IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


මැතිව්ස්ට එක්දින තරග දෙකක තහනමක්

ශී‍්‍ර ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස්ට එක්දින තරග දෙකක් තහනම් කරනු ලැබ ඇත. ඒ අනුව මේ මස 20 සසහ 23 දිනවලදී දකුණු අපි‍්‍රකානු පිලට එරෙහිව කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන එක්දින තරග දෙකට කී‍්‍රඩා කිරීමේ අවස්ථාව මැතිව්ස්ට අහිමි වෙයි.

බටහිර ඉන්දීය දූපත්හිදී පැවැති සෙල්කොන් කුසලාන අවසන් මහ තරගයේදී නියමිත කාලය තුළ අපේක්‍ෂිත  ඕවර සංඛ්‍යාව යැවීමට අපොහොසත් වීම නිසා මැතිව්ස්ට මෙම තහනම පැනවීමට අන්තර්ජාතික තරග තීරක ඬේවිඞ් බූන් මහතා තීරණය කර තිබේ.

මෙම තහනමට අමතරව මැතිව්ස්ගේ තරග මුදලින් 40% ක් දඩ වශයෙන් ගෙවීමටද තරග තීරක ක්‍රෝ මහතා මැතිව්ස්ට නියම කළේය.

තරගයේ නියමි කාලසීමාව තුළදී  ඕවර 3 ක් අඩුවෙන් යැවීමේ චෝදනාවට මැතිව්ස් වරද පිළිගත්තේය.

 



අදහස් (0)

මැතිව්ස්ට එක්දින තරග දෙකක තහනමක්

මනෝජ් Friday, 12 July 2013 10:57 PM

වැඩි වෙලාවක් අරගෙනත් බැරි උනනේ බොලර්සලා මිශ්‍ර කරගන්න .මැතිව්ස් මම හොඳට නිරීක්ෂණය කරලා තියෙනවා අයි.පි.එල් තරඟ සිට කඩුලු එක පිට එක යනකොට බැට් කරන්න එන්නේ නැහැ. හැංගෙනවා ලොකු ගානක් ගහල තිබොත් එනවා. ඒකනේ අයි.පි.අල් එකේ නායකත්වයත් නැති වුනේ. දැන් අනුග්‍රයෙකුත් නැහැ. දෝනි වගේ බර කරට අරන් එන්න. ඔයාගේ හැසිරීම අපට ටිකක් ප්‍රශ්න සහගතයි.(නදී)

:       0       0

පහන් මඩුගල්ල Friday, 12 July 2013 11:02 PM

ඔය තරග තීරක බූන් මහත්තයා සෙල්ලන් කරන කාලේ දවසක් බැට් කරන්න යනකොට අපේ පර්සි අබේසේකර මහත්තයා කිව්වලු බූන් කම් බැක් සූන් කියලා. බූන්ට මල පැනල ගහන්න පැන්නුවලු.(නදී)

:       0       0

සුරේෂ් Saturday, 13 July 2013 01:45 PM

චන්දිමාල් මුල් තරග දෙකේදී නායක කම කළා නම් හොදයි. මොකද ඒ දෙක අපි දිනුවොත් මැතිව්ස්ට පීඩනයක් එනවා ඊලග ඒවා දිනන්න. හැබැයි පළවෙනි දෙක පරාද වුනොත් එයත් කණ්ඩායමෙන් අයින් කරන්න ඕනා.(නදී)

:       0       0

කලණ Friday, 12 July 2013 11:37 PM

අනේ දෙකක් විතරක් නෙමේ, පුලුවන්නම් සම්පූර්ණයෙන්ම තහනම් කරලා දාන්න. කිසි වැඩක් නැහැ බොරුව ගෙනියන්නේ.(නදී)

:       0       0

චාමර Saturday, 13 July 2013 01:04 AM

මේ වගේ දේවල් වලට සැලෙන්න එපා. අපි ඔබට සුබ පතනවා.(නදී)

:       0       0

සමින්ද Saturday, 13 July 2013 01:46 AM

ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්නා වගේ ලකුණු 200 ට හොඳ සටනක් දුන්නා. සහනයක් දෙන්න තිබුනා ඒක ෆිනල් එක නිසා, තව එකක් දෝනි වැරදි විදියට ලකුණක් ගනිපු වෙලාවේ ක්‍රීඩාවේ මහත්මා ගුණය පෙන්වමින් මැතිව්ස් දැවී යමකට ඉල්ලිමක් කලේ නැහැ. එසේ කරානම් අපි තරගය දිනුම්. නමුත් එසේ නොකිරීම අගය කල යුතුයි. එහෙම දිනන්න ශ්‍රී ලංකාවට අවශ්‍ය නැහැ. පැරදුනත් ගේමක් දුන්නා. මම නම් හිතන්නේ මැතිව්ස්ට නායකයෙක් විදියට අනාගතයක් තියෙනවා. ඉවසන්න, චන්දිමාල්ට නම් නායකත්වය දෙන්න එපා. ඔහු තම කණ්ඩායමට සුදුසුත් නැහැ මේ වෙලාවේ.(නදී)

