදහස් දැක්වූහ .

මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ ප්‍රතිසංස්කරණ සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව එහි සභාපති සභානායක දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පෙරේදා (14) රැස්විය.

මෙම කමිටුව හමුවේ යෝජනා ඉදිරිපත් කිරීමට පැෆරල් සංවිධානයට ආරාධනා කර තිබූ අතර එම නියෝජිතයන් ඊට සහභාගී සහභාගී වූයේ ඒ අනුවය.

අපේක්ෂකයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ මෙන්ම ජාතික ලැයිස්තුව මඟින් අපේක්ෂකයන් තෝරා ගැනීම, මැතිවරණ කොමිෂන් සභාවේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සහ දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන්ද පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා කාරක සභාවේදී අදහස් දැක්වීය .

එම කාරක සභාවට කැඳවා සිටි මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා මෙහිදී පැවසුවේ ජනාධිපතිවරණය සහ මහමැතිවරණය එක දිනයක පැවැත්වීම ප්‍රායෝගික නොවන බවයි.

මැතිවරණ ප්‍රචාරණ වියදම පාලනය කිරීම වෙනුවෙන් කඩිනමින් නීති සම්පාදනය විය යුතු බවද මහින්ද දේශප්‍රිය මහතා කාරක සභාවට පෙන්වා දුන්නේය.

මෙම කාරක සභා රැස්වීමට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා,රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර දිසානායක,කබීර් හෂීම්, රංජිත් මද්දුම බණ්ඩාර, එම්.ඒ. සුමන්තිරන්, මනෝ ගනේෂන් ,මධුර විතානගේ සහ සාගර කාරියවසම්, යන මහත්වරුද සහභාගි වූහ.

ඊට අමතරව මැතිවරණ කොමිෂන් සභාව, නීතිපති දෙපාර්තමේන්තුව යන ආයතනවල නිලධාරීන් පිරිසක්ද ඊට සහභාගි වූ බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය පවසයි.

 



අදහස් (0)

මැතිවරණ නීති හදන මැතිසබා කමිටුවට පැෆරල් දුන් යෝජනා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආනයන සුදු සීනි බද්ද දීර්ඝ කරයි
2024 නොවැම්බර් මස 05 126 0

ආනයන සුදු සීනි සදහා පනවා තිබු විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද තවදුරටත් දීර්ඝ කිරීමට රජය පියවර ගෙන තිබේ.


රිය අනතුරින් තරුණිය මරුට
2024 නොවැම්බර් මස 05 1057 0

බණ්ඩාරගම පානදුර මාර්ගයේ බොල්ගොඩ ප්‍රදේශයේදී තීරෝද රථයක් සහ ලංගම බස් රථයක් එකිනෙක ගැටීමෙන් 23 හැවිරිදි තරුණියක් මියගොස් ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි


කමලාගේ ජය වෙනුවෙන් ඉන්දියාවේ ගමක පුද ජූජා
2024 නොවැම්බර් මස 05 567 0

ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ට සෙත් පතා, ඇගේ ජයග්‍රහණය වෙනුවෙන්, ඇමෙරිකාවේ වොෂින්ටන් අ


ඇමෙරිකන් ජනාධිපතිවරණය අද
2024 නොවැම්බර් මස 05 513 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය අද (5) ඇරැඹේ. ජනාධිපතිවරණ සටන පැවැත්වෙන්නේ, රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්


නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරග සංචාරයකට එයි
2024 නොවැම්බර් මස 05 711 0

විස්සයි විස්ස සහ එක් දින තරග සංචාරයක් සදහා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .


ශාන්ත තෝමස් ‘ෆියුචර් X‘ ප්‍රදර්ශනයට දින වෙන් කරයි
2024 නොවැම්බර් මස 05 133 0

ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය 3 වැනි වරට සංවිධානය කරනු ලබන අධ්‍යාපන හා ප්‍රදර්ශනය ‘ෆියුචර් X‘ ලබන ජනවාරි මස 25 සහ 26 දෙදින හිල්ටන් හෝල


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 404 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1309 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 688 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site