IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


මැතිව්ස්ගේ වෑයම අපතේ යයි

අයි. පී. එල්. තරගාවලියේ 56 වැනි තරගය ලෙස පූනේ වොරියර්ස් පිල සහ කොල්කටා නයිට්රයිඩර්ස් පිල අතර අද (9 වැනිදා) පැවති තරගයේදී පූනේ වොරියර්ස් පිල පරදවා ලකුණු 46 ක පහසු ජයක් ලබාගැනීමට කොල්කටා නයිට්රයිඩර්ස් පිල සමත්විය.

පන්දු 44 කින් වාර්තාවූ කොල්කටා පිලේ නායක ගෞතම් ගම්භීර්ගේ අර්ධ ශතකයට හතරේ පහර 6 ක් ඇතුළත්විය.

ඇන්ජලෝ මැතිව්ස් හයේ පහර 4 ක් සමගින් පන්දු 28 කදී ලකුණු 40 ක් රැස්කළ අතර  ඕවර 4 ක් යවා ලකුණු 31 ක් දෙමින් කඩුලූ දවාගැනීමට අසමත්විය.

කොල්කටා නයිට්රයිඩර්ස් පිල  ඕවර 20 කදී කඩුලූ 6 ක් දැවී 152
(මන්වින්දර් බිස්ලා 12, ගෞතම් ගම්භීර් 50, ඉයන් මොර්ගන් 15, රයන් ඩොස්කේට් 31, මනෝජ් තිවාරි 15, රජත් භාතියා 13, බුවනේෂ්වර් කුමාර් 25/3, මිචෙල් මාර්ෂ් 7/2)

පූනේ වොරියර්ස් පිල  ඕවර 19.3 කදී සියලූදෙනා දැවී 106
(රොබින් උක්තාපා 31, ඇන්ජලෝ මැතිව්ස් 40, ලක්ෂ්මිපති බලාජි 19/3, සුනිල් නරේන් 12/2, ඉක්බාල් අබ්දුල්ලා 26/2, ජැක් කලිස් 27/2)

(*)



අදහස් (0)

මැතිව්ස්ගේ වෑයම අපතේ යයි

විරාජ් Friday, 10 May 2013 09:06 AM

ඔහොම වෙලා මදි. අපේ රටේ නම කෑව සල්ලි පස්සේ ගිහින්. රට වෙනුවෙන් තරග කරලා පැරදිලා ආවත් අපි පිළිගන්න ලෑස්තියි. කවදාවත් ඔබලාට වීරයෝ වෙන්න බෑ දැන්නම් මිනිස්සුන්ගේ හදවත් තුල.(නදී)

:       0       0

මධුරංග Friday, 10 May 2013 09:24 AM

යොහාන් හරි, ඒත් මේ අයගේ මනස හදන්න අපිට තියා කාටවත් බැහැ. රට ගැන ආදරයක්,හැගීමක් බලෙන් දෙන්න බැහැ. මෙයාලා මුදලට තම ආත්මයම පාවා දීලා ඉවරයි. අපි හිතාගෙන හිටියේ දේශපාලකයො විතරයි එහෙම කියලා. ඒත් දැන් දෙගොල්ලම එකයි. (නි)

:       0       0

හේමන Friday, 10 May 2013 03:20 PM

ඔව් එක හරි මම කියන්නේ නැ මෙයාල 100% හරි කියලා. දැන් බලන්න දොස්තර මහත්වරු ලංකාවේ මුදලින් ඉගෙනගෙන පුද්ගලික සේවාවන් ලබාදෙනවා. ඊට පස්සේ පිටරටවල ගිහින් ජීවත් වෙන්නේ. මෙහෙම ප්‍රතිචාර දක්වන ඔයාලටත් ඔයාල කරන දෙයට අමතරව මුදලක් හම්බුවෙනවනම් අකමැතිද?(නදී)

:       0       0

හේමක Friday, 10 May 2013 10:25 AM

අපි හැම තිස්සෙම මෙයාලට බනින එක වැරදියි. සෙල්ලම් කරන්න පුළුවන් අවුරුදු 35-40 වෙනකන් විතරයි. අද හැමදේටම මුදල් අවශ්‍යයි. එයාලටත් පෟද්ගලික ජීවිතයක් තියෙනවා. පුළුවන් කාලේ පමණයි මේ සේරම.(නදී)