:       0       0

අමා Saturday, 13 July 2013 04:03 AM

හැබැයි දෝනි කපටිකමට තමයි පැත්ත මාරුකරලා රන් එක ගත්තේ. හොඳ නායකයෙක්. සුබ පැතුම්!(නදී)

:       0       0

ඉෂාර Saturday, 13 July 2013 03:57 PM

ක්‍රිකට් කියන්නේ මොකක්ද කියල හරියට තේරුම් අරගෙන ප්‍රතිචාර දැම්ම නම් හොදයි.. අනික ඔය උඩ පැන පැන මැතිව්ස්ට බනින එකේ ගිහින් නායකත්වය ගෙන පෙන්නුව නම් හරි නේද??? අපරාදෙ ලංකාවෙ ක්‍රිකට් ‍සිලෙක්ෂන් බෝඩ් එකක් හැදුවෙ මෙතන ඉන්න අයට ඒක දුන්න නම් හරි..(අ)

:       0       0

උදානි Saturday, 13 July 2013 08:39 AM

මම නම් හිතන්නේ මැතිව්ස් නායක කමට පොඩ්ඩක් වත් සුදුසු නැහැ කියල.චාන්දිමල් හොදයි එල්ලේ ගහන්න. මෙයාල හරියට තරගයකට සෙල්ලම් කරන්නේ පොඩි ළමයිවගේ. අර්ජුන වගේ නායකයෙක් කවද ශ්‍රී ලංකාවට ලැබෙයි ද දන්නේ නැහැ. (අ)

:       0       0

සමන්ත Saturday, 13 July 2013 08:41 AM

ඒ මැච් දෙකනම් අපිට ගොඩදාගන්න පුළුවන් වෙයි (අ)

:       0       0

ඩොන් බ්‍රැඩ්මන් Saturday, 13 July 2013 07:19 PM

හරියට හරි ඉෂාර ,මේකේ ප්‍රතිචාර දාන කට්ටිය වැඩි හරියකට, හරියකට බැට් එකක් අල්ලන්න දන්නවද කියලත් සැකියි. අපේ කණ්ඩායම අයින් කරලා මේ ප්‍රතිචාර දාන සෙට් 1 දකුණු අප්‍රිකානු තරගාවලියට නම් කරන්න. දකුණු අප්‍රිකාවට දෙයි දුවන්න ...පිස්සු පීකුදු.(නදී)

:       0       0

නිසල් Saturday, 13 July 2013 10:01 AM

සමින්ද හරි . මුල් තරග 2 නායකත්වය තරංගට හරි කුලසේකරට හරි දෙන්න. චන්දිමාල්ගේ නායකත්ව ගැන 20-20 තරග 3දී අපිට බල ගන්න පුළුවන්. (අ)

:       0       0

මිතුන් Friday, 12 July 2013 10:28 PM

අපී ඉස්සර ඉදන්ම නියමිත කාලසීමාව තුළදී නියමිත ඕවර යැවු රටක් , පකිස්ථානය හා ඉන්දියාව සලකලා බැලුවම. හපෝ හපෝ මොනවද මේ වෙන්නේ.(නදී)

:       0       0

ගයන් Friday, 12 July 2013 10:30 PM

ඇන්ජලෝ මැතිව්ස් ට නායකත්වය ප්‍රශ්නයක් වෙන පාටයි.(නදී)

:       0       0

ඉන්දික Friday, 12 July 2013 10:39 PM

අනේ බූන් අයියේ,බැරිද ජීවිත කාලෙටම ඔක්කොගෙම තහනම් කරන්න. එතකොට අපේ රුදිර පීඩනය අඩුවේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධිකරණයට අපහාස කළැයි නිලන්තට චෝදනා
2024 සැප්තැම්බර් මස 27 380 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වන්දිය ලෙස නියම කළ රුපියල් මිලියන 75ක මුදල ගෙවීමට අපොහොසත් වීමෙන් අධිකරණයට අපහාස කළේ යැයි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්


වසා දැමූ කොළඹ පාරක් ජනපති නියමයෙන් යළි අරී
2024 සැප්තැම්බර් මස 27 850 1

ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මන්දිරය අසල පිහිටි ජනාධිපති මාවත අද සිට මහජනතාවට විවෘත කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පොලිසියට නියෝග ක


වැඩබලන පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසුරිය පත් කරයි
2024 සැප්තැම්බර් මස 27 543 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස උතුරු මැද පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අද (27) පත් කර තිබේ.


සජබේ මහ පුටු වෙනසක්
2024 සැප්තැම්බර් මස 27 881 0

සමගි ජන බලවේගයේ සභාපති ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා පත් කර තිබේ.


රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 27 1369 0

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා එම ධුරයෙන් අද ඉල්ලා අස්වී තිබේ.


රණාලේ වගුරු බිමක මිනිස් ඇටකටු
2024 සැප්තැම්බර් මස 27 572 0

නවගමුව රණාල ප්‍රදේශයේ වගුරු බිමක තිබී මිනිස් ඇටසැකිලි කිහිපයක් හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37640 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24811 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 216 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 718 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site