:       0       0

හේමක Saturday, 11 May 2013 08:38 PM

කපිල ඔයාට අවස්ථාවක් ලැබුනොත් යනවද නැද්ද කියන්න. හැමෝටම මේ වගේ අවස්ථාවල් ලැබෙන්නේ නැ ජීවතෙට. ලැබුන අයට ඉරිසියා කරන්න එපා.(නදී)

:       0       0

ප්‍රසා Friday, 10 May 2013 10:42 AM

හේමක , සෙල්ලම් කරන්න පුළුවන් අවුරුදු 40 ත් වෙනකම් වුනාට මෙයාලා මැරෙනකම් ක්‍රිකට් වලින් තමයි සල්ලි හොයන්නේ. දැන් බලන්න ක්‍රිකට් බෝඩ් එකේ ඉන්න අය.(නදී)

:       0       0

සමීර සාලින්ද Friday, 10 May 2013 11:25 AM

අපි පිතිකරුවන් දේශපාලකයන්ගෙන් වෙන් කරලා තියමු නැද්ද මදුරංග? නැත්නම් අපිට පිතිකරුවන් රටට කරපු සේවය අමතක වේවි.(නදී)

:       0       0

සම්පත් Friday, 10 May 2013 11:59 AM

මෙයාලා ගියේ නැත්නම් ගෙවල් දොරවල් උකස් කරලා හරි එයාලගේ එකගතා ගිවිසුම් වලට ගෙවන්න වෙනවා.එයාලා ගැනත් හිතන්න. (නි)

:       0       0

කපිල Friday, 10 May 2013 12:17 PM

හේමක දැන් මොකද කියන්නේ.(නදී)

:       0       0

චතුල වෙරෝනා Friday, 10 May 2013 12:24 PM

කුනු බිත්තර සූදානම්.(නදී)

:       0       0

මනෝජ් Thursday, 09 May 2013 11:56 PM

මැතිවුස්ගේ විතරක් නෙමේ , අපේ ගිය 11 දෙනාගේම වෑයම අපතේ.ලබන සැරේ අපේ අය‍ට තැනක් නැහැ. (නි)

:       0       0

ප්‍රණිත් Friday, 10 May 2013 01:31 PM

තමන්ගේ හිතට එකගව කියන්න බලන්න මේ අදහස් දාන කෙනෙකුට මේ අවස්ථාව ලැබුණොත් අයි.පී.එල්. යනවද නැද්ද කියලා (නි)

:       0       0

යොහාන් Friday, 10 May 2013 07:47 AM

"මැතිව්ස්ගේ වෑයම"... අපිට කියවන්නත් ලැජ්ජයි. මේ 11 දෙනාම මුදල් වලට අපේ රටේ ක්‍රිකට් පාවලා දුන්නා. දැන් මේ අයගේ මනස හදන්න අපි කොපමණ මහන්සි වෙන්න ඕනෑද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හංවැල්ලේ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 30 0 0

හංවැල්ල නිවිපොළ ප්‍රදේශයේ මීට සුළු වේලාවක පෙර සිදු වූ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.


“බස් එකේ යන්න ලැජ්ජා නෑ“
2024 සැප්තැම්බර් මස 30 334 0

රජයෙන් දී ඇති වාහන නැවත ලබාගත හොත් බස් රථයෙන් යෑමට කිසිඳු ලැජ්ජාවක් නොමැති බවත් තමන් වෙනත් කිසිවකුගෙන් යැපෙන කෙනෙක් නොවන බවත් හිටපු ජනාධිපතිනී චන්ද්


නැගෙනහිර අහසේ දුර්ලභ වල්ගාතරුවක්
2024 සැප්තැම්බර් මස 30 206 0

නැගෙනහිර අහසේ මේ දිනවල අලුයම 5න් පසු දුර්ලභ වල්ගාතරුවක් දර්ශනය වන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.


ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ඇගයීම විශේෂඥ කමිටුවේ නිර්දේශයක්
2024 සැප්තැම්බර් මස 30 338 0

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පිටවීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ කිරීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විශේෂඥ කමිටුවක් පත්කළ බවත් එම කමිටුවේ නිර්දේ


ප්‍රදීප් යසරත්න ලේකම් තනතුරින් කලින් විශ්‍රාම යයි
2024 සැප්තැම්බර් මස 30 1046 0

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා එම තනතුරින් කල් තියා අද (30) විශ්‍රාම ගියේය.


සෞඛ්‍ය ලේකම් මහීපාලට මුහුණු පොතෙන් මඩ ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 30 2833 0

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38274 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25214 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site